සයනයක් මත වැතිර සිටින්නට විය
කිහිප දිනකම එක දිගට
තිබිණි බොහෝ වෙලාවක් තනිවන්නට
රිසිසේ සිත සමග
දුක සැප විමසීමට පැමිණි අය අතර
නොදත් අයත් සිටියාය
නොපැමිණි අය අතර දැන වුන් අයද විය
මා පන මෙන් ආදරය කල අයද විය
සිතට දුකක් නොදැනුන මුත්
කණගාටුවක් ඇති විය
මේ හුදකලාව වේදනාව අමතක වන තුරු
ලගින් සිටින්නට කවුරුන් හෝ
සිටියානම් යැයි සිතුනු වාර අනන්තයි
එය මගේ දුර්වල කමද නොදනී
නමුත් මට පාලුවක්නම් දැනින
බොහෝවිට එවැනි අවස්ථාවල ලග සිටියේ
රූප පෙට්ටියත් පරිගණකයත් පමණි ...........
කේ.එල්.ඒ නලින් නිශාන් කුමාර
හුදකලාවත් වෙලාවකට හොඳම කලාවක් කියනවනේ... ලස්සන කවියක්.. :)
ReplyDeleteවෙන්න ඇති.. කොහොම උනත් ස්තුතියි මෙපැත්තේ අවට
DeleteThis comment has been removed by the author.
ReplyDelete