Friday, July 22, 2016

යදමින් බැද

යදමින් බැද
වළකන්නට හැකිද ආදරය
ඇතිනැති කමින් යටපත් වේද ආදරය
හිමිවන හිමිනොවන බැවින්
වලකා දැමිය හැකිද ආදරය
පැවසු පමණින් අමතක
කළහැකිද ආදරය .......

හිමි නොවන බව දැනුනත් ආදරය
දුන්නා නිකලැල්ව ඔබට
අතැර ගියේ ඔබ
කිසිවක් සිදු නොවුණු ගානට.......

හැකිවුනත් ඔබට අමතක කරන්නට
නොහැකිව දෑස තෙමෙනවා හැමදාම
මතක පොතේ පිටු කිමද මේ තරමට

අමතකද දවස් කිහිපය .....

K.L.A Nalin Nishan Kumara...

No comments:

Post a Comment

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....