Saturday, September 24, 2011

අහම්බෙන් දුටු දෑස.......


සමාවුව මැන මා හට 
මා බැලුම් හෙළුවේ ඔබ දෙස නොවේ 
ඔබට පසුපසින් ඇති මාවත දෙසයි 
ඔබේ දෑස දැක මොහොතක් නතර වුයේ 
ඔබේ දෑස මා දෙස බැලු නිසයි
ඔබ ඔබේ යෙහෙළියට යමක් මා දිහා 
බැලුම් හෙලා පැවසුවා 
ඇය මා දෙස බැලුවේ තම මිතුරියගේ 
සිත මා සොරා ගත්තා යන හැගිමෙන්ද 
ඔබ එතනින් පිට වී ගොස් යලිත් 
මා සිටි තැනට ආවේ අයි දැයි මා 
හරිහැටි නොදනී 
නමුදු ඔබට දෙන්නට හිතක් මා ලග නැතිබව 
මා දනී ....
මට සමාවනු මැන තව වරක්.....
මම N N K...

7 comments:

  1. මොකද්දෝ මංදා ලොකු සීන් එකක පුංචි නිමේෂයක්...!

    ReplyDelete
  2. අපරාදෙ අපිටත් ෆ්‍රී ෆිල්ම් එකක් ෂූට් කරනවා බලන්න බැරි උනානෙ. මොනවා කරන්නද ඉතින්. :D දැන් ඔන්න ඉරිසියාව කියලා කියන්න හදන්න එපා..

    ReplyDelete
  3. @prasanna ලොකු සිද්දියක් වචන කීපෙකින් කියන්න ගත්ත උත්සහයක් තමයි මේ. ස්තුතියි අදහසක් දුන්නට
    @ හංසි ඔය පෙන්නේ නෑ අපිට වරදිනකම් තමයි බලන් ඉන්නේ හිනා වෙන්න.... කමක් නෑ අදහසක් දුන්නනේ ස්තුතියි බොහොමයක් එකට

    ReplyDelete
  4. දෙනෙත් අසරණය...මෙවන් සිදුවීම් ලඟ..ලස්සනයි යාළුවා

    ReplyDelete
  5. ලොකු කතාවක් කියන්න යන්නෙ පුංචි ඉගියකින්... එහෙම නේද???

    ReplyDelete
  6. මල්ලි එල එල උඹ දැන් මාර වැඩ්ඩෙක් වෙලා බන්,ඇත්තටම සතුටුය්.

    ReplyDelete
  7. @ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර හ්ම් හ්ම් හ්ම් .... දෙනෙත් අසරණයි මෙවැනි සිදුවීම් ලග මොනවා කරන්නද. ස්තුතියි යාළුවා අදහසක් දුන්නට..
    @හිතුවක්කාරී ඔයාටත් ඔය තේරිලා තියෙන්නේ හ්ම් හ්ම් හ්ම් ස්තුතියි යාලු අදහසක් දුන්නට
    @tharinduhw122 අනේ නෑ අයියේ එක වැරදීමක් විතරයි. ස්තුතියි අදහසක් දුන්නට

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....