Wednesday, August 31, 2011

ඔබ හැමෝටම බෙහෙවින්ම ස්තුතියි නිශාන්තයේ සිතුවිල්ල පිටු 1000 ක් පෙරලින......

ද මට හරිම සතුටු දවසක් මොකද කියනවනම් අද මගේ බ්ලොග් එක පරිගණක තිර වල දිස් වුනු වාර ගන්නන  1000 පසුකරපු නිසා. මේ දේවල් මට ලබාගන්න පුළුවන් උනේ මාස 1 යි දවස් දෙකක් වගේ කාලයක් තුලදී. ඒ කියන්නේ මගේ බ්ලොග් එක පටන් ගත්තේ 2011-07-29 දා. කොහොම හරි මට බ්ලොග් එකක් පටන් ගන්න උවමනාව තිබ්බත් මම එකට වැඩිය උනන්දු උනේ නැ. එත් දවසක් මගේ එක යාලුවෙක් කිව්වා බ්ලොග් එකක් කරන්න කියල මම පස්සේ කල්පනා කලා. ඊට පස්සේ තමයි අහිමි ආදරය කතාව එක්ක නිශාන්තයේ සිතුවිල්ල පටන් ගත්තේ.  මට බ්ලොග් එක පටන් ගන්න යාළුවා ගැන මතක් නොකර බැහැනේ එයා තමයි හංසි එයා බ්ලොග් එක පටන් ගන්න කිව්වා වගේම මගේ හැම පොස්ට් එකකට මොකක්ම හරි අදහසක් දීල මාව දිරිගන්නනවා. ඇත්තටම ඔයාට ගොඩක්ම ස්තුතියි. මම කවදාවත්ම හිතුවේ නැ කවුරුවත් මගේ බ්ලොග් එක බලයි කියල. නමුත් අද පිටු 1000 කට වැඩිය පෙරලිලා. රටවල් ගණනාවක අය ගොඩවෙලා තියනවා ඇත්තටම ඔයාට ස්තුතියි ගොඩක්ම. මගේ බ්ලොග් එකේ පළවෙනියටම සාමාජිකයෙක් උනේ ආලොකා නංගි ඔයාටත් බොහොම ස්තුතියි. අද වෙනකොට මගේ බ්ලොග් එකේ සාමාජිකයෝ 19 ක් ඉන්නවා ඒ අය තමයි 
1  ආලොකා 
2  චතුමිතු 
3  තරිදු 
4  හංසි 
5  char  
6   bindi  
7  මී හරක් පිඩිය
8  රත්ගමය 
9  ප්‍රර්ථනා 
10 කීඩෝ
11 හිරු කුමාරි 
12 ඔජායේ
13 sanjaya ranasinghe 
14  Nisupa hettiwatta 
15  dushanthi ubesiri 
16 හිම හංසි 
17 කඩේ හාමිනේ 
18 හිම කුමාරි 
19 මකුළු පැංචි
මෙය තමයි මගේ බ්ලොග් එකේ සාමාජිකයෝ වෙලා තියෙන්නේ. මේ හැමෝටම මගේ හදවතින්න්ම ස්තුතිවන්ත වෙනවා. ඔය හැම කෙනාම මට ශක්තියක් උනා.
මේ අය හැම කෙනාම මට අදහස් ලබාදිය තිබුනා දමපු පොස්ට් වලට වටිනාම අදහස දීල තිබුනේ මකුළු පැංචි ඔයාට ගොඩක් ස්තුතියි. මගේ වැරදි පෙන්නලා දීපු එකට. අනිත් අයගේ අදහස් මට වටිනවා ගොඩක්ම. ඔයාලට තවපාරක් ස්තුතියි කියල  මම කියනවා.   හැම කෙනාගෙන්ම මම ඉල්ලනවා හැමදාම මතෙක්කම ඉන්න කියල. තව කට්ටියක් ඉන්නවනේ  මගේ බ්ලොග් එක බලල අදහසක් දුන්නේ නැති සාමාජිකයෙක් වුනේ නැති අය එහෙම අය ගොඩක් ඉන්නවා කියල මම දන්නවා ඔයා තමයි මගේ ශක්තිය ඔයාට ගොඩක්ම ස්තිතියි එක පියවරක් හරි නිශාන්තයේ සිතුවිල්ලට තිබ්බට. ඉතින් මතක් කරන්න බැරි උන කවුරුහරි හිටියනම් සමාවෙන්න අවසාන වශයෙන් ඔයාල හැමෝටම
                         ගොඩක්ම ස්තුතියි


මම  N N K ... 

14 comments:

  1. ශා.... නියමයි.. මේ බබාව බලන්න අද වෙත්දි 1000ක්ම ඇවිත්ද???? ඔන්න මගෙන් සුබම සුබම සුබ පැතුම්..!! මම කිව්වත් නැතත් ඔයා කවදා හරි බ්ලොග් එකක් ලියනවා කියලා මම නම් දන්නවා. fb එකේ ඔයාගෙ අදහස් දැකලා එදා කිව්වෙ. කොහොම උනත් ඉතින් ඔයාගෙ බ්ලොග් එක හැමදාමත් අලුත් දේවල් වලින් පිරෙන්න මම සුබ පතනවා.

    ලස්සන ඇඳුමකුත් අන්දලා බ්ලොග් එක හැඩ වෙලා. ලස්සනම ලස්සනයි. බ්ලොග් එකයි අදහසුයි. :) (අද වත් කේක් බෙදන්න. තනියම කන්නෙ නැතුව.)

    ReplyDelete
  2. @ හංසි ඔයාට ගොඩක්ම ස්තුතියි. ඔව්නේ 1000 කට වඩා ඇවිත් නේ... මම හිතුවේ නැ ඇත්තටම මෙච්චර ඉක්ක්මනට 1000 ක් වෙයි කියල. කොහොම හරි ඔයා කේක් එකක් නම් එව්වේ නැ. කමක් නැ. ඔයාට ගොඩක් ගොඩක් ම ස්තුතියි...

    ReplyDelete
  3. @ bindi බොහොම ස්තුතියි

    ReplyDelete
  4. ක් පිටු ලක්ශයක් වෙන දිනය වැඩි ඇතක නොවේවා කියලා පතනවා !!!

    ReplyDelete
  5. @ මධුරංග බොහොම ස්තුතියි

    ReplyDelete
  6. ආහ්.........!!! මෙන්න බොරු කියනවා... මම කේක් එකක් එවුවා.. ඔයා තනියම කාලා අනිත් අයට බෙදන්න වෙනවාට දැන් කියනවා එව්වෙ නැතිලු. ඉන්නකො පෙරේතකම කාගෙද කියන්න.

    ReplyDelete
  7. අනේ නැ හංසි මට එවන්න කේක් එකක් ගත්තලු එක රස නිසා කාල ඉවරවෙලා මට කිව්වා මම කේක් එකක් ගත්ත රස නිසා කැවා ඔයාට දුනත් අපිට දෙන එක නේ කියල. අනේ ඇයි හංසි මෙතන බොරු කියන්නේ.

    ReplyDelete
  8. ඔන්න හංසිගේ විල හරහාම අපිත් මේ පැත්තේ ආවා... සතු‍ටුයි මගේ හිට්ස් 100000 පනපු දවසේම ඔයාට සුභ පතන්න ලැබුන එක.. මොකද මගේ අදට මගේ අලුත් බ්ලොග් එකට මාස 4යි

    හිට්ස් අර මධු අය්යා කිවා වගේ ඉක්මනටම 100000 ගන්න ලැබේවා කියලා මම හදවතින්ම සුභ පතනවා.....

    ReplyDelete
  9. ඔයාට සුභ පැතුම් මල්ලි..දිගටම ලියන්න ශක්තිය දෛර්ය ලැබේවා..අපිට කේක් කෑල්ලක් දුන්නානම් හොඳයි නේද...:D

    ReplyDelete
  10. @දේවා ගේ අඩවිය ඔයාට බොහොම ස්තුතියි ඒ වගේම මමත් ඔයාට සුභ පතනවා තවත් දියුණු වෙන්න කියල
    @ නිසුපා බොහොම ස්තුතියි අක්කේ කොහෙද ඔයාලට දෙන්න තිබිච්ච කේක් එක හංසි කාල නේ තව එකක් මම එවන්නම්...

    ReplyDelete
  11. දේව්දාස් ගෙන් සුභ පැතුම්..!
    ඔන්න එහෙනම් දේව්දාස් 20 වෙනියා වෙන්නම්... :)


    දේව්දාස්...

    ReplyDelete
  12. මගෙත් සුබ පැතුම් ....

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....