Monday, August 1, 2011

අහිමි ආදරය.........


ඔහුට ඇය දෙවොලක් විය නමුදු ඇයට ඔහු ඉනිමගක් පමණක් විය.......
සුන්දර අහිංසක යෞවනයකුගේ සිත කදුලින් තෙත් කල "අහිමි ආදරය"අදසිට පාඨක ඔබට ........................

අහිමි ආදරය.........
                අරුණ .. අරුණ ... පාසල් පිට්ටනියේ ඈතකොනක සිට තමාගේ නම කියමින් තමා වෙත එන හසිත දැක ගැනීමට හැකිවිය. ඔහු අත අරුණට අයත් ජංගම දුරකතන දෙකක් විය. අනේ බන් මේක පැය ගානක් තිස්සේ වදිනවා ඉවරයක් නැ හසිත මවාගත් තරහකින් කිවේය. අරුණ හා හසිත යහළුවන්ය. ඔවුන් දෙදෙනා ලංකාවේ ප්‍රසිද්ද පාසලක ශිෂ්‍යයෝ වුහ. අරුණ සිනාසෙමින් දුරකතනයට පිළිතුරු දීමට සැරසී දුරකථන තිරය දෙස බැලුවේය. එය හුරු පුරුදු අංකයක් නොවූ නිසාවෙන් ඔහු ගරුසරු ඇතිව හෙලෝ ගුට්මොනින් අරුණ හියර් ..... ලෙස ඇමතිය.
අනෙක් කෙලවරින් හෙලෝ මම ගිහංසා කතාකරන්නේ යයි පිළිතුරු විය.
අරුණ යනු ඒ වන විට එම පාසලේ ජනප්‍රිය චරිතයක් විය. මන්දයත් ඔහු කැපිපෙනෙන චරිතයක් හා පාසැල නියෝජනය කිරීම පිණිස විදේශ ගතව පැමිණි අයෙක් නිසාවෙනි. ගිහන්සා යයි අරුණ ඇමතු යුවතිය තවත් ලංකාවේ ප්‍රසිද්ද බාලිකාවක සමවයසේ පසුවන ශිෂ්‍යාවක් වුවාය.( පසුව දැන ගත් පරිදි)
ගිහන්සා විසින් අරුණ අමතා ඇත්තේ ඔහු හා ඔහුගේ යහළුවන් විසින් සංවිධානය කර තිබු උත්සවයක් ගැන තොරතුරු දැන ගැනීමටයි. අරුණ නිරන්තරයෙන් කටකාර තරුණයකු  නිසා ඇයට පිළිතුරු දෙනවා වෙනුවට ඇගෙන් හරස් ප්‍රශ්න නැගුවාය.  කෙසේවෙතත් අවසානයේ උත්සවය පිළිබද තොරතුරු ලබාදීමට එකගත්වය පලකෙරෙමින් එම දුරකථන සංවාදය අවසන් විය.
                                                   ***********************************************
අරුණ හා ඔහුගේ යහළුවන් විසින් සංවිධානය කරනුලැබූ උත්සවයේ පළමු දිනය උදාවිය. උත්සවය සිතුවාටත් වඩා හොදින් කිරීමට ඕනට හැකිවිය. එනිසාවෙන් දෙවෙනි දිනය පිළිබද සැකයක් ඔවුනට නැතිවිය. දෙවෙනි දිනය අරුණ සහ ඔහුගේ මිතුරන් සැරසී සිටියේ නිලඇදුමකිනි. ඔවුනට එය මනාවට ගැල පිනි. වැඩ අදික දිනයක් වූ නිසාවෙන් අරුණට විවේකයක් නොවිය. හදිසියේම හැරුන සොයා ආ මිතුරෙකු පැවසුවේ ගිහන්සා නමැති ශිෂ්‍යාවක් පැමිණ අරුණ ව සොයන බවයි. ඒ අනුව ඔහු අයව සොයා ගෙන ඉදිරියට ගියාය. ඒ අරුණ සහ ගිහන්සා තරුණියගේ ප්‍රථම හමුවීමයි. ඇයට අවශ්‍ය තොර තුරුලබදිමෙන් අනතුරුව ඇය විසින් අරුණගෙන් උදවුවක් ඉල්ලිය එනම් ඇය සතුව ඇති බුක් මාර්ක් විකුණා දෙන ලෙසය අරුණ තමාගේ සුපුරුදු ආඩම්බරකම පෙන්වමින් තමාට නොහැකියි කිවත් ඇගේ බලවත් ඉල්ලීම පිට ඒවා බාර ගන්නා ලදී.. පසුව උත්සවයේ වැඩකටයුතු සාර්ථකව අවසන් විය.
                                                *************************************************
  පසු දින පාසලට පැමිණි අරුණ හට යහළුවන් ගෙන් නිමක් නැතිවිය. ඔවුහු ගිහන්සා ගැන එක එක කතා කියන්නට විය. ඔහු හා ඇය අතර සම්බන්දයක් ඇත දැයි වීමසිය. තවත් ඇගේ චරිතය පිළිබද ප්‍රශ්න ඇතැයි ද පැවසිය. සැම දෙයක් පිළිබද තර්කානුකුලව සිතන අයෙක් වූ ඔහු මේ කිසිවක් පිළිනොගත්තේය. අවසානයේ ඇගෙන්ම මෙපිලිබද විමසීමට සිතා ගත්තේය. 
                             එදින අවසානයේ ඔහුගේ දුරකථනය නාද විය එහි දිස්වූ අඔකය ඔහුට හුරුපුරුදු එකක් නොවිය ඔහු ඇමතුමට සම්බන්ද විය.
හෙලෝ...
හෙලෝ මම ගිහන්සා 
ආ ගිහන්සා කාගේද මේ නම්බර් එක 
එක මගේ ගෙදර එක 
ඇත්තද 
මම කතා කලේ බුක් මාර්ක් ටික ගැන අහන්න 
හරි ඒ ටිකේ සල්ලි මම ඉරිදට දෙන්නම්.. තව මම අහන්න හිටියේ මට ඔයාගැන කට්ටිය එක එක කතකියනවා ඒවා මොනවද 
මොනවද කතා
ඔයා හොද නැතිලු ඒවගේ කතා 
අනේ අරුණ  මම ඕවට මුකුත් කියන්නේ නැ පල ඇති රුකටනේ ගල් ගහන්නේ එච්චරයි 
තරහ වෙන්න එපා මම එකයි කෙලින්ම ඔයාගෙන් ඇහුවේ 
එක හරි කමක් නැ ..
ගුට් නයිට් 
ගුට් නයිට් 
ඇගේ එම පිලිතුරෙන් අරුණගේ සිතේ තිබු චකිතය අවසන් විය. අරුණට සැබවින්ම ඇය පිළිබද පුදුයක් ඇතිවිය.. ඒ ඇගේ ගති ගුණ සම්බන්දයෙනි.
                                            ******************************************************************
මතු සම්බන්දයි...... 

5 comments:

  1. මරු...දිගටම ලියන්න...ජය!!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අඩෝ පව් වැඩ කරන්න එපා.මිනිස්සුන්ගේ කතා අහල එව්වා මෙහෙම දාන එක හරිද.උඹ මේක දාන්න කලින් ඌට කිව්වද?

    ReplyDelete
  4. නියමයි... දිගටම ලියන්න. ඇත්තම කතාවක් කියලයි දැනෙන්නෙ නම්.. අවසානය දුකයි කියලත් පේනවා.

    ReplyDelete
  5. නියමයි, දිගටම ලියන්න.. ජය වේවා

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....