Friday, August 5, 2011

අහිමි ආදරය .......(6 වන කොටස)

සුන්දර අහිංසක යෞවනයකුගේ සිත කදුලින් තෙත් කල "අහිමි ආදරය"..............................
ඔහුට ඇය දෙවොලක් විය නමුදු ඇයට ඔහු ඉනිමගක් පමණක් විය.......
මෙසිදුවීම් මෙසේ සිදුවෙත් දී  ඇගේ නිවසේ  දානයක් සදහා අරුණ හට ඇරයුම් ලැබිණි. මේවන විට ඇගේ රැකියාවේ ප්‍රශ්න ද වැඩිවෙමින් පැවතුනි. ඒ ඇගේ චරිතවත් බව නිසා යයි ඇය පැවසුවේය. කෙසේනමුදු මේවනවිට ඇගේ හොදම සවන් දෙන්නා අරුණ විසිටියාය. තවද ඇය ගම එන සෑම අවස්ථාවකම කුමක් හො හෙතුවක් යොදා ගනිමින් විනාඩියකට හෝ දෙදෙනා හමුවීමට පුරුද්දක් කර ගත්තාය. අනතුරුව ඇගේ නිවසේ පැවැත්වීමට නියමිතව පැවති දනයේදී බෙදීම සදහා ධර්මය පිළිබද ලිය වුනු පොත්  වගයක් අරුණ විසින් ලබා දී තිබිණි. ඒවාට සම්පුර්ණ වියදම් දරා තිබුනේ අරුණ විසිනි. මේ ධර්ම දුත මෙහෙයට අඩිතාලම වැටහුනේ ඔහු හා ඔහුගේ සහෝදරයා විසින් ආරම්බ කිරීමට යෙදුනු දර්මය ප්‍රචාරය කිරීමේ වැඩසටහනයි. කෙමෙන් කෙමෙන් එම දනයට දිනය ලංවිය.
                                    අරුණ එමගමන යාම සදහා සමීරට අඩ ගැසුවේය. ඔහුද එමගමනට එක්විය. අරුණ  සහ සමීර අරුණට අයත් මෝටර් රථයෙන් අතින් කටින් තෑගි ගෙන දානේ ගෙදරට සහබාගි විය .අරුණ ඒ ගමන යාමසදහ ඔහුගේ මෝටර් රථය යොදා ගත්තේ ඇගේ දැඩි ඉල්ලීම නිසාය.  එදින වැසිබර දිනයක් විය. අරුණත් සමීරත් එහි යනවිට නිවස අමුත්තන්ගෙන් පිරි තිබිණ. එය තරමක් කුඩා නිවසක් විය. තවද ප්‍රදාන මාර්ගයෙන් තරමක් ඇතුලට වන්න වූ ගමක එම නිවස පිහිටියාය. අරුණට එය තරමක් නුහුරු අත්දැකීමක් විය. එය විටක ඔහු ජිවත් වූ පරිසරය හා ජිවන පැලැන්තිය අනුව සිදුවූවක් විය. කෙසේ නමුදු ඔහුට එහිදී උණුසුම් පිළිගැනීමක් ලැබිණ. එය ඔහු ඇගේ නිවසට ගිය පළමු දිනය විය.
                                                                                                      *****************
අරුණට හා සමීරට පුදුමය දනවන සුළු කරුණක් එහි විය එනම් ඔහුගේ පාසලේම සිටි සමවයසේ කිහිප දෙනෙකුම එහි විය. කෙසේ නමුදු අරුණ එහිගොස් ටික වෙලාවකින් පවුලේ සාමාජිකයෙක් බදු තත්වයකට පත් වුවාය. ඔහු එහි තිබුනා වූ ඔහුට කල හැකි සියලු වැඩ සිදු කලාය. ඊට ඔහුට පුහුණුවක් අවශ්‍ය නොවිය මන්දයත් ඊට අවශ්‍ය  පුහුණුව ඔහුගේම නිවස තුලින් ඔහුට ලැබී තිබීමයි. තවද එහි ගොස් ටික වෙලාවකින් සියල්ලන්ගේම සිත් ඔහු දිනාගෙන තිබිණි. අරුණ හට වඩාත්ම ඇලුම් කලේ ගිහන්සා ගේ නෑදෑ නංගිලා ටිකක්ය. එය ඇයට ඉවසුම් නොදෙන්නක් විය. එමනිසාම ඔහු යම්කිසි වාදක නිරතව සිටියද එම ස්ථානයට ඇය පැමිණ ඔවුන්ව කුමක්  හෝ වැඩක් පවරා එතනින් ඉවත් කොට " ඔයාට මම එන්න කිවුවේ වැඩගන්න නෙවෙයි" යයි පවසා ඔහුව එතනින් ඉවත් කලාය.
මෙලෙස දානයේ කටයුතු හොදින් අවසන් විය. නමුත් මේවන විට අරුණගේ සිත ප්‍රශ්නයක වේලෙමින් තිබිණ. ඒ එහි  සිටි පුද්ගයයකු සම්බන්දයෙනි. ඔහු පැමිණ තිබුනේ ඔහුගේ මව ගමගිනි ඔහු වැඩිය කතාකිරීමට නොඅවේය. නමුත් ඔහුව පෙරකී සමවයසේ අය හදුනන අයෙකු විය. ඔවුන්ගෙන් දැනගත් කරුණු අනුව ගිහන්සා හා ඔහු අතර සම්බන්ද කමක් විය.  කෙසේ නමුදු අරුණ ආපසු ඒමට සැරසී ගිහන්සා සොයගියය. ඒ ගිහන්සගේ මලනුවන් සමගයි. ඔහු හා අරුණ එකවරම ගිහන්සගේ කාමරයට ඇතුල් විය. දුටු දෙයින් ඔහුගේ හදවතේ වේගය වැඩිවිය. එනම් ඇයත් ඇගේ මවත් පෙර සදහන් කල පුද්ගලයත් ඔහුගේ මවත් එහිවිය. ඔවුන් ඔහු දැක ගස්සිගියාය. 
අරුණත් සමීරත් නැවත පැමිණෙන ගමනට පෙර කී සමවයසේ මිතුරන් ද එකතු විය. අරුණ හරස් ප්‍රශ්න දමා ඔවුන්ගෙන් යමක් දැනගැනීමට උත්සහයක් දරුවත් එය සාර්ථක නොවිය. අවසානයේ ඔහු සමීරට පැවසුවේ මුලදී තමන් එහිගිය එක ගැන සතුටු වුවත් දැන් එහි ගියේක ගැන අපරාදයක් යයි සිතෙන බවයි. මන්දයත් එමගින් සිදුවුයේ ඔහුගේ සිතට තවත් ප්‍රශ්නයක් ඇතිවීම පමණකි.
                                                                         **************************************** 
අරුණ පසුදිනක මෙපිලිබදව ඇගෙන් ප්‍රශ්න කලාය. නමුත් එවනිදෙයක් නොමැතිබවත් එය වැරදි මතයක් බවත් ඇය දියුරා ප්‍රකාශ කලාය. නමුත් යමක් සිදුවෙමින් ඇති බව අරුණට තේරුම් ගොස් තිබිණි නමුත් ඔවුන් දෙදෙනාගේ යාළුකම එකසේ පැවතුනි. කාලය මෙසේ ගෙවියමින් තිබියදී අරුණගේ අද්‍යාපන කටයුතු සදහා ඔහුට කොළබ නැවතීමට සිදු විය ඒ සදහා ඔහුට නවාතැනක් සොයදුන්නේ ඔහුගේ පවුලේ අය විසිනි. නමුදු ඒ නවතැන පිහිටා තිබුනේ  ඇය නවතැන් ගෙන සිටි තැනට ආසන්නයේය. මෙනිසාවෙන් ඔවුන් හමුවන්නට විය. නමුදු එයද සති කිහිපයකට සීමාවිය. ඒ ඇයට ඇගේ රැකියාව අහිමි වීම නිසාය. මෙහෙතුවෙන් ඇය දැඩිලෙස කම්පාවට පත්ව තිබිණි. මෙනිසාම අරුණට ඇය කෙරෙහි දැඩි අනුකම්පාවක් හටගෙන තිබිණි. ඇය නිවසට පැමිණියාය. මේවන විට ඇගේ දුරකථන බිල ගෙවන ලද්දේ අරුණ විසිනි.
දිනක් ඔහු නිවසේ සිටින අවස්ථාවක ඇය ඔහු අමතා තමන් හමුවීමට නිවසට පැමිණෙන ලෙස පැවසුවාය. ඒ අනුව ඔහු ඇගේ නිවසට ගියාය. ඇගේ මව ඇය ඇගේ  සොහොයුරා එහි විය.  ඔහු ටික වෙලාවක් කතා කොට සිට යලි පැමිණියාය. මෙය පුරුද්දක් විය. ඔහු එහි නොගිය හොත් ඇය ඔහු අමතා " වෙන එවුන්ට එන්න බැරිව දගලනවා එන්න පුළුවන් එකා එන්නේ නැ" යනුවෙන් පවසයි. 
කාලය මෙසේ මාස දෙකතුනක් ගතවිය සමහර දිනවල ඇයත් ඇගේ යෙහෙලියනුත් සමග අරුණ මුහුදු වෙරළේ ඇවිද ගියාය. ඒ සෑම දෙයක්ම ඔහු කලේ ඇයගේ හිතේ තිබු දුක නැති කිරීමටය.  මෙදින වල ඇයට තවත් ගැටළුවක් තිබිණි ඒ ඇය පිළිබද අදහසක් ඇති අයෙක් ඇගෙන් කැමැත්ත විමසා ඇගේ නිවසට පැමිණීමයි.
ඒ පිළිබද නිවසේ අය දැනුවත් උවත් ඔවුනට යම් හේතුවක් නිසා එයට පිලියමක් කිරීමට නොහැකි උනි. දිනක් අරුණ තමන් විදේශ ගතවන බව ඇයට ප්‍රකාශ කාලය. එවිට ඇය තමන් ද ඔහුත් සමග කැටුව යනලෙස ඉල්ලසිටියය. මෙයට ඇගේ නිවසින්ද අනුමැතිය ලැබිණ. ඔවුන් ඒසදහා අවශ්‍ය ලියකිවිලි සැදීමට උනන්දු විය. මෙදින වල ගිහන්සා විසින් අරුණගෙන් මෙසේ විමසිය "ඔයාමට   තාමත් ආදරෙයි ද" අරුණ ඔවු යයි පිළිතුරු දිනි. නැවතත්  ඇය විසින් " මට දැන් ඔයගැන හිතෙනවා යයි පැවසිය. එහෙත් අරුණට දදිසතුටක් ඒ පිළිබද නොවිය. එවන විට ඇගේ දුරකථනය බොහෝසෙයින් කාර්යබහුල විය එනම් වෙනත් ඇමතුමක් හා සම්බන්දව ඇතිබව දිස්විය . මෙ පිලිබද ඔහු ඇගෙන් ප්‍රශ්න නොකලාය. නමුත් ඊට පිළියම් වශයෙන් ඔහු ඇය ඇමතීමට උත්සහ ගැනීම අඩුකලාය. ඇය අමතන තුරු සිටියාය සමහර දිනවල ඇය ඔහු නොඅමතුවය. 
මේදිනවල ඇගේ පාසලේ උත්සවයක් සදහා ඇයට අරදනා ලැබී තිබිණි. ඒ සදහා ඇය සහබාගි උවත් එයට වියදම් දැරීමට ඇයට හෝ ඇගේ පවුලේ අයට හැකියාවක් නොවිය. එමනිසා ඇය සිත්තවුලෙන් විය. එම හේතුව නිසාම අරුණ ඒ වියදම් දැරිය. ඒ අනුව ඇය උත්සවයට සහබාගි විය. 
එදින ලංවෙත්ම ඇයගේ හැසිරීමේ අමුත්තක් ඔහුට දැනින. එදින උදාවිය. මින් පෙර යොදාගෙන තිබුනේ උත්සවය අවසානයේ ඇයව අරුණ විසින් නිවසට ඇරලාවීමයි. නමුත් එදින උදැසන ඇය ඔහුට කතාකොට ඉල්ලසිටියේ එසේ නොකරනලෙසත් ඇගේ මවුපියන් එපිලිබද ඔහුගෙන් විමසුවොත් තමාට නොහැකි බව පවසන ලෙසත්ය. ඔහු එයට හේතු විමසුවත් එයට ලොකු හේතුවක් ඇතිබවත් එය පසුව පවසන බවත් ඇය ප්‍රකාශ කලාය. ඔහු උත්සවයට සහබාගි උවත් ඇගෙන් නිසිපිලිගනිමක් නොවිය එනිසා ඔහුට දුක සිතුනි. එම නිසාම උත්සවය අවසානයේ මොහොතකදු එමස්ථානයේ නොසිට ඔහු යලි පැමිණියාය.
තව දිනක ඇය ඔහු හා කතාකොට සිටින විට ඇය හදිසියේම අසනිපවිය ඒ කවුරුන්හෝ ඇයට පරුෂවචනයෙන් බැනීම නිසාය. පසුව රාත්‍රියේම ඔහු එහි ගොස් ඇයට බෙහෙත් අරන් දී  පසුදින නැවත ගොස් ඇය අසලටමවී ඇගේ හිත සැනසුවාය. 
අරුණ මෙසේ කැපකිරීම් කරත්දී අරුණගේ නිවසින් ඔහුට ප්‍රශ්න එන්නට පටන් ගත්තේය. ඇයගේ ප්‍රශ්න සියල්ලක් ට ඔහු සවන් දුන්නද ඔහුගේ ගැටලුවලට සවන් දෙන්නට ඉඩක් ඇයට නොවිය. එවිට ඇයට වෙන වැඩ ඇතිතරම් විය. අරුණගේ සිතේ තිබු පීඩනය එන්න එන්නම වැඩිවිය. පසු ගිය ටිකකලයටම ඇගෙන් ඔහු අස්වැසිල්ලක් නොලද්දේය. ඔහුට මහා කලකිරීමක් ඇතිව තිබිණි. බොහෝ අවස්ථාවල ඇගේ දුරකථනය වෙනත් දුරකතනයක් හා පය ගණන් සම්බන්ද වී තිබිණි. ඇගේ දුරකථන බිලද එන්න එන්න ම  වැඩි අගයක් ගත්තේය. තමාට සිදුවන්නේ කුමක් දැයි 98%ඔහු දන සිටියේය නමුත් ඉතිරි 2% ගැන ඔහු බලාපොරොත්තු තැබිය. ඔහු අමාරුවෙන් ඉදිරියට යාමට පියවර තැබිය. නමුදු ඔහු හොදටම දුබල වී තිබිණි.......

සුන්දර අහිංසක මිනිසෙකුගේ සිත කදුලින් තෙත් කල අහිමි ආදරය අවසාන කොටස සමගින් හමුවෙමු 

No comments:

Post a Comment

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....