Tuesday, August 9, 2011

හැරී බැලීම..........

අද අපහු සැරයක් ජිවිතේ ගැන හැරිලා බලන්න අවස්ථාවක් මට හම්බ වෙලා. අවුරුද්දක් පුරාවට නිමක් නැතිව අලුත්වන ලෝකයත් එක්ක තරගෙට දිව්ව මගේ ජිවිතේ  
හෙමිහිට නැවතිලා අනාගතය සැලසුම් කරන්න වගේම වෙච්ච අඩුපාඩු හදා ගන්න වගේම අදුර ගන්නත් හොද අවස්ථාවක් කියල මට හිතෙනවා. පහුගිය අවුරුද්දේ තිබිච්ච බැදීම් කැඩෙන කොට දුක කියන එක ඇතිඋනත් අලුතෙන් බැදීම් ඇතිවෙන කොට සතුටක් ඇති උනා. එක තමයි ලෝක සොබාවය කියල මම දන්නවා. සමහර අතාරින්න බැරිවෙයි කියල හිතුන  බැදීම් අතැරිලා යද්දී හිතට පුදුම සහනයක් දැනුන. සමහර අලුත් දේවල් තනියම හොයාගනිත්දී හිත අමුතු සතුටකින් පිරුන ඒ වගේම පලිදු වෙච්ච හොද නම අපහු ගොඩ නැගෙද්දී මට මම ගැනම ආඩම්බරයක් අතිඋනා. ඇත්තටම ගෙවුණු වසරනම් හොදයි. නමුත් ඒ වසරේදී මගේ අද්‍යාපනයට අලුතින් යමක් එකතු  කරන්න මට  හම්බ උනේ නැ. ඒ ගැන පුංචි කිවුවට පුන්චිමත් නැති කනගාටුවක් මට තියනවා. නමුත් එන වසරේදී ඒ හැම ඉලක්කයක්ම සපුරා ගන්න පුළුවන් වෙයි  කියල මම හිතනවා. ඉතින් මම හෙටින් අලුත් ජිවිතයක් පටන් ගන්නවා. එක වචනෙන් වගේම ක්‍රියාවෙන් සහ හැගීමෙන් හා බාහිරින් යන හැම ආකාරයකටම සිද්ද වෙනවා ඉතින් ඔයාල දකින මේ බ්ලොග් එක පවා හෙට ඉදල අලුත් මුහුණුවරක් ගන්නවා. ඇත්තටම මේ බ්ලොග් එක පටන් අරන් අදට දවස් 12 ක් 13 ක් වෙනවා මට යාලුවෝ 15 දෙනෙක් මෙවෙනවිට ස්ථිරව ඉන්නවා ඒවගේම 300 යකට වඩා මේක බලල තියනවා. ඔය ගොල්ලෝ හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඒවගේම නොකියා බැරිදෙයක් තියනවා ඒ තමයි බ්ලොග් එකක් පටන් ගන්න මට ආසාවක් තිබුනත් ඒ ගැන මම වැඩිපුර හිතුවේ නැ නමුත් මගේ හොද යාලුවෙක් මට කිව්වා බ්ලොග් එකක් පටන්ගන්න කියල. ඉතින් ඒ විදියට තමයි මේකේ පටන් ගැනීම සිද්ද උනේ. මම මගේ ඒ යාලුවටත් විශේෂයෙන්ම ස්තුති කරනවා මට අදහසක් දුන්න එක ගැන. පහුගිය අවුරුද්ද ගැන ඇත්තටම මම සතුටින්. ජිවිතේ කියන්නේ අබියෝග හමුවේ නොසැලී ජිවත් වීම කියල තමයි මම හැමදාම හිතුවේ ඉදිරියටත් එක ඒ වගේම තමයි.
මම N N K..................

2 comments:

  1. හොදයි.. ඒ අලුත් මුහුණුවරත් එක්ක මමත් දිගටම රැදි ඉන්නවා..සුබ පැතුම් ඉදිරියටම යන්න..:)

    ReplyDelete
  2. මාත් දිගටම ඔයාගෙ බ්ලොග් එකත් එක්ක ඉන්නවා. බ්ලොග් කියවන්න ආවොත් අනිවාර්යෙන් ඔයාගෙ බ්ලොග් 1 බලනවාමයි. තවත් ලස්සනට ලියන්නත්, සිය දහස් ගණනින් කියවන අය වැඩි වෙන්නත් සුබ පතනවා. හැම දෙයක්ම හොඳ විදිහට වෙනස් කරගත්තාට කමක් නෑ. අලුත් වෙනස ලස්සනයි. :)

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....