Sunday, October 2, 2011

අවසාන වතාවට ලියමි


ජිවිතේ කියන්නේ මට හැමදාම අලුත් අත්දැකීම් ගෙනත් දෙන දෙයක්. අපි කාටත් එහෙමයි. එත් විශේෂයක් තියෙන්නේ මම හිතන පතන දේවල් වලට අමතරව මම හිතන්නේ පතන්නේ නැති දේවල් මගේ ජීවිතය මට ලං කරලා දෙනවා. සමහර ඒවායින් මට දුකක් ඇති කලත් සමහර ඒවායින් මට සතුටක් ඇති වෙනවා. කොහොම හරි පහුගිය දවසක මට මගේ පරණ ජීවිතය ගැන ( වැරදියට හිතන්න එපා නරක ජිවිතයක් නෙවෙයි මට අහිමි උන ආදරය ගැන ) මට ලොකුවට මතක් උනා අවුරැද්දකට විතර පස්සේ මම ගොඩක් පහලට වැටුනා ජිවිතේ උත්තර හොයා ගන්න බැරි උන අමතක කරපු ප්‍රශ්න මට අපහු එකින් එක මතක් උනා. ඇත්තටම මම ගොඩක් දුක් උනා පහුගිය අවුරුද්දටම එච්චරට එයාව මට කවදාවත් මතක් වෙලා නැ. එත් මම දන්නවා කොහොම උනත් එයා එන්නෙත් නැ. ආවත් මම එයාට ඉඩ දෙන්නෙත් නැ කියල. මම තේරුම් ගත්තා එයා ගාව මම බලාපොරොත්තු උන ආදරේ තිබිල නැ එකයි අපිට වෙවෙන්න සිද්ද උනේ කියල. ජිවිතේ ඇත්තටම දැන් පුදුම නිදහසක් දැන්නෙනවා වගේ දැන්. කොහොම හරි ආපහු පාරක් මගේ ජීවිතේට අලුත් අරමුණක් ලැබිල දිනා ගන්න. දැන් මම එකට යනවා නිදහසෙන්. එකත් මට අහම්බෙන් ලැබිච්ච දෙයක්. සමහර විට මම අනාගතේ දවසක කාට හරි ආදරය කරයි එත් එක හොදට හොයල බලල. සමහර විට එකත් මට අහම්බෙන් ලැබෙයි. මම දැන් ඒගැන වැඩිය හිතන්නේ නැ. ජිවිතේ කියන්නේ ඇතිවීම් නැතිවීම් මත පදනම් වෙච්ච දෙයක් මට කවදාවත් මම ගැන දුකක් නැ මොකද මම කරපු හැම දෙයක්ම මගේ හිතට එකගව කරපු නිසා. මම අවසාන වතාවට ලියනවා කිව්වේ මගේ දුක් බර අතීතය ගැන. ඒ ආදරේ ගැනවත් ඒ ඇතිතේ ගැනවත් අපහු මම ලියන්නේ නැ. හැබැයි මම දිගටම ලියනවා ඒවා ආදරය ගැනද විරහව ගැනද කියල මම බෙදන්නේ නැ. නමත් ඒ මෙනිසාම නෙවෙයි මට හිතෙන නිසා. මගේ ආසාව නිසා. මම N N K....

5 comments:

  1. ඔයාගෙ අරමුණ වෙනුවෙන් කැප වෙන්න. සමහර විට ඔයා ඒ අරමුණට ගිය දවසක ඔයා ආදරය කරන කෙනාටත් එයා ගැනම දුක හිතේවි. ජීවිතේ ගොඩක් වෙනස්. අපි හිතනවට වඩා වෙනස්. අද අපේ හිත රිද්දන දෙයක් තවත් කාලෙක දැනෙන්නෙම නැති දෙයක් වෙනවා. අද අපි ගානකට වත් ගන්නෙ නැති දෙයක් තවත් කාලෙකදි අපේ ඇස් වලට කඳුලු පුරෝනවා. ජීවිතේ එහෙමයි.. ඔයාගෙ අරමුණට සුබ පතනවා..!

    ReplyDelete
  2. අමිහිරි අතීතය අමතක කරලා දාන්න යාළුවා...

    ReplyDelete
  3. ඔයා වගේම මාත් සිය දහ්ස් වාරයක් හොම නැගිටින්න උත්සාහ කලා. ආයෙත් වැටුණා, වැටි වැටි නැගිටින්න උත්සාහ කලා. අරමූනක් නැතිව 0 ටම වැටිලයි උන්නෙ. ඒත් එහෙම ජීවිතයක් වැඩක් නෑ.. වැටෙන්න වැටෙන්න නැගිටින්න ඕනෙ වගේම, අරමුණක් හදාගෙන ඒවෙනුවෙන් කැපවෙන්න ඕනෙ.

    ඔයා ඔයාගෙ අරමුණට යන්න සහෝ.. ජය වේවා,!!!! ඔයාට වරදින්නෙ නෑ....

    ReplyDelete
  4. දැන්වත් මොලේ පැදුනු එක හොඳය්...මල්ලි

    ReplyDelete
  5. @ හංසි බොහොඅ ස්තුතියි සුභ පැතුවට. ඇත්තටම මට කාටවත් රිද්දන්න ඕන නැ මොකද එකෙන් කාටවත් වැඩක් නොවෙන නිසා.. ස්තුතියි අදහසක් දුන්නට
    @dinesh ඒවා අමතක කරලා ගොඩක් කල් නමුත් ඉදල හිටලා මතක් වෙනවා .. ස්තුතියි අදහසක් දුන්නට
    @ හිතුවක්කාරී ඔය කියන එක ඇත්ත අපි නැගිටින්න හදනකොට වැටෙනවා එත් අපි කොහොම හරි නැගිටින්න ඕන. පොඩිකාලේ වැටෙනකොට නැගිට්ටේ නැත්තම් තාමත් අපි දන ගනවනේ. ඔයාටත් නැගිටින්න පුළුවන් ඔයාට මම එකට සුභ පතනවා. ඔයට බොහොම ස්තුතියි මෙටික මට කිව්වට
    @ tharinduhw122 මොලේ පෑදිලා නම් ගොඩකලයක් අය්යේ. බලමු ස්තුතියි මෙපැත්තේ අවට...

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....