Monday, October 31, 2011

මම දිනුම්....

මම වාසනාවන්තයි කියල මට හිතෙන්නේ ඇයි කියල මටම තේරෙන්නේ නැ වෙලාවකට එත් වෙලාවකට පුදුමයි. ජිවිතේ මගේම ක්‍රමයකට හුරු වෙලා හිටපු මට එකතැනකදී වැරදුනා ඒ නිසා මම ජිවිතේ ගොඩක් දේවල් ඉගනගත්ත. හැබැයි මට ගොඩකාලයක් ගිය මොනවද වෙලාතියෙන්නේ කියල තේරුම් ගන්න. පස්සේ මගේ පාර වෙනස් කරන්න හිතනකොට මම වැරදි පාරේ ගොඩක්දුර ගෙවල. මට ජිවිතේ ගොඩක් දේවල් මගහැරිලා මට ආදරේ කරපු මම ආදරේ කරපු ගොඩක්දෙනෙක් මගහැරිලා ගිහින් ඇත්තටම එදා මට හිතුනේ මම කාන්තාරෙක තනිවෙලා කියල මොන අතට ගියත් පාරක්තොටක් හෙවනට වාඩිවෙලා ඉන්න ගහක් කොලක් පිපාසෙට බොන්න වතුරපොදක් පෙන තෙක් මානෙක තිබුනේ නැ. තිබුනේ මාර්ග දෙකයි කිසිම ගියපු පාරේ යන එකයි නැත්නම් කිසිම දෙයක් පෙන තෙක්මනෙක නැති අනෙක් පාරට හැරෙන එකයි. ගියපු පාරේ ගියානම් ඉදල හිටලවත් වතුර පොදක් හෙවනක් හම්බ වෙන්න තිබුන එත් මම හැරුන පාරේ කවද කොතන ඒවා හම්බ වෙයිද කියල මම දැනගෙන හිටියේ නැ. එත් මොකද්දෝ හේතුවකට අමාරුවෙන් හරි මම ඒ පාරට හැරුන. මුල් දවස් වල ඒ පාරේ ගමන් කරන්නේ කොහොමද කියල මටම හිතාගන්න බැරි උනා එත් මම ගියා අමාරුවෙන් අමාරුවෙන් පියවර තිබ්බ. සමහර තැන් වල පාර හදාගෙන යන්න සිද්ද උනා එත් මම ගියා වෙලාවකට පරණ ගියපු පාරේ යන්න මට ආපහු ඇරයුම් ලැබුනා එත් මම පාර වෙනස්කරන්න හිතුවේ නැ. දිගටම ගියා. අදවෙනකොට මම ගොඩක් දුර ගෙවල ඉවරයි එකත් බොහොම ඉක්මනට මේ මාවතට හැරිලා අදවෙනකොට අවුරුද්දක් හෝ ඊට මාසයක් විතර කාලයක් වෙන්න ඇති මම මෙපාරට හැරෙනකොට
මගේ ජිවිතේ අවුරුදු හතරක් ගෙවිල තිබුනා ඒ අවුරුදු හතර පටන් ගත්ත තැනට ඒ කියන්නේ නිදහස් මනසක් සැහැල්ලු ජිවිතයක් තිබුණු තැනට මම අද ඇවිල්ල ඒ දවස් වල දැනුනු නිදහස දැන් මට දැනෙනවා කවදවත් මම හිතුවේ නැ මෙතනට මෙච්චර ඉක්මනට එන්න ලැබෙයි කියල එත් මම අද එතන මට ගොඩක් සතුටුයි ඒ ගැන සමහර දේවල ඒ දවස්වල තිබුණු අරමුණු සිතුම් පැතුම් මගහැරිලා තිබුනත් අද මට තියනවා අලුත් අරමුණු අලුත් බලාපොරොත්තු ජිවිතේ අලුත් වෙලා වගකීම් එහෙමත් වැඩිවෙලා. අද වහිනවා හැමදාම මම ආසයි වැසේ තෙමෙන්න අද වැස්සේ තෙමෙන කොට මට පරණ සුවද මිහිර විදින්න පුළුවන් උනා. ඇත්තටම මම වාසනාවන්තයි නේද. මෙතනට එන්න මට ගොඩක් අය උදව් කළා මගේ යාලුවෝ මගේ ගෙදර අය ඇයි මේ බ්ලොග් එක කියවන ඔයාල අත්ටටම ගොඩක් උදව් කළා ඔයාල හැමෝටම බොහොම ස්තුතියි. මට හරියි කියල හිතෙනකම් මම එක පාරක ගියා වරදියිකියල හිතුනම ඒ පාර මම වෙනස් කළා එක මම ඉගන ගත්තේ බුද්ධ චරිතයෙන් ඒ මාවත තමයි හරි. ජිවිතේ කවුරු නැති උනත් තමන්ට කවදාවත් ඉගන ගත්ත ධර්මයවත් ආරක්ෂාකරගතත ධර්මයවත් නැතිවෙන්නේ නකියල කියනවා නේ ධර්මය හැමවිටම අපිව රකිනවා කරදරවලින් මුදවා ගානවා. මම හිතන්නේ එහෙමයි... 

මම අද කියන්නේ නැ N N K ... කියල 
මම නිශාන්..........  

6 comments:

  1. අලුත් මාවත ජයග්‍රණයේ මාවත වීම පිළිඹඳ මාගේ සුබ පැතුම්...
    සදා ජය...!

    ReplyDelete
  2. @ ගලය බොහොම ස්තුතියි යාළුවා සුභ පැතීමට....

    ReplyDelete
  3. හුගාක් සතුටුයි සහෝ.. ජීවිතේ අමරුවෙන් උනත් හරි පාරෙ යන්නෙ කියලා දන්නවනම්, කට්ට කාගෙන දුක දරාගෙන යන්න ඕනෙ. එතකොට කවදාවත් පසුතැවිලි වෙන්න වෙන්නෙ නෑ.. ජීවිතේ එකතැනක වැඅරදුනු පළියට ජීවිත කාලෙම එකම තැන පල් වෙන්නෙ නැතිව , ඉස්සරහට යන එක නුවණක්කාරකම..සතුටුයි ඔයා ගැන..

    අලුත් පාරකින් අලුත් ජයග්‍රහණයක් ලැබුවට මගෙනුත් සුභ පැතුම් ඔන්න...

    ReplyDelete
  4. නියමයි නිශාන්.... ඔයාගෙ ජීවිතේ හරි පාර හොයාගෙන යන ගමනට හදවතින්ම සුබ පතනවා.. ඔයාගෙ නම කලින් කමෙන්ට් එකක දාත්දි ඔයා ඒ ගැන මතක් කරලා දුන්නා. ඒත් දැන් එහෙම නොහිතා නම යොදන්න පුලුවන්.. ඔයා යන පාරෙ ඔයා යන්න.. තමන් අත් ඇරපු පාර ගැන දුකක් නොදැනෙන්න අලුතෙන් යන පාර දිගටම ලස්සන කරගෙන යන්න. එතකොට ආපහු හැරිලා බලත්දි ඊට වඩා දෙයක් ගැන හිතන්න වෙලාවක් ඉතුරු නොවේවි.
    හොඳම යාලුවෙක් විදිහට හදවතින්ම සුබ පතනවා..!!

    ReplyDelete
  5. මල්ලි පොළොවේ පය ගහල ඉන්නවා කියන එක ලේසි දෙයක් නෙමේ.හිනා ලෝක,විකාර ලෝක ,විහිළු ලෝක ,දුප්පත් ලෝක,පොහොසත් ලෝක ...එක එක ලෝක..,.ඔය හැම ලෝකෙකදිම පොලොව තියෙන්නේ කොතනද කියල හෙවිල්ලෙන් ඉන්න පුළුවන් කෙනා දිනනවා.,අනුන්ව දිනවන්න බලන කෙනා දිනනවා.තමන් ගැන හිතන්නේ නැතුව අනුන් ගැන හිතන කෙනා දිනනවා.අපිට ලැබුණු සතුට අපෙන් පස්සේ ඉන්න කෙනෙකුට දෙන්නත් අපි විඳපු දුක තව කෙනෙකුට නොදෙන්නත් වැඩ කරන්න පුළුවන් කෙනා දිනනවා..ඒ කියන්නේ අපිට තෝරාගන්න පුළුවන් පාරවල් දෙකය් දිනන පාර ,පරදින පාර .දිනන පාර දිගය්,බාධක වැඩිය් අවසානය හරිම අමුතු සතුටක්.පරදින පාර කොටය්,ලගය්,හරි ලේසිය් කියල වැඩක් නෑ,,හැබය් ටික දවසය්.අන්තිමේ දුකය්,විඳවනවා...අනේ බන් මේක කියල ඉවරකරන්න බෑ..උඹම හිතාගනින්කෝ.................ඔන්න කොමෙන්ට් එකක් දැම්ම රිප්ලය් නොදා ඉන්නවා නම් තම මම කැමති.

    ReplyDelete
  6. @ හිතුවක්කාරී බොහොම ස්තුතියි සුභ පැතීමට යාලුවා
    @ හංසි බොහොම ස්තුතියි සුභ පැතීමට යාලුවා
    @ tharindu122 බොහොම ස්තුතියි අයියේ

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....