Showing posts with label ජිවිත කතා ............... Show all posts
Showing posts with label ජිවිත කතා ............... Show all posts

Saturday, April 7, 2012

නැති උනත් සුභ පතන්නට ලග

නැති උනත් සුභ පතන්නට ලග 
සිටි හැමවිටම ලග 
සුභ පැතුවා මතකයි පළමුව මම 
ඒ වුනත් අද සුභ පතනවා මෙලෙසින් මම 
යන ගමන සාර්ථකව යන්නට 
ඉදිරියට එන බාදක මැඩලන්නට 
ලැබේවා ශක්තිය ආත්ම විස්වාසය ඔබට 
ඇතොත් යන මග රුදු සර්පයින් 
අධ වේවා ඔවුනගේ නෙත් නොපෙනෙන්නට  ඔබව 
ඇතොත් රලුබෝරෝලු මං මාවත් යන ගමනට 
පෙරලේවා තෘණ බිම් බවට 
ගෙන ආවොත් දැඩි රශ්මිය විඩාව 
ඇතිවේව සිතල සුලන් දහරා නිවන්නට විඩාව 
ඔබේ ජය නෙතින් දකින්නට ලැබේවා 
නොදැන ඔබ හා සමුගන්නට පෙර ලක් මවගෙන් මම........ 

Saturday, August 20, 2011

කෙල්ලෝ මෙහෙම්මමයි .........................


අනේ අනේ  මගේ හොදම යාලුවෙක් හිටිය ඇත්තම කියනවනම් උ මට වැඩිය හොදයි. මමකිවුවේ ගති ගුණ. මම තරම් ලස්සනනම් නැ කොහොම උනත් උ හොද එකා. ඉතින් දවසක් උගේ ගෙදරට උගේ දුරින් නෑ වෙන කට්ටියක් ආවලු. එතන ලස්සන කෙල්ලෙක් හිටියලු නෑකමට අපි නංගි කියමු ඉතින් කට්ටියම එකතු වෙලා  මගුල්ගේදරකත් ගියා කියමු කෝ. පස්සේ උ ඇවිත් මට කියපි මචං අපි මගුල්ගේදරක ගියා අපිත් එක්ක ලස්සන කෙල්ලෙකුත් ගියා මම කැමතියි වගේ එයාට. මාර වැඩේ මුට එකපාරටම හිත ගිහින් මම කියපි ගිහින් පොඩ්ඩක් කේන්දරේ බලාගනින් කියල. කොහොම හරි මු ඒකිට පට්ට ලව්. පස්සේ දවසක් හදිස්සියෙන්ම අර නෑ කට්ටිය අපහු මුන්ගේ ගෙදර ආවයි කියමුකෝ. අර නංගිත් ඇවිත්. මට කියන්න බැරි උනා යාළුවයි ගෙදර පට්ට ලොකු තට්ටු තුනක ගෙයක්. අපේ ගෙතරම් නැවගේ නැත්තෙමත් නැවගේ. කොහොම හරි අර මම කිවුව නංගිට මාර දොළ දුකක් හැදිලා තියනවා ගේ බලන්න. ඉතින් තනියෙන් පලකො. එහෙමත් නැ. මගේ යාලුවට අඩගහල. මු පොඩි එකා නේ මු දන්නේ නැ ගැනුන්ගේ මායම් මුත් ගිහින් ගොනාවගේ කාටවත් අඩ ගහලත් නැ. පස්සේ උඩමතට්ටුවට ගිහින් ඉන්න ගමන් අර නංගි එක පාරටම කියපි අයියේ මම ඔයාට කියන්නමයි හිටියේ මම ඔයාට කැමතියි. අපේ එකාටත් ඉහේ මලක් පිපුන වගේ. මුට මර හැපී. කොහොම හරි මුත් සේරම කරගෙන ඇවිත් තමයි මට කිවුවේ. උපදේසයක් වත් දෙන්න ඉඩක් තිබුනේ නැ. මක් කොරන්නෙයි මමත් සතුටුඋනා අහිංසකයට කෙල්ලෙක් සෙට් උනා කියල. හැබැයි මම එකී කළුද සුදුද කියලවත් දන්නේ නැ. මොකද අපේ එකා මට පෙන්නුවේ නැනේ. කොහොම හරි වැඩේ දුරගියා. ඉතින් මුට විබහගේ ලියන්න තිබුන ගියා අවිරුද්දේ. මුට ගහන්න ඕන මඩු වලිගේකින් මු ලිවුවේ නැ. මට කිවුවේත් එදා උදේ. මු නංගිට කියලත් නැ. කොහොම හරි පස්සේ නංගි එක දැනගෙන පොඩ්ඩක් හිත පලිදුවෙලා. අපේ එකගේත් වැරැද්ද කොහොම හරි තරහ වීම් යාලුවීම් මැද්දේ මේක ගියා ඒවා ඉතින්  නැත්තේ කොහෙද කෙල්ලොන්ට ඉතින් කොහොමත් හොස්ස ලගින් මැස්ස යන්න බැකියනවනේ. එක වර්ගේ හැටි. මොනා කරන්නද නැතුවත් බැනේ. කතාවට එමුකො දවසක් එකී කියපි මට ඔයාට වැඩිය එයා ලගයි වගේ කියල අමතක උනා මේ එය තමයි අපේ එකත් එක්ක නංගි යාලුවෙන්න කලින් එයාගෙන් යාලුවෙන්න අහපු එකෙක්. අපේ එකයි නංගියි කතා කරොත් සමහර වෙලාවට උ  ගැන කියනවලු. මු කිවුවේ එහෙමයි. තව කිවුවලු අපි දෙන්නගේ අදුරගැනීමේ වැරදිත් තියනවා කියල. කොහොම හරි මුට දුකයි ලු ඉතින් මු පොන් එක තිබ්බලු. කල්පනා කලාලු පස්සේ අපහු අරන් කිවුවලු අපි මේක නවත්තමු කියල කොහොම හරි එය බලන් ඉදල තියෙන්නෙත් ඒටික මු කියනකන්. පස්සේ එකී කියල තියනවා ඔයාට මට වැඩිය හොද කෙනෙක් හම්බ වෙයි අපි යාළුවො වගේ ඉමු කියල. පස්සේ මු තියල පොන් එක. කොහොම හරි මු කියන විදියට ටික දවසකට කලින් ඉදල ප්‍රශ්න තිබිල තියනවා. කොහොම උනත් එයාට වටින්නේ නැ මගේ යාලුවට මෙහෙම කරන්න. මොකද උ අහිංසක එකා. මම දන්නවනේ උ ගැන. ඇත්තටම උට ඊට වඩා සිය දහස් ගුනෙකින් හොද හැදිච්ච කෙල්ලෙක් හම්බ වෙන්න ඕන. ඇත්තටම උ ඇවිල්ල මගේ හොදම යාළුවා වගේම මගේ සහෝදරයෙක් වගේ කොහොම උනත් මට උත එක්ක මාර තරහයි මොකද මෙවගක් උ මට කිවුවේ මාස 8 කට පස්සේ නේ. උට මොකක් හරි අවුලක් තියනවා කියල මට හිතුනත් මම හිතුවේ විබහගේ හින්ද කියල මේකයි හේතුව. උ කියන විදියට දැන් උගේ හිත හැදිලා එත් මම දන්නවා විරහ වේදනාව කවදාවත් අමතක වෙන්නේ නැකියල. කොල්ලෙක් බුට් එකක් තිවුවම කෙල්ලෙකුට පුළුවන් අඩාල බැනල එක ඉවර කරන්න මොකද හිත හදන්න ඕනෑතරම් අය ඉන්නවනේ  
  එත් කොල්ලෙක්ට ...............................................................
මම දන්නවා හැම කෙල්ලෙක්ම මෙහෙම නැකියල එත් බහුතරයක් මේ වගේ කියල මම හිතනවා... මේවා ඇහෙනකොට ආදරේ එපාවෙනවා අප්පා.....
මම N N K.......