Tuesday, May 8, 2012

සදවතියක්......


පායා එන්නට අවසර ඉල්ලන 
සදවතියක් ඇත මගේ ලොවේ 
එනමුදු ඈ හට අවසර දෙන්නට 
නොසිතෙයි මාහට ......

ජිවිතයට අවැසි උනත් එළියක් 
නොසිතෙයි ලැබෙයි කියා 
පතනා එළියක් ඇගෙන්  
නොහැක මට තව වරක් 
කඩාගන්නට මගේ හදවත 

තව බොහෝදුර ඇත ගෙවන්නට 
ජිවිත ගමන .....
අවැසි උනොත් එළියක් එගමනට 
සොයාගනිමි මතු යම් දිනක එය 
එහෙත් අද සිටිනා තැන සිට 
අවැසි නොවේ එළියක් මා හට....

මම
කේ.එල්.ඒ නලින් නිශාන් කුමාර...

Tuesday, April 24, 2012

මවක් දුටිමි ........


සැබැවින්ම ඇය මවකි 
ඇය දයාබර බිරිදකි 
එහෙත් දැන් ඇය සැමියා අහිමි බිරිදකි 
ඔහු මෙලොව හැරගිය දිනේ මගේ නෙතටද 
කදුළු ඉනුවේය ඔහු එතරම් දයාබර පියෙකි 
ඇගේ නෙත තවමත් හැඩුම් බරය 
එහෙත් දරුවන් නිසාවෙන් දිරිගෙන සිටින බව පෙනේ 
තවමත් ඔවුනට හය හතර නොතේරෙන බව සැබෑය
එහෙයින් ඔවුනට ගානක් නැත 
දරුවනි අද ඔබේ මව සිනා සෙන්නේ ඔබ නිසාවෙනි 
මතුයම් දිනක වැරදීමෙන් හෝ ඔබේ මවගේ නෙතට 
සතුටු කදුලක් මිස දුක් කදුලක් නොදෙන මෙන් ඔබෙන් මම 
ඉල්ලා සිටිමි ......
මවුනි ඔබ සැබැවින්ම දිරිය මවකි.... 

මම N N K.....

Sunday, April 22, 2012

අපි අපේ වෙලා .......


මේ වැස්සට මම ආදරේ...
මොකද මේ වගේ වැස්සක 
දවසක තමයි ඔයාව මට හමුවුනේ 
එදා ඒ වැස්සෙන් බේරෙන්න 
හිසට සෙවනක් වෙච්ච ඒ කුඩේ අයිතිකාරිය 
මගේ හිතට මගේ ජීවිතේට සෙවනක් වෙයිකියල 
ඒ මොහොතේ මට හිතුනෙම නැ
කාලය ගතවෙලා හිත් එකතුවෙලා 
සම්බන්දකම් ඇතිවෙලා අපි අපේ වෙලා 
හරියට අද ඊයෙ වගේ හිතාගන්නත් බැ


මම 
කේ. එල් .ඒ නලින් නිශාන් කුමාර.....

Tuesday, April 17, 2012

පුංචි කෙල්ල......


ගං ඉවුරට වෙලා මම බලන් හිටිය ඔබ එනකන් 
එත් ඔබ තාම  නැ  
දවසක් මට මතකයි අද වගේම 
වෙනස එදා ඔබ මගේ ගාව හිටිය
එදත් මේ වගේම හද පායල තිබුන 
ඈතින් පේන දාගැබට හද එලිය වැටිලා 
කිරිකලයක් උතුරනවා වගේ පෙනුනා 
හද එලිය වැව් දියට එබිකම් කරලා 
කිරි සයුර වගේ පෙනුනා 
පරිසරයේම තිබුනේ අමුතුම ලස්සනක් 
අපි දෙන්නම හිටියේ ඒ ලස්සනට වශී වෙලා
පරිසරයේ තිබිච්ච ඒ ලස්සනට නොදෙවැනි වෙච්ච 
ලස්සනක් ඔය පුංචි කෙල්ලගේ මම දැක්ක   
මමත් දන්නෙම නැතිව ඔයා මගේ හිත අරන් ගිහින්
 කොහොම හරි ඔය මායාකාරියට මම අහු උනා 
අද අවුරුදු කීපයක් ගිහින් වුනත් අපි වෙනස් වෙලා නැ 
හැතැම්ම සිය දහස් ගානක් ගෙවාගෙන වෙසක් සද බලන්න 
ඔයා එනවා කියල පොරොන්දු උනා 
මම දන්නවා ඔයා ඒවි කොයි මොහොතේ  හරි 
එතකන් මම බලන් ඉන්නවා.....
මම ...
N N K.....

Saturday, April 7, 2012

නැති උනත් සුභ පතන්නට ලග

නැති උනත් සුභ පතන්නට ලග 
සිටි හැමවිටම ලග 
සුභ පැතුවා මතකයි පළමුව මම 
ඒ වුනත් අද සුභ පතනවා මෙලෙසින් මම 
යන ගමන සාර්ථකව යන්නට 
ඉදිරියට එන බාදක මැඩලන්නට 
ලැබේවා ශක්තිය ආත්ම විස්වාසය ඔබට 
ඇතොත් යන මග රුදු සර්පයින් 
අධ වේවා ඔවුනගේ නෙත් නොපෙනෙන්නට  ඔබව 
ඇතොත් රලුබෝරෝලු මං මාවත් යන ගමනට 
පෙරලේවා තෘණ බිම් බවට 
ගෙන ආවොත් දැඩි රශ්මිය විඩාව 
ඇතිවේව සිතල සුලන් දහරා නිවන්නට විඩාව 
ඔබේ ජය නෙතින් දකින්නට ලැබේවා 
නොදැන ඔබ හා සමුගන්නට පෙර ලක් මවගෙන් මම........ 

Monday, February 27, 2012

සිහිනෙන්වත් ඇවිත් ඔබ මට පෙම් බදිනවානම්


   

කාලයක් හිතුමතේ පාවෙලා ගිය මගේ ලෝකේ 
හදිසියේම එක තැනක ආයිමත් සැරයක් 
නැවතුනාද කියල මට හිතුනා 
එත් ඒ වෙනකොට ඇත්තටම මම තැනක නැවතිලා 
සුපුරුදු මායම් රාශියක් මැද්දේ නොපුරුදු එක මායමකට 
මාව අහුවෙලා ....
නොපුරුදු මායම මොකද්ද කියල හිතන්වත් එක්කම 
ඒ මායම් කාරී හදවතේ ඉඩ හොයාගෙන 
ජිවිතේ හරිම පුදුමයි අදුරන්නේවත් නැති කෙනෙකුට 
එහෙම ඉඩ දෙන්න පුලුවන්ද ...
මටම ගැටළුවක් 
මායම් කාරිව අදුරගන්න හදනකොට මම පරක්කු වැඩිනම් 
දිනකට දෙකකට කලින් සදහටම ඒ මායම් කාරී වෙන කෙනෙක්ගේ
වෙලානම් ...... 
සිහිනෙන්වත් ඇවිදින් ඔබ මට පෙම් කරනවා නම්......................................
මම    N N K.......

Tuesday, February 7, 2012

ඕනමද ???


මලකට රේණු ඕනමද ?
අහසට වලාකුළු ඕනමද ?
රාත්‍රියට අහසට සද තරු ඕනමද ?
මුහුදට රැලි ඕනමද ?
කුරුල්ලන්ට පියබන්න පුළුවන් 
වෙන්නම ඕනද ?
වැවකට වේල්ලක් තියෙන්නම 
ඕනද ?
ජීවිතේට ආදරේ නැතුවම බැරිද ??????

මම N N K......