Tuesday, October 4, 2011

ඇත්තටම මට මහන්සියි....


ජිවිතේ ගොඩකාලයක් රැල්ලට අහුවෙලා මාත් දිව්වා එත් ඒ දුවපු දිවිල්ලට මගේ ජීවිතේට එකතු කර ගත්ත දේකුත් නැ එකතු නොකර ගත්තු දේකුත් නැ කියල දැන් මට හිතෙනව. කොහොම උනත් මොනවා නැත්තත් දුක නම් නොවඩුව එකතු කරගත්ත. නිදහසේ ටිකක් හිතල බැලුවම මගේ තර්ක හමුවේ මමම  බිද වැටෙනවා. ඒ වෙලාවට තමයි තේරෙන්නේ උපදෙස් දෙන තරම් ලේසියෙන් පිළිපදින්න අමාරුයි කියල. මම මගේ පාර වෙනස් කලේ මමහිතන තැනට මමගියපු පාරේ යන්න මට නොහැකි වෙයි කියල හිතුනු නිසයි. එත් ජිවිතේ නවත්තපු සමහර දේවල් තවත් අලුත් පාරකින් ගමන් කරන්න මගේ හිත තාම මට ඉඩ දෙන්නේ නැ. ඒ පරණ පාරේ අපහු යන්න තියන ආසාවට නෙවෙයි. ඒ පාරේ සිද්දවෙච්ච දේවල් අලුත් පාරෙත් සිද්ද වෙයි කියල තියන බයට.(අර කියමනක් තියනවනේ ගිනිපෙලේල්ලෙන් බැට කෑව මිනිහ  කණාමැදිරි එළියටත් බයයි කියල)  හැමදාම මම මගේ නිදහස හෙව්වා ඇත්තටම මට නිදහසේ ඉන්න ඕන. ජිවිතේ මානසික නිදහස තරම් කාටවත් කිසිම දෙයක් වටින්නේ නැ කියල කියල තියෙන්නේ කට කහනවට නෙවෙයි නේ. ඇයි දන්නේ නැ ජිවිතේ මට යන්න බැරි උන මාර්ගය වගේ තව මාර්ග හැම දාම මගේ ඉස්සරහින් ගෙනත් තියන්නේ. ජිවිතේ මට හැමදාම විහිලු කරනවා. ඒ ගෙනත් තියනවා වගේම පරණ පාර එකේ සිද්ද වෙච්ච මේපාරේ අනාගතේ හැම දෙයක්ම ප්‍රශ්න වෙලා මම මගෙන්ම අහනවා අන්තිමට පැය ගානක් මම මාත් එක්කම තරකකරලා අවසානේ ඒ පාරේ යනඑක නවත්වනවා. අත්ටටම ඉස්සෙල්ලම ඒ තීරණේ ගත්තේ බොහොම අමාරුවෙන් හරි විදියටනම් දෙවෙනි පාර ඒ තීරණේ ගන්න ලේසි වෙන්න ඕන එත් ජිවිතේ ගැන නිසාද මන්ද එක ගන්න මට ගොඩක් අමාරුයි. සමහර විට මම හිතනවා වැඩිවෙන්න පුළුවන් එත් මට හිතෙනවා. මම එක පාරක ඉදිරියට යනවා තව පාරක අතරමන් වෙලා පටන්ගන්මේම. මම දන්නවා කාටවත් මට උදව් කරන්න බැරිවෙයි එනිසා මමම මේකට උත්තරයක් හොයාගන්න ඕන එත් ඊටත් වඩා හොදයි කාලය විසදුමක් දෙනකන් ඉවසීමෙන් බලන් ඉන්නෙක කියල හිතෙනවා මට. මම හරිද වැරදිද කියල මම දන්නේ නැ. අකමැත්තක් නැත්නම් කියනවද මම මොකද්ද කරන්න ඕන කියල...
මම N N K.......

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අනේ මන්ද මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.. ඒත් හිතෙන්නෙ නම් තවත් ආදර කතාවක් ගැන වෙන්න ඕන ලියලා තියෙන්නෙ. ජීවිතේ හැමදාම දිනන්න බෑ. ඒ වගේම හැමදාමත් පරදින්නෙත් නෑ. පැරදීම් එක්ක එකතුවෙන අත්දැකීම් වලින් ජීවිතේ දිනන්න පුලුවන්.. හැබැයි පරදිනකොට මනසින් නොවැටී ඉන්න ඕන. කොහොම උනත් මේ සමාජය අපි හිතනවාට වඩා ගොඩක් වෙනස්.

    මම ඔයාට ඊයෙ කමෙන්ට් කරා ඒත් ඒක මම පෝස්ට් කරත්දි error එකක් ආවා.

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....