Wednesday, July 27, 2016

දෙමන්සල

දෙමන්සල ලග මම තාමත් තනියෙන්
ඔබ බොහෝ දුර ගොසින්
මතකය පමණක් තුරුළු කරන්
මම තාමත් තනියෙන් .......

මතකයේ සුවද හොයන්
එන්නට හිතයි ඔබ ගිය පාරෙන්
නිසැකයි ඔබ ලග නෑ ඉඩක්
අයෙත් බෑ කදුළු හලන්නට මට නම්......

මේ මාවත කෙතරම් සොදුරු වුවත්
හිත නෑ පිය නගන්නට මටනම්
කුමක් කරන්නද උරුමය එය නම්

පිය නගමි හදවත දැඩි කරන් .........

No comments:

Post a Comment

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....