Wednesday, August 3, 2011

අහිමි ආදරය .........................( 4 වන කොටස )

සුන්දර අහිංසක යෞවනයකුගේ සිත කදුලින් තෙත් කල "අහිමි ආදරය" ..............................
ඔහුට ඇය දෙවොලක් විය නමුදු ඇයට ඔහු ඉනිමගක් පමණක් විය.......


කෙසේ වුවද ඇයට පිටුපෑමට සිතක් අරුණට නොවිය. එමනිසාම අයසමග මිතුරන් ලෙස සිටීමට ඔහු එකග විය. පසු දින ය ඔහු ඇමතුවත් ඊට පෙර දින සිදුවූ සිදිවීම් පිළිබද ඇයට ගානක් වත් නොවිය. කාලය කෙමින් ගතවිය. ඇයගේ  අධ්‍යාපන කටයුතු ලෙසිකරගැනීමට ඇගේ සිය පවුලම නගරයේ පදිංචියට පැමිණියාය. දිනක් සමීර සහ අරුණ අවන්හලකට වී දිවආහාරය ගනිමින් සිටි මොහොතක අයගෙන් ඇමතුමක් ලැබිණි. ඉන්පසු හදිස්සියේම වගේ අරුණ අහරගැනීම අවසන් කොට බිල ගෙවා දැමුවාය. පසුව සමීර දෙසට හරි "ඉක්මන් කරපන් බන් යයි" කිවේය සමීරත් කමනවත දමා අරුණ අනුගමනය කාලය. ඉන්පසු සමීරගේ බයිසිකලයට ගොඩවූ අරුණ "යමං" කිවේය. සමීර කොහේදැයි විමසිය. ඒකිට මාව බලන්න ඕනලු ඉතින් මට ගෙදර ඉස්ස්සරහයින් යන්න කිවුව. අරුණ කිවේය. සමීර කිසිවක් නොදොඩා බයිසිකලය පැද්දේය. එකගමන්නක් නොව ගමන් කිහිපයක් නිවාස ඉස්සරහින් ගමන් කල පසු නැවත ඔවුන් හැරිණ. සමීරට හොදගන්නය. ඔහු මෙසේ කිවේය. මචං මෙව මට හොද අත්දැකීම් කමක් නැ. උබල එකතු වෙච්ච කලෙක මේවට සලකපන් . 
 මෙසේ කාලය සෙමෙන් ගෙවී ගියේය අරුණට ඇගෙන් උදව්වක්  අවැසි විය. ඒ ඔහුගේ උසස් පෙළ තනි වියාපෘතිය සදහාය. ඇය ඇගේ වියාපෘතිය ඔහුට දුන්න පමණක් නොව එහි ඇති සියලු පරිච්චේද තම අත් අකුරෙන් ලියා දුන්නාය. පසුව ඇගේ මව අරුණ හට පැවසුවේ තමාගේ වැඩකටත් වඩා  උනන්දුවෙන් ඇය මෙකර්යයේ නිරත වූ බවයි. අරුණට ඇකෙරේ ඇති ආදරය මෙනිසා තවත් වැඩිවිය මන්දයත් මේ ඔහු තවකෙකුගෙන් මෙවැනි උදවුවක් ලැබූ පළමු අවස්ථාව නිසාය. බොහෝ විට ඔහු ඔහුගේ වැඩ තනිවම කරගනියි. යමක් අවශ්ෂ වුව හොත් එය මිලදී ගනියි. ඔහු කාගෙන් වත් උදුවක් බලාපොරොත්තු නුනාය.
නමුත් මේවන විට ඔහු එක්තරා නරක වැඩකට මුල පුරා තිබිණි එනම් ඔහු විසින් අයගේ දුරකථනය රිලෝඩ් කිරීමයි. එය ඔහුට එම අවස්ථාවේ නොතෙරුනාය.
                                                           ********************
මේ අතර උසස් පෙළ විභාගය  ද අරුණගේ උපන්දිනයද ලංවිය. ඇය මද්යම රාත්‍රියේ කතා කොට ඔහු හට සුබ පැතුහ. මෙහා සමගම ඔවුන් ගේ උසස්පෙළ කඩ ඉමද පසුවිය. අරුණ එකිනෙකට වෙනස් මාර්ග දෙකක් තෝරාගත්තේය. එනම් පරිගණක අංශය හා ජන මද්‍ය අංශයයි. ඇය සිතා සිටි අංශයෙන් ඇයට අවස්ථාවක් ලැබෙන තුරු නිවසට වී සිටියාය. අරුණ ඉඩක් ලද සෑම අවස්ථාවකම ඇයට ඇමතීම කලත් බොහෝ අවස්ථාවල ඇගේ දුරකථනය කාර්ය බහුල විය. එනම් තවත් ඇමතුමක් හා ඇය සම්බන්ද වී සිටියාය. මේ පිලි බද අරුණගේ සිතේ අවිශ්වාශයක් තිබුනත් ඇකෙරේ ඇති ආදරය හා විශ්වාසය අනුකම්පාව නිසා ඇගෙන් මෙපිලිබද නොවිමසා සිටියාය.
                                                     **********************************  
කාලය මෙසේ මාසයක් දෙකක් ගතවිය ගිහන්සා හට රැකියාවක් ලැබී තිබිණි. දිනක් අරුණ තම ඉගෙනීමේ කටයුතු සදහා කොළබ ගොස් යලි නිවසට පැමිණෙමින් තිබිණ. ඔහුගේ දුරකථනය නාද විය ඒ ඇයයි ඔහු ඇමතුමක් ගත්තාය. 
" අරුණ අනේ මට බයයි අරුණ " ඇය කියාගෙන ගියාය අරුණට කිසිවක් සිතාගත නොහැකි විය
අයි මොකද උනේ අරුණ විමසිය.
"අනේ ඔයා මත එක්ක තරහ වෙන්න එපා කියන්න තරහ වෙන්නේ නැනේ"
හරි හරි ඔයා කියන්න 
"අරුණ ඔයා දන්නවනේ මට කොළබ එන්න වෙනවනේ "
ඔවු ඉතින් 
" ඉතින් මට එයාව හම්බ වෙන්නේ  නැති නිසා අද අපි හම්ම්බ උනා"
කාවද අරුණ අමාරුවෙන් වචන ගලපාගෙන ඇසුවාය ඔහුගේ අහස වලාකුලින් බරව තිබිණි ප්‍රචන්ඩ වර්ෂාවක් ඔහු ඉදිරියේ ඇතිබව ඔහුට දැනිණ. තවත් මහා මුසල නිහැඩියාවක් ඔහුගේ හදවත තුල ගලාගියාය.
අනේ අරුණ මට සමාවෙන්න මම යාළුවෙලා ඉන්න කෙනා. අද අපි හම්බ උනා එත් අපේ මල්ලි කෙනෙක් වෙන කෙනෙක් අපිව දැක්ක අපේ ගෙදරට කියයිද කියල මට බයයි. මම මොනවද කරන්න ඕන ඇය ඇසිය.
ඔය බය නැතුව ඉන්න මුකුත් වෙන එකක් නැ ඔහු අමාරුවෙන් වචන ගැට ගසාගෙන කිවුවාය. ඔහුට දුරකථනය විසන්දි කිරීමට ඔනවුවත් ඔහු එසේ කලේ නැත.
ඔහුගේ ඔලුව තුල මහාවරුසාවක් අකුණු ගසමින් ඇදහැලෙමින් තිබිණ. ඔහුගේ හදවත කෑලිවලට කඩා හැලෙන තරම් වේදනාවක් විය. ඇගේ මුවින් පිට වූ වදන් අසත්‍ය ඒවා වැනි ඔහු සිති යද්දේය. නමුදු එසියල්ල සත්‍ය විය. මේසියල්ල දෙස බලා සිටි ඔහුගේ ජීවිතය ඔහුට මේ අවස්ථාවේ එක උදුවක් කළේය. ඒ ඔහුගේ දුර කථනයේ මුදල් අවසන් කිරීමයි. ඒඅනුව දුරකථනය විසන්දි විය. නමුත් ඇය ඔහු ඇමතිය "අනේ තරහ වෙන්න එපා අරුණ මට උදුවූ කරන්න"ඇය ඉල්ලිය
නැ නැ මමතරහ නැ මගේ සල්ලි ඉවරයි එකයි මම ඔයාට පස්සේ ගන්නම් යයි අරුණ කිවේය. වන විටත් අරුණගේ දෙඇස් වලින් කදුළු එලියට පැන තිබිණි. අරුණ ලගසිටි අයෙකු "ඇයි මල්ලි මොකක් හරි ප්‍රශ්නයක්ද"  විමසිය 
අනේ නැ අරුණ අමාරුවෙන් මවාගත් සිනහවකින් පැවසිය. නිවසට එනතෙක් ඔහු දෙලොවක් අතර සිරවී සිටියාය .
                                                      **************************************  
පළමු ආදරය වෙනුවෙන් තම ජීවිතය පවා කැපකිරීමට  තරම් වූ ආදරයකින් ඔහු ඇයට ආදරය කලාය නමුත් ඔහුට සිදුව ඇත්තේ ඔහුගේ ආදරය කැපකිරිමටයි . ඇය ඔහුට මෙසේ කිරීම සම්බන්දයෙන් ඔහුට මහත් වූ දුකක් ඇතිව තිබිණි. මේවන විට ඇගේ දුරකථනයට ඔහු විසින් දමන ලද රිලෝඩ් වල එකතුව ඔහු අතට පත් විය. එයද ඔහුට අදහාගත නොහැකි අගයක් විය. නමුදු ඒ ගැන ඔහුට දුකක් නොවිය. ඔහු සෑම විට අන් අයගේ ආදරයට බදුන් වුනු පුද්ගලයෙකු විය. එහෙයින් මෙආදරය නොලැබීම පිළිබද දුකක් ඔහුට ඇතිවිය. ඒ ගැන පැවසීමට ඔහුට සිටියේ වෙරළත් ඔහුගේ හොදම යහළුවාත් පමණි. අවසානයේ ඇගෙන් ඇත් වන්නට ඔහු සිතා ගත්තාය. 
මේසියල්ල මෙසේ සිදුවෙත්දී ඇය ඔහු ඇමතීමට උත්සහ ගතය. නමුදු ඔහු ඇමතුම් වලට සම්බන්ද නොවිය. අනතුරුව ඇය කෙටි පණිවිඩයක් එවුවාය එවුවාය . එය මෙසේයි " ඇයි ඔය ඔච්චර කුහක වෙන්නේ " ඇත්තය අරුණ කුහකය ඇය අරුණට රුවන් මාලිගා පෙන්වා එකපාරට ඔහු බිම අදදැමිය ඔහු කුහකය .
ඔහු නැවත පණිවිඩයක් ඇයට යැවුවාය. එය මෙසේය " මම කුහකයි තමයි මේකට පස්සේ එන මැසේජ් දෙක තියාගන්න තව කාටහරි දෙන්න ඕනෑවෙයි "  ඒ ඔහු සතුව සුරක්ෂිත ව තිබු ඇය විසින් එවන ලද ඇය ඔහුට ආදරේ යනුවෙන් සදහන් පණිවිඩ දෙකයි. 
                                               ************************************* 
නිදහසේ සැමවිට සැහැල්ලුවෙන් ගතකල අරුණගේ ජීවිතය අවුරුදු එක හමාරකට වැඩිකාලයක් ඇය වෙනුවෙන් කැප කොට තිබිණි. එහෙත් ඒවෙනුවෙන් ඔහු ලබාගෙන තිබුනේ මෙවිරහ වේදනාව පමණි. ඔහුට ඔහුගේ හිත තරමක් දුරට හෝ හදාගැනීමට මාස කිහිපයක් ගත වුනි. ඔහු නිවැරදිද ඇය නිවැරදිද මම නොදනී නමුදු මේ කතාව තවත් ඉදිරියට ඇදේ...........
මතු සම්බන්දයි ........................
අහිමි ආදරය දෙවන කොටසින් හමුවෙමු...............................

1 comment:

  1. අනේ මන්දා.. තව කෙනෙක්ගෙ හැඟීමක් තේරුම් ගන්න බැරි මිනිස්සු ඕන තරම් ඉන්නවා කියලා දැන් නම් හොඳට තේරුනා.

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....