Tuesday, August 23, 2011

මේ මාවත........

ජිවිතේ කවදාවත්ම 
එන්නේ නැතෙයි කියල 
හිතාගෙන උන්නු මේ මාවත 
ජිවිතේ සුන්දර දවසක 
මිහිරි මතක ඇති 
මේ මාවත 
ඔබෙත් මගෙත් පළමු හමුවීම
ඇති මේ මාවත 
ඔබ ගිය පසු අමතක කල 
මේ මාවත 
 ආයිමත් සැරයක් 
මට යන්න වෙලා තනියම 
මම දන්නවා අයිමත් සැරයක් 
මේ මාවතේදී ඔබ දකින්න 
බෑ කියල 
නමුත් 
මේ මාවත එදා වගේමයි 
කිසිම වෙනසක් නෑ
ඔබේ මතකය 
ඒ හැම තැනම ඉතුරුවෙලා 
සිව් වසරකට පසුත් 
ජීවිතය මට දඩුවන් කරලා 
ඔබට වගේම මටත් පහුගිය ජිවිතේ 
ලේසියෙන්ම අමතක කරන්න පුළුවන් උනානම් 
මේ මාවතේ යන්න මට ලේසි වෙන්න තිබුනා .................

මම N N K......

4 comments:

  1. උපන් දිනෙන් පස්සේ හැමදේම අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගන්නවා කියලා නේද කිව්වේ?? දැන් මේ මොනවා වෙලාද? අපිට බෑනේ ඇත්ත බොරු විදිහට ලියන්න. දැන් කියන්න එපා ඉරිසියාව කියලා. :D :D

    ReplyDelete
  2. @ හංසි නැතුව ඉරිසියාව තමයි. ඔයාමනේ කිව්වේ උපන්දිනෙන් පස්සේ රාමුවකට කොටුවෙලා කියල. මම පොඩ්ඩක් වෙනස් දෙයක් ලිව්වම මම වෙනස් වෙලා නැතිලු. මෙහෙමනේ හැම කලාකරයෙක්ම ඇත්තම ලියනවනම් කලාකාරයෝ තරම් බූට් කාපු අය තව නැතුව ඇති. කලකරෙක් කියන්නේ ඔනම් දෙයක් තමන්ට උනා වගේ ලියන්න පුළුවන් කෙනෙකුටනේ... ඔයත් ලියනවනේ ඒවත් ??...... කොහොම උනත් ස්තුතියි මෙහෙම දෙයක් හරි කුරුටු ගැවට..

    ReplyDelete
  3. ඔව් ඔව් මාත් ලියනවා. ඒත් මම ඔයා තරම් බූට් කතා ලියලා නෑ වගෙයි මතක. කොහොම උනත් උනා වගේ උනේ නැති ඒවා ලියනවා කියලා ශේප් උනා නේද?

    ReplyDelete
  4. @ හංසි මේකනේ කතාව මට කියන තරමක් යාලුවෝ කියන්නේ බුට් කතානේ. ඔයා එක දන්නවනේ. මොනා කරන්නද ඔයා වත් සාර්තක් අවසානයක් තියන කතාවක් හදල කියන්න මට. එතකොට එක ලියන්නම් මම. දුකක් නොවෙන කතාවක්. අනිත් එක මේකනේ ඔයාට මතක තියෙන්නේ කොහොමද ඔයා වෙන එකක්වත් ලියන්නේ නැනේ. ඔයා සේරම ලියන්නේ එවමනේ. ඔයාට වැරදීමක් වෙලා. කොහොම උනත් ස්තුතියි. කුරුටු ගැවට ...

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....