Thursday, November 24, 2011

ඇත්තටම ඔබ කොහොමද එහෙම කලේ .......


ආකාසේ සොදුරු රටා මවමින් 
වලාවන් එහා මෙහා යන අන්දම 
මහා සාගරේ රැලි නංවමින් 
අලංකාරවත් කරවත් කරන අන්දම 
හවසට වැව් තාවුල්ලට කුරුළු රංචු පිටින් 
ඇවිත් අමුතුම මෝස්‌තර මවන අන්දම 
සැහැල්ලුවෙන් ගෙවුණු මගේ ජීවිතේට 
හදිසියේම කොහේදෝ ඉදන් ඔබ ඇවිදින් 
කිති කවනා අන්දම 
මගේ හිතට ඇතුල් වෙලා 
මගේ නින්ද නැති කරපු 
අන්දම 
මට තාමත් හිතා ගන්න බෑ
ඇත්තටම ඔබ කොහොමද එහෙම කලේ .......

මම N N K.....

Friday, November 18, 2011

ඇයි අපි ඉන්නේ දෙතැනක දුරස් වෙලා .......


හදක්වෙලා මගේ ලෝකේ 
එලිය කරන්න ඔබට පුළුවන් නම් 
සුවද දෙන මලක් වගේ 
හැමදාම මගේ ජීවිතේට 
සුවද මුහු කරන්න පුළුවන් නම් 
මවක් වගේ හොද නරක 
ආදරෙන් කියල දෙන්න පුළුවන් නම්
හොද යෙහෙලියක් වගේ හැම දේම 
අහන ඉන්න පුළුවන් නම්
 බිරිදක් වෙලා හැම වැඩකටම 
උදව්වක් වෙන්න පුළුවන් නම් 
ආදර වන්තියක්වෙලා ජීවිතේට 
සතුට ලගා කරන්න පුළුවන් නම් 
ඇයි අපි ඉන්නේ දෙතැනක දුරස් වෙලා .......

N N K.....

Saturday, November 12, 2011

මල් වතුවල මල් ....


මල් වතුවල තිබුනත් 
කෙතරම් ලස්සන මල් 
පිපි හිනැහී 
නැත අවසර නෙලන්නට මට 
එලෙසින් 
ඇතත් කෙතරම් ලස්සන 
ලදුන් මගතොට 
නොදනී මම නෙලන්නට 
හැකිමලක් සිටීද ඒ අතර කියා 
හැකිඋනත් නෙලාගන්නට 
රුවැති ලදක් 
කෙසේ දැනගන්නද 
ගුණාගුණ දුටුපමනින් 


මම N N K...

Wednesday, November 9, 2011

දුර ආදරය.....


අද ලස්සනට හද පායලා 
ඒ හද දිහා බලාගෙන
මම ඔයත් එක්ක කතා කරනවා 
ඔයත් ඒ හද දිහා බලාගෙන මත් එක්ක 
කතා කරනවා 
අපි දෙන්නටම හදට තියෙන්නේ එක දුර 
උනාට 
අපි දෙන්න ඉන්නේ ගවු ගානක් දුරකනේ 
ඒ දුර ගෙවල නිම කරන්න පුළුවන් උනත් 
අපි දෙන්නට එකතු වෙන්න පුළුවන් වෙයිද 
මොකක්දෝ හේතුවකට ඔයාට මම 
ඔයා මට ආදරේ කළා 
එත් ඒ ආදරේ තේරුම් ගන්න පුළුවන් 
මිනිස්සු ඉන්න ලෝකෙකට තව කොච්චර නම් දුරද ???


මම N N K....