Monday, September 26, 2011

සද කුමරිය කොහිද....


අහසේ තරු පිරිලා ලස්සනයි 
එත් අමාවක නිසා හද පේන්නවත් නෑ 
හද නැති නිසා තරු වැඩි  පුර පෙන්නවා
එත් හද නැති අඩුව පුරවන්න ඒ එක තරුවකටවත් බෑ

මල් ගහක මල් පිපුනේ නැති උනාම 
ඒ ගහෙන් වැඩක් නෑ 
කෙතක පලදාව නැතිව 
වල් පැල උනාම ඒ කෙතෙන් වැඩක් නෑ 

මහා මුහුද ලස්සන උනාට 
රැලි නැතිනම් ඒ ලස්සන නෑ 
දිය ඇල්ලක් ලස්සන උනාට 
යහමින් වතුර නැත්නම ඒ ලස්සන නෑ 

ජීවිතේට මොන දේ තිබුනත් 
ආදරේ නැත්නම් වැඩක් නෑ 
මම හොයන සද කුමරිය 
මේ සද කුමරුට තාම හමු වෙලා නෑ 


මම  N N K....

6 comments:

  1. ඉක්මනටම හම්බ වේවි යාලුවා...
    ජය

    ReplyDelete
  2. සඳ කුමාරයෙක් නම් ඉතින් තරු කුමාරියක් හරි හිරු කුමාරියක් හරි තමයි ලැබෙන්නෙ. මොකද හඳවල් දෙකක් පායන්නෙ නෑ නේ. සඳ කුමාරියක් නෑ. :( ඒ නිසා ඔයා පව්.

    ජීවිතේ ලස්සන වෙන්න නම් අපිට ජීවත් වෙන්න හේතුවක් තියෙන්නෙ ඕන. ඒ හේතුව තියෙන්නෙ අපි ආදරේ කරන අය ලඟ. එහෙමයි ආදරේ අපිව ජීවත් කරවන්නෙ. ලස්සනයි අදහස. කොහොම උනත් සඳ කුමාරියක් ලඟදීම මුණගැහේවි. මාත් ප්‍රාර්තනා කරනවා ඉක්මනටම සඳ කුමාරියක් ලැබෙන්න කියලා.
    (ආ... අඹ සෙවණට හැමදාම යන්න. :D)

    ReplyDelete
  3. ලස්සනයි... ඉක්මනින්ම ඒ සද කුමරිය මුණ ගැහෙයි යාළුවා...

    ReplyDelete
  4. සඳ කුමරි සිත මිහිරි කල මැනවි...:))))

    ReplyDelete
  5. "හද නැති අඩුව පුරවන්න ඒ එක තරුවකටවත් බෑ"

    ඇත්ත සහෝ.... ඔයාට ඉක්මණටම ඒ සඳ කුමරිව හමුවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..:)

    ReplyDelete
  6. @දේවා ගේ අඩවිය හ්ම් හ්ම් හ්ම් බලමු බලමු හම්බ වෙයිද කියල. බොහොම ස්තුතියි අදහසක් දුන්නට..
    @හංසි හ්ම් හ්ම් හ්ම් හංසි ඔයාට ඔය අබ ඇටයක් තරම් තියන මොලේට තේරෙන්නේ නැත්ද අනේ(මම විහිලුවට කිව්වේ ) හදට හරියන්නේ හදක් කියල හිරු හරියන්නේ නැ රස්නේ වැඩියි. තරු හරියන්නේ නැ දුර වැඩියි. ඉතින් හදට හරියන්නේ හදකම තමයි. අනික තරුවකට ආදරේ කරලා මට වැරදුනානේ ඔය එක දන්නවනේ. එනිසා තරුත් එපා හිරුත් එපා හදක් ඕන. කොහොමද නිකන් හදවල් දෙකක් පැයුවොත්... ඇයි අබ සෙවනට හැමදාම යන්න කිව්වේ ??? කොහොම හරි ස්තුතියි අදහසක් දුන්නට..
    @dinesh බලමු බලමු යාළුවා හම්බ වෙයිද කියල... බොහොම ස්තුතියි අදහසක් දුන්නට
    @ නිසුපා බලමු අක්කේ එහෙම වෙයිද කියල බොහොම ස්තුතියි අදහසක් දුන්නට
    @හිතුවක්කාරී හ්ම් හ්ම් හ්ම් බලමුකෝ හම්බ වෙයිද කියල. බොහොම ස්තුතියි අදහසක් දුන්නට ...

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....