Wednesday, November 9, 2011

දුර ආදරය.....


අද ලස්සනට හද පායලා 
ඒ හද දිහා බලාගෙන
මම ඔයත් එක්ක කතා කරනවා 
ඔයත් ඒ හද දිහා බලාගෙන මත් එක්ක 
කතා කරනවා 
අපි දෙන්නටම හදට තියෙන්නේ එක දුර 
උනාට 
අපි දෙන්න ඉන්නේ ගවු ගානක් දුරකනේ 
ඒ දුර ගෙවල නිම කරන්න පුළුවන් උනත් 
අපි දෙන්නට එකතු වෙන්න පුළුවන් වෙයිද 
මොකක්දෝ හේතුවකට ඔයාට මම 
ඔයා මට ආදරේ කළා 
එත් ඒ ආදරේ තේරුම් ගන්න පුළුවන් 
මිනිස්සු ඉන්න ලෝකෙකට තව කොච්චර නම් දුරද ???


මම N N K....

6 comments:

  1. ම්ම්ම්ම්ම්ම්.... දුරින් ඉන්න තරමට ආදරේ දැනෙනවා වැඩියිලූ.. ඒත් කවදාවත්ම ළගා කරගන්න බැරි දේවල් වලට ආදරේ කරන යන්න එපා සහෝ.. ඒක මහා ඛේද වාචකයක්,,

    අත්දැකීමෙන් කියන්නෙ

    ReplyDelete
  2. හ්ම්..... දෙන්නම ආදරේනම් කොහොම හරි ජය ගන්න.

    ReplyDelete
  3. @ නිසුපා අනේ බොහොම ස්තුතියි අක්කේ අදහසක් දුන්නට නමුත් මේක මගේ ප්‍රශ්නක් නෙවෙයි එත් මගේ හොදම යාලුවෝ දෙන්නෙක්ට මේවගේ ප්‍රශ්නයක් තියනවා එත් වචන ටික මගේ
    @ හිතුවක්කාරී ජිවිතේ කවදාවත්ම මම ලබාගන්න බැරි දේවල්වලට ආදරේ කරන්නේ නැ මොකද එකෙන් කාටවත් වදක්වෙන්නේ නැ කියල මම අත්දැකීමෙන්ම දන්නා නිසා නමුත් මේක මගේ දෙයක් නෙවෙයි මේක මගේ යාලුවන්ගේ දෙයක් උන් කිව්වට තේරුම් ගන්නේ නැනේ මොනවා කරන්නද .. කොහොම උනත් වචන ටික මගේ.. ස්තුතියි අදහසක් දුන්නට...

    ReplyDelete
  4. ලබාගන්න බැරි දේකට ආදරේ කරන්න එපා කියලා මට නම් කියන්න බෑ, හිතට ඕනේ දේ හිත කරනවා.. ලබාගන්න පුළුවන්ද බැරිද කියන එකවත් හිතන්නේ නැතුව,.

    ReplyDelete
  5. @ ප්‍රර්ථනා එකත් ඇත්ත තමයි එත් ලැබෙන්නේ නැතිදෙකට ආදරේ කරන එක අනේ මන්ද කොහොම උනත් ස්තුතියි අදහසක් දුන්නට ....

    ReplyDelete
  6. හරිම ලස්සනයි... බලපු වෙලාවෙ කමෙන්ට් නොකරපු හේතුව මම කිව්වානේ. :D තමන් තේරුම් ගත්තා නම් වෙන අය කොහොම තේරුම් ගත්තත් මොකද? මම නම් හිතන්නෙ එහෙමයි.. කොහොම උනත් ලස්සනයි..

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....