Tuesday, December 13, 2011

ආදරය .......


ගොඩක් දෙනා කතා කරන්න කැමති පොදු  මාතෘකාවක් කිව්වොත් මම නිවැරදියි කියල මම හිතනවා.. ඇත්තටම මම මොනවද කතාකරන්න යන්නේ.. ජීවිතේදී අපිට ආදරේ හම්බ වෙනවා. එක එක අයගෙන් එක එක විදියට. එත් තරුණ කාලේදී අපි ආදරේ කියල හොයන්නේ කොල්ලෙක් නම් කෙල්ලෙක්ගෙන් ලැබෙන ආදරේ කෙලෙක් නම් කොල්ලෙක්ගෙන් ලැබෙන ආදරේ.. මම මෙතැනදී කොල්ලෝ ගැන කතා කරන්න යන්නේ.. ඇත්තටම කිව්වොත් මම ගැන.. මොකද කෙල්ලෝ ගැන කතා කරන්න බැහැනේ මොකද කට්ටිය අහසට මුහුදට සමාන කරලා තියෙන්නේ නිකන් නෙවෙයි නේ. සමහර පොදු කරනා එහෙම තියනවා ඒවා හෙමි හිට බලමු..
ලගදි මගේ යාලුවෙක් කතා කළා මත් එක්ක.. (කෙල්ලෙක් කියමුකෝ ) ආගිය විස්තර එහෙම කතා කරලා එය අහපි මගෙන් දැන් කෙල්ලෙක් එහෙම ඉන්නවද කියල එය ඇහුවේ නිකම් දන ගැනීමට වෙන්න ඇති. එත් මගෙන් එක අහපු පලවෙනි කෙනා එයා නෙවෙයි එනිසා මම දන්නවා එයා අන්තිමයත් නොවන වග.. කොහොම හරි මේ වයසට කෙල්ලෙක් ඉන්නම ඕනද ??? සමහර විට වෙන්නත් ඇති මොකද මම දන්නා කියන මට වැඩිය බාල (වයසින්) අය විවාහ වෙලා ලමයිතුත් ඉන්නවා. එත් මම එහෙම හිතන්නේ නැ. එත් ආදරේ කියන එක ඕනෑම වෙලාවක ඕනෑම විදියකට ඇති වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ආදරේ ඇති වෙන්නේ එක අයෙක්ගේ සිතක විතරයි. එතන සම්බන්ද යක් ඇති වෙන්නේ නැ. සම්බන්දයක් ඇතිවෙන්නනම් දෙන්නගෙම හිත් වල ආදරයක් ඇති වෙන්න ඕන. එක බාහිර බල පෑමකින් තොර නිදහස් සිතුවිල්ලක් වෙන්න ඕන. එහෙම ආදරයක් ඇති වුනොත් එකට පැවැත්මක් තියනවා කියන එකයි මගේ විස්වාසේ.. කොහොම නමුත් මේවා මිට වැඩ වෙනස් වෙන්නත් පුළුවන්. ජීවිතේට ආදරේ අවශ්‍යයි කියල මම පිලිගන්නවා හැබැයි ඒ තුල හොද හැදිනිමක් තියෙන්න ඕන. මොකද නැත්නම් ජීවිතේම අවුල් ජාලයක් වෙන්න පුළුවන් නිසා.. සමහර විට මම හිතන පතන විදියට ආදරේ නොලැබෙන්න පුළුවන්.. කොහොම උනත් දැම්මනම් අහසක් ගැන හිතන්න දෙපාරක් හිතන්න වෙනවා.........
මම නිශාන්.....
 

3 comments:

  1. මම 89. මේ වෙද්දී අපේ කොල්ලෝ වගේම කෙල්ලෝ කීප දෙනෙක් තාත්තලා අම්මලා වෙලත් ඉවරයි. එකෙක් මේ වෙද්දිම තෙදරු පියෙක් :)

    ReplyDelete
  2. හ්ම්ම් ආදරේ සුන්දරයි, මටනම් සුන්දර නැහැ ඒ වුනත් ආදරේ විදින අය දැක්කම සතුටුයි..

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....