Showing posts with label ඔබ හැමෝටම බෙහෙවින්ම ස්තුතියි. Show all posts
Showing posts with label ඔබ හැමෝටම බෙහෙවින්ම ස්තුතියි. Show all posts

Monday, October 31, 2011

මම දිනුම්....

මම වාසනාවන්තයි කියල මට හිතෙන්නේ ඇයි කියල මටම තේරෙන්නේ නැ වෙලාවකට එත් වෙලාවකට පුදුමයි. ජිවිතේ මගේම ක්‍රමයකට හුරු වෙලා හිටපු මට එකතැනකදී වැරදුනා ඒ නිසා මම ජිවිතේ ගොඩක් දේවල් ඉගනගත්ත. හැබැයි මට ගොඩකාලයක් ගිය මොනවද වෙලාතියෙන්නේ කියල තේරුම් ගන්න. පස්සේ මගේ පාර වෙනස් කරන්න හිතනකොට මම වැරදි පාරේ ගොඩක්දුර ගෙවල. මට ජිවිතේ ගොඩක් දේවල් මගහැරිලා මට ආදරේ කරපු මම ආදරේ කරපු ගොඩක්දෙනෙක් මගහැරිලා ගිහින් ඇත්තටම එදා මට හිතුනේ මම කාන්තාරෙක තනිවෙලා කියල මොන අතට ගියත් පාරක්තොටක් හෙවනට වාඩිවෙලා ඉන්න ගහක් කොලක් පිපාසෙට බොන්න වතුරපොදක් පෙන තෙක් මානෙක තිබුනේ නැ. තිබුනේ මාර්ග දෙකයි කිසිම ගියපු පාරේ යන එකයි නැත්නම් කිසිම දෙයක් පෙන තෙක්මනෙක නැති අනෙක් පාරට හැරෙන එකයි. ගියපු පාරේ ගියානම් ඉදල හිටලවත් වතුර පොදක් හෙවනක් හම්බ වෙන්න තිබුන එත් මම හැරුන පාරේ කවද කොතන ඒවා හම්බ වෙයිද කියල මම දැනගෙන හිටියේ නැ. එත් මොකද්දෝ හේතුවකට අමාරුවෙන් හරි මම ඒ පාරට හැරුන. මුල් දවස් වල ඒ පාරේ ගමන් කරන්නේ කොහොමද කියල මටම හිතාගන්න බැරි උනා එත් මම ගියා අමාරුවෙන් අමාරුවෙන් පියවර තිබ්බ. සමහර තැන් වල පාර හදාගෙන යන්න සිද්ද උනා එත් මම ගියා වෙලාවකට පරණ ගියපු පාරේ යන්න මට ආපහු ඇරයුම් ලැබුනා එත් මම පාර වෙනස්කරන්න හිතුවේ නැ. දිගටම ගියා. අදවෙනකොට මම ගොඩක් දුර ගෙවල ඉවරයි එකත් බොහොම ඉක්මනට මේ මාවතට හැරිලා අදවෙනකොට අවුරුද්දක් හෝ ඊට මාසයක් විතර කාලයක් වෙන්න ඇති මම මෙපාරට හැරෙනකොට
මගේ ජිවිතේ අවුරුදු හතරක් ගෙවිල තිබුනා ඒ අවුරුදු හතර පටන් ගත්ත තැනට ඒ කියන්නේ නිදහස් මනසක් සැහැල්ලු ජිවිතයක් තිබුණු තැනට මම අද ඇවිල්ල ඒ දවස් වල දැනුනු නිදහස දැන් මට දැනෙනවා කවදවත් මම හිතුවේ නැ මෙතනට මෙච්චර ඉක්මනට එන්න ලැබෙයි කියල එත් මම අද එතන මට ගොඩක් සතුටුයි ඒ ගැන සමහර දේවල ඒ දවස්වල තිබුණු අරමුණු සිතුම් පැතුම් මගහැරිලා තිබුනත් අද මට තියනවා අලුත් අරමුණු අලුත් බලාපොරොත්තු ජිවිතේ අලුත් වෙලා වගකීම් එහෙමත් වැඩිවෙලා. අද වහිනවා හැමදාම මම ආසයි වැසේ තෙමෙන්න අද වැස්සේ තෙමෙන කොට මට පරණ සුවද මිහිර විදින්න පුළුවන් උනා. ඇත්තටම මම වාසනාවන්තයි නේද. මෙතනට එන්න මට ගොඩක් අය උදව් කළා මගේ යාලුවෝ මගේ ගෙදර අය ඇයි මේ බ්ලොග් එක කියවන ඔයාල අත්ටටම ගොඩක් උදව් කළා ඔයාල හැමෝටම බොහොම ස්තුතියි. මට හරියි කියල හිතෙනකම් මම එක පාරක ගියා වරදියිකියල හිතුනම ඒ පාර මම වෙනස් කළා එක මම ඉගන ගත්තේ බුද්ධ චරිතයෙන් ඒ මාවත තමයි හරි. ජිවිතේ කවුරු නැති උනත් තමන්ට කවදාවත් ඉගන ගත්ත ධර්මයවත් ආරක්ෂාකරගතත ධර්මයවත් නැතිවෙන්නේ නකියල කියනවා නේ ධර්මය හැමවිටම අපිව රකිනවා කරදරවලින් මුදවා ගානවා. මම හිතන්නේ එහෙමයි... 

මම අද කියන්නේ නැ N N K ... කියල 
මම නිශාන්..........  

Wednesday, August 31, 2011

ඔබ හැමෝටම බෙහෙවින්ම ස්තුතියි නිශාන්තයේ සිතුවිල්ල පිටු 1000 ක් පෙරලින......

ද මට හරිම සතුටු දවසක් මොකද කියනවනම් අද මගේ බ්ලොග් එක පරිගණක තිර වල දිස් වුනු වාර ගන්නන  1000 පසුකරපු නිසා. මේ දේවල් මට ලබාගන්න පුළුවන් උනේ මාස 1 යි දවස් දෙකක් වගේ කාලයක් තුලදී. ඒ කියන්නේ මගේ බ්ලොග් එක පටන් ගත්තේ 2011-07-29 දා. කොහොම හරි මට බ්ලොග් එකක් පටන් ගන්න උවමනාව තිබ්බත් මම එකට වැඩිය උනන්දු උනේ නැ. එත් දවසක් මගේ එක යාලුවෙක් කිව්වා බ්ලොග් එකක් කරන්න කියල මම පස්සේ කල්පනා කලා. ඊට පස්සේ තමයි අහිමි ආදරය කතාව එක්ක නිශාන්තයේ සිතුවිල්ල පටන් ගත්තේ.  මට බ්ලොග් එක පටන් ගන්න යාළුවා ගැන මතක් නොකර බැහැනේ එයා තමයි හංසි එයා බ්ලොග් එක පටන් ගන්න කිව්වා වගේම මගේ හැම පොස්ට් එකකට මොකක්ම හරි අදහසක් දීල මාව දිරිගන්නනවා. ඇත්තටම ඔයාට ගොඩක්ම ස්තුතියි. මම කවදාවත්ම හිතුවේ නැ කවුරුවත් මගේ බ්ලොග් එක බලයි කියල. නමුත් අද පිටු 1000 කට වැඩිය පෙරලිලා. රටවල් ගණනාවක අය ගොඩවෙලා තියනවා ඇත්තටම ඔයාට ස්තුතියි ගොඩක්ම. මගේ බ්ලොග් එකේ පළවෙනියටම සාමාජිකයෙක් උනේ ආලොකා නංගි ඔයාටත් බොහොම ස්තුතියි. අද වෙනකොට මගේ බ්ලොග් එකේ සාමාජිකයෝ 19 ක් ඉන්නවා ඒ අය තමයි 
1  ආලොකා 
2  චතුමිතු 
3  තරිදු 
4  හංසි 
5  char  
6   bindi  
7  මී හරක් පිඩිය
8  රත්ගමය 
9  ප්‍රර්ථනා 
10 කීඩෝ
11 හිරු කුමාරි 
12 ඔජායේ
13 sanjaya ranasinghe 
14  Nisupa hettiwatta 
15  dushanthi ubesiri 
16 හිම හංසි 
17 කඩේ හාමිනේ 
18 හිම කුමාරි 
19 මකුළු පැංචි
මෙය තමයි මගේ බ්ලොග් එකේ සාමාජිකයෝ වෙලා තියෙන්නේ. මේ හැමෝටම මගේ හදවතින්න්ම ස්තුතිවන්ත වෙනවා. ඔය හැම කෙනාම මට ශක්තියක් උනා.
මේ අය හැම කෙනාම මට අදහස් ලබාදිය තිබුනා දමපු පොස්ට් වලට වටිනාම අදහස දීල තිබුනේ මකුළු පැංචි ඔයාට ගොඩක් ස්තුතියි. මගේ වැරදි පෙන්නලා දීපු එකට. අනිත් අයගේ අදහස් මට වටිනවා ගොඩක්ම. ඔයාලට තවපාරක් ස්තුතියි කියල  මම කියනවා.   හැම කෙනාගෙන්ම මම ඉල්ලනවා හැමදාම මතෙක්කම ඉන්න කියල. තව කට්ටියක් ඉන්නවනේ  මගේ බ්ලොග් එක බලල අදහසක් දුන්නේ නැති සාමාජිකයෙක් වුනේ නැති අය එහෙම අය ගොඩක් ඉන්නවා කියල මම දන්නවා ඔයා තමයි මගේ ශක්තිය ඔයාට ගොඩක්ම ස්තිතියි එක පියවරක් හරි නිශාන්තයේ සිතුවිල්ලට තිබ්බට. ඉතින් මතක් කරන්න බැරි උන කවුරුහරි හිටියනම් සමාවෙන්න අවසාන වශයෙන් ඔයාල හැමෝටම
                         ගොඩක්ම ස්තුතියි


මම  N N K ...