Tuesday, October 22, 2013

වෙරල තිරය ....

අද මා තනිව ඇවිද යන මේ වෙරල තිරය ....
බොහෝ කලකට පසු පා සිපගන්නා වෙරල තිරය 
මතකයේ මිහිරි සටහන් අමිහිරිව මතක් කරනා 
වෙරල තිරය 
දෑසත්  නොදනිම දෑස හඩන බව සිතට දනී 
දෑස බිමට නැවිනි ..
මටත් නොදනිම කදුළු බිදු වැලිතලය මත වැටි  
බොදව ගියාය .....
මතකද එදා දවස 
ඔබට මතක නැති 
මට අමතක කල නොහැකි 
එදා දවස මතකද ඔබට ...................
K.L.A Nalin Nishan Kumara........

Thursday, July 4, 2013

කාලයක්

කාලයක් ජිවිතේ අරමුණක් නැතිව ගෙවිල ගියා ...
ලග හිටිය  අය ඈත් වෙද්දී හිතට දැනුනේ වේදනාවක් 
විතරක්ම නෙවෙයි ...
තිබුණු බලාපොරොත්තු වැස්සට දියවෙලා යද්දී 
එකම එක බලාපොරොත්තුවක් වත් මට ඉතුරු උනේ නැ 
තවත් බලාපොරොත්තු ජීවිතේට එකතුකරගන්න මට ඕන උනේ නැ 
ඒ ඇයි කියල අදටත් මම දන්නේ නැ ....
කවදත් නොලැබෙන දේවලට ආස නොකරපු මට 
නොලැබෙන එකම එකදෙයක් වෙනුවෙන් හිතේ ඉඩතින්නේ 
ඇයි කියල මම දන්නේ නැ ......
කේ .එල් .ඒ නලින් නිශාන් කුමාර