Tuesday, August 2, 2011

අහිමි ආදරය .....................................( 3 වන කොටස )

සුන්දර අහිංසක යෞවනයකුගේ සිත කදුලින් තෙත් කල "අහිමි ආදරය"..............................
ඔහුට ඇය දෙවොලක් විය නමුදු ඇයට ඔහු ඉනිමගක් පමණක් විය.......

කාලය ගෙමෙන් ගෙවී ගියේය කෙමෙන් කෙමෙන් ගිහන්සාගේ උපන් දිනය ලංවිය. අරුණ විසින් කල් තියාම යට සුබපැතුම් පතක් තැපැල් කොට තිබිණි. අනතුරුව උපන්දින මද්යම රාත්‍රියේ ඔහු ඇයට කතා කොට සුබ පැතුවාය.මේසියල්ල තමාට අලුත් යැයි ඇය ඔහු හට පැවසුවාය. නමුදු මේසියල්ල ඇයට පමණක් නොව ඔහුටද නවමු අත්දැකීම් විය. ඇය හදවතින්ම ඔහුට ස්තුතිකලාය. මේසියල්ල මෙසේ සිදුවෙත්දී ඇය හා ඔහු දවසට එකවරක් වත් කතාකිරීම පුරුද්දක් විය. එවන විට අරුණගේ සිතේ ඇතිවූ ආදරය නමැති කුඩා සිතුවිල්ල දළුලා වැඩෙන ගසක් බවට පත් වෙමින් තිබිණ. ඇයත් වැඩෙන ගසට පොහොර දමන්නක් මෙන් ඇය පාසල නිම වී පාසැල අසල ඇති දුරකථන කුටියෙන් ඔහුව ඇමතිය. තවද සිදුවෙන  සියලු සිදුවීම් තොරක් නැතිව අරුණට පැවසුවේය. මේසියල්ල අතරේ අරුණ විසින් ඇයට තමා ආදරය කරනා යුවතියක් සිටින බව පැවසුවේය. එවිට ඇගෙන් ඔහුට නිමක් නැති විය .  සැමවිට ඇය කවුරුන්ද යන වග ප්‍රශ්න කලාය. ඔහු එය නොපවසන කල ඇය ඔහු හා තරහ විය.
         ඔහුට තමා කරගත් මෝඩකමක් යැයි සිතින. එහෙත් ඇය දින කිහිපයක් යන තුරු කතා නොකලාය. අනතුරු ඔහු කෙසේ හෝ පවසමි යන මතයෙන් ඇයට ඇමතුමක් ගත්තාය. ඇය ඇමතුමට සම්බන්ද විය නමුත් පළමු පැනය වුයේ "එයා කවුද කියනවද නැද්ද"
හරි මම කියන්නම් ඔයා මත් එක්ක තරහ වෙන්න එපා යැයි ඔහු පැවසුවේය. තවත් ඔහු ඇයට බොහෝසෙයින් ආදරය කරනා බවත් ඇය නොලැබුනොත් කිසිවෙකුටත් ආදරය නොකරන බවටත් ප්‍රකාශ කලාය. එහෙත් ඇයට දැනගැනීමට ඕන කම තිබුනේ ඇය කවුරුන්න්ද යන වග පමණි. 
අනතුරුව අරුණ බොහොමත්ම සෙමෙන් වචන ගැට ගසමින්  ඒ ඔයා යැයි පැවසිය
මට ඇහුනේ නෑ ඇය කිවේය 
"ඒ වෙන කවුරුත් නෙමෙයි ඔයා" ඔහු නැවත වරක් කිවේය.
මිනිත්තු කිහිපයක් දුරකතනයේ  රැදීසිටි ඇය එකවරම කිසිවක් නොකියාම දුරකථනය විසන්දි කලාය.
ඔහු නැවත එයට සම්බන්ද වීමට උත්සහ ගත්තත් එය පලක් නොවිය....
                                                 *****************************************
පැයකිහිපයක් ගතවිය. අරුණගේ දුරකථනය නාදවිය ඒ ඇයයි ඔහු ඇමතුමට සම්බන්දවිය. අරුණ ඇයි ඔයා මම ගැන එහෙම හිතුවේ මම කවදාවත්ම එහෙම හිතුවේ නෑ. අනික මගේවයසේ කවුරුත් මගෙන් එහෙම අහලත් නෑ. කියන්න ඔයා විහිළුවක් නේ  කලේ. ඇය කියා ගෙන ගියාය.
නැහැ ගිහන්සා මම ඇත්ත කිවුවේ මම ඔයාට ආදරෙයි. ඇත්තමයි . මම දන්නේ නෑ ඇයි කියල එත් එක ඇත්තයි.
අරුණ මට මේගැන හිතන්න ඕන 
ඔයාට කැමති තරම් කාලයක් ගන්න මම ඉන්නම් කමක් නෑ 
අරුණ දුරකථනය විසන්දි කලාය.
               මෙලෙස සති දෙකක් පමන ගතවිය. ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වය එලෙසින්ම පැවතිනි පසුගිය දිනක සිදුවුසිදුවීම සිදුවුවද යන්නවත් දෙදෙනාට මතක තිබුනේ නැත. සිදිවුයේ දෙදෙනා  තවත් ලංවීම පමණි. දිනක් ඇගෙන් ඔහුට කෙටි පණිවිඩයක් ලැබිණි. එහි සදහන් ද මෙසේයි 
"මම ඔයාට කැමති වෙන්නම් හැබැයි අපේ ගෙදරින් අකමැති උනොත් අපි මේක නවත්වන්න ඕන "  
ඔහු පෙරලා පණිවිඩයක් යැවුවේය මට ඔයාව ඕන පේරාදෙණියේ ලව් ලෙන් එකේ ඇවිදින්න නෙවෙයි.
ඇය ඔහු ඇමතිය මොකද එකේ තේරුම ඇය ඇසිය 
එකෙතෙරුම මට ඔයාව ඕන හැමදකට මිසක් ටික දවසකට නෙමෙයි කියන එක.
එහෙමද අපි බලමු ඇය දුරකථනය විසන්දි කලාය.
ටික වෙලාවකට පසුව ඇගෙන් නැවතත් කෙටි පණිවිඩයක් ලැබිණ. එහි මෙසේ සදහන් විය "හරි හරි මම ඔයාට කැමතියි එකියන්නේ මම ඔයාට ආදරෙයි  "
තවත් පණිවිඩයක් ලැබිණි එහි මෙසේ සදහන් විය iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
                                                                            llllllllllllllllllllllllllllllllllllllllllll
                                                                            ooooooooooooooo
                                                                            vvvvvvvvvvvvvvvvvvv
                                                                            eeeeeeeeeeeeeee
                                                                             yyyyyyyyyyyyyyyyyyy
                                                                             ooooooooooooooo
                                                                             uuuuuuuuuuuuuuuuu
අරුණගේ සිතේ එකමලක් නොව මල් යායක් පිපිනි ඔහුට ඉන්න තැන පවා අමතක විය. ඔහුට මෙය සතයක් ද යනවග තේරුම් ගැනීමට අවශ්‍ය  විය ඔහු තම දෑතින්ම තම කම්බුලට පහරක් ගසා ගත්තේය. සැබෑවකි ඔහුට වට හිනි ඔහු ඇයට ඇමතුමක් ගත්තේය ඔයා ඇත්තමද කියන්න මට 
"ඇත්ත එත් මට කියන්න ලැජ්ජයි"  ඇය පැවසිය. ඇය ඔහුගෙන් ඉල්ලීමක් කලාය මේගැන කිසිවෙකුට නොපවසන ලෙසත් හෙට ඇයට ඔහුව දැකීමට උවමනා බවත් එමනිසා පාසල් හන්දියේ සිටින ලෙසත් එහෙත් තමන්ව නොසොයන ලෙසත් පැවසිය ඒ සියල්ලට ඔහු විය. මෙසේ මේ සංවාදය දික් වෙද්දී අරුණගේ දුර කථනයේ මුදල් අවසන්විය එය දයිවයේ සරදමක් වන්නට ඇත. ඇය ඔහුට කතාකලද ඇයගේත් මුදල් අවසන් විය . කතාකරන්නට බොහෝදෙ තිබුනත් ඊට ඉඩක් නොතිබිණි. එදින අරුණ නින්දට ගියේ සැහැල්ලු සිතිනි. ඔහුට එම රාත්‍රිය වෙනදට වඩා දිගු රාත්‍රියක් විය. 
                                               පසුදා අලුයම පටන් ඇය කතාකලත් ඔහුට ඇමතුමක් ගැනීමට නොහැකි විය. පසුව පාසල් යන ගමන් ඇය වෙත ඇමතුමක් ගත්තාය 
එවිට ඇය පැවසුවේ තමාට අද පාසල් ඒමට නොහැකි වූ නිසා පෙරකි ස්ථානයේ නොසිටින ලෙසටයි. 
අරුණ විමසුවේ ඇයි පාසල් නොඅවේ කියාය 
නින්දගියායි ඇය කෙටි පිලිතුරක්  දුන්නාය. දුරකථනය විසන්දි කොට ඔහු පාසලට ගියාය...
පාසලට ගියත් ඔහුට වැඩි වැඩක් තිබිනේ නැත එහෙයි විමර්ශන් අංශයට ගොස් මනෝවිද්‍යාව පොත තෝරා ගෙන පුටුවකට බර විය. එහෙත් ඔහුට පොත කියා වීමට නොහැකි විය. ඇගේ වෙනස් වීමක් ඇති සිතෙන්නට විය. කෙසේනමුදු පාසැල අවසන් වන වෙලාව වන විට උඩින් පල්ලෙන් පොත කියව අවසන් කර තිබිණි .
                                                                ********************************
ඔහු පාසල් අවසන්ව එනගමන් ඇයව ඇමතුවත් දුරකතනයට ඇය සම්බන්ද නොවිය. පසුව ඔහු නිවසට පැමිණ දිව ආහාරය ගෙන ඇය ඇමතිය එවිට ඇය සම්බන්ද විය. නමුත් මේ අවස්ථාවේ තමන් යම්කිසි වැඩක නිරතව සිටින නිසා පසුව අමතන්නම් යැයි පැවසිය.
පසුව අරුණ සමීරගේ ගෙදර ගියාය. ඔහු හා කතාබස් කොට සිදුවූ සිද්දීන් ඔහුට පැවසුවාය ඔහු හදපතුලෙන්ම අරුණට සුබ පැතුවේය. නැවත නිවසට පැමිණි අරුණට සවස් යාමයේ ඇගෙන් ඇමතුමක් ලැබිණි. අරුණ පෙරලා ඇයට ඇමතුමක් ගත්තාය . ඇය මෙසේ පැවසිය " අරුණ මට සමාවෙන්න මත් එක්ක තරහ වෙන්න එපා මට සමාවෙන්න මම කියන දෙ තෙරුම් ගන්න ඊයේ හවස ඉදල මගේ ඔලුව උඩ ලොකු බරක් තිබ්බ වගේ මට තේරෙන්නේ නෑ ඇයි කියල එත් මට හිතෙනවා අපි මේක නැවත්තුවොත් හොදයි කියල අනේ මට සමාවෙන්න අපි හොද යාලුවෝ වගේ ඉමු . අනේ මම කියන එක තේරුම් ගන්න."
අරුණට ඔහුගේ මුළු ලෝකය හරහා සුළි කුණාටුවක් හමා යන්න සේ දැනිණි. ඔහුගේ හිතේ පිපි තිබු මල් යායම ෂනයෙන් විනාස වී යන්න සේ දැනිණි. ඔහුට ඉන්න තැන පවා අමතක විය. දෑස් වලින් කදුළු කට පැන තිබුනේ ඔහුවත් නොදැනමය.
ඔහු ආයාසයෙන් වචන අහුලාගෙන කමක් නෑ හරි මම පස්සේ කතා කරන්නම් යැයි පවසා දුරකථනය විසන්දි කලාය. ඉන්පසු ඔහු පළමු කොට කලේ නාන කාමරයට ගොස් දොර වසාගෙන හඩුවාය අනතුරුව මුහුණ සෝදා ගෙන පැමිණ ඇදුමක් ඇදගෙන සමීර හමුවීමට පිටත්විය. නැවතත් ඇය කතාකලාය අනේ මට සමාවෙන්න අරුණ ඇය පැවසිය.
එක අවුලක් නෑ ඔහු හිතේ තිබු කැලබිම යට පත් කොට ගෙන කිවේය. ඇය දිගු කතාවකට  සුදානම් වුවත් ඔහුට ඕන වුනේ තනි වීමටය. එනිසා ඔහු දුරකථනය විසන්දි කලාය. අනතරුව තනිවම වෙරළට පැමිණ හුදකලාව කල්පනා කලාය. ඔහුට තන්නිවම මෙය දරා ගැනීමට නොහැකි විය. දහසක් බලා පොරොත්තු තබාසිටි ආදරය මෙසේවිම පිළිබද අරුණ සිටියේ බලවත් ලෙස ශෝක විය . ඔහු සමීරට ඇමතුමක් ගත්තාය. ඔහු සමිරසමග කතාකරන විට ඔහුට ඇඩිනි සමීර වහාම ඔහු සොයා පැමිණියාය. ඔවුන් කුමක් කලයුතුද කළහැකිද යන්න සිතුවාය. බොහොවෙලා වෙරළේ ගත කල ඔවුන් අවසානයේ තීරණයකට පැමිණියාය ඒ 
ඇය කැමති වෙන තාක් කල් ඇය සමග මිතුරෙකු ලෙස සිටින බවටයි මෙය අරුණගේ තීරණයක් වුවත් එයට සමීර කැමති නොවිය නමුදු ඔහු තීරණයට විරුද්ද නොවිය. ඔහු පැනයක් නැගුවේය ඒ "උබට පුලුවන්ද එහෙම ඉන්න එහෙම කවදාවත් නොවුනොත් "  අරුණගේ පිළිතුර මෙසේ විය මට පුළුවන් නැත්නම් හැමදාම යාලුවෙක් වගේ ඉන්නවා.
                                               **************************************************
මඩ ආකාරයක්  මැණිකක් සොයන අරුණගේ කතාව තවත් ඉදිරියට.......................
මතු සම්බන්දයි..... 

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කොහොම උනත් මට මේ කතාවෙ සමානකමක් පේනවා. හැමකතාවම එක වගේ නෙවෙයි නම් මේ වගේ කතාවක් මාත් දන්නවා. ඒ කියන්නෙ මේ කොටස (3) ගැන විතරයි. ගොඩක් ආසාවෙන් මම මේ කතාව කියවනවා. ඊලඟ කොටස ඉක්මනට ඕන. ටික දවසකට මම ඉන්න එකක් නෑ. :(

    ReplyDelete
  3. හැමෝගෙම කථාවල මේ වගේ කථාවක් තියෙනවාමයි. හ්ම්ම්..

    ReplyDelete
  4. යාළුවේ...ඔයාගෙ කතාව නම් ඇත්තෙන්ම ලස්සනයි...

    ඒත් ඔයාගෙම හොඳට මම දෙයක් කියන්නද..? දැනටම කීප සැරයක්ම මේ වරද දැක්ක නිසයි කියන්න හිතුවේ...ඔයා ලියද්දි සමහර තැන්වල ක්‍රියාපද වල ලිංග බේදය වරද්දනවා.ඒ වගේම ඒකවචන බහු වචනය ගැන සැලකීලිමක් නෑ...බොහෝ විට ඔහු - පැමිණියාය වගේ...

    කතාවෙ 2 කොටසෙ..

    ''අරුණ යලිත් ඇගේ හඩින් පියවි ලෝකයට පැමිණියාය.''
    ''දිනකට දෙදෙනාම කිහිප වතාවක් ම කතාකලාය.''
    ''ඔහුගේ හොදම යාලුවා වන සමීර සමගින් වෙරළට ගියාය .''
    ''ඔවුනට අති ප්‍රශ්න විවේකිව කතා බහ කලාය.''
    ''අරුණ තමාගේ යෙහෙළියකගේ සහය පැතුවය.''
    ''ඇත්තෙන්ම අරුණ බිය වී සිටියාය ''

    එතකොට මේ පෝස්ටුවෙත්..(3 කොටසෙ)

    ''ඔහු ඇයට කතා කොට සුබ පැතුවාය.''
    ''තවද සිදුවෙන සියලු සිදුවීම් තොරක් නැතිව අරුණට පැවසුවේය.''
    ''ඔහු කෙසේ හෝ පවසමි යන මතයෙන් ඇයට ඇමතුමක් ගත්තාය.''
    ''ඇය නොලැබුනොත් කිසිවෙකුටත් ආදරය නොකරන බවටත් ප්‍රකාශ කලාය.''
    ''අරුණ දුරකථනය විසන්දි කලාය.''

    බලන්න මෙතනම 10 වතාවකට වඩා වැරදිලා නේද..?(ඒත් මේ ඔක්කොම නෙවෙයි)

    සාමාන්‍යයෙන් නිවැරදි ව්‍යාකරණ ලිපියක් කියවද්දි ව්‍යාකරණයෙන් ලැබෙන ආලෝකය ගැන ලොකු බලපෑමක් නොදැනුනත්..ඔයාගෙ ලිපිය කියවද්දිනම් ඇත්තෙන්ම මට ඒකේ රසය විඳගන්න හරි අමාරු වුණා..නිතරම පැටලෙනවා මේක කොල්ලද කෙල්ලද කිව්වෙ කියලා..,එතකොට කතාව ලියන්න ගත්ත ඔයාගෙ මහන්සිය අපතෙ යනවනෙ නේද???

    ඒ වගේම අකුරු ටයිප් කරද්දි සැලකිලිමත් වෙන්න යාලු...ඉඳහිට අකුරු වරදින්න පුලුවන් ඕනම කෙනෙක්ට. ඒත් නිතරම හැම වාක්‍යයෙම අකුරක් වරදිනවනම් ඒක නොසැලකිල්ල...පෝස්ට් එක ටයිප් කරලා පබ්ලිශ් කරන්න කලින් එක වතාවක්වත් කියවලා හැලුණු වැරදුණු අකුරු මොනවද කියලා බලන්න.එතකොට කියවන අපිට කතාවේ රසය කිසිම බාධාවක් නැතුව විඳගන්න පුලුවනි...දැනට වඩා චුට්ටක් සැලකිලිමත් වෙලා ලිව්වොත් ඕවා ලොකු වැරදි නෙවෙයිනෙ..හදාගන්න ලේසියෙන්ම පුලුවනි..අපි භාෂාවක් හසුරුවද්දි ඒකේ මූලික රීති ටිකවත් රකින්න ඕනෙනෙ නේද..??

    අනේ ඔන්න වරදකටවත් ඔයාව අධෛර්යමත් කරන්න හිතාගෙනවත් කිව්වා නෙවෙයි යාලුවේ..වරදක් දැක දැක ඒක නිවැරදි කරගන්න උදව්වක් නොදී ඉන්න බැරි නිසයි කිව්වෙ..

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....