Friday, October 12, 2012

නොනිමි සිත්තම....




චණ්ඩ සුළග නිසා 
වදියි කවුළු පියන් එකිනෙකට 
ඒ අමිහිරි සද්දය පරදා නගයි 
අහස ගිගුම් ....
විටක එය ඔහුගේ හදේ ශෝකය ලෙස 
මට හැගේ...
ලන්තැරුම එලිය සිහින් ආලෝකයක් 
කුඩා කාමරයට ලබා දෙයි..
ඒ එලිය පරදා වෙලාවකට අකුණු එලිය 
කාමරය ආලෝකමත් කරයි 
ඒ ආලෝකයට ඇයගේ ආලේක්‍ය
සිතුවම ජීවමානව පෙනේ ....
ඔහුගේ නෙතු අගිස්සේ රූටා වැටෙන්නට 
පොපියන කදුළු ලන්තැරුම් එලිය 
යහුණු ගුලියක්සේ පෙනේ....
ලන්තැරුම් එලියට මුවාවී ඔහු 
පොතක පිටුඅතර ඇයගේ රුව සොයයි 
ඔහු කීපවාරයක්ම ඒ පිටු පෙරලා අවසානයේ 
මෙසේ සටහන් කලා
දවසක් හදිස්සියෙන මගේ ජිවිතයට ඇවිත් 
ජීවිතේම වෙනස් කරලා 
ආයිමත් නොසිතු වෙලාවක මග හැරුණු 
ඒ අහිංසකාවිය දැන් කොහේ ඇත්තද ??
එයා දන්නේ නැ එයා මගේ ජිවිතේ වෙනස් කලා 
කියල....
මට එයාට කවදාවත්ම කියාගන්න බැරි උනා මම 
එයාට ආදරේ කරන බව ....
සමහර විට කවදාවත්ම කියාගන්න බැරි වෙයි 
එත් අදටත් එයාට මම ආදරෙයි ....

කේ.එල්.ඒ නලින් නිශාන් කුමාර

Wednesday, October 3, 2012

විල්තෙර....


ජිවිතයේ  විල් තේර
පෝෂණය කරමින් ගලා බසින 
දෛවයේ ගංගාව මතින් 
ඇදෙයි ඔරුවක් මාවෙතට
කාලයකට පසුව
සිතෙයි මට එය පදවන්නට හැකි බව 
ජිවන නදියේ ඉදිරියට 
ගොඩවිම නොවීම මා සතුය........
 දෛවයේ ගංගාව ගලනවානම් ඉදිරියට 
මේ විල්තෙරට වී තවත් මම කුමක් කරන්නද 
ඊලග තොටුපල කුමක් වේද නොදනියි මම 
නමුත් නික්ම යාමට කාලය එලබ ඇතැයි
සිතෙයි මට ..................

සංකල්පනාව 
කේ.එල්.ඒ නලින් නිශාන් කුමාර 

Sunday, September 30, 2012

බලාහිදීම....


ඇත සිතිජයේ තිබුණු පුංචියට පෙනුන  නැව 
දැන් ලගට ඇවිල්ල....
මහා යොදයෙක්  වගේ ඇයට පෙනුනා 
දැන් දැන් ඇගේ හිතේ තිබුන දුක 
කදුළු ගංගාවක් වෙලා වැටෙන්න 
දෑස මායිමේ තෙරපෙනවා ....
ඔහු අදත් ආවෙ නැ..
මම දන්නවා, 
ඔහු කවදාවත් නොයෙන ගමන් ගිහින් 
එත් මම එක ඇයට කියන්නේ කොහොමද
ඔහු එයි කියන බලාපොරොත්තුව 
ඇයව ජිවත් කරවී....... 
ඇය කවදාක හෝ තේරුම් ගනීවි ඔහු නොඑන බව...
එදා වෙනකම් ඇයව ආරක්ෂා කරනවා මම 
හොද යාලුවෙක් විදියට ........
ඔහු වෙනුවෙන් මට කරන්න පුළුවන්
ඒ දේ විතරමයි............. 

මම 
කේ.එල්.ඒ නලින් නිශාන් කුමාර..

Saturday, September 29, 2012

හීන....


දුකක් සමග පැමිණි සතුටක් 
නව බලාපොරොත්තුවක් 
නව මාවතක් 
දෙනෙත් අදහාගත නොහැකි දෙයක් 
දෙනෙත් සතුටු කදුලින් තෙත්කල මොහොතක් 
ආත්මීය බැදීමක් යැයි සිතුනු මොහොතක් 
මගේ සිත මට අහිමිකළ අහිංසකාවියක්
දිවියට අලුත් හීනයක්........

කේ.එල්.ඒ නලින් නිශාන් කුමාර 

Monday, September 24, 2012

තරුව....


රැ අහස තරු පිරිලා 
බලන් ඉන්න ආස හිතෙනවා 
අපිට තරු තරුවක් වගේ පෙනුනට 
ඒ තරු තවත් ජිවිත දහස්ගානකට
ජීවිතය දෙනවා ඇති 
එත් ඒ තරු අපිට දෙන්නේ 
රැ අහසට ලස්සන විතරයි 
ඔයත් ඒ වගේ......
මට දුන්නේ ලස්සන කෙටි කාලයක් විතරයි.......
K.L.A Nalin Nishan Kumara..

Monday, September 17, 2012

බිදීම.....


ආදරියගේ උපන් දිනයට 
දීමට තෑග්ගක් මුදල් නැතිකමට සරිලන 
ගත්තා පොඩි තෑග්ගක් අත ඇති තරමට 
දහසකුත් බලාපොරොත්තු සිත බැද
ගියා ඇගේ උපන්දිනයට ......
පැමිණ සිටියා බොහෝ අය
විවිද ලස්සන රථ වලින් 
තිබුනේ මට පයින් පාගන රෝද දෙකකි 
සිතට දිරිගෙන ගියා මම ඇයව බලන්නට 
බොහොවෙලවකට පසුව දුටුවේ ඇයව 
සමනලියක් විලසින් මම ....
කැපුවා ඇය උපන් දින කේක් ගෙඩිය 
කැව්වා එය සැමට ආදරයෙන් 
ලැබිණ බොහෝ තෑගි අත පිරෙන්නට  
ඇය නොදැක්ක මා පැමිණ සිටි බව 
හැරුනා මම බිදුණු සිතින් යලි එන්නට...... 
K.L.A Nalin Nishan Kumara 

Thursday, August 16, 2012

මතකය....


ගැලපීමක් අතර 
නොගැලපීමක් 
ඉල්ලීමක් එක්ක 
එපා වීමක් .....
තනිවිමක් අතර 
හුදකලාවිමක්
දුකක් අතර 
වේදනාවක් ......
අමතක වීමක් එක්ක 
මතක් වීමක් 
හිතක් එක්ක දිනන්න  බැරි 
එත් පැරදුමක් නැති සටනක් .....
මමත්වය නිසා කියාගන්න බැරි 
දුකක් ...........
ආගන්තුක නොවන 
හීනයක්................

කේ. එල්. ඒ නලින් නිශාන් කුමාර.......

Wednesday, August 8, 2012

හුදකලාව


සයනයක් මත වැතිර සිටින්නට විය 
කිහිප දිනකම එක දිගට 
තිබිණි බොහෝ වෙලාවක් තනිවන්නට 
රිසිසේ සිත සමග 
දුක සැප විමසීමට පැමිණි අය අතර 
නොදත් අයත් සිටියාය 
නොපැමිණි අය අතර දැන වුන් අයද විය 
මා පන මෙන් ආදරය කල අයද විය 
සිතට දුකක් නොදැනුන මුත් 
කණගාටුවක් ඇති විය 
මේ හුදකලාව වේදනාව අමතක වන තුරු 
ලගින් සිටින්නට කවුරුන් හෝ 
සිටියානම් යැයි සිතුනු වාර අනන්තයි 
එය මගේ දුර්වල කමද නොදනී 
නමුත් මට පාලුවක්නම් දැනින
බොහෝවිට එවැනි අවස්ථාවල ලග සිටියේ 
රූප පෙට්ටියත් පරිගණකයත් පමණි ...........

කේ.එල්.ඒ නලින් නිශාන් කුමාර   

Tuesday, July 31, 2012

හිතැති....


මට හිමි නැති ඔබව හිමි අයෙක් ඇති 
ඔබට හිමි නැති වෙන කෙනෙකුට හිමි 
වේද නොදනින ආදරයක් ඇති 
ස්වකීය කැමැත්තෙන් මට නොදෙන 
හිතක් ඔබට ඇති
කැමැත්තෙන් මට නොදෙන හිතකට 
මම ආදරය නොදෙනු ඇති 
මිල මුදලට ලොල් වූ ඔබ මට
හිතක් දෙනු ඇති 
මට නොව මිල මුදලට හිත ඇති 
ඔබට මම හිත නොදෙනු ඇති 
මට හිතැති මම හිතැති මා පතන 
ආදරය කොතන ඇතිද 
එවැනි ආදරයක් හමුවෙන තුරාවට 
මගේ හිත මම කාට හෝ නොදෙනු ඇති ...

කේ. එල්. ඒ නලින් නිශාන් කුමාර 

Friday, July 20, 2012

සිතැත්තී


සිතන්නවත් බැරි දුරක සිටි ඔබ.....
දැන් මගේ නේතු අද්දරට ඇවිත් 
මේක හීනයක්ද
නේතු පිසදාල බලන්නත් හිතුන 
නැ ඒ ඔබමයි....
සිහිනයක් විතරක් වෙලා හිටපු ඔබ 
මට හිතුනෙම ඔබ වෙන හදවතක 
පිපිලා ඇති කියල 
ජිවිතේ මෙතරම් සුන්දරද ..
ඔබ මගේ හදවතේ පිපෙන්න 
අවසර ඉල්ලනවා 
මම මොනවා කරන්නද 
මගේ එකම පැතුමත් එකමයි ......

මම 
කේ. එල්. ඒ නලින් නිශාන් කුමාර...  

Wednesday, June 20, 2012

රිදී තාරකා..........




ඉගිල්ලෙන කුරුල්ලන්ගේන්වත් පාර අහගෙන
ඔබ ගාවට එන්න ඇත්නම් 
රැට අහසේ පායන තරුවලින්වත් පාර හොයාගෙන 
ඔයා ගාවට එන්න පුලුවන්නම්
හැමදාම පාරකියපු සද එලියවත් 
පාර කියනවනම් 
මට ඔයාව හොයා ගෙන එන්න තිබුනා
එත් 
හැමදාම මගේ ලග ඉන්න හිටපු ඔයා 
හැමදාම මාව සතුටින් තියපු ඔයා 
මගේ ඇස්වලට කදුලක් තියල 
සදහටම යන්න ගිහින් .....
දෙවියන්වත් පාර කියයිද මට ඔයා ගාවට එන්න.....

මම 
කේ .එල් .ඒ නලින් නිශාන් කුමාර 

Tuesday, May 8, 2012

සදවතියක්......


පායා එන්නට අවසර ඉල්ලන 
සදවතියක් ඇත මගේ ලොවේ 
එනමුදු ඈ හට අවසර දෙන්නට 
නොසිතෙයි මාහට ......

ජිවිතයට අවැසි උනත් එළියක් 
නොසිතෙයි ලැබෙයි කියා 
පතනා එළියක් ඇගෙන්  
නොහැක මට තව වරක් 
කඩාගන්නට මගේ හදවත 

තව බොහෝදුර ඇත ගෙවන්නට 
ජිවිත ගමන .....
අවැසි උනොත් එළියක් එගමනට 
සොයාගනිමි මතු යම් දිනක එය 
එහෙත් අද සිටිනා තැන සිට 
අවැසි නොවේ එළියක් මා හට....

මම
කේ.එල්.ඒ නලින් නිශාන් කුමාර...

Tuesday, April 24, 2012

මවක් දුටිමි ........


සැබැවින්ම ඇය මවකි 
ඇය දයාබර බිරිදකි 
එහෙත් දැන් ඇය සැමියා අහිමි බිරිදකි 
ඔහු මෙලොව හැරගිය දිනේ මගේ නෙතටද 
කදුළු ඉනුවේය ඔහු එතරම් දයාබර පියෙකි 
ඇගේ නෙත තවමත් හැඩුම් බරය 
එහෙත් දරුවන් නිසාවෙන් දිරිගෙන සිටින බව පෙනේ 
තවමත් ඔවුනට හය හතර නොතේරෙන බව සැබෑය
එහෙයින් ඔවුනට ගානක් නැත 
දරුවනි අද ඔබේ මව සිනා සෙන්නේ ඔබ නිසාවෙනි 
මතුයම් දිනක වැරදීමෙන් හෝ ඔබේ මවගේ නෙතට 
සතුටු කදුලක් මිස දුක් කදුලක් නොදෙන මෙන් ඔබෙන් මම 
ඉල්ලා සිටිමි ......
මවුනි ඔබ සැබැවින්ම දිරිය මවකි.... 

මම N N K.....

Sunday, April 22, 2012

අපි අපේ වෙලා .......


මේ වැස්සට මම ආදරේ...
මොකද මේ වගේ වැස්සක 
දවසක තමයි ඔයාව මට හමුවුනේ 
එදා ඒ වැස්සෙන් බේරෙන්න 
හිසට සෙවනක් වෙච්ච ඒ කුඩේ අයිතිකාරිය 
මගේ හිතට මගේ ජීවිතේට සෙවනක් වෙයිකියල 
ඒ මොහොතේ මට හිතුනෙම නැ
කාලය ගතවෙලා හිත් එකතුවෙලා 
සම්බන්දකම් ඇතිවෙලා අපි අපේ වෙලා 
හරියට අද ඊයෙ වගේ හිතාගන්නත් බැ


මම 
කේ. එල් .ඒ නලින් නිශාන් කුමාර.....

Tuesday, April 17, 2012

පුංචි කෙල්ල......


ගං ඉවුරට වෙලා මම බලන් හිටිය ඔබ එනකන් 
එත් ඔබ තාම  නැ  
දවසක් මට මතකයි අද වගේම 
වෙනස එදා ඔබ මගේ ගාව හිටිය
එදත් මේ වගේම හද පායල තිබුන 
ඈතින් පේන දාගැබට හද එලිය වැටිලා 
කිරිකලයක් උතුරනවා වගේ පෙනුනා 
හද එලිය වැව් දියට එබිකම් කරලා 
කිරි සයුර වගේ පෙනුනා 
පරිසරයේම තිබුනේ අමුතුම ලස්සනක් 
අපි දෙන්නම හිටියේ ඒ ලස්සනට වශී වෙලා
පරිසරයේ තිබිච්ච ඒ ලස්සනට නොදෙවැනි වෙච්ච 
ලස්සනක් ඔය පුංචි කෙල්ලගේ මම දැක්ක   
මමත් දන්නෙම නැතිව ඔයා මගේ හිත අරන් ගිහින්
 කොහොම හරි ඔය මායාකාරියට මම අහු උනා 
අද අවුරුදු කීපයක් ගිහින් වුනත් අපි වෙනස් වෙලා නැ 
හැතැම්ම සිය දහස් ගානක් ගෙවාගෙන වෙසක් සද බලන්න 
ඔයා එනවා කියල පොරොන්දු උනා 
මම දන්නවා ඔයා ඒවි කොයි මොහොතේ  හරි 
එතකන් මම බලන් ඉන්නවා.....
මම ...
N N K.....

Saturday, April 7, 2012

නැති උනත් සුභ පතන්නට ලග

නැති උනත් සුභ පතන්නට ලග 
සිටි හැමවිටම ලග 
සුභ පැතුවා මතකයි පළමුව මම 
ඒ වුනත් අද සුභ පතනවා මෙලෙසින් මම 
යන ගමන සාර්ථකව යන්නට 
ඉදිරියට එන බාදක මැඩලන්නට 
ලැබේවා ශක්තිය ආත්ම විස්වාසය ඔබට 
ඇතොත් යන මග රුදු සර්පයින් 
අධ වේවා ඔවුනගේ නෙත් නොපෙනෙන්නට  ඔබව 
ඇතොත් රලුබෝරෝලු මං මාවත් යන ගමනට 
පෙරලේවා තෘණ බිම් බවට 
ගෙන ආවොත් දැඩි රශ්මිය විඩාව 
ඇතිවේව සිතල සුලන් දහරා නිවන්නට විඩාව 
ඔබේ ජය නෙතින් දකින්නට ලැබේවා 
නොදැන ඔබ හා සමුගන්නට පෙර ලක් මවගෙන් මම........ 

Monday, February 27, 2012

සිහිනෙන්වත් ඇවිත් ඔබ මට පෙම් බදිනවානම්


   

කාලයක් හිතුමතේ පාවෙලා ගිය මගේ ලෝකේ 
හදිසියේම එක තැනක ආයිමත් සැරයක් 
නැවතුනාද කියල මට හිතුනා 
එත් ඒ වෙනකොට ඇත්තටම මම තැනක නැවතිලා 
සුපුරුදු මායම් රාශියක් මැද්දේ නොපුරුදු එක මායමකට 
මාව අහුවෙලා ....
නොපුරුදු මායම මොකද්ද කියල හිතන්වත් එක්කම 
ඒ මායම් කාරී හදවතේ ඉඩ හොයාගෙන 
ජිවිතේ හරිම පුදුමයි අදුරන්නේවත් නැති කෙනෙකුට 
එහෙම ඉඩ දෙන්න පුලුවන්ද ...
මටම ගැටළුවක් 
මායම් කාරිව අදුරගන්න හදනකොට මම පරක්කු වැඩිනම් 
දිනකට දෙකකට කලින් සදහටම ඒ මායම් කාරී වෙන කෙනෙක්ගේ
වෙලානම් ...... 
සිහිනෙන්වත් ඇවිදින් ඔබ මට පෙම් කරනවා නම්......................................
මම    N N K.......

Tuesday, February 7, 2012

ඕනමද ???


මලකට රේණු ඕනමද ?
අහසට වලාකුළු ඕනමද ?
රාත්‍රියට අහසට සද තරු ඕනමද ?
මුහුදට රැලි ඕනමද ?
කුරුල්ලන්ට පියබන්න පුළුවන් 
වෙන්නම ඕනද ?
වැවකට වේල්ලක් තියෙන්නම 
ඕනද ?
ජීවිතේට ආදරේ නැතුවම බැරිද ??????

මම N N K......

Tuesday, January 24, 2012

ආදරය බුද්ධිමත් මිනිසා මුලාවට පත් කරයි ......


මත්තෘකාව සැර වැඩිද මන්ද?? කොහොම උනත් කතා කරන්න ඕන කියල හිතුනු නිසාම ලියන්න හිතුන.. අපි මිනිස්සු කියල කියන්නේ හිතන්න පුළුවන් මොලෙන් වැඩ කරන්න පුළුවන් අය නිසා කියල සමහරු කියනවා. ඇත්ත මිනිස්සු වන ඔබට මට හිතන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් මොලයක් තියනවා එක මිනිස්සු වෙච්ච අපිට ලැබිච්ච ලොකු වාසනාවක්. මොකද මොලේ ලොකු වෙන තරමට හිතන්න පුළුවන් උනානම් බුද්ධිමත් තීරණ ගන්න පුළුවන් උනානම් දියුණුම ජාතිය මිනිස් ජාතිය නොවෙන්න පුළුවන් වුනු නිසා.. කොහොම උනත් මේලෝකේ ඉන්න දියුණුම ජාතිය කියාගන්න මිනිස් ජාතියේ සමහරක් කරන සමහරක් වැඩ නිසා ඒ ගැන දෙපාරක් හිතන්න වෙනවා. ගොඩක් දෙනාට වැරදෙන්නේ ආදරය කියන තැනදී.. "සමහරක් රජවරු පවා ඔටුන්නත් දාල ගියාලු නේ ආදරේ නිසා" සමහරක් ඒ විදියටත් කියයි. ඇත්ත සැබැ ආදරය හමුවේ ඕන දෙයක් අත අරින්න ඕන කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන. මොකද එකට තමයි ආදරය කියන්නේ.. එත් අපි මොන දෙකරන්නත් කලින් මොලෙන් හිතන්න ඕන.. අපි අපේ සංස්කෘතිය ගැන හිතන්න ඕන.. ගොඩක් දෙනා කියයි ඔය හැම දේම බලබලා හිටියොත් වෙන්න ඕන හරිය වෙලතියෙයි කියල. එත් ඒ දේවල් නොබැලුවොත් පස්සේ වෙන දේවල් ගැන හිතල දුක් වෙන්න වෙයි.. අපි ජිවිතයක් ලබන්නේ ආදරයක් නිසා අපි ජිවත් වෙන්නේ ආදරයක් නිසා අපේ හැමදාම ජීවිතය රදාපවතින්නේ ආදරය නිසා එක ඇත්ත එත් මම කිව්වොත් ආදරය නිසාම ගොඩක් අය ජිවිතේ වැරැද්ද ගන්නව කියල........ ඇයි මෙහෙම වෙන්නේ සමහරෙකුට ආදරය තේරුම් ගන්න බැරි වෙනවා සමහරෙකුට ආදරේ අදුරගන්න බැරි වෙනවා තවකෙක් තවෙකෙකුට ආදරේ කරන කෙනෙකුට ආදරේ කරනවා වෙන්න පුළුවන් සමහරු විහිලුවට ආදරේ කරනවා එත් මේ ඔදක් දෙනා දන්නේ නැ මේ සෙල්ලම් කරන්නේ තමන්ගේ වටිනා ජිවිතේ එක්ක කියල. වෙලාවකට තමන් පතන ආදරේ තමන්ට නොලැබෙන්න පුළුවන්. එක තමන් පතන ආපු හැටි වෙන්න ඇති. මොකද එක අයෙක්ගේ ආදරේ නොලැබුණා කියල තමන්ගේ ජිවිතේ නැති වෙන්නේ නැනේ. අනික අපි කැමති කෙනා අනිවාර්යයෙන්ම තමන්ට කැමති වෙන්න ඕන කියල නියමයකුත් නැනේ මොකද අපිට කැමති කිදෙනෙක්ට අපි කැමති නොවී ඇත්ද? ආදර කියන්නේ ඇතිවෙන ඕන දෙයක් ඇරෙන්න බලෙන් ඇතිකළ ගත යුතු දෙයක්වත් අනුකම්පාව නිසා ඇතිවිය යුතු දෙයක්වත් නෙවෙයි.. ඒවාට උදාහරණ ඕනෑතරම් අපි ඉස්කෝලේ ගිය දවස් වල දන්නවා ඇතිනේ . දැන් මේකාලේ ඇතිවෙන්න ඕන ආදරයක් හොදින් දැන හදුනා ගෙන පවතින්න පුළුවන් ආදරයක්.. සමහර අපිට පාර කියල දීපු අයට අකුරෙන් අකුර කියල දෙන්න වීම ගැන ඇත්තටම මම කනගාටු වෙනවා.. සමහර විට එක හිතීමේ දුර්වල තාවයක් වෙන්න ඇති. එත් කවුරු උනත් රැ වැටුන වලේ දවල් වැටෙනවට මම කැමති නැ.. අපි ආදරේ කරන්න ඕන අපි ආදරේ ලබන්න ඕන අපි ආදරේ බෙදන්න ඕන මේ සියලු දේවල් අපි කරන්න ඕන එත් කාගෙවත් හිත රිද්දන්න නැතුව. සමහරෙක් ඔබට මට ආදරේ කරන්න ඇති එත් එය අපිට ඒ වෙලාවේ වැටහෙන්න නැතුව ඇති ඒ නිසාම ඔහු හෝ ඇය වෙනෙකෙකුට ආදර කරන්න ඇති එත් දැන්   අප නින්දෙන් නැගිට අයෙකු මෙන් පසු පස යාමෙන් පලක් නැත මන්දයත් ඔහු හෝ ඇය වෙනෙකෙකුට ආදරය කරන නිසා.. ජීවිතය මෙයයි.. මන්දගාමි වුවහොත්         අපට අවස්ථාවක් නොලැබී යනු ඇත. විටක එය අපගේ සුබසිද්දිය සදහා හේතුවනු ඇත. බුද්ධිමත් මිනිස් මොලයෙන් සිතා බලා කටයුතු කිරීම නුවනට හුරු ක්‍රියාවකි මන්දයත්  අප සියලු දෙනා දිනක මෙලොවේ කුමන හෝ තැනක මුහුණට මුහුණ හමුවීමට හැකිනිසා.   නුවනින් කටයිතුකරන්න 

නිශාන් 

Friday, January 20, 2012

හඩ විකුණන යුවතියකට පෙම් කලෙමි .......


දිනක් හදිසියේම ඇසුණු හඩ 
ඔබේම වේයැයි සිහිනෙකින්වත් සිතුවේ නැත 
එත් ඒ ඔබේ හඩයි
හදවතේ ඉතිරිව තිබු මතකය යලි අලුත් වන්නට විය 
ඒ වසර කිහිපයක් අසාවෙන් අසාසිටි ඔබේ හඩම විය
ඒ හඩ එකල තරම් ජීව ගුණයක් මට නොතේරුණත් 
එකල ඔබේ ඉලක්කය කරා ඔබ ගමන් කොට ඇත 
ඔබ ඔබේ හඩ සමගින් රුව යහමින් අලෙවි කරගෙන ඇත 
දැන් ඔබට වටිනාකමක් ඇත
එත් දැන් ඔබ මට එක යුවතියක් පමණක්ම විය 
ඔබේ අරමුණ කරා ගමන් කිරීම ගැන මට ඇත්තේ 
නිහත මානි සතුටකි 
මන්දයත් ඔබ එතන සිටීම ගැන වැඩිපුරම 
හීන දුටුවේ මානිසාවෙනි
එත් ඒ ගමනේදී ඔබට අහිමි වුනු දෑ කොතෙක් දැයි 
මා නොදනිමි 
එහෙත් ඔබට මා අහිමි වුනු බව නම් මා හොදාකාරවම දනී ............

නිශාන්