Tuesday, December 6, 2011

ඔබ නැතුව පාලුයි....

ජිවිතේ කියන්නේ මම හැමදාම කියන විදියට පුදුම දෙයක්. වෙලාවකට අපි කැමති ආසකරන දේවල් ලැබෙනවා වෙලාවකට අපි හීනෙකින් වත් හිතන්නේ නැතිදෙවල් ලැබෙනවා, සිද්දවෙනවා. මේ මොන දේවල් උනත් අපි ජිවත් වෙනවා. මතකයන් කියන්නේ වෙලාවකට සුන්දර දේවල් වෙන්න පුළුවන් එත් වෙලාවකට හිතාගන්නවත් බැරි මතක්කරන්නවත් බැරි බය හිතෙන දේවල් වෙන්න පුලුව්වන්. ඕනෑම කෙනෙක් ලග ඉන්නකොට එයාගේ අගය අපිට තේරෙන්නේ නැතිවෙන්න පුළුවන් එයා නැතුව අපිට මොහොතක් වත් ඉන්න බැරි වෙයි කියල හිතන්නවත් නැති වෙන්න පුළුවන්. එත් හැමවෙලාවෙම එහෙමවෙන්නේ නැ. ජිවිතේ අපි ආදර කරන්න හැමෝම අපිට ආදර නොකරන්න පුළුවන් ඒ වගේම අපිට ආදරේ කරන හැමෝටම අපි ආදරය නොකරන්න පුළුවන්. ඒ වගේම අපි විස්වාසකරන හැමෝම අපේ විස්වාසේ රකියි කියල හිතන්න අමාරුයි හැමවෙලාවෙම. මොකද හැමෝම රේස් එකක් දුවන නිසා. ජීවිතේට සතුට ගෙනෙයි කියල හිතන අය ජීවිතේට දුක ගෙන කොට. ජීවිතේට දුක ගෙනාවයි කියල හිතන් හිටිය අය නිදොස් අය වෙනකොට ඒ හැමෝම මට මගේම අය වෙන කොට මම මොනවා කරන්නද කියල මටම හිතාගන්න බෑ. සමහරමිනිස්සුන්ට ප්‍රශ්න තියන හැටියට මට තියෙන්නේ ප්‍රශ්නද කියල හිතෙනවා. එත් මට ආපු හැම ප්‍රශ්නෙකින්ම මාව ආරක්ෂා කරපු මගේ අම්ම ලෙඩ හැමදාටම ලෙඩ වෙලයි කියල දැන ගත්තම මට හිතා ගන්නවත් බැ. අම්මට තියෙන්නේ ලොකු ලෙඩක් නෙවෙයි කියල මම දන්නවා එත් මම එකටත් බයයි. මොකද එයා මගේ අම්ම නිසා. මගේ අම්මට ඉක්මන් නිරෝගී සුවය මම ප්‍රර්ථනා කරනවා...
මම  නිශාන් ...

1 comment:

  1. malli ikman suvaya labenava,baya venna epa.oyage niyama aadaraya thama amma.

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....