Friday, September 2, 2011

ඔබ දන්නවනම්...............


මගේ හිත ලස්සනයි 
කියන්නේ ඔබමයි 
මම කව්ද වගේ කියල 
ඔබ බනින්නේ මාත් එක්කමයි 
තක්ශනේ දියුණුවත් එක්ක 
ඔබ ඉදිරියේ ඉදල ඔබට  නොපෙනෙන්න 
මම ඔබත් එක්ක කතාකරනවා 
ඔබ මගේ රූපෙට ඔරවා ඔරවා 
මාත් එක්ක කතාකරනවා 
ඔබ දන්නවනම් ඔය ඔබ කියන 
ලස්සන හදවත තියෙන්නේ 
ඔබම කියන විදියට කැත කළු
මේ සරීර කුඩුව ඇතුලේ කියල
ඔබ එක පාරක් හරි දකින්න ඕන කියන මම 
ඔබම බනින  කැත කළු කොල්ල කියල 
ඔබ දන්නවනම් 
එදාට ඔබ මට මොනවා කරයිද 
ඔබ එදාට මොනවා කරත් මම තරහ නෑ
මොකද මම දන්නවා 
ඔබ මගේ රූපෙට නැති උනත් 
මගේ හදවතට ආදරෙයි කියල 
කොහොම උනත් මම ඔබට හැමදාම 
ආදරෙයි.........

මම N N K......

5 comments:

  1. නියමයි ,
    ඇත්ත ආදරේ දැනෙන්නේ හදවතට
    රුපෙට දක්වන ආදරේ කාලයත් එක්ක නැති වෙලා ගියත්,
    හදවතේ රැදුණු ආදරේ සදාකාලිකවම හදවතේ රැදිලා තියේවි.........................

    ReplyDelete
  2. අම්බලම හරි... ඒත් හිතේ තියෙන ආදරේ දකින්නේ බාහිර රූපයට පස්සෙයි... ඒ නිසා දැන් කාලේ බහුතරයකට වටින්නේ හදවත නෙමෙයි... රූපයයි...

    දේව්දාස්...

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම්..... ඔව්... සැබෑ ආදරේනම් රූපය මත රදාපවතින්නෙ නෑ.. කවදාවත්ම...:)

    ReplyDelete
  4. ම්ම්ම්ම්... ගොඩක් ලස්සන අදහසක්... කවුරු මතක් වෙලාද ලියලා තියෙන්නෙ. කොහොම උනත් ඔයා ගැන නෙවෙයි කියන්න පුලුවන් වෙන්න වෙන්නඇති "කලු" කියලා දාලා තියෙන්නෙ. ලස්සනම ලස්සනයි. රූපයට වඩා සිතුවිලි වටිනවා. ලස්සන හදවතක් මේ ලෝකෙම ලස්සන කරාවි.

    ReplyDelete
  5. @ අම්බලම බොහොම ස්තුතියි අදහසක් දුන්නට එක තමයි මත අදහස් කලේ
    @ දේව්දාස් බොහොම ස්තුතියි අදහසක් දුන්නට නමුත් පස්සේ කලෙක එකේ හරිවැරැද්ද තේරෙනවා සමහර වෙලාවට පරක්කු වැඩි වෙන්න පුළුවන්
    @ හිතුවක්කාරී බොහොම ස්තුතියි අදහසක් දුන්නට ඇත්ත එක තමයි
    @ හංසි බොහොම ස්තුතියි අදහසක් දුන්නට මේ මම ගැන තමයි කියල තියෙන්නේ පොටෝ එකේ කෙනා ගැන තමයි කියල තියෙන්නේ ...

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....