Saturday, August 13, 2011

දැන් ඇය මවකි............

දිනක හදිසියේම 
පොදු ප්‍රවාහන සේවයක පිහිට පැතීමට සිදුවිය මට 
අමාරුවෙන් අසුනක් සොයාගතිමි මම 
ටික දුරක් යනවිට 
කුසතුල දරුසම්පතක් ඇති 
මවක් ගොඩවිය 
ඇයට අසුන මම සතුටින් පිරිනැමිණ 
ස්තුතියි පසුව මගේ නම ඇසිණ
මම හොදින් ඇය දෙස බැලිය 
මට අතීතය සිහිවිය 
මේ ඒ මාවතයි මට සිහිවිය 
මිට වසර ගණනකට පෙර 
පෙම්බස් දොඩමින් මා සමග ගමන් කල ඇ
අද මවකි 
ලෝකය කෙතරම් කුඩා වී ඇත්ද 
මේ පුංචි ලක් බිම කෙතරම් කුඩාද 
මා ඇයට සුබ පතා බැස ගියාය

4 comments:

  1. මේක නම් පට්ට....පට්ට වෙනස්....
    පට්ට ලයික්...මරු ඈ...

    ReplyDelete
  2. අත්දැකිමක් ද? ලොකේ පුංචි වගේම රවුම් නේ.. කොච්චර එපා උනත්..කැරකිලා..කැරකිලා එනකොට කොහෙන් හරි එකෙක් මාට්ටු වෙනවා...:P

    ReplyDelete
  3. ගහට ගහක් මොරටුවේදි හරි හම්බ වෙනවා කියන්නේ ඕකනේ.

    මට ගීයක් මතක් උනා.

    මේ නගරය මා ඔබ මුනගැසුන නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි...
    .......

    ReplyDelete
  4. ගොඩක් ලස්සනයි. මේ වගේ මොහොතක හිතට දැනෙන හැඟීම කොයි වගේ වෙයිද?

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....