Wednesday, July 27, 2016

දෙමන්සල

දෙමන්සල ලග මම තාමත් තනියෙන්
ඔබ බොහෝ දුර ගොසින්
මතකය පමණක් තුරුළු කරන්
මම තාමත් තනියෙන් .......

මතකයේ සුවද හොයන්
එන්නට හිතයි ඔබ ගිය පාරෙන්
නිසැකයි ඔබ ලග නෑ ඉඩක්
අයෙත් බෑ කදුළු හලන්නට මට නම්......

මේ මාවත කෙතරම් සොදුරු වුවත්
හිත නෑ පිය නගන්නට මටනම්
කුමක් කරන්නද උරුමය එය නම්

පිය නගමි හදවත දැඩි කරන් .........

Friday, July 22, 2016

යදමින් බැද

යදමින් බැද
වළකන්නට හැකිද ආදරය
ඇතිනැති කමින් යටපත් වේද ආදරය
හිමිවන හිමිනොවන බැවින්
වලකා දැමිය හැකිද ආදරය
පැවසු පමණින් අමතක
කළහැකිද ආදරය .......

හිමි නොවන බව දැනුනත් ආදරය
දුන්නා නිකලැල්ව ඔබට
අතැර ගියේ ඔබ
කිසිවක් සිදු නොවුණු ගානට.......

හැකිවුනත් ඔබට අමතක කරන්නට
නොහැකිව දෑස තෙමෙනවා හැමදාම
මතක පොතේ පිටු කිමද මේ තරමට

අමතකද දවස් කිහිපය .....

K.L.A Nalin Nishan Kumara...

Sunday, June 5, 2016

ඉමක් නොපෙනෙන ජිවිතේ

ඉමක් නොපෙනෙන ජිවිතේ
සීමාවක් නැතිව කරපු ආදරයක
දුක විතරක් ඉතුරු උනේ ඇයි කියල මම තාම දන්නේ නැ
සීමාවක් නැතිව දැනෙන වේදනාව හංගගෙන
ලෝකෙට පෙන්න හිනාවෙන්න පුළුවන් උනත්
සීමාවක් නැතුව එළිවෙනකම් ගලන කදුළු නවත්තන්න මට බෑ
හදවතේ ඔයාට තියන ඉඩ කවදාවත් අඩුවෙන්නේ නැති උනත්
ඒ හිස්තැන පුරවන්න ඔයාට දැන් බැ කියල මම කොහොමද
මට තේරුම් කරන්නේ ........

Tuesday, October 22, 2013

වෙරල තිරය ....

අද මා තනිව ඇවිද යන මේ වෙරල තිරය ....
බොහෝ කලකට පසු පා සිපගන්නා වෙරල තිරය 
මතකයේ මිහිරි සටහන් අමිහිරිව මතක් කරනා 
වෙරල තිරය 
දෑසත්  නොදනිම දෑස හඩන බව සිතට දනී 
දෑස බිමට නැවිනි ..
මටත් නොදනිම කදුළු බිදු වැලිතලය මත වැටි  
බොදව ගියාය .....
මතකද එදා දවස 
ඔබට මතක නැති 
මට අමතක කල නොහැකි 
එදා දවස මතකද ඔබට ...................
K.L.A Nalin Nishan Kumara........

Thursday, July 4, 2013

කාලයක්

කාලයක් ජිවිතේ අරමුණක් නැතිව ගෙවිල ගියා ...
ලග හිටිය  අය ඈත් වෙද්දී හිතට දැනුනේ වේදනාවක් 
විතරක්ම නෙවෙයි ...
තිබුණු බලාපොරොත්තු වැස්සට දියවෙලා යද්දී 
එකම එක බලාපොරොත්තුවක් වත් මට ඉතුරු උනේ නැ 
තවත් බලාපොරොත්තු ජීවිතේට එකතුකරගන්න මට ඕන උනේ නැ 
ඒ ඇයි කියල අදටත් මම දන්නේ නැ ....
කවදත් නොලැබෙන දේවලට ආස නොකරපු මට 
නොලැබෙන එකම එකදෙයක් වෙනුවෙන් හිතේ ඉඩතින්නේ 
ඇයි කියල මම දන්නේ නැ ......
කේ .එල් .ඒ නලින් නිශාන් කුමාර 

Friday, October 12, 2012

නොනිමි සිත්තම....




චණ්ඩ සුළග නිසා 
වදියි කවුළු පියන් එකිනෙකට 
ඒ අමිහිරි සද්දය පරදා නගයි 
අහස ගිගුම් ....
විටක එය ඔහුගේ හදේ ශෝකය ලෙස 
මට හැගේ...
ලන්තැරුම එලිය සිහින් ආලෝකයක් 
කුඩා කාමරයට ලබා දෙයි..
ඒ එලිය පරදා වෙලාවකට අකුණු එලිය 
කාමරය ආලෝකමත් කරයි 
ඒ ආලෝකයට ඇයගේ ආලේක්‍ය
සිතුවම ජීවමානව පෙනේ ....
ඔහුගේ නෙතු අගිස්සේ රූටා වැටෙන්නට 
පොපියන කදුළු ලන්තැරුම් එලිය 
යහුණු ගුලියක්සේ පෙනේ....
ලන්තැරුම් එලියට මුවාවී ඔහු 
පොතක පිටුඅතර ඇයගේ රුව සොයයි 
ඔහු කීපවාරයක්ම ඒ පිටු පෙරලා අවසානයේ 
මෙසේ සටහන් කලා
දවසක් හදිස්සියෙන මගේ ජිවිතයට ඇවිත් 
ජීවිතේම වෙනස් කරලා 
ආයිමත් නොසිතු වෙලාවක මග හැරුණු 
ඒ අහිංසකාවිය දැන් කොහේ ඇත්තද ??
එයා දන්නේ නැ එයා මගේ ජිවිතේ වෙනස් කලා 
කියල....
මට එයාට කවදාවත්ම කියාගන්න බැරි උනා මම 
එයාට ආදරේ කරන බව ....
සමහර විට කවදාවත්ම කියාගන්න බැරි වෙයි 
එත් අදටත් එයාට මම ආදරෙයි ....

කේ.එල්.ඒ නලින් නිශාන් කුමාර