Tuesday, August 2, 2011

මට මං ගැනම දුක සිතුනි..............

  නුදුරු අතීතයේ දිනක මා සුන්දර පරිසර පද්දතියක අසිරිය විදීමට සිතා නුවරඑළියේ ගියෙමි නමුත් මාගේ දැනුමේ ඇති තරම මට ඊයේ වැටහුණි. මන්දයත් මා හට ඊයේ හදිසියේම යාමට සිදුවූ ගමනක් නිසාය. ගමන් මාර්ගය මෙසේය 
හක්මන දෙනගම වැව ඉස්මත්තෙන් පටන් ගන්නා මුලටියන මාර්ගයේ සැතපුම් 2 ක් පමණ ගමන් කල පසු මම කියන්නා වූ මේ පරිසර පද්දතිය ඔබට හමුවේ. තවත් මුලටියනේ සිට කොටපොළ මාර්ගයේ ගමන් කරන විට විශිෂ්ට පරිසරපද්දතිය ඔබට හමුවේ. තවද එම මාර්ගය තුල රක්ෂිත වනයක්ද ඇත. තවද වනය මැදින් ගලන්න වූ සුන්දර දිය කඩිත්ත කුඩා දිය ඇලි තනමින් පහලට ගලා බසී..  මෙපිලිබදව මතක සටහන් ගෙන ඒමට මට නොහැකිවිය ඒ මම ඒ සදහා සුදානම් වී නොගිය නිසාය. නමුත් හැකි ඉක්මනින් යලිත් යාමට බලා පොරොත්තු වෙමි. .......

No comments:

Post a Comment

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....