Showing posts with label සිතුවිලි....... Show all posts
Showing posts with label සිතුවිලි....... Show all posts

Tuesday, April 17, 2012

පුංචි කෙල්ල......


ගං ඉවුරට වෙලා මම බලන් හිටිය ඔබ එනකන් 
එත් ඔබ තාම  නැ  
දවසක් මට මතකයි අද වගේම 
වෙනස එදා ඔබ මගේ ගාව හිටිය
එදත් මේ වගේම හද පායල තිබුන 
ඈතින් පේන දාගැබට හද එලිය වැටිලා 
කිරිකලයක් උතුරනවා වගේ පෙනුනා 
හද එලිය වැව් දියට එබිකම් කරලා 
කිරි සයුර වගේ පෙනුනා 
පරිසරයේම තිබුනේ අමුතුම ලස්සනක් 
අපි දෙන්නම හිටියේ ඒ ලස්සනට වශී වෙලා
පරිසරයේ තිබිච්ච ඒ ලස්සනට නොදෙවැනි වෙච්ච 
ලස්සනක් ඔය පුංචි කෙල්ලගේ මම දැක්ක   
මමත් දන්නෙම නැතිව ඔයා මගේ හිත අරන් ගිහින්
 කොහොම හරි ඔය මායාකාරියට මම අහු උනා 
අද අවුරුදු කීපයක් ගිහින් වුනත් අපි වෙනස් වෙලා නැ 
හැතැම්ම සිය දහස් ගානක් ගෙවාගෙන වෙසක් සද බලන්න 
ඔයා එනවා කියල පොරොන්දු උනා 
මම දන්නවා ඔයා ඒවි කොයි මොහොතේ  හරි 
එතකන් මම බලන් ඉන්නවා.....
මම ...
N N K.....

Monday, February 27, 2012

සිහිනෙන්වත් ඇවිත් ඔබ මට පෙම් බදිනවානම්


   

කාලයක් හිතුමතේ පාවෙලා ගිය මගේ ලෝකේ 
හදිසියේම එක තැනක ආයිමත් සැරයක් 
නැවතුනාද කියල මට හිතුනා 
එත් ඒ වෙනකොට ඇත්තටම මම තැනක නැවතිලා 
සුපුරුදු මායම් රාශියක් මැද්දේ නොපුරුදු එක මායමකට 
මාව අහුවෙලා ....
නොපුරුදු මායම මොකද්ද කියල හිතන්වත් එක්කම 
ඒ මායම් කාරී හදවතේ ඉඩ හොයාගෙන 
ජිවිතේ හරිම පුදුමයි අදුරන්නේවත් නැති කෙනෙකුට 
එහෙම ඉඩ දෙන්න පුලුවන්ද ...
මටම ගැටළුවක් 
මායම් කාරිව අදුරගන්න හදනකොට මම පරක්කු වැඩිනම් 
දිනකට දෙකකට කලින් සදහටම ඒ මායම් කාරී වෙන කෙනෙක්ගේ
වෙලානම් ...... 
සිහිනෙන්වත් ඇවිදින් ඔබ මට පෙම් කරනවා නම්......................................
මම    N N K.......

Tuesday, January 24, 2012

ආදරය බුද්ධිමත් මිනිසා මුලාවට පත් කරයි ......


මත්තෘකාව සැර වැඩිද මන්ද?? කොහොම උනත් කතා කරන්න ඕන කියල හිතුනු නිසාම ලියන්න හිතුන.. අපි මිනිස්සු කියල කියන්නේ හිතන්න පුළුවන් මොලෙන් වැඩ කරන්න පුළුවන් අය නිසා කියල සමහරු කියනවා. ඇත්ත මිනිස්සු වන ඔබට මට හිතන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් මොලයක් තියනවා එක මිනිස්සු වෙච්ච අපිට ලැබිච්ච ලොකු වාසනාවක්. මොකද මොලේ ලොකු වෙන තරමට හිතන්න පුළුවන් උනානම් බුද්ධිමත් තීරණ ගන්න පුළුවන් උනානම් දියුණුම ජාතිය මිනිස් ජාතිය නොවෙන්න පුළුවන් වුනු නිසා.. කොහොම උනත් මේලෝකේ ඉන්න දියුණුම ජාතිය කියාගන්න මිනිස් ජාතියේ සමහරක් කරන සමහරක් වැඩ නිසා ඒ ගැන දෙපාරක් හිතන්න වෙනවා. ගොඩක් දෙනාට වැරදෙන්නේ ආදරය කියන තැනදී.. "සමහරක් රජවරු පවා ඔටුන්නත් දාල ගියාලු නේ ආදරේ නිසා" සමහරක් ඒ විදියටත් කියයි. ඇත්ත සැබැ ආදරය හමුවේ ඕන දෙයක් අත අරින්න ඕන කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන. මොකද එකට තමයි ආදරය කියන්නේ.. එත් අපි මොන දෙකරන්නත් කලින් මොලෙන් හිතන්න ඕන.. අපි අපේ සංස්කෘතිය ගැන හිතන්න ඕන.. ගොඩක් දෙනා කියයි ඔය හැම දේම බලබලා හිටියොත් වෙන්න ඕන හරිය වෙලතියෙයි කියල. එත් ඒ දේවල් නොබැලුවොත් පස්සේ වෙන දේවල් ගැන හිතල දුක් වෙන්න වෙයි.. අපි ජිවිතයක් ලබන්නේ ආදරයක් නිසා අපි ජිවත් වෙන්නේ ආදරයක් නිසා අපේ හැමදාම ජීවිතය රදාපවතින්නේ ආදරය නිසා එක ඇත්ත එත් මම කිව්වොත් ආදරය නිසාම ගොඩක් අය ජිවිතේ වැරැද්ද ගන්නව කියල........ ඇයි මෙහෙම වෙන්නේ සමහරෙකුට ආදරය තේරුම් ගන්න බැරි වෙනවා සමහරෙකුට ආදරේ අදුරගන්න බැරි වෙනවා තවකෙක් තවෙකෙකුට ආදරේ කරන කෙනෙකුට ආදරේ කරනවා වෙන්න පුළුවන් සමහරු විහිලුවට ආදරේ කරනවා එත් මේ ඔදක් දෙනා දන්නේ නැ මේ සෙල්ලම් කරන්නේ තමන්ගේ වටිනා ජිවිතේ එක්ක කියල. වෙලාවකට තමන් පතන ආදරේ තමන්ට නොලැබෙන්න පුළුවන්. එක තමන් පතන ආපු හැටි වෙන්න ඇති. මොකද එක අයෙක්ගේ ආදරේ නොලැබුණා කියල තමන්ගේ ජිවිතේ නැති වෙන්නේ නැනේ. අනික අපි කැමති කෙනා අනිවාර්යයෙන්ම තමන්ට කැමති වෙන්න ඕන කියල නියමයකුත් නැනේ මොකද අපිට කැමති කිදෙනෙක්ට අපි කැමති නොවී ඇත්ද? ආදර කියන්නේ ඇතිවෙන ඕන දෙයක් ඇරෙන්න බලෙන් ඇතිකළ ගත යුතු දෙයක්වත් අනුකම්පාව නිසා ඇතිවිය යුතු දෙයක්වත් නෙවෙයි.. ඒවාට උදාහරණ ඕනෑතරම් අපි ඉස්කෝලේ ගිය දවස් වල දන්නවා ඇතිනේ . දැන් මේකාලේ ඇතිවෙන්න ඕන ආදරයක් හොදින් දැන හදුනා ගෙන පවතින්න පුළුවන් ආදරයක්.. සමහර අපිට පාර කියල දීපු අයට අකුරෙන් අකුර කියල දෙන්න වීම ගැන ඇත්තටම මම කනගාටු වෙනවා.. සමහර විට එක හිතීමේ දුර්වල තාවයක් වෙන්න ඇති. එත් කවුරු උනත් රැ වැටුන වලේ දවල් වැටෙනවට මම කැමති නැ.. අපි ආදරේ කරන්න ඕන අපි ආදරේ ලබන්න ඕන අපි ආදරේ බෙදන්න ඕන මේ සියලු දේවල් අපි කරන්න ඕන එත් කාගෙවත් හිත රිද්දන්න නැතුව. සමහරෙක් ඔබට මට ආදරේ කරන්න ඇති එත් එය අපිට ඒ වෙලාවේ වැටහෙන්න නැතුව ඇති ඒ නිසාම ඔහු හෝ ඇය වෙනෙකෙකුට ආදර කරන්න ඇති එත් දැන්   අප නින්දෙන් නැගිට අයෙකු මෙන් පසු පස යාමෙන් පලක් නැත මන්දයත් ඔහු හෝ ඇය වෙනෙකෙකුට ආදරය කරන නිසා.. ජීවිතය මෙයයි.. මන්දගාමි වුවහොත්         අපට අවස්ථාවක් නොලැබී යනු ඇත. විටක එය අපගේ සුබසිද්දිය සදහා හේතුවනු ඇත. බුද්ධිමත් මිනිස් මොලයෙන් සිතා බලා කටයුතු කිරීම නුවනට හුරු ක්‍රියාවකි මන්දයත්  අප සියලු දෙනා දිනක මෙලොවේ කුමන හෝ තැනක මුහුණට මුහුණ හමුවීමට හැකිනිසා.   නුවනින් කටයිතුකරන්න 

නිශාන් 

Friday, January 20, 2012

හඩ විකුණන යුවතියකට පෙම් කලෙමි .......


දිනක් හදිසියේම ඇසුණු හඩ 
ඔබේම වේයැයි සිහිනෙකින්වත් සිතුවේ නැත 
එත් ඒ ඔබේ හඩයි
හදවතේ ඉතිරිව තිබු මතකය යලි අලුත් වන්නට විය 
ඒ වසර කිහිපයක් අසාවෙන් අසාසිටි ඔබේ හඩම විය
ඒ හඩ එකල තරම් ජීව ගුණයක් මට නොතේරුණත් 
එකල ඔබේ ඉලක්කය කරා ඔබ ගමන් කොට ඇත 
ඔබ ඔබේ හඩ සමගින් රුව යහමින් අලෙවි කරගෙන ඇත 
දැන් ඔබට වටිනාකමක් ඇත
එත් දැන් ඔබ මට එක යුවතියක් පමණක්ම විය 
ඔබේ අරමුණ කරා ගමන් කිරීම ගැන මට ඇත්තේ 
නිහත මානි සතුටකි 
මන්දයත් ඔබ එතන සිටීම ගැන වැඩිපුරම 
හීන දුටුවේ මානිසාවෙනි
එත් ඒ ගමනේදී ඔබට අහිමි වුනු දෑ කොතෙක් දැයි 
මා නොදනිමි 
එහෙත් ඔබට මා අහිමි වුනු බව නම් මා හොදාකාරවම දනී ............

නිශාන්  
 

Tuesday, December 13, 2011

ආදරය .......


ගොඩක් දෙනා කතා කරන්න කැමති පොදු  මාතෘකාවක් කිව්වොත් මම නිවැරදියි කියල මම හිතනවා.. ඇත්තටම මම මොනවද කතාකරන්න යන්නේ.. ජීවිතේදී අපිට ආදරේ හම්බ වෙනවා. එක එක අයගෙන් එක එක විදියට. එත් තරුණ කාලේදී අපි ආදරේ කියල හොයන්නේ කොල්ලෙක් නම් කෙල්ලෙක්ගෙන් ලැබෙන ආදරේ කෙලෙක් නම් කොල්ලෙක්ගෙන් ලැබෙන ආදරේ.. මම මෙතැනදී කොල්ලෝ ගැන කතා කරන්න යන්නේ.. ඇත්තටම කිව්වොත් මම ගැන.. මොකද කෙල්ලෝ ගැන කතා කරන්න බැහැනේ මොකද කට්ටිය අහසට මුහුදට සමාන කරලා තියෙන්නේ නිකන් නෙවෙයි නේ. සමහර පොදු කරනා එහෙම තියනවා ඒවා හෙමි හිට බලමු..
ලගදි මගේ යාලුවෙක් කතා කළා මත් එක්ක.. (කෙල්ලෙක් කියමුකෝ ) ආගිය විස්තර එහෙම කතා කරලා එය අහපි මගෙන් දැන් කෙල්ලෙක් එහෙම ඉන්නවද කියල එය ඇහුවේ නිකම් දන ගැනීමට වෙන්න ඇති. එත් මගෙන් එක අහපු පලවෙනි කෙනා එයා නෙවෙයි එනිසා මම දන්නවා එයා අන්තිමයත් නොවන වග.. කොහොම හරි මේ වයසට කෙල්ලෙක් ඉන්නම ඕනද ??? සමහර විට වෙන්නත් ඇති මොකද මම දන්නා කියන මට වැඩිය බාල (වයසින්) අය විවාහ වෙලා ලමයිතුත් ඉන්නවා. එත් මම එහෙම හිතන්නේ නැ. එත් ආදරේ කියන එක ඕනෑම වෙලාවක ඕනෑම විදියකට ඇති වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ආදරේ ඇති වෙන්නේ එක අයෙක්ගේ සිතක විතරයි. එතන සම්බන්ද යක් ඇති වෙන්නේ නැ. සම්බන්දයක් ඇතිවෙන්නනම් දෙන්නගෙම හිත් වල ආදරයක් ඇති වෙන්න ඕන. එක බාහිර බල පෑමකින් තොර නිදහස් සිතුවිල්ලක් වෙන්න ඕන. එහෙම ආදරයක් ඇති වුනොත් එකට පැවැත්මක් තියනවා කියන එකයි මගේ විස්වාසේ.. කොහොම නමුත් මේවා මිට වැඩ වෙනස් වෙන්නත් පුළුවන්. ජීවිතේට ආදරේ අවශ්‍යයි කියල මම පිලිගන්නවා හැබැයි ඒ තුල හොද හැදිනිමක් තියෙන්න ඕන. මොකද නැත්නම් ජීවිතේම අවුල් ජාලයක් වෙන්න පුළුවන් නිසා.. සමහර විට මම හිතන පතන විදියට ආදරේ නොලැබෙන්න පුළුවන්.. කොහොම උනත් දැම්මනම් අහසක් ගැන හිතන්න දෙපාරක් හිතන්න වෙනවා.........
මම නිශාන්.....
 

Tuesday, December 6, 2011

ඔබ නැතුව පාලුයි....

ජිවිතේ කියන්නේ මම හැමදාම කියන විදියට පුදුම දෙයක්. වෙලාවකට අපි කැමති ආසකරන දේවල් ලැබෙනවා වෙලාවකට අපි හීනෙකින් වත් හිතන්නේ නැතිදෙවල් ලැබෙනවා, සිද්දවෙනවා. මේ මොන දේවල් උනත් අපි ජිවත් වෙනවා. මතකයන් කියන්නේ වෙලාවකට සුන්දර දේවල් වෙන්න පුළුවන් එත් වෙලාවකට හිතාගන්නවත් බැරි මතක්කරන්නවත් බැරි බය හිතෙන දේවල් වෙන්න පුලුව්වන්. ඕනෑම කෙනෙක් ලග ඉන්නකොට එයාගේ අගය අපිට තේරෙන්නේ නැතිවෙන්න පුළුවන් එයා නැතුව අපිට මොහොතක් වත් ඉන්න බැරි වෙයි කියල හිතන්නවත් නැති වෙන්න පුළුවන්. එත් හැමවෙලාවෙම එහෙමවෙන්නේ නැ. ජිවිතේ අපි ආදර කරන්න හැමෝම අපිට ආදර නොකරන්න පුළුවන් ඒ වගේම අපිට ආදරේ කරන හැමෝටම අපි ආදරය නොකරන්න පුළුවන්. ඒ වගේම අපි විස්වාසකරන හැමෝම අපේ විස්වාසේ රකියි කියල හිතන්න අමාරුයි හැමවෙලාවෙම. මොකද හැමෝම රේස් එකක් දුවන නිසා. ජීවිතේට සතුට ගෙනෙයි කියල හිතන අය ජීවිතේට දුක ගෙන කොට. ජීවිතේට දුක ගෙනාවයි කියල හිතන් හිටිය අය නිදොස් අය වෙනකොට ඒ හැමෝම මට මගේම අය වෙන කොට මම මොනවා කරන්නද කියල මටම හිතාගන්න බෑ. සමහරමිනිස්සුන්ට ප්‍රශ්න තියන හැටියට මට තියෙන්නේ ප්‍රශ්නද කියල හිතෙනවා. එත් මට ආපු හැම ප්‍රශ්නෙකින්ම මාව ආරක්ෂා කරපු මගේ අම්ම ලෙඩ හැමදාටම ලෙඩ වෙලයි කියල දැන ගත්තම මට හිතා ගන්නවත් බැ. අම්මට තියෙන්නේ ලොකු ලෙඩක් නෙවෙයි කියල මම දන්නවා එත් මම එකටත් බයයි. මොකද එයා මගේ අම්ම නිසා. මගේ අම්මට ඉක්මන් නිරෝගී සුවය මම ප්‍රර්ථනා කරනවා...
මම  නිශාන් ...

Wednesday, November 9, 2011

දුර ආදරය.....


අද ලස්සනට හද පායලා 
ඒ හද දිහා බලාගෙන
මම ඔයත් එක්ක කතා කරනවා 
ඔයත් ඒ හද දිහා බලාගෙන මත් එක්ක 
කතා කරනවා 
අපි දෙන්නටම හදට තියෙන්නේ එක දුර 
උනාට 
අපි දෙන්න ඉන්නේ ගවු ගානක් දුරකනේ 
ඒ දුර ගෙවල නිම කරන්න පුළුවන් උනත් 
අපි දෙන්නට එකතු වෙන්න පුළුවන් වෙයිද 
මොකක්දෝ හේතුවකට ඔයාට මම 
ඔයා මට ආදරේ කළා 
එත් ඒ ආදරේ තේරුම් ගන්න පුළුවන් 
මිනිස්සු ඉන්න ලෝකෙකට තව කොච්චර නම් දුරද ???


මම N N K....

Tuesday, October 4, 2011

ඇත්තටම මට මහන්සියි....


ජිවිතේ ගොඩකාලයක් රැල්ලට අහුවෙලා මාත් දිව්වා එත් ඒ දුවපු දිවිල්ලට මගේ ජීවිතේට එකතු කර ගත්ත දේකුත් නැ එකතු නොකර ගත්තු දේකුත් නැ කියල දැන් මට හිතෙනව. කොහොම උනත් මොනවා නැත්තත් දුක නම් නොවඩුව එකතු කරගත්ත. නිදහසේ ටිකක් හිතල බැලුවම මගේ තර්ක හමුවේ මමම  බිද වැටෙනවා. ඒ වෙලාවට තමයි තේරෙන්නේ උපදෙස් දෙන තරම් ලේසියෙන් පිළිපදින්න අමාරුයි කියල. මම මගේ පාර වෙනස් කලේ මමහිතන තැනට මමගියපු පාරේ යන්න මට නොහැකි වෙයි කියල හිතුනු නිසයි. එත් ජිවිතේ නවත්තපු සමහර දේවල් තවත් අලුත් පාරකින් ගමන් කරන්න මගේ හිත තාම මට ඉඩ දෙන්නේ නැ. ඒ පරණ පාරේ අපහු යන්න තියන ආසාවට නෙවෙයි. ඒ පාරේ සිද්දවෙච්ච දේවල් අලුත් පාරෙත් සිද්ද වෙයි කියල තියන බයට.(අර කියමනක් තියනවනේ ගිනිපෙලේල්ලෙන් බැට කෑව මිනිහ  කණාමැදිරි එළියටත් බයයි කියල)  හැමදාම මම මගේ නිදහස හෙව්වා ඇත්තටම මට නිදහසේ ඉන්න ඕන. ජිවිතේ මානසික නිදහස තරම් කාටවත් කිසිම දෙයක් වටින්නේ නැ කියල කියල තියෙන්නේ කට කහනවට නෙවෙයි නේ. ඇයි දන්නේ නැ ජිවිතේ මට යන්න බැරි උන මාර්ගය වගේ තව මාර්ග හැම දාම මගේ ඉස්සරහින් ගෙනත් තියන්නේ. ජිවිතේ මට හැමදාම විහිලු කරනවා. ඒ ගෙනත් තියනවා වගේම පරණ පාර එකේ සිද්ද වෙච්ච මේපාරේ අනාගතේ හැම දෙයක්ම ප්‍රශ්න වෙලා මම මගෙන්ම අහනවා අන්තිමට පැය ගානක් මම මාත් එක්කම තරකකරලා අවසානේ ඒ පාරේ යනඑක නවත්වනවා. අත්ටටම ඉස්සෙල්ලම ඒ තීරණේ ගත්තේ බොහොම අමාරුවෙන් හරි විදියටනම් දෙවෙනි පාර ඒ තීරණේ ගන්න ලේසි වෙන්න ඕන එත් ජිවිතේ ගැන නිසාද මන්ද එක ගන්න මට ගොඩක් අමාරුයි. සමහර විට මම හිතනවා වැඩිවෙන්න පුළුවන් එත් මට හිතෙනවා. මම එක පාරක ඉදිරියට යනවා තව පාරක අතරමන් වෙලා පටන්ගන්මේම. මම දන්නවා කාටවත් මට උදව් කරන්න බැරිවෙයි එනිසා මමම මේකට උත්තරයක් හොයාගන්න ඕන එත් ඊටත් වඩා හොදයි කාලය විසදුමක් දෙනකන් ඉවසීමෙන් බලන් ඉන්නෙක කියල හිතෙනවා මට. මම හරිද වැරදිද කියල මම දන්නේ නැ. අකමැත්තක් නැත්නම් කියනවද මම මොකද්ද කරන්න ඕන කියල...
මම N N K.......

Sunday, October 2, 2011

අවසාන වතාවට ලියමි


ජිවිතේ කියන්නේ මට හැමදාම අලුත් අත්දැකීම් ගෙනත් දෙන දෙයක්. අපි කාටත් එහෙමයි. එත් විශේෂයක් තියෙන්නේ මම හිතන පතන දේවල් වලට අමතරව මම හිතන්නේ පතන්නේ නැති දේවල් මගේ ජීවිතය මට ලං කරලා දෙනවා. සමහර ඒවායින් මට දුකක් ඇති කලත් සමහර ඒවායින් මට සතුටක් ඇති වෙනවා. කොහොම හරි පහුගිය දවසක මට මගේ පරණ ජීවිතය ගැන ( වැරදියට හිතන්න එපා නරක ජිවිතයක් නෙවෙයි මට අහිමි උන ආදරය ගැන ) මට ලොකුවට මතක් උනා අවුරැද්දකට විතර පස්සේ මම ගොඩක් පහලට වැටුනා ජිවිතේ උත්තර හොයා ගන්න බැරි උන අමතක කරපු ප්‍රශ්න මට අපහු එකින් එක මතක් උනා. ඇත්තටම මම ගොඩක් දුක් උනා පහුගිය අවුරුද්දටම එච්චරට එයාව මට කවදාවත් මතක් වෙලා නැ. එත් මම දන්නවා කොහොම උනත් එයා එන්නෙත් නැ. ආවත් මම එයාට ඉඩ දෙන්නෙත් නැ කියල. මම තේරුම් ගත්තා එයා ගාව මම බලාපොරොත්තු උන ආදරේ තිබිල නැ එකයි අපිට වෙවෙන්න සිද්ද උනේ කියල. ජිවිතේ ඇත්තටම දැන් පුදුම නිදහසක් දැන්නෙනවා වගේ දැන්. කොහොම හරි ආපහු පාරක් මගේ ජීවිතේට අලුත් අරමුණක් ලැබිල දිනා ගන්න. දැන් මම එකට යනවා නිදහසෙන්. එකත් මට අහම්බෙන් ලැබිච්ච දෙයක්. සමහර විට මම අනාගතේ දවසක කාට හරි ආදරය කරයි එත් එක හොදට හොයල බලල. සමහර විට එකත් මට අහම්බෙන් ලැබෙයි. මම දැන් ඒගැන වැඩිය හිතන්නේ නැ. ජිවිතේ කියන්නේ ඇතිවීම් නැතිවීම් මත පදනම් වෙච්ච දෙයක් මට කවදාවත් මම ගැන දුකක් නැ මොකද මම කරපු හැම දෙයක්ම මගේ හිතට එකගව කරපු නිසා. මම අවසාන වතාවට ලියනවා කිව්වේ මගේ දුක් බර අතීතය ගැන. ඒ ආදරේ ගැනවත් ඒ ඇතිතේ ගැනවත් අපහු මම ලියන්නේ නැ. හැබැයි මම දිගටම ලියනවා ඒවා ආදරය ගැනද විරහව ගැනද කියල මම බෙදන්නේ නැ. නමත් ඒ මෙනිසාම නෙවෙයි මට හිතෙන නිසා. මගේ ආසාව නිසා. මම N N K....

Saturday, September 24, 2011

අහම්බෙන් දුටු දෑස.......


සමාවුව මැන මා හට 
මා බැලුම් හෙළුවේ ඔබ දෙස නොවේ 
ඔබට පසුපසින් ඇති මාවත දෙසයි 
ඔබේ දෑස දැක මොහොතක් නතර වුයේ 
ඔබේ දෑස මා දෙස බැලු නිසයි
ඔබ ඔබේ යෙහෙළියට යමක් මා දිහා 
බැලුම් හෙලා පැවසුවා 
ඇය මා දෙස බැලුවේ තම මිතුරියගේ 
සිත මා සොරා ගත්තා යන හැගිමෙන්ද 
ඔබ එතනින් පිට වී ගොස් යලිත් 
මා සිටි තැනට ආවේ අයි දැයි මා 
හරිහැටි නොදනී 
නමුදු ඔබට දෙන්නට හිතක් මා ලග නැතිබව 
මා දනී ....
මට සමාවනු මැන තව වරක්.....
මම N N K...

Tuesday, September 6, 2011

ජිවිතේ මම දකින විදිය.....


මෙහෙම පටන්ගනිමුකෝ ඉපදුනු දවසේ ඉදල තරගයක් දුවනවා හෝ හෝ වැරදුනා ඉපදුනු දවසේ ඉදල අවුරුදු 14 ක් 15 ක් වෙනකම් තරගෙක දුවවනවා. මම එහෙම කිව්වේ ඉපදුනු දවසේ ඉදල අපේ අම්මල තාත්තල අපි තව අය එක්ක සංසන්දනය කරනවා අම්මල තාත්තල විතරක් නෙවෙයි අපේ වටේ ඉන්න අයත් ඒ මෙහෙමයි බර ,මහත,උස , ලස්සන ,වර්දනය , ඉගෙනීම ,දක්ෂතාවය මෙහැම එකක් එක්කම අපි අවුරුදු 14 ක් 15 ක්  දුවවනවා ඊට පස්සේ අපි විසින්න්ම අපි දුවවනවා මේකේ නැවතීමක් නැ. ගොඩක් අයගේ ජිවිතේ මේ වගේ කියන මගේ ජීවිතෙත් වෙලාවකට මේවගේ මේක තමන් ගේ ආසාවක් නොවුනත් ජිවත් වෙන සමාජයේ අවශ්ශතාවයක් වෙලා. කොහොම හරි මේ විදිය ගැමි සමාජය තුල බොහොම අඩුයි. එකට හේතුව විදියට ගැමිසමාජය නොදියුණු වීම අපිට ගන්න පුළුවන් උනත් වෙලාවකට මෙසේ දියුනුවිමකට වඩා එසේ සිටීම හොදයි සිතෙනවා. අපි දියුණු වෙලා කියන සමාජය තුල ශය වීම් කොච්චර තියනවද. ආදරය මනුස්සකම තමන්ගේකම හිතවත් බව මේ මුකුත් අද අපි මේ දියුණුයි කියන සමාජය තුල නැ. එකයි මම කිව්වේ නොදියුණු ගැමි සමාජය මිට වඩා හොදයි කියල. මේ සමාජය තුල තියෙන්නේ ඉරිසියාව කොර්දය අනෙකාපසුකර යාමේ ආශාව විතරයි. මෙදෙවල්වලට දැනුවත්ව හෝ නොදැනුවත්ව මමත් ඔබත් සම්බන්ඳ වෙලාතියනව.  එත් අන්තිමට දුවල නැවතුනු දවසකට අපි උපයල තියෙන්නේ මුදල් විතරයි. මුදල් වලින් ගන්න පුළුවන් ගොඩක් දේවල් තියනවා නමුත් අපිට ඕනෑම දේවල් ගන්න අපිට හැකියාවක් නැ. හිතන්න මේ දේවල් අපිට සල්ලි වලට ගන්න පුලුවන්න්ද කියල ආදරය සෙනෙහස තමන්ගේ අය (සහෝදර සහෝදරියන් හා හිතවතුන් ) නිරෝගිකම. යමෙක් කියන්න පුළුවන් සල්ලි තියනවනම් ඕව මොකටද කියල එත් තමන්ගේ ජිවිතේ අවසන් ගමන යන්න සල්ලි උඩින් බැ අඩුම ගානේ හිතවතුන් 6 දෙනෙක් වත් ඉන්න ඕන. මම මෙහෙම කියන්න හේතුව මිට අවුරුදු ගානකට කලින් එකියන්නේ මම පාසල්  යන කාලේ අපේ පාසැල ගාව තිබුන ගෙදරක් එක වටේටම තාප්ප ගහල මිදුලේ තිබුන අබ ගහක් පාරට අතු එහෙමත් තිබුන එවයි ගෙඩි එහෙමත් තිබුනා හැබැයි පාරට තිබුණු අතු වල  උනත් කාටවත් ඒ කියන්නේ පාසල් ගිහින් එන ළමයකුට උනත් අබ කැඩීම තහනම් කැඩුවොත් බනිනවා කඩපුව  දෙන්නෙත් නැ. ඔහොම යත්දී මේ ගෙදර මළගෙයක් උනා. මම පාසල් යන්නේත් එන්නෙත් එතැනින් නිසා යන වෙලාවට බැලුවම කවුරුත් නැ උදේ නිසා කියමුකෝ එත්දිත් නැ. අන්තිමට දවස් දෙකකට පස්සේ මම පාසල් ඇරිලා එත්දී දැක්ක ඒ ගෙදර ගේට්ටුව ගාව කෙනෙක් ඉදගෙන පාරේ යන ලොකු අයියලාට කතාකරනවා බොඩි එක උස්සන්න. මේක ඇත්ත කතාවක්. සමහරුන්ට මතක ඇති ඒ දවස් වල එතැනින් ගිය. මෙන්න මේකයි ඇත්ත කතාව. එදයි මම හිතාගත්තේ ජිවිතේ මොනදේ හම්බ කරත් මනුස්සකම හම්බ නොකර වැඩක් නැ කියල. කවද කගේ උදව් නැතුව හිටියත් අවසානේ 4 දෙනෙකුගේ හෝ 6 දෙනෙකුගේ උදව් පැතිය යුතුවේ. 
ජිවිතේ කාටවත් කරදරයක් නැතුව තමන්ගේ ජිවිතේ හොදට ගෙවන ගමන් තව කෙනෙකුට උදව්වක්   කරලා ඒ දෙයින් සතුටුවෙන ගමන් සමාජයට වැඩදායි පුද්ගලයෙක් වෙන්න පුළුවන් නම් එක තමයි මෙජිවිතේදී අපි ලබන ලොකුම සතුට කියලයි  මම හිතන්නේ   ඔබ ....
මම     N N K .......

Thursday, August 11, 2011

ඔබට ස්තුතියි.....


ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි.
මධුරංග අයියා
Nisupa අක්කා  ඔයාගේ නගාටත් සුබම සුබ උපන්දිනයක් වේවා 
චතුමිතු අක්කා
මි හරක් පිඩීයා මල්ලි විශේෂයෙන්ම ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. මට බ්ලොග් එකේ යාලුවෝ අඩුයි. ඉතින් ඔයාල මට සුබපතුවනේ. ඉතින් ඔයාලට තව පාරක් ස්තුතියි. තව මගේ පළකිරීම බලල හිතින් හරි සුබ පැතුව හැමෝටම ස්තුතියි..  දිගටම මත එක්ක එකතුවෙලා ඉන්න කියල මම ඉල්ලනවා.. ඔය හැමෝටම තව පාරක් බොහොම ස්තුතියි ..
මම N N K......

Wednesday, August 10, 2011

දිනේ දිනේ උපන් දිනේ.....


මුලින්ම කියන්න ඕන අද මගේ උපන් දිනේ. ගොඩක් අය දන්නේ නැනේ එකයි මුලින්ම කියන්න හිතුවේ. ඇත්තටම අද දවසේ සතුටු වෙනවද දුක් වෙන්න ඕනද කියල මම දන්නේ නැ. මම එහෙම කිවුවේ මට දුක් වෙන්නත් සතුටු වෙනත් හේතු සමානව තියන හින්ඳ. මිට අවුරුදු 22 කට කලින් මගේ අම්මට ලොකු වේදනාවක් දීල මම මෙලොකෙට අවා. ඒකමට දුකක් මොකද මගේ අම්මා මම නිසා වේදනාවක් විදපු නිසා. හැබැයි අම්මා කියන විදියට එක අම්මට සතුටක්. එනිසා මම සතුටු වෙනවා මොකද අම්මා මම නිසා හිනා වුනු හින්ද. ඉපිදීම දුකක් කියල බුදු හාමුදුරුවෝ කියල තියනවනේ. ඇත්තටම ඉපදීම දුකක් ඒ නිසා දුකක්. හැබැයි හොද මනුස්ස ආත්මයක් ලබන්න පින් කරන්න ඕන කියලත් කියනවනේ ඒ නිසා එක සතුටක්. කොහොම හරි උපන්දිනයක් කියන්නේ සතුටු වෙන දවසක් නේ. මම දැන් අවුරුදු 22 ක් වෙන කෙනෙක්. ඒ වුනාට තාමත්  අපේ අම්මගේ පොඩි පුතා. අම්මට තාත්තට ගොඩක් සතුටුයි. මටත් එහෙමයි ඇයි මගේ සහෝදර සහෝදරියන්ට එගොල්ලන්ටත් එහෙම්මමයි. ඒ හැම කෙනාගේම හුරතලේට හැදුනු පොඩි මල්ලි දැන් අවුරුදු 22 ක කොල්ලෙක්. පොඩි කලේ මගේ තනියට ගියපු ඒ අයගේ තනියට මම දැන් යනවා. ජිවිතේ කියන්නේ මේකටයි. අද දවසේ මම පොඩි දානයක් දෙන්න හිතන් ඉන්නවා. එක තමයි ලොකු වැඩකට මම කරන්නේ. මම ඒ නිසයි ඊයේ කිව්වේ මම හෙටින් අලුත් ජිවිතයක් පටන් ගන්නවා කියල. ඉතින් අද ඉදල මම අලුතෙන් හිතනවා තිබුණු වැරදි හදාගන්නවා. ජිවිතේ වෙනස් කරගන්නවා.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඔයාලට කේක් මෙන්න .................
 මම N N K....................

Tuesday, August 9, 2011

හැරී බැලීම..........

අද අපහු සැරයක් ජිවිතේ ගැන හැරිලා බලන්න අවස්ථාවක් මට හම්බ වෙලා. අවුරුද්දක් පුරාවට නිමක් නැතිව අලුත්වන ලෝකයත් එක්ක තරගෙට දිව්ව මගේ ජිවිතේ  
හෙමිහිට නැවතිලා අනාගතය සැලසුම් කරන්න වගේම වෙච්ච අඩුපාඩු හදා ගන්න වගේම අදුර ගන්නත් හොද අවස්ථාවක් කියල මට හිතෙනවා. පහුගිය අවුරුද්දේ තිබිච්ච බැදීම් කැඩෙන කොට දුක කියන එක ඇතිඋනත් අලුතෙන් බැදීම් ඇතිවෙන කොට සතුටක් ඇති උනා. එක තමයි ලෝක සොබාවය කියල මම දන්නවා. සමහර අතාරින්න බැරිවෙයි කියල හිතුන  බැදීම් අතැරිලා යද්දී හිතට පුදුම සහනයක් දැනුන. සමහර අලුත් දේවල් තනියම හොයාගනිත්දී හිත අමුතු සතුටකින් පිරුන ඒ වගේම පලිදු වෙච්ච හොද නම අපහු ගොඩ නැගෙද්දී මට මම ගැනම ආඩම්බරයක් අතිඋනා. ඇත්තටම ගෙවුණු වසරනම් හොදයි. නමුත් ඒ වසරේදී මගේ අද්‍යාපනයට අලුතින් යමක් එකතු  කරන්න මට  හම්බ උනේ නැ. ඒ ගැන පුංචි කිවුවට පුන්චිමත් නැති කනගාටුවක් මට තියනවා. නමුත් එන වසරේදී ඒ හැම ඉලක්කයක්ම සපුරා ගන්න පුළුවන් වෙයි  කියල මම හිතනවා. ඉතින් මම හෙටින් අලුත් ජිවිතයක් පටන් ගන්නවා. එක වචනෙන් වගේම ක්‍රියාවෙන් සහ හැගීමෙන් හා බාහිරින් යන හැම ආකාරයකටම සිද්ද වෙනවා ඉතින් ඔයාල දකින මේ බ්ලොග් එක පවා හෙට ඉදල අලුත් මුහුණුවරක් ගන්නවා. ඇත්තටම මේ බ්ලොග් එක පටන් අරන් අදට දවස් 12 ක් 13 ක් වෙනවා මට යාලුවෝ 15 දෙනෙක් මෙවෙනවිට ස්ථිරව ඉන්නවා ඒවගේම 300 යකට වඩා මේක බලල තියනවා. ඔය ගොල්ලෝ හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඒවගේම නොකියා බැරිදෙයක් තියනවා ඒ තමයි බ්ලොග් එකක් පටන් ගන්න මට ආසාවක් තිබුනත් ඒ ගැන මම වැඩිපුර හිතුවේ නැ නමුත් මගේ හොද යාලුවෙක් මට කිව්වා බ්ලොග් එකක් පටන්ගන්න කියල. ඉතින් ඒ විදියට තමයි මේකේ පටන් ගැනීම සිද්ද උනේ. මම මගේ ඒ යාලුවටත් විශේෂයෙන්ම ස්තුති කරනවා මට අදහසක් දුන්න එක ගැන. පහුගිය අවුරුද්ද ගැන ඇත්තටම මම සතුටින්. ජිවිතේ කියන්නේ අබියෝග හමුවේ නොසැලී ජිවත් වීම කියල තමයි මම හැමදාම හිතුවේ ඉදිරියටත් එක ඒ වගේම තමයි.
මම N N K..................

යන්නේ කොහිදැයි දැනගෙන යාම......


අපි මෙහෙම පටන්ගම්මුකො අපිට පොඩි කාලේදී තාත්ත කිවිවහම ගින්න්දරට පිච්චෙනවා කියල අපිට ගින්න්දරට පිච්චුනම මොනවගේද කියල බලන්න හිතුන. හැබැයි අපි දැනගෙන හිටිය පිච්චෙනවා කියල. කොහොමහරි පිච්චුනා කියමුකෝ එතකොට තමයි දැනගත්තේ පිච්චෙනවා කියන්නේ මේකටයි කියල. ඒ ඒනිසා අපහු ගින්න්දර අල්ලන කොට අපි පරිස්සන් වෙනවා. හැබැයි පිච්චිලා නොතිබුනානම් අපිට තියෙන්නේ දැනීම විතරයි. ඉතින් එතකොට අපි දන්නේ  නැ පිච්චුනම මොනවගේද කියල. අපි තව පොඩි උදහරණයක් ගමු ඔන්න අපේ ගමේ ගැනුලමයෙක් රිත්ක් රොෂාන් කියන නළුවට පිස්සුවැටිලා ආදරේ කරනවා හැබැයි දවසක් දැනගන්න ව රිතික් හදිස්සියේම විවාහ වෙලා කියල හැබැයි ගැනු ළමයට ගානක්වත් නැ. මේ ගැනුලමයම අපෙගමේ ඉන්න සිරිදාස එක්ක යාළුවෙනවා දවසක් අර ගැනු ළමයාගේ යාලුවෙක් ඇවිත් කියනවා අන්න සිරිදාස වෙන කෙනෙක් බදින්න යනවා කියල ඉතින් මේ ගැනු ළමයා සියදිවි හානි කරගන්න හදනවා. ඒ මොකද ඇය දන්නවා රිත්ක් එක්ක කවදාවත් ඇයට විවාහ වීමට නොහැකිබව නමුත් සිරිදාස එක්ක විවාහ වීමට හැකියි කියල ඇය හිතන් ඉන්නවා. මම මේකෙන් මෙහෙම කියල කියන්න යන්නේ. අපි මොනවා හරි දෙයක් කරනකොට ඒ ගැන වැඩි බලාපොරොත්තුවක් නොතබගෙන සාමාන්‍ය අයුරින් සිදුවෙන්නේ කුමක්දැයි දැනගෙන ඉලක්කයක් පමණක් තබාගෙන වැඩ කලාම ගොඩක් වෙලාවට එක හරියනවා වැරදුනත් එතන දුකක් ඉතුරුවෙන එකක් නැතිවෙයි. අනිත් එක පොතින් ඉගන ගත්ත දේට වඩා අපිට ප්‍රයෝගික දැනුම සමාජයේ ජීවත්වීමට බෙහෙවින් ඉවහල් වෙනවා. මම මේ කිවුවේ පොතින් වැඩක් නැකියල නෙවෙයි දෙකම  තිබුනානම් වඩා හොදයි කියල. ඇත්තම කියනවනම් ඕනෑම දෙකට මුහුණ දෙන්න ශක්තියකින් හරියට ජීවත්වෙන්න පුලුවන්නම් ජිවිතේ වැරදුනා කියල අපිට හිතුනත් ඇත්තටම අපි දිනලා තියෙන්න පුළුවන්.
මම N N K.......

Friday, August 5, 2011

අහිමි ආදරය .......... ( අවසාන කොටස)

සුන්දර අහිංසක යෞවනයකුගේ සිත කදුලින් තෙත් කල "අහිමි ආදරය"..............................
ඔහුට ඇය දෙවොලක් විය නමුදු ඇයට ඔහු ඉනිමගක් පමණක් විය.......

   මෙසේ ටික දිනක් ගත වෙත්ම අරුණගේ උපන්දිනය ලංවිය. ඇයගේ පසුගිය උපන්දිනයට අරුණ මුදලින් සහ තෑගි වලින් ඇයව සතුටු කලාය. තමාගේ උපන් දිනය ළගදි යෙදී ඇති බව දිනක් ඔහුට කියවිණි.  උපන්දින එළබිනි ඔහුගේ නෑදෑයින් මිතුරන් පවුලේ අය ඔහුට සුබ පැතුවේය නමුත්  දිනයෙන් බාගයක් ගතවුවත් ඇගෙන් ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක්  නොආවාය. පසුව අරුණ අයට ඇමතුමක් ගත්තාය. නමුදු ඇගේ දුරකථනය වෙනත් දුරකතනයක් හා සම්බන්දව තිබිණි. කිහිපවරක් ගත් උත්සාහයෙන් අනතුරුව ඇගේ දුරකතනයට සම්බන්ද වීමට ඔහුට හැකිවිය. ඇය දුරකතනයට සම්බන්ද වූ විගස ඇසුවේ හදිස්සියක් ද කියාය. අරුණට කියාගන්නට වචන නැතිවිය. "ඔයාට මුකුත් අමතක උනදැයි ඔහු විමසිය. නමුදු ඇගේ පිළිතුර වුයේ කිසිවක් අමතක නොවුණු බවයි. අරුණට දුක සිතිනි ඔහු පනමෙන් ආදරය කල ඇයට ඔහුගේ උපන්දිනයත් අමතකව ඇත. ඔහු ඇගෙන් තෑගි බලාපොරොත්තු නොවුනාය. බලාපොරොත්තු වුයේ සුබපැතීම පමණි නමුදු එයද ඔහු නොලැබුවාය. ඔහු දුරකථනය විසන්දි කලාය. 
ටික වෙලාවකට පසු ඇය ඔහුට ඇමතුමක් ගත්තාය "සමාවෙන සමාවෙන " ඇය කියාගෙන ගියාය නමුදු අරුණ ඇයට කිසිවක් කීමට ඉඩ නොතැබුවාය."දැන් මුකුත් කියන්න එපා " කියමින් ඔහු දුරකථනය විසන්දිකලය. දැන් දැන් අරුණගේ බලාපොරොත්තු නමැති මාලිගාව බිම කඩාවැටීමට ආසන්නව තිබිණි. තවත් එක කණුවක් හෝ කඩාවැටුන හොත් එය බිම වැටෙන බව ඔහු හොදාකාරවම දැන සිටියේය. මන්දයත් මේසියලු කාරණා ඔහුගේ සිත තුල හා මනස තුල කරකැවෙමින් විප්ලවයකට සුදානමින් අවිඅමොරගෙන සිටියාය . 
                                                                                                        ************
      මේඅතර ඇයට වෙනත් ආයතනයක රැකියාවක් ලැබීම නිසා ඇය නැවත කොළබ ගියාය. ඉන්පසු ඇය තවත් වෙනස් වුනි. එනම් ඇයට අරුනවා මතක් වුයේ ඇගේ දුරකථන බිල ගෙවාගැනීමට පමණි. එයත් දිනකට රුපියල් 400 ඉක්මවිය. තවද ඇගේ දුරකථනය බොහෝවේලාවට වෙනත් දුරකතනයක් හා සම්බන්දව තිබිණි.  ඔහු කතාකලද වැඩක් ඇති බව පවසමින් දුරකථනය විසන්දි කලාය.  මේවා මෙසේ සිදුවෙත්දී අරුණගේ සිතේ කඩාවැටීමට තවත් දෙයක් ඉතුරු නොවිය. තමා පනසේ සිතාසිටි ආදරය තමාව රවටා ඇතිබව ඔහුගේ සිත ඔහුට පැවසුවේය. මෙපිලිබද ඔහු දැන නොසිටිය නොවේ නමුදු ඔහු ඇය විස්වාස කලාය. මන්දයත් ඔහු යම්කිසි සම්බන්ද කමක් ගොඩනැගිය යුත්තේ විස්වාසය මත පදනම්ව බව දැඩිලෙස විස්වාස කල නිසාවෙනි. නමුදු තවදුරටත් අරුණට ඇයව විස්වාස කිරීමට හේතුවක් නොවිය.
              මෙලෙස ඔහු දිනක් දෙකක්  හොදින් කල්පනාකලාය පසුව ඔහු බොහොමත්ම අමාරුවෙන් තීරණයකට එලබිනි. ඔහු ඇයට දෙතුන් වතාවක් උත්සහ කිරීමෙන් අනතුරුව ඇමතුමක් ගත්තාය. ඇය ඇමතුමට සම්බන්ද වුවිගසම " මට වැඩක් තියනවා ඉක්මනට කියන දෙයක් කෙටියෙන් කියන්න" යයි පැවසිය. කෙනෙකුට තමාට ආදරය කල හෝ ආදරය කරනාකෙනෙකුට මෙසේ කිව හැකිද. නමුදු ඇය එසේ කිවය. පසුව අරුණ " ගිහන්සා මම හිතුව මම ගියොත් හොදයි කියල" 
"කොහේද? "
"ඔයාගේ ගාවින් ඔයාගේ ජීවිතෙන් " 
"ඔයාට ඔනතැනක යන්න මට කමක් නැ මට වැඩ තියනවා මම තියනවා"
ඇය දුරකථනය විසන්දි කලාය.
අරුණට දුක සිතිනි සැබවින්ම ඇයට ඇත්තේ සිතක්ද නැත හොත් ගලක්ද එසේත් නැතිනම් ඇය ඔහුට ආදරය නොකරන නිසාද එහෙත් ඇය විසිනම් බලාපොරොත්තු ඇතිකළ සිත මෙය විය. ඇයට එය සෙල්ලමක් වුවාද ? අරුණට කිසිවක් සිත ගැනීමට නොහැකිවිය. ඒ වනවිට අරුණගේ ජිවිතයෙන් අවුරුදු හතරක් පමණ ඇය වෙනුවෙන් කැපකොට තිබිණි. ඒ සිව් අවුරුද්දටම ඔහුට ලැබුනේ අපුර්ව පිළිතුරකි. ඇය නිසාවෙන් ඔහු රැකගෙන සිටි ඔහුගේ හොද නමද තැන් කිහිපයකදී පලිදු වී තිබිණි. නමුදු ඔහු ලබාගෙන තිබුනේ කුමක්ද කිසිවක් නැත නමුදු ඔහුට හොද  අත්දැකීම් කිහිපයක් ලැබි තිබිනි. වත්තේ කෙළවරකට ගොස් ඔහුට ඇතිවන තුරු ඔහු ඇඩුවාය. කෙදිනක හෝ මෙපිලිතුර ලැබෙනා බව ඔහු දැනසිටියාය. එය ඔහුට සහනයක් විය.
                                                                                              ****************
දිනක් දෙකක් තමාගේ කාමරයට වී තනිවම කල්ගත කල ඔහුට මිට අවුරුදු හතරකට පෙර තිබු සැහැල්ලු දිවිය මතක් විය. ඔව් සැබවින්ම ඔහුට අයිති දිවිය එයයි. ඔහු එම දිවියට නැවත යාමට අදිටන් කරගත්තාය. මේඅතර ඇය ඔහුගේ නිවසේ දුරකතනයට කතාකොට " එහෙමද " යි විමසිය ඔහු "ඔව් එහෙමතමයි " පිළිතුරු දිනි. ඒ ඔහුගේ හැටියකි ඔහුට යමක් එපාවුනොත් එපාවුනම විය. නමුදු ඇයට  ඔහුගෙන් අවස්ථා දෙකක්ම ලැබිණි නමුදු ඇය කලේ ඔහු රැවටීම පමණකි.
මේසියල්ල අවසානයේ දින හතරක් පමණ කල් ගතවිතිබිනි පසුව ඔහු මුහුණ සෝදා ගත්තාය. පසුව " මොකද පොඩි පුතේ ඔයාට වෙලාතියෙන්නේ " ඒ ඔහුගේ මවගේ හඩයි. ඒ දයාබර හද ඔහුට අසුනේ දින ගනනවකිනි. ඔහු ඇගේ උකුලේ මුහුණ හොවාගෙන අඩුවාය. ඇය කිසිවක් නොඇසුවාය. ඇය දයාබරව ඔහුගේ හිස පිරිමැද්දය. එමගින් ඔහුගේ හිතේ තිබු දුක තුනී විය. 
පසුව ඔහු සමීර සහ දිල්රුක්ෂි අක්කා මුණ ගැසිනි ඔවුන් තව දුරටත් ඔහුගේ හිත හැදිය. ඔහුගේ පරණ ජිවිතයට යාමට ඔහුට මාස කිහිපයක් ගතවුනි. නමුදු ඇය පිළිබද වූ කලකිරීම ඔහු තුලින් පහව නොගියාය. ඇයට ඔහුගේ ජීවිතය තුල නැවත ඉඩක් නැත. නමුදු ඔහුට දැන් ආදරය ගැනද විස්වාසයක් නොමැත.
                                                                                                                ***
                                                                                                            සමාප්තයි......

කතෘගේ පසු සටහන...........
අරුණ නමැති සුන්දර අහිංසක තරුණයකුගේ සිත ආදරය නමැති මායාවෙන් මුලාකොට ඔහුගෙන් ප්‍රයෝජන ගෙන ගිහන්සා නමැති තරුණිය සතුටු වුවා විය හැකිය . නමුදු ඔහු මෙස්යාලු දේ කලේ ඔහුගේ ආදරය ජිවත් කිරෙමටයි. ඔබටද ඔහු මෝඩයකු විය හැකියි නමුදු ඔබත් ආදරය හමුවේ මුල්විය හැකියි.
අරුණ නැවත ඔහුගේ පැරණි දිවියට පැමිණ ඔහුගේ අද්‍යාපන කටයුතු පටන් ගත්තාය. දැන් නැවතත් සැහැල්ලුවෙන් නමුදු පරිස්සෙමෙන් අහසේ සැරිසරයි......

සුන්දර අහිංසක මිනිසෙකුගේ සිත කදුලින් තෙත් කල අහිමි ආදරය අදින් අවසන්. පුරා කොටස් හතක පුරාවට මෙහා එක්ව සිටි ඔබ හැමට බොහොමත්ම ස්තුතියි. ඔබගේ චෝදනා මෙපිබද ඔබට සිතනා දේ පිලිබදව අදහසක් දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. 

මම N N K................

අහිමි ආදරය .......(6 වන කොටස)

සුන්දර අහිංසක යෞවනයකුගේ සිත කදුලින් තෙත් කල "අහිමි ආදරය"..............................
ඔහුට ඇය දෙවොලක් විය නමුදු ඇයට ඔහු ඉනිමගක් පමණක් විය.......
මෙසිදුවීම් මෙසේ සිදුවෙත් දී  ඇගේ නිවසේ  දානයක් සදහා අරුණ හට ඇරයුම් ලැබිණි. මේවන විට ඇගේ රැකියාවේ ප්‍රශ්න ද වැඩිවෙමින් පැවතුනි. ඒ ඇගේ චරිතවත් බව නිසා යයි ඇය පැවසුවේය. කෙසේනමුදු මේවනවිට ඇගේ හොදම සවන් දෙන්නා අරුණ විසිටියාය. තවද ඇය ගම එන සෑම අවස්ථාවකම කුමක් හො හෙතුවක් යොදා ගනිමින් විනාඩියකට හෝ දෙදෙනා හමුවීමට පුරුද්දක් කර ගත්තාය. අනතුරුව ඇගේ නිවසේ පැවැත්වීමට නියමිතව පැවති දනයේදී බෙදීම සදහා ධර්මය පිළිබද ලිය වුනු පොත්  වගයක් අරුණ විසින් ලබා දී තිබිණි. ඒවාට සම්පුර්ණ වියදම් දරා තිබුනේ අරුණ විසිනි. මේ ධර්ම දුත මෙහෙයට අඩිතාලම වැටහුනේ ඔහු හා ඔහුගේ සහෝදරයා විසින් ආරම්බ කිරීමට යෙදුනු දර්මය ප්‍රචාරය කිරීමේ වැඩසටහනයි. කෙමෙන් කෙමෙන් එම දනයට දිනය ලංවිය.
                                    අරුණ එමගමන යාම සදහා සමීරට අඩ ගැසුවේය. ඔහුද එමගමනට එක්විය. අරුණ  සහ සමීර අරුණට අයත් මෝටර් රථයෙන් අතින් කටින් තෑගි ගෙන දානේ ගෙදරට සහබාගි විය .අරුණ ඒ ගමන යාමසදහ ඔහුගේ මෝටර් රථය යොදා ගත්තේ ඇගේ දැඩි ඉල්ලීම නිසාය.  එදින වැසිබර දිනයක් විය. අරුණත් සමීරත් එහි යනවිට නිවස අමුත්තන්ගෙන් පිරි තිබිණ. එය තරමක් කුඩා නිවසක් විය. තවද ප්‍රදාන මාර්ගයෙන් තරමක් ඇතුලට වන්න වූ ගමක එම නිවස පිහිටියාය. අරුණට එය තරමක් නුහුරු අත්දැකීමක් විය. එය විටක ඔහු ජිවත් වූ පරිසරය හා ජිවන පැලැන්තිය අනුව සිදුවූවක් විය. කෙසේ නමුදු ඔහුට එහිදී උණුසුම් පිළිගැනීමක් ලැබිණ. එය ඔහු ඇගේ නිවසට ගිය පළමු දිනය විය.
                                                                                                      *****************
අරුණට හා සමීරට පුදුමය දනවන සුළු කරුණක් එහි විය එනම් ඔහුගේ පාසලේම සිටි සමවයසේ කිහිප දෙනෙකුම එහි විය. කෙසේ නමුදු අරුණ එහිගොස් ටික වෙලාවකින් පවුලේ සාමාජිකයෙක් බදු තත්වයකට පත් වුවාය. ඔහු එහි තිබුනා වූ ඔහුට කල හැකි සියලු වැඩ සිදු කලාය. ඊට ඔහුට පුහුණුවක් අවශ්‍ය නොවිය මන්දයත් ඊට අවශ්‍ය  පුහුණුව ඔහුගේම නිවස තුලින් ඔහුට ලැබී තිබීමයි. තවද එහි ගොස් ටික වෙලාවකින් සියල්ලන්ගේම සිත් ඔහු දිනාගෙන තිබිණි. අරුණ හට වඩාත්ම ඇලුම් කලේ ගිහන්සා ගේ නෑදෑ නංගිලා ටිකක්ය. එය ඇයට ඉවසුම් නොදෙන්නක් විය. එමනිසාම ඔහු යම්කිසි වාදක නිරතව සිටියද එම ස්ථානයට ඇය පැමිණ ඔවුන්ව කුමක්  හෝ වැඩක් පවරා එතනින් ඉවත් කොට " ඔයාට මම එන්න කිවුවේ වැඩගන්න නෙවෙයි" යයි පවසා ඔහුව එතනින් ඉවත් කලාය.
මෙලෙස දානයේ කටයුතු හොදින් අවසන් විය. නමුත් මේවන විට අරුණගේ සිත ප්‍රශ්නයක වේලෙමින් තිබිණ. ඒ එහි  සිටි පුද්ගයයකු සම්බන්දයෙනි. ඔහු පැමිණ තිබුනේ ඔහුගේ මව ගමගිනි ඔහු වැඩිය කතාකිරීමට නොඅවේය. නමුත් ඔහුව පෙරකී සමවයසේ අය හදුනන අයෙකු විය. ඔවුන්ගෙන් දැනගත් කරුණු අනුව ගිහන්සා හා ඔහු අතර සම්බන්ද කමක් විය.  කෙසේ නමුදු අරුණ ආපසු ඒමට සැරසී ගිහන්සා සොයගියය. ඒ ගිහන්සගේ මලනුවන් සමගයි. ඔහු හා අරුණ එකවරම ගිහන්සගේ කාමරයට ඇතුල් විය. දුටු දෙයින් ඔහුගේ හදවතේ වේගය වැඩිවිය. එනම් ඇයත් ඇගේ මවත් පෙර සදහන් කල පුද්ගලයත් ඔහුගේ මවත් එහිවිය. ඔවුන් ඔහු දැක ගස්සිගියාය. 
අරුණත් සමීරත් නැවත පැමිණෙන ගමනට පෙර කී සමවයසේ මිතුරන් ද එකතු විය. අරුණ හරස් ප්‍රශ්න දමා ඔවුන්ගෙන් යමක් දැනගැනීමට උත්සහයක් දරුවත් එය සාර්ථක නොවිය. අවසානයේ ඔහු සමීරට පැවසුවේ මුලදී තමන් එහිගිය එක ගැන සතුටු වුවත් දැන් එහි ගියේක ගැන අපරාදයක් යයි සිතෙන බවයි. මන්දයත් එමගින් සිදුවුයේ ඔහුගේ සිතට තවත් ප්‍රශ්නයක් ඇතිවීම පමණකි.
                                                                         **************************************** 
අරුණ පසුදිනක මෙපිලිබදව ඇගෙන් ප්‍රශ්න කලාය. නමුත් එවනිදෙයක් නොමැතිබවත් එය වැරදි මතයක් බවත් ඇය දියුරා ප්‍රකාශ කලාය. නමුත් යමක් සිදුවෙමින් ඇති බව අරුණට තේරුම් ගොස් තිබිණි නමුත් ඔවුන් දෙදෙනාගේ යාළුකම එකසේ පැවතුනි. කාලය මෙසේ ගෙවියමින් තිබියදී අරුණගේ අද්‍යාපන කටයුතු සදහා ඔහුට කොළබ නැවතීමට සිදු විය ඒ සදහා ඔහුට නවාතැනක් සොයදුන්නේ ඔහුගේ පවුලේ අය විසිනි. නමුදු ඒ නවතැන පිහිටා තිබුනේ  ඇය නවතැන් ගෙන සිටි තැනට ආසන්නයේය. මෙනිසාවෙන් ඔවුන් හමුවන්නට විය. නමුදු එයද සති කිහිපයකට සීමාවිය. ඒ ඇයට ඇගේ රැකියාව අහිමි වීම නිසාය. මෙහෙතුවෙන් ඇය දැඩිලෙස කම්පාවට පත්ව තිබිණි. මෙනිසාම අරුණට ඇය කෙරෙහි දැඩි අනුකම්පාවක් හටගෙන තිබිණි. ඇය නිවසට පැමිණියාය. මේවන විට ඇගේ දුරකථන බිල ගෙවන ලද්දේ අරුණ විසිනි.
දිනක් ඔහු නිවසේ සිටින අවස්ථාවක ඇය ඔහු අමතා තමන් හමුවීමට නිවසට පැමිණෙන ලෙස පැවසුවාය. ඒ අනුව ඔහු ඇගේ නිවසට ගියාය. ඇගේ මව ඇය ඇගේ  සොහොයුරා එහි විය.  ඔහු ටික වෙලාවක් කතා කොට සිට යලි පැමිණියාය. මෙය පුරුද්දක් විය. ඔහු එහි නොගිය හොත් ඇය ඔහු අමතා " වෙන එවුන්ට එන්න බැරිව දගලනවා එන්න පුළුවන් එකා එන්නේ නැ" යනුවෙන් පවසයි. 
කාලය මෙසේ මාස දෙකතුනක් ගතවිය සමහර දිනවල ඇයත් ඇගේ යෙහෙලියනුත් සමග අරුණ මුහුදු වෙරළේ ඇවිද ගියාය. ඒ සෑම දෙයක්ම ඔහු කලේ ඇයගේ හිතේ තිබු දුක නැති කිරීමටය.  මෙදින වල ඇයට තවත් ගැටළුවක් තිබිණි ඒ ඇය පිළිබද අදහසක් ඇති අයෙක් ඇගෙන් කැමැත්ත විමසා ඇගේ නිවසට පැමිණීමයි.
ඒ පිළිබද නිවසේ අය දැනුවත් උවත් ඔවුනට යම් හේතුවක් නිසා එයට පිලියමක් කිරීමට නොහැකි උනි. දිනක් අරුණ තමන් විදේශ ගතවන බව ඇයට ප්‍රකාශ කාලය. එවිට ඇය තමන් ද ඔහුත් සමග කැටුව යනලෙස ඉල්ලසිටියය. මෙයට ඇගේ නිවසින්ද අනුමැතිය ලැබිණ. ඔවුන් ඒසදහා අවශ්‍ය ලියකිවිලි සැදීමට උනන්දු විය. මෙදින වල ගිහන්සා විසින් අරුණගෙන් මෙසේ විමසිය "ඔයාමට   තාමත් ආදරෙයි ද" අරුණ ඔවු යයි පිළිතුරු දිනි. නැවතත්  ඇය විසින් " මට දැන් ඔයගැන හිතෙනවා යයි පැවසිය. එහෙත් අරුණට දදිසතුටක් ඒ පිළිබද නොවිය. එවන විට ඇගේ දුරකථනය බොහෝසෙයින් කාර්යබහුල විය එනම් වෙනත් ඇමතුමක් හා සම්බන්දව ඇතිබව දිස්විය . මෙ පිලිබද ඔහු ඇගෙන් ප්‍රශ්න නොකලාය. නමුත් ඊට පිළියම් වශයෙන් ඔහු ඇය ඇමතීමට උත්සහ ගැනීම අඩුකලාය. ඇය අමතන තුරු සිටියාය සමහර දිනවල ඇය ඔහු නොඅමතුවය. 
මේදිනවල ඇගේ පාසලේ උත්සවයක් සදහා ඇයට අරදනා ලැබී තිබිණි. ඒ සදහා ඇය සහබාගි උවත් එයට වියදම් දැරීමට ඇයට හෝ ඇගේ පවුලේ අයට හැකියාවක් නොවිය. එමනිසා ඇය සිත්තවුලෙන් විය. එම හේතුව නිසාම අරුණ ඒ වියදම් දැරිය. ඒ අනුව ඇය උත්සවයට සහබාගි විය. 
එදින ලංවෙත්ම ඇයගේ හැසිරීමේ අමුත්තක් ඔහුට දැනින. එදින උදාවිය. මින් පෙර යොදාගෙන තිබුනේ උත්සවය අවසානයේ ඇයව අරුණ විසින් නිවසට ඇරලාවීමයි. නමුත් එදින උදැසන ඇය ඔහුට කතාකොට ඉල්ලසිටියේ එසේ නොකරනලෙසත් ඇගේ මවුපියන් එපිලිබද ඔහුගෙන් විමසුවොත් තමාට නොහැකි බව පවසන ලෙසත්ය. ඔහු එයට හේතු විමසුවත් එයට ලොකු හේතුවක් ඇතිබවත් එය පසුව පවසන බවත් ඇය ප්‍රකාශ කලාය. ඔහු උත්සවයට සහබාගි උවත් ඇගෙන් නිසිපිලිගනිමක් නොවිය එනිසා ඔහුට දුක සිතුනි. එම නිසාම උත්සවය අවසානයේ මොහොතකදු එමස්ථානයේ නොසිට ඔහු යලි පැමිණියාය.
තව දිනක ඇය ඔහු හා කතාකොට සිටින විට ඇය හදිසියේම අසනිපවිය ඒ කවුරුන්හෝ ඇයට පරුෂවචනයෙන් බැනීම නිසාය. පසුව රාත්‍රියේම ඔහු එහි ගොස් ඇයට බෙහෙත් අරන් දී  පසුදින නැවත ගොස් ඇය අසලටමවී ඇගේ හිත සැනසුවාය. 
අරුණ මෙසේ කැපකිරීම් කරත්දී අරුණගේ නිවසින් ඔහුට ප්‍රශ්න එන්නට පටන් ගත්තේය. ඇයගේ ප්‍රශ්න සියල්ලක් ට ඔහු සවන් දුන්නද ඔහුගේ ගැටලුවලට සවන් දෙන්නට ඉඩක් ඇයට නොවිය. එවිට ඇයට වෙන වැඩ ඇතිතරම් විය. අරුණගේ සිතේ තිබු පීඩනය එන්න එන්නම වැඩිවිය. පසු ගිය ටිකකලයටම ඇගෙන් ඔහු අස්වැසිල්ලක් නොලද්දේය. ඔහුට මහා කලකිරීමක් ඇතිව තිබිණි. බොහෝ අවස්ථාවල ඇගේ දුරකථනය වෙනත් දුරකතනයක් හා පය ගණන් සම්බන්ද වී තිබිණි. ඇගේ දුරකථන බිලද එන්න එන්න ම  වැඩි අගයක් ගත්තේය. තමාට සිදුවන්නේ කුමක් දැයි 98%ඔහු දන සිටියේය නමුත් ඉතිරි 2% ගැන ඔහු බලාපොරොත්තු තැබිය. ඔහු අමාරුවෙන් ඉදිරියට යාමට පියවර තැබිය. නමුදු ඔහු හොදටම දුබල වී තිබිණි.......

සුන්දර අහිංසක මිනිසෙකුගේ සිත කදුලින් තෙත් කල අහිමි ආදරය අවසාන කොටස සමගින් හමුවෙමු 

Thursday, August 4, 2011

අහිමි ආදරය...............................( 5 වන කොටස )

සුන්දර අහිංසක යෞවනයකුගේ සිත කදුලින් තෙත් කල "අහිමි ආදරය"..............................
ඔහුට ඇය දෙවොලක් විය නමුදු ඇයට ඔහු ඉනිමගක් පමණක් විය.......

              ඔහුගේ සිත බොහෝසේ තුවාලවිතිබිනි. නමුදු ඔහු කාටවත් ඒ පිලිබද නොහැගුවේය. එය දැන සිටි  එකම පුද්ගලයා ඔහුගේ හොදම මිතුරා වූ සමීර පමණි. මෙකල ඔහු පරිගණක පාඨමාලාවක් හදාරමින් සිටි ආයතනයේ ඔහුගේ පන්තිවල සිටි අය සමග කණ්ඩායම් කියකර කම් වල නිරත වීමට ඔහුට සිදුවිය. මෙනිසා ඔහුගේ පන්තිවල් සිටි ඔහුට තරමක් වයසින් වැඩි යුවතියක් දැනහදුනා ගැනීමට හැකිවිය. ඇය නමින් දිල්රුක්ෂි විය. ඇය විසින් ඔහුව ඇමතුවේ මල්ලි යන දයාබර වදනිනි. එය ඔහුට පුදුමාකාර ලෙස හිතට දැනුනි. තවද එම පන්තියේ සිටි සෑම අයෙකුගේම ආදරය ඔහුට නොවඩුව ලැබිණි. දිල්රුක්ෂි හට අක්කා යන වදනින් ඇමතීමට ඔහු දෙවරක් නොසිතුවාය. ඔවුන් සියලු දෙනාසමගම විනෝද චාරිකාවක් ද ගියාය. දිල්රුක්ෂි හා අරුණ කුළුපග මිතුරන් විය. දිනක් දිල්රුක්ෂි මල්ලි මාතෙක්ක තරහ වෙන්න එපා මෙහෙම අහනවට නමුත් මට හිතෙනවා ඔයාගේ හිතේ ලොකු දුකක් තියනවා කියල. මට කියන්න පුළුවන් දෙයක් නම් කියන්න සමහරවෙලාවට මට පුළුවන් වෙයි උදවු කරන්න පුළුවන් වෙයි. ඇය කීවාය. පසුව අරුණ විසින් සියලු විස්තර ඇයට කීවාය. නමුත් අරුණට මහත් පුදුමයකි මන්දයත් ඔහුගේ ගෙදර උදවියට ඔහුගේ කුඩා වෙනස් වීමක් උවත් තේරුනේය නමුත් මෙය තේරී තිබුනේ නැත. නමුදු ඇයට මෙය තේරුණේය. ඉන්පසු ඇයත් පුළුවන් හැම අවස්ථාවකම ඔහුගේ සිත හැදීමට උත්සහ ගත්තාය. මේඅනුව ඔහුගේ හිතේ ඇති දුක දැන සිටියේ දෙන්දෙනුකු පමණි. අන් සියල්ලන්ට ඔහු සාමාන්‍ය සිනාසී සිටින සැහැල්ලු චරිතයක් විය. නමුදු ඔහුගේ සිත තුල වුයේ ගිනි ගොඩකි. 
කාරනා මෙසේ තිබියදී ඔහු නිම කර තිබු මාධ්‍ය ඩිප්ලෝමාව හේතුවෙන් ඔහුට මාධ්‍ය ආයතනයක රැකියාවක් ලැබිණ. එම හේතුවෙන් ඔහු කොළබ ගියාය. මෙනිසා ඔහුට ඔහුගේ දුකින්  තරමක් දුරට මිදීමට හැකිවිය.
                                                                                             ******************** 
ටික දිනක් රැකියාවේ නිරතව සිටි අරුණ දිනක් තම නිවාස කරා ආ මොහොතක ඔහුගේ පියා ඔහු එම රැකියාව කරනවට විරුද්ද විය. එයට හේතු දෙකක් විය. එනක් ඒ වනවිට ලංකාවේ තිබු වාතාවරණයත් ඔහුගේ පියාට ඕනෑව තිබුනේ ඔහු තව දුරටත් එගේනිමට යොමු කිරීමටත්ය. එමනිසා ඔහුගේ රැකියාවත් එතනින් නිමවිය. මේවනවිට ගිහන්සා නම් තරුණිය ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක සාර්ථකව රැකියාවේ නිරතව සිටියාය. ඇය විටින් විට අරුණ ඇමතුවද ඔහු ඇයව ගණන් නොගත්තාය. නමුත් ඇය උත්සාහය ද අතනොහැරියාය. 
                                            මේසියල්ල මෙසේ තිබියදී අරුණ ඔහුගේ උසස්පෙළ විභාගයට දෙවන වර පෙනී සිටීමට සුදානම් විය. විභාගයට දින ලන්වුනිසා ඔහු තම ජංගම දුරකතනය ක්‍රියාවිරහිත කාලය. විභාගය  අවසන්ව තම නිවසට පැමිණි ඔහුට දැනගන්නට ලැබුනේ ඔහුගේ උපන්දිනය දින මිතුරන් කතාකොට සුබපතුබවත් ඒ අතර ගිහන්සා යුවතියද විය. නමුත් දුරකථන සටහන් වල ඇගේ අංකය නොවිය. ඔහුට මෙය කුතුහලයක් විය. ගෙදරින් විමසු විට වෙනත් අංකයක් පෙන් විය. ඔහු එම අංකයට ඇමතුමක් ලබාගත්තාය. ඒ අනුව අරුණ ගිහන්සා කතාවේ දෙවෙනි කොටස මෙසේ ආරම්බ වන බවයි.
කෙසේ නමුදු අරුණ හා ගිහන්සා යලි මිතුරන් විය. පසුව දිනක් අරුණ හට හදිස්සියේම තම සහෝදරියකගේ පුතෙකු සමග කොළබ යාමට සිදුවුනි. ඒ ඔහුගේ සම්මන්ත්‍රණයක් සදහාය. ඒ පිළිබද ඔහු තම මිතුරියට පැවසුවාය. අරුණ එම ස්ථානයට ගිය පසු ඇයද එම ස්ථානයට  පැමිණියාය. අනතුරුව ඔවුන් දෙදෙනා විජේරාම මාවත ඔස්සේ බොරැල්ල කනත්ත දෙසට ඇවිද ගියාය අනතුරුව බොරැල්ල දෙසටත් පසුව කාසල් පාරේ ඇති P&S අවන් හලට ගොඩ වී ආහාරගෙන ටික වෙලාවක් එහි රැදීසිට නැවතත් බොරැල්ලට පැමිණ තවත් අවන්හලකට ගොඩවී අනතුරුව සෙමෙන් අරුණගේ සහෝදරියගේ පුතුන් සිටි ස්ථානයට පැමිණියාය. ඔහුගේ වැඩකටයුතුද අවසන්ව තිබු හෙයින් ඔහු ඇයව ඇගේ නවාතැනට යන බසයකට නංවා ඔහුද ගමරට බලාඒමට බසයකට ගොඩ විය. එය ඔවුන්ගේ පළමු තනිව හමුවූ මොහොතකි. ඔහුට එදින සද අනුස්මරණිය දිනක් විය. නිවසට පැමිණෙන තෙක් ඔහු මනොලොකයක සැරිසරුවාය .
                                                                                                              *************
දෙදෙනාගේ මිතුදම යලිත් වතාවක් දුර යමින් තිබිණ. ඇය පුරුද්දක් වශයෙන් සෑම දිනකම උදැසන අමතන්නට පුරුද්දක් විය. මෙදින වල ඇගේ රැකියාවේ ගැටළු මතුවෙමින් තිබිණි. එමනිසා ඇයට අරුණගේ උදවු ඕනෑකර තිබිණි. එමනිසාම අරුණ පුළුවන් හැම මොහොතකම ඇයට සවන් දුනි. ඇය අස්වසාලිය.  දිනක් අරුණට ඇය මම මේ ඇත්තමයි කිඅන්නේ ඔය වගේ කෙනෙක් මට කවදාවත් හමුවෙලා නැති පැවසිය. තවත් දිනක් ඇය ඔහු තමාගේ යාලුවෙක් විතරක් වන බවට ද ප්‍රශ්න කළේය. අරුණට කෙලින් පිළිතුරක් දීමට නොහැකි උවත් ඔවු යයි පිලිතුරු දුනි.
                                                                                                               ************
ඔහු මේ පිළිබද දිල්රුක්ෂි අක්කට කිවත් ඇගේ අදහස වුයේ ඇය පිළිබද  බලාපොරොත්තු තබාගැනීම අනවශ්ෂ බවත් ඇගෙන් මෙපිලිබද කෙලින්ම ප්‍රශ්න කොට පිළිතුරක් ලබාගන්න ලෙසය. නමුදු අරුණ මෙපිලිබද කනටවත් ගත්තේ නැත. නමුත් දිනක් අරුණ හා ගිහන්සා  කතාකරමින් සිටි මොහොතක ඇය විසින් හදිස්සියේම "ඔයදන්නවද මම කෙනෙකුට ආදරෙකරනවා එයට මම ගොඩක් කැමතියි එයා විශ්වවිද්‍යාලෙ ඉන්න කෙනෙක් යයි පැවසිය. අරුණට සිහිනැති වීමට ගියේය කවුරුන් හෝ පැමිණ ඔහුට හොද කනේපාරක් ගැසුවාක් මෙන් දැනින. නමුදු ඔහු වෙනසක් නොපෙන්වා ඇගෙන් ඔහු ගැන විමසා වැඩක් ඇති පවසමින් දුරකථනය විසන්න්දී කලය. 
සිදුවුයේ කුමක්දැයි අරුණට සිතා ගැනීමට නොහැකි විය. පසුගිය දිනවල මල්පිපී තිබු ඔහුගේ ලෝකය මැලවී ගියාය. නමුත් මිත්‍රත්වයේ නාමයෙන් ඔහු ඉවසිය.
පෙර පරිදි ඇය කතාකලත් ඒ සෑම කතාවකම අවසානය සිදුවන්නේ " මිනිහ කතාකරනවා මම ඔයාට පස්සේ ගන්නම් යයි කියමිනි" මෙය අරුණගේ තුවාලයට යහුල් වලින් අනින්නාක් මෙන් විය.  මෙනිසාම අරුණ  ඇගෙන් ඉවත් වීමට තීරණය කොට ඒ පිළිබද ඇයට දැනුම් දුන්නේය. නමුත් ඇය ඊට ඔහුට ඉඩ දුනේ නැත. කුමක් නිසා ඔහු මේ තීරණය ගත්තාදැයි විමසා ඇය  කියා සිටියේ. ඇයි අරුණ අපිට යාලුවෝ වගේ ඉන්න බැරි
අරුණ එසේ සිටීමට බැරියමයි කියසිටියාය
අනතුරුව ඇය " මම බොරු කිවුවේ අරුණ මම එක මගේ අරක්ෂාවට එහෙම මම කියන්නේ එත් මට තාම කවුරුත් නැහැ අනික මම මෙහෙම කියන්න හිතුවේ ඔයාව මට ඕන නිසයි . අනේ මත එක්ක තරහ වෙන්න එපා " ඇය ඉල්ලිය.
අරුණ ටික වෙලාවක් කල්පනා කොට මට හිතන්න ඕනයි කියමින් දුරකථනය විසන්දි කලාය.
අරණට මෙකිසිවක් සිතා ගැනීමට නොහැකි විය. නමුදු ඇගෙ මිත්‍රත්වයේ නාමයෙන් හෝ ඇ ලග සිටීමට හැකි නිසා දිගටම එසේ සිටීමට සිතා ගත්තාය. යම් දිනක ඇය වෙන කවුරුහෝ විවාහ වුවද ඔහු විසින් එසියළු දේ කරදී ඇයට සුබපතා එනබවටම තමාටම ශපත කොට ගත්තාය..
මතු සම්බන්දයි..................................      

Wednesday, August 3, 2011

අහිමි ආදරය .........................( 4 වන කොටස )

සුන්දර අහිංසක යෞවනයකුගේ සිත කදුලින් තෙත් කල "අහිමි ආදරය" ..............................
ඔහුට ඇය දෙවොලක් විය නමුදු ඇයට ඔහු ඉනිමගක් පමණක් විය.......


කෙසේ වුවද ඇයට පිටුපෑමට සිතක් අරුණට නොවිය. එමනිසාම අයසමග මිතුරන් ලෙස සිටීමට ඔහු එකග විය. පසු දින ය ඔහු ඇමතුවත් ඊට පෙර දින සිදුවූ සිදිවීම් පිළිබද ඇයට ගානක් වත් නොවිය. කාලය කෙමින් ගතවිය. ඇයගේ  අධ්‍යාපන කටයුතු ලෙසිකරගැනීමට ඇගේ සිය පවුලම නගරයේ පදිංචියට පැමිණියාය. දිනක් සමීර සහ අරුණ අවන්හලකට වී දිවආහාරය ගනිමින් සිටි මොහොතක අයගෙන් ඇමතුමක් ලැබිණි. ඉන්පසු හදිස්සියේම වගේ අරුණ අහරගැනීම අවසන් කොට බිල ගෙවා දැමුවාය. පසුව සමීර දෙසට හරි "ඉක්මන් කරපන් බන් යයි" කිවේය සමීරත් කමනවත දමා අරුණ අනුගමනය කාලය. ඉන්පසු සමීරගේ බයිසිකලයට ගොඩවූ අරුණ "යමං" කිවේය. සමීර කොහේදැයි විමසිය. ඒකිට මාව බලන්න ඕනලු ඉතින් මට ගෙදර ඉස්ස්සරහයින් යන්න කිවුව. අරුණ කිවේය. සමීර කිසිවක් නොදොඩා බයිසිකලය පැද්දේය. එකගමන්නක් නොව ගමන් කිහිපයක් නිවාස ඉස්සරහින් ගමන් කල පසු නැවත ඔවුන් හැරිණ. සමීරට හොදගන්නය. ඔහු මෙසේ කිවේය. මචං මෙව මට හොද අත්දැකීම් කමක් නැ. උබල එකතු වෙච්ච කලෙක මේවට සලකපන් . 
 මෙසේ කාලය සෙමෙන් ගෙවී ගියේය අරුණට ඇගෙන් උදව්වක්  අවැසි විය. ඒ ඔහුගේ උසස් පෙළ තනි වියාපෘතිය සදහාය. ඇය ඇගේ වියාපෘතිය ඔහුට දුන්න පමණක් නොව එහි ඇති සියලු පරිච්චේද තම අත් අකුරෙන් ලියා දුන්නාය. පසුව ඇගේ මව අරුණ හට පැවසුවේ තමාගේ වැඩකටත් වඩා  උනන්දුවෙන් ඇය මෙකර්යයේ නිරත වූ බවයි. අරුණට ඇකෙරේ ඇති ආදරය මෙනිසා තවත් වැඩිවිය මන්දයත් මේ ඔහු තවකෙකුගෙන් මෙවැනි උදවුවක් ලැබූ පළමු අවස්ථාව නිසාය. බොහෝ විට ඔහු ඔහුගේ වැඩ තනිවම කරගනියි. යමක් අවශ්ෂ වුව හොත් එය මිලදී ගනියි. ඔහු කාගෙන් වත් උදුවක් බලාපොරොත්තු නුනාය.
නමුත් මේවන විට ඔහු එක්තරා නරක වැඩකට මුල පුරා තිබිණි එනම් ඔහු විසින් අයගේ දුරකථනය රිලෝඩ් කිරීමයි. එය ඔහුට එම අවස්ථාවේ නොතෙරුනාය.
                                                           ********************
මේ අතර උසස් පෙළ විභාගය  ද අරුණගේ උපන්දිනයද ලංවිය. ඇය මද්යම රාත්‍රියේ කතා කොට ඔහු හට සුබ පැතුහ. මෙහා සමගම ඔවුන් ගේ උසස්පෙළ කඩ ඉමද පසුවිය. අරුණ එකිනෙකට වෙනස් මාර්ග දෙකක් තෝරාගත්තේය. එනම් පරිගණක අංශය හා ජන මද්‍ය අංශයයි. ඇය සිතා සිටි අංශයෙන් ඇයට අවස්ථාවක් ලැබෙන තුරු නිවසට වී සිටියාය. අරුණ ඉඩක් ලද සෑම අවස්ථාවකම ඇයට ඇමතීම කලත් බොහෝ අවස්ථාවල ඇගේ දුරකථනය කාර්ය බහුල විය. එනම් තවත් ඇමතුමක් හා ඇය සම්බන්ද වී සිටියාය. මේ පිලි බද අරුණගේ සිතේ අවිශ්වාශයක් තිබුනත් ඇකෙරේ ඇති ආදරය හා විශ්වාසය අනුකම්පාව නිසා ඇගෙන් මෙපිලිබද නොවිමසා සිටියාය.
                                                     **********************************  
කාලය මෙසේ මාසයක් දෙකක් ගතවිය ගිහන්සා හට රැකියාවක් ලැබී තිබිණි. දිනක් අරුණ තම ඉගෙනීමේ කටයුතු සදහා කොළබ ගොස් යලි නිවසට පැමිණෙමින් තිබිණ. ඔහුගේ දුරකථනය නාද විය ඒ ඇයයි ඔහු ඇමතුමක් ගත්තාය. 
" අරුණ අනේ මට බයයි අරුණ " ඇය කියාගෙන ගියාය අරුණට කිසිවක් සිතාගත නොහැකි විය
අයි මොකද උනේ අරුණ විමසිය.
"අනේ ඔයා මත එක්ක තරහ වෙන්න එපා කියන්න තරහ වෙන්නේ නැනේ"
හරි හරි ඔයා කියන්න 
"අරුණ ඔයා දන්නවනේ මට කොළබ එන්න වෙනවනේ "
ඔවු ඉතින් 
" ඉතින් මට එයාව හම්බ වෙන්නේ  නැති නිසා අද අපි හම්ම්බ උනා"
කාවද අරුණ අමාරුවෙන් වචන ගලපාගෙන ඇසුවාය ඔහුගේ අහස වලාකුලින් බරව තිබිණි ප්‍රචන්ඩ වර්ෂාවක් ඔහු ඉදිරියේ ඇතිබව ඔහුට දැනිණ. තවත් මහා මුසල නිහැඩියාවක් ඔහුගේ හදවත තුල ගලාගියාය.
අනේ අරුණ මට සමාවෙන්න මම යාළුවෙලා ඉන්න කෙනා. අද අපි හම්බ උනා එත් අපේ මල්ලි කෙනෙක් වෙන කෙනෙක් අපිව දැක්ක අපේ ගෙදරට කියයිද කියල මට බයයි. මම මොනවද කරන්න ඕන ඇය ඇසිය.
ඔය බය නැතුව ඉන්න මුකුත් වෙන එකක් නැ ඔහු අමාරුවෙන් වචන ගැට ගසාගෙන කිවුවාය. ඔහුට දුරකථනය විසන්දි කිරීමට ඔනවුවත් ඔහු එසේ කලේ නැත.
ඔහුගේ ඔලුව තුල මහාවරුසාවක් අකුණු ගසමින් ඇදහැලෙමින් තිබිණ. ඔහුගේ හදවත කෑලිවලට කඩා හැලෙන තරම් වේදනාවක් විය. ඇගේ මුවින් පිට වූ වදන් අසත්‍ය ඒවා වැනි ඔහු සිති යද්දේය. නමුදු එසියල්ල සත්‍ය විය. මේසියල්ල දෙස බලා සිටි ඔහුගේ ජීවිතය ඔහුට මේ අවස්ථාවේ එක උදුවක් කළේය. ඒ ඔහුගේ දුර කථනයේ මුදල් අවසන් කිරීමයි. ඒඅනුව දුරකථනය විසන්දි විය. නමුත් ඇය ඔහු ඇමතිය "අනේ තරහ වෙන්න එපා අරුණ මට උදුවූ කරන්න"ඇය ඉල්ලිය
නැ නැ මමතරහ නැ මගේ සල්ලි ඉවරයි එකයි මම ඔයාට පස්සේ ගන්නම් යයි අරුණ කිවේය. වන විටත් අරුණගේ දෙඇස් වලින් කදුළු එලියට පැන තිබිණි. අරුණ ලගසිටි අයෙකු "ඇයි මල්ලි මොකක් හරි ප්‍රශ්නයක්ද"  විමසිය 
අනේ නැ අරුණ අමාරුවෙන් මවාගත් සිනහවකින් පැවසිය. නිවසට එනතෙක් ඔහු දෙලොවක් අතර සිරවී සිටියාය .
                                                      **************************************  
පළමු ආදරය වෙනුවෙන් තම ජීවිතය පවා කැපකිරීමට  තරම් වූ ආදරයකින් ඔහු ඇයට ආදරය කලාය නමුත් ඔහුට සිදුව ඇත්තේ ඔහුගේ ආදරය කැපකිරිමටයි . ඇය ඔහුට මෙසේ කිරීම සම්බන්දයෙන් ඔහුට මහත් වූ දුකක් ඇතිව තිබිණි. මේවන විට ඇගේ දුරකථනයට ඔහු විසින් දමන ලද රිලෝඩ් වල එකතුව ඔහු අතට පත් විය. එයද ඔහුට අදහාගත නොහැකි අගයක් විය. නමුදු ඒ ගැන ඔහුට දුකක් නොවිය. ඔහු සෑම විට අන් අයගේ ආදරයට බදුන් වුනු පුද්ගලයෙකු විය. එහෙයින් මෙආදරය නොලැබීම පිළිබද දුකක් ඔහුට ඇතිවිය. ඒ ගැන පැවසීමට ඔහුට සිටියේ වෙරළත් ඔහුගේ හොදම යහළුවාත් පමණි. අවසානයේ ඇගෙන් ඇත් වන්නට ඔහු සිතා ගත්තාය. 
මේසියල්ල මෙසේ සිදුවෙත්දී ඇය ඔහු ඇමතීමට උත්සහ ගතය. නමුදු ඔහු ඇමතුම් වලට සම්බන්ද නොවිය. අනතුරුව ඇය කෙටි පණිවිඩයක් එවුවාය එවුවාය . එය මෙසේයි " ඇයි ඔය ඔච්චර කුහක වෙන්නේ " ඇත්තය අරුණ කුහකය ඇය අරුණට රුවන් මාලිගා පෙන්වා එකපාරට ඔහු බිම අදදැමිය ඔහු කුහකය .
ඔහු නැවත පණිවිඩයක් ඇයට යැවුවාය. එය මෙසේය " මම කුහකයි තමයි මේකට පස්සේ එන මැසේජ් දෙක තියාගන්න තව කාටහරි දෙන්න ඕනෑවෙයි "  ඒ ඔහු සතුව සුරක්ෂිත ව තිබු ඇය විසින් එවන ලද ඇය ඔහුට ආදරේ යනුවෙන් සදහන් පණිවිඩ දෙකයි. 
                                               ************************************* 
නිදහසේ සැමවිට සැහැල්ලුවෙන් ගතකල අරුණගේ ජීවිතය අවුරුදු එක හමාරකට වැඩිකාලයක් ඇය වෙනුවෙන් කැප කොට තිබිණි. එහෙත් ඒවෙනුවෙන් ඔහු ලබාගෙන තිබුනේ මෙවිරහ වේදනාව පමණි. ඔහුට ඔහුගේ හිත තරමක් දුරට හෝ හදාගැනීමට මාස කිහිපයක් ගත වුනි. ඔහු නිවැරදිද ඇය නිවැරදිද මම නොදනී නමුදු මේ කතාව තවත් ඉදිරියට ඇදේ...........
මතු සම්බන්දයි ........................
අහිමි ආදරය දෙවන කොටසින් හමුවෙමු...............................

Tuesday, August 2, 2011

අහිමි ආදරය .....................................( 3 වන කොටස )

සුන්දර අහිංසක යෞවනයකුගේ සිත කදුලින් තෙත් කල "අහිමි ආදරය"..............................
ඔහුට ඇය දෙවොලක් විය නමුදු ඇයට ඔහු ඉනිමගක් පමණක් විය.......

කාලය ගෙමෙන් ගෙවී ගියේය කෙමෙන් කෙමෙන් ගිහන්සාගේ උපන් දිනය ලංවිය. අරුණ විසින් කල් තියාම යට සුබපැතුම් පතක් තැපැල් කොට තිබිණි. අනතුරුව උපන්දින මද්යම රාත්‍රියේ ඔහු ඇයට කතා කොට සුබ පැතුවාය.මේසියල්ල තමාට අලුත් යැයි ඇය ඔහු හට පැවසුවාය. නමුදු මේසියල්ල ඇයට පමණක් නොව ඔහුටද නවමු අත්දැකීම් විය. ඇය හදවතින්ම ඔහුට ස්තුතිකලාය. මේසියල්ල මෙසේ සිදුවෙත්දී ඇය හා ඔහු දවසට එකවරක් වත් කතාකිරීම පුරුද්දක් විය. එවන විට අරුණගේ සිතේ ඇතිවූ ආදරය නමැති කුඩා සිතුවිල්ල දළුලා වැඩෙන ගසක් බවට පත් වෙමින් තිබිණ. ඇයත් වැඩෙන ගසට පොහොර දමන්නක් මෙන් ඇය පාසල නිම වී පාසැල අසල ඇති දුරකථන කුටියෙන් ඔහුව ඇමතිය. තවද සිදුවෙන  සියලු සිදුවීම් තොරක් නැතිව අරුණට පැවසුවේය. මේසියල්ල අතරේ අරුණ විසින් ඇයට තමා ආදරය කරනා යුවතියක් සිටින බව පැවසුවේය. එවිට ඇගෙන් ඔහුට නිමක් නැති විය .  සැමවිට ඇය කවුරුන්ද යන වග ප්‍රශ්න කලාය. ඔහු එය නොපවසන කල ඇය ඔහු හා තරහ විය.
         ඔහුට තමා කරගත් මෝඩකමක් යැයි සිතින. එහෙත් ඇය දින කිහිපයක් යන තුරු කතා නොකලාය. අනතුරු ඔහු කෙසේ හෝ පවසමි යන මතයෙන් ඇයට ඇමතුමක් ගත්තාය. ඇය ඇමතුමට සම්බන්ද විය නමුත් පළමු පැනය වුයේ "එයා කවුද කියනවද නැද්ද"
හරි මම කියන්නම් ඔයා මත් එක්ක තරහ වෙන්න එපා යැයි ඔහු පැවසුවේය. තවත් ඔහු ඇයට බොහෝසෙයින් ආදරය කරනා බවත් ඇය නොලැබුනොත් කිසිවෙකුටත් ආදරය නොකරන බවටත් ප්‍රකාශ කලාය. එහෙත් ඇයට දැනගැනීමට ඕන කම තිබුනේ ඇය කවුරුන්න්ද යන වග පමණි. 
අනතුරුව අරුණ බොහොමත්ම සෙමෙන් වචන ගැට ගසමින්  ඒ ඔයා යැයි පැවසිය
මට ඇහුනේ නෑ ඇය කිවේය 
"ඒ වෙන කවුරුත් නෙමෙයි ඔයා" ඔහු නැවත වරක් කිවේය.
මිනිත්තු කිහිපයක් දුරකතනයේ  රැදීසිටි ඇය එකවරම කිසිවක් නොකියාම දුරකථනය විසන්දි කලාය.
ඔහු නැවත එයට සම්බන්ද වීමට උත්සහ ගත්තත් එය පලක් නොවිය....
                                                 *****************************************
පැයකිහිපයක් ගතවිය. අරුණගේ දුරකථනය නාදවිය ඒ ඇයයි ඔහු ඇමතුමට සම්බන්දවිය. අරුණ ඇයි ඔයා මම ගැන එහෙම හිතුවේ මම කවදාවත්ම එහෙම හිතුවේ නෑ. අනික මගේවයසේ කවුරුත් මගෙන් එහෙම අහලත් නෑ. කියන්න ඔයා විහිළුවක් නේ  කලේ. ඇය කියා ගෙන ගියාය.
නැහැ ගිහන්සා මම ඇත්ත කිවුවේ මම ඔයාට ආදරෙයි. ඇත්තමයි . මම දන්නේ නෑ ඇයි කියල එත් එක ඇත්තයි.
අරුණ මට මේගැන හිතන්න ඕන 
ඔයාට කැමති තරම් කාලයක් ගන්න මම ඉන්නම් කමක් නෑ 
අරුණ දුරකථනය විසන්දි කලාය.
               මෙලෙස සති දෙකක් පමන ගතවිය. ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වය එලෙසින්ම පැවතිනි පසුගිය දිනක සිදුවුසිදුවීම සිදුවුවද යන්නවත් දෙදෙනාට මතක තිබුනේ නැත. සිදිවුයේ දෙදෙනා  තවත් ලංවීම පමණි. දිනක් ඇගෙන් ඔහුට කෙටි පණිවිඩයක් ලැබිණි. එහි සදහන් ද මෙසේයි 
"මම ඔයාට කැමති වෙන්නම් හැබැයි අපේ ගෙදරින් අකමැති උනොත් අපි මේක නවත්වන්න ඕන "  
ඔහු පෙරලා පණිවිඩයක් යැවුවේය මට ඔයාව ඕන පේරාදෙණියේ ලව් ලෙන් එකේ ඇවිදින්න නෙවෙයි.
ඇය ඔහු ඇමතිය මොකද එකේ තේරුම ඇය ඇසිය 
එකෙතෙරුම මට ඔයාව ඕන හැමදකට මිසක් ටික දවසකට නෙමෙයි කියන එක.
එහෙමද අපි බලමු ඇය දුරකථනය විසන්දි කලාය.
ටික වෙලාවකට පසුව ඇගෙන් නැවතත් කෙටි පණිවිඩයක් ලැබිණ. එහි මෙසේ සදහන් විය "හරි හරි මම ඔයාට කැමතියි එකියන්නේ මම ඔයාට ආදරෙයි  "
තවත් පණිවිඩයක් ලැබිණි එහි මෙසේ සදහන් විය iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
                                                                            llllllllllllllllllllllllllllllllllllllllllll
                                                                            ooooooooooooooo
                                                                            vvvvvvvvvvvvvvvvvvv
                                                                            eeeeeeeeeeeeeee
                                                                             yyyyyyyyyyyyyyyyyyy
                                                                             ooooooooooooooo
                                                                             uuuuuuuuuuuuuuuuu
අරුණගේ සිතේ එකමලක් නොව මල් යායක් පිපිනි ඔහුට ඉන්න තැන පවා අමතක විය. ඔහුට මෙය සතයක් ද යනවග තේරුම් ගැනීමට අවශ්‍ය  විය ඔහු තම දෑතින්ම තම කම්බුලට පහරක් ගසා ගත්තේය. සැබෑවකි ඔහුට වට හිනි ඔහු ඇයට ඇමතුමක් ගත්තේය ඔයා ඇත්තමද කියන්න මට 
"ඇත්ත එත් මට කියන්න ලැජ්ජයි"  ඇය පැවසිය. ඇය ඔහුගෙන් ඉල්ලීමක් කලාය මේගැන කිසිවෙකුට නොපවසන ලෙසත් හෙට ඇයට ඔහුව දැකීමට උවමනා බවත් එමනිසා පාසල් හන්දියේ සිටින ලෙසත් එහෙත් තමන්ව නොසොයන ලෙසත් පැවසිය ඒ සියල්ලට ඔහු විය. මෙසේ මේ සංවාදය දික් වෙද්දී අරුණගේ දුර කථනයේ මුදල් අවසන්විය එය දයිවයේ සරදමක් වන්නට ඇත. ඇය ඔහුට කතාකලද ඇයගේත් මුදල් අවසන් විය . කතාකරන්නට බොහෝදෙ තිබුනත් ඊට ඉඩක් නොතිබිණි. එදින අරුණ නින්දට ගියේ සැහැල්ලු සිතිනි. ඔහුට එම රාත්‍රිය වෙනදට වඩා දිගු රාත්‍රියක් විය. 
                                               පසුදා අලුයම පටන් ඇය කතාකලත් ඔහුට ඇමතුමක් ගැනීමට නොහැකි විය. පසුව පාසල් යන ගමන් ඇය වෙත ඇමතුමක් ගත්තාය 
එවිට ඇය පැවසුවේ තමාට අද පාසල් ඒමට නොහැකි වූ නිසා පෙරකි ස්ථානයේ නොසිටින ලෙසටයි. 
අරුණ විමසුවේ ඇයි පාසල් නොඅවේ කියාය 
නින්දගියායි ඇය කෙටි පිලිතුරක්  දුන්නාය. දුරකථනය විසන්දි කොට ඔහු පාසලට ගියාය...
පාසලට ගියත් ඔහුට වැඩි වැඩක් තිබිනේ නැත එහෙයි විමර්ශන් අංශයට ගොස් මනෝවිද්‍යාව පොත තෝරා ගෙන පුටුවකට බර විය. එහෙත් ඔහුට පොත කියා වීමට නොහැකි විය. ඇගේ වෙනස් වීමක් ඇති සිතෙන්නට විය. කෙසේනමුදු පාසැල අවසන් වන වෙලාව වන විට උඩින් පල්ලෙන් පොත කියව අවසන් කර තිබිණි .
                                                                ********************************
ඔහු පාසල් අවසන්ව එනගමන් ඇයව ඇමතුවත් දුරකතනයට ඇය සම්බන්ද නොවිය. පසුව ඔහු නිවසට පැමිණ දිව ආහාරය ගෙන ඇය ඇමතිය එවිට ඇය සම්බන්ද විය. නමුත් මේ අවස්ථාවේ තමන් යම්කිසි වැඩක නිරතව සිටින නිසා පසුව අමතන්නම් යැයි පැවසිය.
පසුව අරුණ සමීරගේ ගෙදර ගියාය. ඔහු හා කතාබස් කොට සිදුවූ සිද්දීන් ඔහුට පැවසුවාය ඔහු හදපතුලෙන්ම අරුණට සුබ පැතුවේය. නැවත නිවසට පැමිණි අරුණට සවස් යාමයේ ඇගෙන් ඇමතුමක් ලැබිණි. අරුණ පෙරලා ඇයට ඇමතුමක් ගත්තාය . ඇය මෙසේ පැවසිය " අරුණ මට සමාවෙන්න මත් එක්ක තරහ වෙන්න එපා මට සමාවෙන්න මම කියන දෙ තෙරුම් ගන්න ඊයේ හවස ඉදල මගේ ඔලුව උඩ ලොකු බරක් තිබ්බ වගේ මට තේරෙන්නේ නෑ ඇයි කියල එත් මට හිතෙනවා අපි මේක නැවත්තුවොත් හොදයි කියල අනේ මට සමාවෙන්න අපි හොද යාලුවෝ වගේ ඉමු . අනේ මම කියන එක තේරුම් ගන්න."
අරුණට ඔහුගේ මුළු ලෝකය හරහා සුළි කුණාටුවක් හමා යන්න සේ දැනිණි. ඔහුගේ හිතේ පිපි තිබු මල් යායම ෂනයෙන් විනාස වී යන්න සේ දැනිණි. ඔහුට ඉන්න තැන පවා අමතක විය. දෑස් වලින් කදුළු කට පැන තිබුනේ ඔහුවත් නොදැනමය.
ඔහු ආයාසයෙන් වචන අහුලාගෙන කමක් නෑ හරි මම පස්සේ කතා කරන්නම් යැයි පවසා දුරකථනය විසන්දි කලාය. ඉන්පසු ඔහු පළමු කොට කලේ නාන කාමරයට ගොස් දොර වසාගෙන හඩුවාය අනතුරුව මුහුණ සෝදා ගෙන පැමිණ ඇදුමක් ඇදගෙන සමීර හමුවීමට පිටත්විය. නැවතත් ඇය කතාකලාය අනේ මට සමාවෙන්න අරුණ ඇය පැවසිය.
එක අවුලක් නෑ ඔහු හිතේ තිබු කැලබිම යට පත් කොට ගෙන කිවේය. ඇය දිගු කතාවකට  සුදානම් වුවත් ඔහුට ඕන වුනේ තනි වීමටය. එනිසා ඔහු දුරකථනය විසන්දි කලාය. අනතරුව තනිවම වෙරළට පැමිණ හුදකලාව කල්පනා කලාය. ඔහුට තන්නිවම මෙය දරා ගැනීමට නොහැකි විය. දහසක් බලා පොරොත්තු තබාසිටි ආදරය මෙසේවිම පිළිබද අරුණ සිටියේ බලවත් ලෙස ශෝක විය . ඔහු සමීරට ඇමතුමක් ගත්තාය. ඔහු සමිරසමග කතාකරන විට ඔහුට ඇඩිනි සමීර වහාම ඔහු සොයා පැමිණියාය. ඔවුන් කුමක් කලයුතුද කළහැකිද යන්න සිතුවාය. බොහොවෙලා වෙරළේ ගත කල ඔවුන් අවසානයේ තීරණයකට පැමිණියාය ඒ 
ඇය කැමති වෙන තාක් කල් ඇය සමග මිතුරෙකු ලෙස සිටින බවටයි මෙය අරුණගේ තීරණයක් වුවත් එයට සමීර කැමති නොවිය නමුදු ඔහු තීරණයට විරුද්ද නොවිය. ඔහු පැනයක් නැගුවේය ඒ "උබට පුලුවන්ද එහෙම ඉන්න එහෙම කවදාවත් නොවුනොත් "  අරුණගේ පිළිතුර මෙසේ විය මට පුළුවන් නැත්නම් හැමදාම යාලුවෙක් වගේ ඉන්නවා.
                                               **************************************************
මඩ ආකාරයක්  මැණිකක් සොයන අරුණගේ කතාව තවත් ඉදිරියට.......................
මතු සම්බන්දයි.....