හදක් වගේ මුණ දකිද්දී
ජිවිතේ ලොකු කඩ ඉමකට
ලැස්ති වෙමිනුයි හිටියේ
ඔය කතාකරන ඇස් මට
ආදරේ කියද්දී
අහක බලන් හිටියේ
අකමැත්තකට නෙවෙයි
එත් ජිවිතේ ජය අරන් බලද්දී
ඔය ඇස් පෙන්නේ නැති තරම් දුරකට ගිහින්
හැම තැනම හැමදාම මම හෙව්වට
හමුවුනේ නෑ මට
එත් දවසක් නුපුරුදු ඇස් ගොඩක් අස්සේ
කතාකරන ඔය ඇස් දෙක ලේසියෙන්ම මම
අදුර ගත්තා
මුවින් සාමාන්‍ය කතාවක් කලාට
ඔය ඇස් මට ආපහු මොනවදෝ ගොඩක් දේවල් කිව්වා
වෙලාවක් නැති නිසා යන්න ගියත්
ආයිමත් දවසක නිසොල්මනේ හුදකලා තැනක
අපි හමුවෙයි
ජීවිතය සිතනවානම් එක විය යුතුයි කියා අප...........
මම N N K.......
යනෙන මග පයට පෑගෙන
ReplyDeleteකිමද මිණි මුතු කැට
දිලි දිලි තිබුනත්
අහුලා ගන්න නොසිතෙන
කවුළුව අද්දරම
ඒ දෙසට නැවුණු අත්තෙම
පිපුනත් රෝස මල
සුවඳ නොබැලුවේ කිම
මිණී මුතු කොතරම් පැගුනත් යනෙන ගමනට
ReplyDeleteඒ අතර දිලිසෙන තොර මල්ලි ඇතිබව
දනිමි මම හොදාකාරවම
ඒ නිසා මම
දිලිසෙන නිල් මැණිකක් සොයනෙමි මම
රකින්නට දිවි ඇති තුරාවට
කවුළුව ලග පිපුනත් රෝස මල
සැර වැඩිය ඒ මල මාහට
නටුවේ කටු ඇතිබවද දනී මා
ඒ නිසා මම
සොයනෙමි සුවද දෙන
අරලියා මල.......
ඇස් කතා කරනවා කියලා කියන්නේ මේම වෙලාවල් වලට වෙන්ටෑ.
ReplyDeleteකතා කරන ඇස් ලස්සනයි. ජීවිතේ මේ වගේ සිදුවීම් තරම් සුන්දර වගේම දුක්බර සිදුවීමුත් වෙන නැතුව ඇති.
ReplyDelete