Wednesday, August 10, 2011

දිනේ දිනේ උපන් දිනේ.....


මුලින්ම කියන්න ඕන අද මගේ උපන් දිනේ. ගොඩක් අය දන්නේ නැනේ එකයි මුලින්ම කියන්න හිතුවේ. ඇත්තටම අද දවසේ සතුටු වෙනවද දුක් වෙන්න ඕනද කියල මම දන්නේ නැ. මම එහෙම කිවුවේ මට දුක් වෙන්නත් සතුටු වෙනත් හේතු සමානව තියන හින්ඳ. මිට අවුරුදු 22 කට කලින් මගේ අම්මට ලොකු වේදනාවක් දීල මම මෙලොකෙට අවා. ඒකමට දුකක් මොකද මගේ අම්මා මම නිසා වේදනාවක් විදපු නිසා. හැබැයි අම්මා කියන විදියට එක අම්මට සතුටක්. එනිසා මම සතුටු වෙනවා මොකද අම්මා මම නිසා හිනා වුනු හින්ද. ඉපිදීම දුකක් කියල බුදු හාමුදුරුවෝ කියල තියනවනේ. ඇත්තටම ඉපදීම දුකක් ඒ නිසා දුකක්. හැබැයි හොද මනුස්ස ආත්මයක් ලබන්න පින් කරන්න ඕන කියලත් කියනවනේ ඒ නිසා එක සතුටක්. කොහොම හරි උපන්දිනයක් කියන්නේ සතුටු වෙන දවසක් නේ. මම දැන් අවුරුදු 22 ක් වෙන කෙනෙක්. ඒ වුනාට තාමත්  අපේ අම්මගේ පොඩි පුතා. අම්මට තාත්තට ගොඩක් සතුටුයි. මටත් එහෙමයි ඇයි මගේ සහෝදර සහෝදරියන්ට එගොල්ලන්ටත් එහෙම්මමයි. ඒ හැම කෙනාගේම හුරතලේට හැදුනු පොඩි මල්ලි දැන් අවුරුදු 22 ක කොල්ලෙක්. පොඩි කලේ මගේ තනියට ගියපු ඒ අයගේ තනියට මම දැන් යනවා. ජිවිතේ කියන්නේ මේකටයි. අද දවසේ මම පොඩි දානයක් දෙන්න හිතන් ඉන්නවා. එක තමයි ලොකු වැඩකට මම කරන්නේ. මම ඒ නිසයි ඊයේ කිව්වේ මම හෙටින් අලුත් ජිවිතයක් පටන් ගන්නවා කියල. ඉතින් අද ඉදල මම අලුතෙන් හිතනවා තිබුණු වැරදි හදාගන්නවා. ජිවිතේ වෙනස් කරගන්නවා.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඔයාලට කේක් මෙන්න .................
 මම N N K....................

6 comments:

  1. ඔන්න ඉහෙනම් ඉස් ඉස්සෙල්ලාම මල්ලිට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා පතනවා !!!
    ඒ වගේම මල්ලිගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් පතනවා.

    ReplyDelete
  2. සුභ උපන්දිනයක් වේවා මල්ලි...අද අපේ නඟාගෙත් උපන්දිනේ..:))

    ReplyDelete
  3. සුභම සුභ උපන් දිනයක් මල්ලි.. :)

    ReplyDelete
  4. සුබ උපන් දිනයක් වේවා අයියේ........

    ReplyDelete
  5. සුභ උපන් දිනයක් වේවා මල්ලි. මල්ලි කිව්වේ මට වඩා දවස් 5කට බාල නිසා.. හී හී...

    ReplyDelete
  6. උපන්දිනේ දවසෙ බ්ලොග් 1 බලන්න බැරි උනානේ. ඔන්න අදයි බ්ලොග් එකෙන් සුබ පතන්නෙ. දැන් මේ කේක් කෑල්ල පරණයි. වෙන එකක් එවන්න. :D
    සුබම සුබ උපන්දිනයක්...!!

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....