Friday, August 5, 2011

අහිමි ආදරය .......... ( අවසාන කොටස)

සුන්දර අහිංසක යෞවනයකුගේ සිත කදුලින් තෙත් කල "අහිමි ආදරය"..............................
ඔහුට ඇය දෙවොලක් විය නමුදු ඇයට ඔහු ඉනිමගක් පමණක් විය.......

   මෙසේ ටික දිනක් ගත වෙත්ම අරුණගේ උපන්දිනය ලංවිය. ඇයගේ පසුගිය උපන්දිනයට අරුණ මුදලින් සහ තෑගි වලින් ඇයව සතුටු කලාය. තමාගේ උපන් දිනය ළගදි යෙදී ඇති බව දිනක් ඔහුට කියවිණි.  උපන්දින එළබිනි ඔහුගේ නෑදෑයින් මිතුරන් පවුලේ අය ඔහුට සුබ පැතුවේය නමුත්  දිනයෙන් බාගයක් ගතවුවත් ඇගෙන් ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක්  නොආවාය. පසුව අරුණ අයට ඇමතුමක් ගත්තාය. නමුදු ඇගේ දුරකථනය වෙනත් දුරකතනයක් හා සම්බන්දව තිබිණි. කිහිපවරක් ගත් උත්සාහයෙන් අනතුරුව ඇගේ දුරකතනයට සම්බන්ද වීමට ඔහුට හැකිවිය. ඇය දුරකතනයට සම්බන්ද වූ විගස ඇසුවේ හදිස්සියක් ද කියාය. අරුණට කියාගන්නට වචන නැතිවිය. "ඔයාට මුකුත් අමතක උනදැයි ඔහු විමසිය. නමුදු ඇගේ පිළිතුර වුයේ කිසිවක් අමතක නොවුණු බවයි. අරුණට දුක සිතිනි ඔහු පනමෙන් ආදරය කල ඇයට ඔහුගේ උපන්දිනයත් අමතකව ඇත. ඔහු ඇගෙන් තෑගි බලාපොරොත්තු නොවුනාය. බලාපොරොත්තු වුයේ සුබපැතීම පමණි නමුදු එයද ඔහු නොලැබුවාය. ඔහු දුරකථනය විසන්දි කලාය. 
ටික වෙලාවකට පසු ඇය ඔහුට ඇමතුමක් ගත්තාය "සමාවෙන සමාවෙන " ඇය කියාගෙන ගියාය නමුදු අරුණ ඇයට කිසිවක් කීමට ඉඩ නොතැබුවාය."දැන් මුකුත් කියන්න එපා " කියමින් ඔහු දුරකථනය විසන්දිකලය. දැන් දැන් අරුණගේ බලාපොරොත්තු නමැති මාලිගාව බිම කඩාවැටීමට ආසන්නව තිබිණි. තවත් එක කණුවක් හෝ කඩාවැටුන හොත් එය බිම වැටෙන බව ඔහු හොදාකාරවම දැන සිටියේය. මන්දයත් මේසියලු කාරණා ඔහුගේ සිත තුල හා මනස තුල කරකැවෙමින් විප්ලවයකට සුදානමින් අවිඅමොරගෙන සිටියාය . 
                                                                                                        ************
      මේඅතර ඇයට වෙනත් ආයතනයක රැකියාවක් ලැබීම නිසා ඇය නැවත කොළබ ගියාය. ඉන්පසු ඇය තවත් වෙනස් වුනි. එනම් ඇයට අරුනවා මතක් වුයේ ඇගේ දුරකථන බිල ගෙවාගැනීමට පමණි. එයත් දිනකට රුපියල් 400 ඉක්මවිය. තවද ඇගේ දුරකථනය බොහෝවේලාවට වෙනත් දුරකතනයක් හා සම්බන්දව තිබිණි.  ඔහු කතාකලද වැඩක් ඇති බව පවසමින් දුරකථනය විසන්දි කලාය.  මේවා මෙසේ සිදුවෙත්දී අරුණගේ සිතේ කඩාවැටීමට තවත් දෙයක් ඉතුරු නොවිය. තමා පනසේ සිතාසිටි ආදරය තමාව රවටා ඇතිබව ඔහුගේ සිත ඔහුට පැවසුවේය. මෙපිලිබද ඔහු දැන නොසිටිය නොවේ නමුදු ඔහු ඇය විස්වාස කලාය. මන්දයත් ඔහු යම්කිසි සම්බන්ද කමක් ගොඩනැගිය යුත්තේ විස්වාසය මත පදනම්ව බව දැඩිලෙස විස්වාස කල නිසාවෙනි. නමුදු තවදුරටත් අරුණට ඇයව විස්වාස කිරීමට හේතුවක් නොවිය.
              මෙලෙස ඔහු දිනක් දෙකක්  හොදින් කල්පනාකලාය පසුව ඔහු බොහොමත්ම අමාරුවෙන් තීරණයකට එලබිනි. ඔහු ඇයට දෙතුන් වතාවක් උත්සහ කිරීමෙන් අනතුරුව ඇමතුමක් ගත්තාය. ඇය ඇමතුමට සම්බන්ද වුවිගසම " මට වැඩක් තියනවා ඉක්මනට කියන දෙයක් කෙටියෙන් කියන්න" යයි පැවසිය. කෙනෙකුට තමාට ආදරය කල හෝ ආදරය කරනාකෙනෙකුට මෙසේ කිව හැකිද. නමුදු ඇය එසේ කිවය. පසුව අරුණ " ගිහන්සා මම හිතුව මම ගියොත් හොදයි කියල" 
"කොහේද? "
"ඔයාගේ ගාවින් ඔයාගේ ජීවිතෙන් " 
"ඔයාට ඔනතැනක යන්න මට කමක් නැ මට වැඩ තියනවා මම තියනවා"
ඇය දුරකථනය විසන්දි කලාය.
අරුණට දුක සිතිනි සැබවින්ම ඇයට ඇත්තේ සිතක්ද නැත හොත් ගලක්ද එසේත් නැතිනම් ඇය ඔහුට ආදරය නොකරන නිසාද එහෙත් ඇය විසිනම් බලාපොරොත්තු ඇතිකළ සිත මෙය විය. ඇයට එය සෙල්ලමක් වුවාද ? අරුණට කිසිවක් සිත ගැනීමට නොහැකිවිය. ඒ වනවිට අරුණගේ ජිවිතයෙන් අවුරුදු හතරක් පමණ ඇය වෙනුවෙන් කැපකොට තිබිණි. ඒ සිව් අවුරුද්දටම ඔහුට ලැබුනේ අපුර්ව පිළිතුරකි. ඇය නිසාවෙන් ඔහු රැකගෙන සිටි ඔහුගේ හොද නමද තැන් කිහිපයකදී පලිදු වී තිබිණි. නමුදු ඔහු ලබාගෙන තිබුනේ කුමක්ද කිසිවක් නැත නමුදු ඔහුට හොද  අත්දැකීම් කිහිපයක් ලැබි තිබිනි. වත්තේ කෙළවරකට ගොස් ඔහුට ඇතිවන තුරු ඔහු ඇඩුවාය. කෙදිනක හෝ මෙපිලිතුර ලැබෙනා බව ඔහු දැනසිටියාය. එය ඔහුට සහනයක් විය.
                                                                                              ****************
දිනක් දෙකක් තමාගේ කාමරයට වී තනිවම කල්ගත කල ඔහුට මිට අවුරුදු හතරකට පෙර තිබු සැහැල්ලු දිවිය මතක් විය. ඔව් සැබවින්ම ඔහුට අයිති දිවිය එයයි. ඔහු එම දිවියට නැවත යාමට අදිටන් කරගත්තාය. මේඅතර ඇය ඔහුගේ නිවසේ දුරකතනයට කතාකොට " එහෙමද " යි විමසිය ඔහු "ඔව් එහෙමතමයි " පිළිතුරු දිනි. ඒ ඔහුගේ හැටියකි ඔහුට යමක් එපාවුනොත් එපාවුනම විය. නමුදු ඇයට  ඔහුගෙන් අවස්ථා දෙකක්ම ලැබිණි නමුදු ඇය කලේ ඔහු රැවටීම පමණකි.
මේසියල්ල අවසානයේ දින හතරක් පමණ කල් ගතවිතිබිනි පසුව ඔහු මුහුණ සෝදා ගත්තාය. පසුව " මොකද පොඩි පුතේ ඔයාට වෙලාතියෙන්නේ " ඒ ඔහුගේ මවගේ හඩයි. ඒ දයාබර හද ඔහුට අසුනේ දින ගනනවකිනි. ඔහු ඇගේ උකුලේ මුහුණ හොවාගෙන අඩුවාය. ඇය කිසිවක් නොඇසුවාය. ඇය දයාබරව ඔහුගේ හිස පිරිමැද්දය. එමගින් ඔහුගේ හිතේ තිබු දුක තුනී විය. 
පසුව ඔහු සමීර සහ දිල්රුක්ෂි අක්කා මුණ ගැසිනි ඔවුන් තව දුරටත් ඔහුගේ හිත හැදිය. ඔහුගේ පරණ ජිවිතයට යාමට ඔහුට මාස කිහිපයක් ගතවුනි. නමුදු ඇය පිළිබද වූ කලකිරීම ඔහු තුලින් පහව නොගියාය. ඇයට ඔහුගේ ජීවිතය තුල නැවත ඉඩක් නැත. නමුදු ඔහුට දැන් ආදරය ගැනද විස්වාසයක් නොමැත.
                                                                                                                ***
                                                                                                            සමාප්තයි......

කතෘගේ පසු සටහන...........
අරුණ නමැති සුන්දර අහිංසක තරුණයකුගේ සිත ආදරය නමැති මායාවෙන් මුලාකොට ඔහුගෙන් ප්‍රයෝජන ගෙන ගිහන්සා නමැති තරුණිය සතුටු වුවා විය හැකිය . නමුදු ඔහු මෙස්යාලු දේ කලේ ඔහුගේ ආදරය ජිවත් කිරෙමටයි. ඔබටද ඔහු මෝඩයකු විය හැකියි නමුදු ඔබත් ආදරය හමුවේ මුල්විය හැකියි.
අරුණ නැවත ඔහුගේ පැරණි දිවියට පැමිණ ඔහුගේ අද්‍යාපන කටයුතු පටන් ගත්තාය. දැන් නැවතත් සැහැල්ලුවෙන් නමුදු පරිස්සෙමෙන් අහසේ සැරිසරයි......

සුන්දර අහිංසක මිනිසෙකුගේ සිත කදුලින් තෙත් කල අහිමි ආදරය අදින් අවසන්. පුරා කොටස් හතක පුරාවට මෙහා එක්ව සිටි ඔබ හැමට බොහොමත්ම ස්තුතියි. ඔබගේ චෝදනා මෙපිබද ඔබට සිතනා දේ පිලිබදව අදහසක් දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. 

මම N N K................

2 comments:

  1. නොලැබෙන දෙයක් බව දැන දැනත් ඒ වෙනුවෙන් කැප වෙන්න තරමට ඔයා ගොඩක් අවංක කෙනෙක් වෙන්න ඇති. ජීවිතේට ලැබන්න තියන හොඳම දේ ලැබෙයි. ඒ වෙනුවෙන් සුබ පතනවා. ජීවිතේට එකතු කරගන්න දේවල් ගොඩක් තියනවා මේ කතාවෙ. තාම බ්ලොග් 1 අලුත් නිසා ගොඩක් දෙනෙක්ගෙ අදහස් ඉදිරිපත් වෙලා නැති උනත් අනාගතයේ හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා හිතනවා.

    ReplyDelete
  2. mama mekata comment karanne naa..uba mata hambunaama meeeka gana mage comment 1 dennam ko.........

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....