සුන්දර අහිංසක යෞවනයකුගේ සිත කදුලින් තෙත් කල "අහිමි ආදරය" ..............................
ඔහුට ඇය දෙවොලක් විය නමුදු ඇයට ඔහු ඉනිමගක් පමණක් විය.......
තව දින කිහිපයක් ගතවිය. තවත් දවසක හවස් යාමයක හදිසියේම අරුණගේ දුරකථනය නාදවි නවතින . ඔහු දුරකථන තිරය දෙස බැලුවිට දුටුවේ ගිහන්සා යනුවෙන් එහි සටහන්ව ඇති අන්දමයි. පසුව ඔහුත් ඇගේ දුරකථනය වරක් නාද කොට ප්‍රතිචාර දැක්විය. පසුව ඇගෙන් කෙටි පණිවිඩයක් ලැබිණි. එහි මෙසේ සදහන් විය.
"ඇයි මේ මිස් කෝල්ස් ගහන්නේ " යනුවෙන් එහි සදහන් විය. ඔහුත් පෙරලා කෙටි පණිවිඩයක් යැවුවේය. එහි මෙසේ සදහන් විය "ඔයානේ පටන් ගත්තේ "
ඇගෙන් තවත් පණිවිඩයක් ලැබිණ " අනේ නැ මම කොලබ ඉදල එනගමන් " යැයි එහිසදහන් විය..
පසුදින උදැසන යලිත් ඇය ඔහු ඇමතුවාය ඒ බුක් මාර්ක් වල මුදල් ලබාගැනීමට හැකිදැයි විමසීමටයි. ඒඅනුව එසදහා තැනක් වෙලාවක් ඔවුන් විසින් තීරණය කොට සංවාදය අවසන් විය. ඒඅනුව අරුණ විසින් ඇය කියූ තැනට මුදල් ගෙන ගියාය. ඇය පැමිණ සිටියේ මව සමගිනි. මින්පෙර පාසල් ඇදුමින් සරසිසිටිම පමණක් දැක සිටි අරුණට ඇස් අදහා ගත නොහැකිවිය. මන්දයත් ඇගේ පෙනුම හා ඇය ඇදසිටි ඇදුම හුදෙක් තමාගේ සිහින කුමරියට ගැලපීම එයට හේතුවයි. මදවේලාවක් ඇය දෙස බලා සිටි අරුණට යලිත් ඇගේ හඩින් පියවි ලෝකයට පැමිණියාය. ආඅ මම මිට කලින් ඔයාව මෙහෙම දැකල නැනේ. අපහසු තාවය මකා ගැනීමට ඔහු එසේ පැවසිය. ඇගේ මවත් අරුණ සමග කුළුපගව කතාකලාය. අනතුරුව ඇයට ගමන් කිරීමට අවශ්ෂ බස් රථය පැමිණීම නිසා ඔවුන් වෙන්ව ගියහ.
නමුත් අරුණගේ හිතේ යම්කිසි චකිතයක් කුතුහලයක් සහ කුමක්දෝ පෙරලියක් වෙමින් පැවතුනි..
*******************************************
මෙසේ දින කිහිපයක් ගත වෙත්ම අරුණ හා ගිහන්සා අතර මිත්‍රත්වයක් ගොඩනැගිනි. දිනකට දෙදෙනාම කිහිප වතාවක් ම කතාකලාය. ඇගේ සමහරක් ප්‍රශ්න ඇය ඔහුට පැවසිය. දිනක් හදිසියේම ඇය කියූ කරනා දෙකක් නිසා ඔහුගේ සිත කුතුහලයෙන් හා සංවේගයෙන් පරිනි. ඒවා නම් ඇය කැමති ප්රිමි ලමයකුගේ හැඩරුව හා නමුත් ඇයට කිසිම දිනක විවාහ වීමට නොහැකි බවයි. අරුණ විසින් එම අවස්ථාවේ ඒ ඇයි කියා විමසා සිටියත් ලොකු හේතුවක් තියනවා කියමින් පිළිතුරු දීම මග හැර ගියාය. පසුදින සවස අරුණ උපකාරක පන්තියට ගියත් එය නොපැවැත්වූ නිසා ඔහුගේ හොදම යාලුවා වන සමීර සමගින් වෙරළට ගියාය . ඔවුන් විශේෂ වැඩක් නැති විවේකි සෑම අවස්ථාවකම මෙහි පැමිණීම පුරුද්දක් කරගෙන තිබිණ. පපින ඔවුනට අති ප්‍රශ්න විවේකිව කතා බහ කලාය. මෙසේ කතා කරන අතර තුර ඇය පැවසු දෙය අරුණ විසින් සමීර හට පැවසුවාය. සමීර පැවසු අන්දමට ඒ හැඩරුව අරුණට සමාන විය. නමුත් අනෙක් කරණය සදහා පිළිතුරක් දීමට ඔහු මැලිවුවාය. නමුත් අරුණ පැවසුවේ ඇයට මොන ගැටලුව තිබුනත් ජීවිතය වැරදි තිබුනත් ඇය තමාට කැමතිනම් තමා ඇය විවාහ කරගන්න බවයි. ඒඅනුව ඇය පිළිබද සිතක් ඇතිබව අරුණට පිළිගැනීමට සිදුවිය. මෙපිබද දැන සිටියේ සමීර පමණි.
ඒ අනුව ඇගේ උපන් දිනය ගැන අරුණට දැන ගැනීමට අරුණට අවශ්ෂ්‍ය විය ඒ සදහා අරුණ තමාගේ යෙහෙළියකගේ සහය පැතුවය. ඇය අරුණට අවශ්‍ය දේ කර දුනි......
**********************************************************************
දිනක් අරුණ රාත්‍රී නින්දට ගොස් සිටි මොහොතක දුරකථනය නාදවිය. ඒ ඇමතුම ඇගෙන් විය. වෙලාව මද්යම රාත්‍රියට ආසන්නව තිබිණ. ඇගේ හඩ සෙමෙන් හැඩුම් බරව තිබිණි. ඇය දිගට ම කතාකරගෙන ගියාය ඇය පැවසුවේ ඇයට ඇති ප්‍රශ්නයි ඇයි ඇයට විවාහ වීමට නොහැකි යන්නත් ඇය පැවසුවාය. ඒ ඇයට පරම්පරා ගත රෝගයක් වැළදීමට ඉඩ ඇති බවත් දැනට එම රෝගයෙන් ඇගේ මිත්තනිය විදවන බවත් ඇය පැවසුවාය. අරුණට මෙය අලුත් අත්දැකීමක් විය. ජිවිතයේ පළමු වතාවට යුවතියක් මද්යම රාත්‍රියත් ඉක්මවා ගොස් ඇති මොහොතක තමා සමග කතා කරනවා. ඇත්තෙන්ම අරුණ බිය වී සිටියාය ඒ ගෙදර උදවිය
නින්දෙන් අවදි වී ප්‍රශ්නයක් ඇතිවෙයි. ඔහුට දුරකථනය විසන්දි කිරීමට අවශ්‍ය වුවත් ඇගෙන් ඊට ඉඩක් නොවිය.. කෙසේවෙතත් අලුයම 4 පමණ ඇයට නින්ද යනතෙක් සංවාදය පැවතින. අන්තිමට අරුණ ඇයට "ඕනෑම දෙකට මම ඔයාට ඉන්නවා යැයි" පැවසිය.
සමාජයේ මද්යම පන්තික පවුලක ලාබාලම දරුවෙකු සහ සහෝදර සහෝදරියන් 4 ර දෙනුකුගේ සුරතලය මත හැදුනු ඔහු හට පවුල් වල ප්‍රශ්න ගැන හෝ සමාජයේ ප්‍රශ්න ගැන එතරම් අවබෝදයක් නොවිය. නමුදු ඔහු තමන්ගේ මනස හා තර්ක කොට යමක් දිහා වෙන අයෙකුට වඩා දුරට සිතනු ලබයි. ඔහු සෑම දෙයක් දිහාම වෙනස් ම කෝණයකින් බලන්නෙකු විය. එනිසාම මේදේවල් ඔහුට අලුත් ඇත දැකීම් විය ...
ඔහුට තවත් වදදෙන ගැටළුවක් විය ඒ නම් ගිහන්සා කතාකරන හැම මොහොතකම එක් පැනයක් නැගුවාය එනම් " ඇයි අරුණ අපි මෙහෙම කතාකරන්නේ " අරුණට දීමට පිලිතිරක් නොවිය ඇය විමසන්නේ ආදරය ගැනද ඔහුට ප්‍රශ්නයක් විය ටක වෙලාවකින් ඔහු අපි හොද යාලුවෝ නිසා වෙන්න ඇති යැයි පවසමින් කතාව මග හරියි නමුදු ඔහුගේ සිතේ පැනය ඉතුරුව පවතී.. ඇත්තටම ඇයි ඔවුන් කතා කරන්නේ එලෙසින් ..
*****************************************************************
මතු සම්බන්දයි.............
කියන්න දෙයක් නම් හිතාගන්න බෑ. හරිම සංවේදියි. මේකෙ අවසානය දුකයි කියලා දැනටමත් දන්න නිසා වෙන්න ඇති එහෙම දැනෙන්නෙ. ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න.
ReplyDelete