Friday, November 18, 2011

ඇයි අපි ඉන්නේ දෙතැනක දුරස් වෙලා .......


හදක්වෙලා මගේ ලෝකේ 
එලිය කරන්න ඔබට පුළුවන් නම් 
සුවද දෙන මලක් වගේ 
හැමදාම මගේ ජීවිතේට 
සුවද මුහු කරන්න පුළුවන් නම් 
මවක් වගේ හොද නරක 
ආදරෙන් කියල දෙන්න පුළුවන් නම්
හොද යෙහෙලියක් වගේ හැම දේම 
අහන ඉන්න පුළුවන් නම්
 බිරිදක් වෙලා හැම වැඩකටම 
උදව්වක් වෙන්න පුළුවන් නම් 
ආදර වන්තියක්වෙලා ජීවිතේට 
සතුට ලගා කරන්න පුළුවන් නම් 
ඇයි අපි ඉන්නේ දෙතැනක දුරස් වෙලා .......

N N K.....

8 comments:

  1. ලස්සනම ලස්සනයි.. තමන් ආදරය කරන කෙනෙක් දකිත්දි ඇති වෙන හැඟීමක් වචන වලට පෙරළුවොත් මේ වගේම තියේවි. දැන් කවුරු ගැනද මේ??? කේක් ඕන....

    ReplyDelete
  2. @හංසි ස්තුතියි අදත් බොරුවට හරි ලස්සනයි කීවට.. වෙන්න ඇති එත් එක එක කෙනාගේ හැගීම් වෙනස් නේ.. දැන් මොකට ද කේක්

    ReplyDelete
  3. //මාරුතේ සුමුදු සිහිලත් එපා..
    හීනයේ අරුම දැහැනත් එපා..
    පා මිණි කිකිණි රසු දැල් එපා....
    ආදරේ ඔබම වේ නම්.....//

    කවිය දැක්කාම මේ සින්දුව මතක් වුනා..

    ReplyDelete
  4. සදක් සේ පායා එන්න
    ආදරේ මුදු සිසිළ අරගෙන

    ReplyDelete
  5. මුලු ලොව මට ඇත..
    ඔබ ලඟ..සිත සුව යහනේ නිදී...
    කියනවනේ හ්ම්...

    ReplyDelete
  6. ඇත්ත කෙනෙක්ගෙන් ඔය ඔක්කොම ලැබෙනවානම් ඒ තරම් ගැලපෙන කෙනෙක් තව කොහෙද??

    ReplyDelete
  7. ම්ම්ම්ම්ම්ම්ම්ම්... මොකක්දෝ මංදා අමුතු දුකකුත් දැනුනා...දුරස් වෙලා ඉන්න නිසාද මංදා..හරිම ලස්සන හැගීම්බර පද ටික

    ReplyDelete
  8. @ රූ... බොහොම ස්තුතියි අදහසක් දුන්නට
    @dinesh බොහොම ස්තුතියි අදහසක් දුන්නට
    @ අනේ මන්ද එහෙම ද බොහොම ස්තුතියි අදහසක් දුන්නට
    @ එකනම් ඇත්ත අක්කේ එත් එහෙම කෙනෙක් ඉදීවිද ?? බොහොම ස්තුතියි අදහසක් දුන්නට
    @ ඇයි අනේ දුක හිතුනේ කොහොම උනත් ස්තුතියි අදහසක් දුන්නට ...

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....