Monday, September 17, 2012

බිදීම.....


ආදරියගේ උපන් දිනයට 
දීමට තෑග්ගක් මුදල් නැතිකමට සරිලන 
ගත්තා පොඩි තෑග්ගක් අත ඇති තරමට 
දහසකුත් බලාපොරොත්තු සිත බැද
ගියා ඇගේ උපන්දිනයට ......
පැමිණ සිටියා බොහෝ අය
විවිද ලස්සන රථ වලින් 
තිබුනේ මට පයින් පාගන රෝද දෙකකි 
සිතට දිරිගෙන ගියා මම ඇයව බලන්නට 
බොහොවෙලවකට පසුව දුටුවේ ඇයව 
සමනලියක් විලසින් මම ....
කැපුවා ඇය උපන් දින කේක් ගෙඩිය 
කැව්වා එය සැමට ආදරයෙන් 
ලැබිණ බොහෝ තෑගි අත පිරෙන්නට  
ඇය නොදැක්ක මා පැමිණ සිටි බව 
හැරුනා මම බිදුණු සිතින් යලි එන්නට...... 
K.L.A Nalin Nishan Kumara 

6 comments:

  1. ගැහැණු ආශාවන් පිටුපස අපිට වඩා යනව සහෝදරය..

    "ඇය නොදැක්ක මා පැමිණ සිටි බව"

    ඇය නොදැක්කෙ නෑ නොදැක්ක වගේ හිටිය.
    දිරිමත් වෙමු! නොගැලපීම හැමවිටම නෙවෙයි

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති... කොහොම උනත් මේක සිතුවිල්ලක් විතරයි හැබෑවක් නෙවෙයි... ස්තුතියි මෙපැත්තේ ආවට...

      Delete
  2. හ්ම්ම්.... තෑග්ගක වටිනාකම තියෙන්නේ ගානේ නෙවෙයි.. ඒක දෙන කෙනා අනුව... ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත එත් සමාජේ ජිවත් වෙන සමහර අය එහෙම හිතන්නේ නෑ... ස්තුතියි මෙපැත්තේ ආවට...

      Delete
  3. හ්ම්ම්ම් අතහැරල දපන් බන් ........... සල්ලි වලට හැම ඩෙම මනින ලොකයක් මෙක

    ReplyDelete
    Replies
    1. ඇත්ත අද කාලේ සල්ලි වලට හැමදේම යැවෙන්න පටන් අරන්... එත් මේක මගේ කතාවවත් ඇත්ත කතාවක්වත් නෙවෙයි... එත් මේලෝකේ කොහේ හරි මේවගේ කතාවක් තියෙන්න පුළුවන්.... ස්තුතියි මෙපත්තේ ආවට

      Delete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....