Thursday, August 16, 2012

මතකය....


ගැලපීමක් අතර 
නොගැලපීමක් 
ඉල්ලීමක් එක්ක 
එපා වීමක් .....
තනිවිමක් අතර 
හුදකලාවිමක්
දුකක් අතර 
වේදනාවක් ......
අමතක වීමක් එක්ක 
මතක් වීමක් 
හිතක් එක්ක දිනන්න  බැරි 
එත් පැරදුමක් නැති සටනක් .....
මමත්වය නිසා කියාගන්න බැරි 
දුකක් ...........
ආගන්තුක නොවන 
හීනයක්................

කේ. එල්. ඒ නලින් නිශාන් කුමාර.......

Wednesday, August 8, 2012

හුදකලාව


සයනයක් මත වැතිර සිටින්නට විය 
කිහිප දිනකම එක දිගට 
තිබිණි බොහෝ වෙලාවක් තනිවන්නට 
රිසිසේ සිත සමග 
දුක සැප විමසීමට පැමිණි අය අතර 
නොදත් අයත් සිටියාය 
නොපැමිණි අය අතර දැන වුන් අයද විය 
මා පන මෙන් ආදරය කල අයද විය 
සිතට දුකක් නොදැනුන මුත් 
කණගාටුවක් ඇති විය 
මේ හුදකලාව වේදනාව අමතක වන තුරු 
ලගින් සිටින්නට කවුරුන් හෝ 
සිටියානම් යැයි සිතුනු වාර අනන්තයි 
එය මගේ දුර්වල කමද නොදනී 
නමුත් මට පාලුවක්නම් දැනින
බොහෝවිට එවැනි අවස්ථාවල ලග සිටියේ 
රූප පෙට්ටියත් පරිගණකයත් පමණි ...........

කේ.එල්.ඒ නලින් නිශාන් කුමාර