Tuesday, September 6, 2011

ජිවිතේ මම දකින විදිය.....


මෙහෙම පටන්ගනිමුකෝ ඉපදුනු දවසේ ඉදල තරගයක් දුවනවා හෝ හෝ වැරදුනා ඉපදුනු දවසේ ඉදල අවුරුදු 14 ක් 15 ක් වෙනකම් තරගෙක දුවවනවා. මම එහෙම කිව්වේ ඉපදුනු දවසේ ඉදල අපේ අම්මල තාත්තල අපි තව අය එක්ක සංසන්දනය කරනවා අම්මල තාත්තල විතරක් නෙවෙයි අපේ වටේ ඉන්න අයත් ඒ මෙහෙමයි බර ,මහත,උස , ලස්සන ,වර්දනය , ඉගෙනීම ,දක්ෂතාවය මෙහැම එකක් එක්කම අපි අවුරුදු 14 ක් 15 ක්  දුවවනවා ඊට පස්සේ අපි විසින්න්ම අපි දුවවනවා මේකේ නැවතීමක් නැ. ගොඩක් අයගේ ජිවිතේ මේ වගේ කියන මගේ ජීවිතෙත් වෙලාවකට මේවගේ මේක තමන් ගේ ආසාවක් නොවුනත් ජිවත් වෙන සමාජයේ අවශ්ශතාවයක් වෙලා. කොහොම හරි මේ විදිය ගැමි සමාජය තුල බොහොම අඩුයි. එකට හේතුව විදියට ගැමිසමාජය නොදියුණු වීම අපිට ගන්න පුළුවන් උනත් වෙලාවකට මෙසේ දියුනුවිමකට වඩා එසේ සිටීම හොදයි සිතෙනවා. අපි දියුණු වෙලා කියන සමාජය තුල ශය වීම් කොච්චර තියනවද. ආදරය මනුස්සකම තමන්ගේකම හිතවත් බව මේ මුකුත් අද අපි මේ දියුණුයි කියන සමාජය තුල නැ. එකයි මම කිව්වේ නොදියුණු ගැමි සමාජය මිට වඩා හොදයි කියල. මේ සමාජය තුල තියෙන්නේ ඉරිසියාව කොර්දය අනෙකාපසුකර යාමේ ආශාව විතරයි. මෙදෙවල්වලට දැනුවත්ව හෝ නොදැනුවත්ව මමත් ඔබත් සම්බන්ඳ වෙලාතියනව.  එත් අන්තිමට දුවල නැවතුනු දවසකට අපි උපයල තියෙන්නේ මුදල් විතරයි. මුදල් වලින් ගන්න පුළුවන් ගොඩක් දේවල් තියනවා නමුත් අපිට ඕනෑම දේවල් ගන්න අපිට හැකියාවක් නැ. හිතන්න මේ දේවල් අපිට සල්ලි වලට ගන්න පුලුවන්න්ද කියල ආදරය සෙනෙහස තමන්ගේ අය (සහෝදර සහෝදරියන් හා හිතවතුන් ) නිරෝගිකම. යමෙක් කියන්න පුළුවන් සල්ලි තියනවනම් ඕව මොකටද කියල එත් තමන්ගේ ජිවිතේ අවසන් ගමන යන්න සල්ලි උඩින් බැ අඩුම ගානේ හිතවතුන් 6 දෙනෙක් වත් ඉන්න ඕන. මම මෙහෙම කියන්න හේතුව මිට අවුරුදු ගානකට කලින් එකියන්නේ මම පාසල්  යන කාලේ අපේ පාසැල ගාව තිබුන ගෙදරක් එක වටේටම තාප්ප ගහල මිදුලේ තිබුන අබ ගහක් පාරට අතු එහෙමත් තිබුන එවයි ගෙඩි එහෙමත් තිබුනා හැබැයි පාරට තිබුණු අතු වල  උනත් කාටවත් ඒ කියන්නේ පාසල් ගිහින් එන ළමයකුට උනත් අබ කැඩීම තහනම් කැඩුවොත් බනිනවා කඩපුව  දෙන්නෙත් නැ. ඔහොම යත්දී මේ ගෙදර මළගෙයක් උනා. මම පාසල් යන්නේත් එන්නෙත් එතැනින් නිසා යන වෙලාවට බැලුවම කවුරුත් නැ උදේ නිසා කියමුකෝ එත්දිත් නැ. අන්තිමට දවස් දෙකකට පස්සේ මම පාසල් ඇරිලා එත්දී දැක්ක ඒ ගෙදර ගේට්ටුව ගාව කෙනෙක් ඉදගෙන පාරේ යන ලොකු අයියලාට කතාකරනවා බොඩි එක උස්සන්න. මේක ඇත්ත කතාවක්. සමහරුන්ට මතක ඇති ඒ දවස් වල එතැනින් ගිය. මෙන්න මේකයි ඇත්ත කතාව. එදයි මම හිතාගත්තේ ජිවිතේ මොනදේ හම්බ කරත් මනුස්සකම හම්බ නොකර වැඩක් නැ කියල. කවද කගේ උදව් නැතුව හිටියත් අවසානේ 4 දෙනෙකුගේ හෝ 6 දෙනෙකුගේ උදව් පැතිය යුතුවේ. 
ජිවිතේ කාටවත් කරදරයක් නැතුව තමන්ගේ ජිවිතේ හොදට ගෙවන ගමන් තව කෙනෙකුට උදව්වක්   කරලා ඒ දෙයින් සතුටුවෙන ගමන් සමාජයට වැඩදායි පුද්ගලයෙක් වෙන්න පුළුවන් නම් එක තමයි මෙජිවිතේදී අපි ලබන ලොකුම සතුට කියලයි  මම හිතන්නේ   ඔබ ....
මම     N N K .......

4 comments:

  1. ඉන්න ටික කාලේ හැමෝඑක්කම හොදින් ඉන්න ඕන කියන්නේ ඕක තමයි..අන්තීමට කවුරුත් නැතිවෙනවා

    ReplyDelete
  2. ලස්සන බැක් ග්‍රෞන්ඩ් එක.

    ReplyDelete
  3. "මේ සමාජයේ තියෙන්නෙ ඉරිසියාව ක්‍රෝධය අනෙකා පසුකර යාමේ ආශාව විතරයි. මේ දේවල් වලට දැනුවත්ව හෝ නොදැනුවත්ව මමත් ඔබත් සම්බන්ධ වෙලා තියනවා."
    අයියෝ ප්‍රසිද්ධියේ මෙහෙමත් අපහාස කරනවද?? මට කිව්වාද මන්දා.. :(
    පොඩි විහිලුවක් කරේ. ගොඩක් අය ඕනකමින්ම නොහිතා ඉන්න දෙයක් ගැන ලියලා තියෙන්නෙ. මිනිස්සු එකතු කරන, මිනිස්සුන්ට ආදරේ කරන මිනිස්සු තමයි මේ ලෝකෙට ඕනෙ.

    ඇඳුම නම් ලස්සනයි.... නියමයි..

    ReplyDelete
  4. @chammA බොහොම ස්තුතියි අදහසක් දුන්නට මම අදහස් කලෙත් ඔය දේම තමයි
    @thariduhw122 බොහොම ස්තුතියි අදහසක් දුන්නට ඒ ගැන
    @හංසි ඔයාට විතරක් නෙවෙයි අපි හැමෝම මේ වගේ ගොඩ වෙලාවකට ඇත්තටම එහෙම මිනිස්සු තමයි ඕන නමුත් නැත්තෙත් ඒ අය තමයි.. අපි අදින්නේ එහෙම තමයි මං කිව්වේ ඇදුම් ගැන ...

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....