Friday, September 23, 2011

තාම මට කව්රුත් නෑ


හදවතේ තියන ආදරේ 
කියාගන්න
ජිවිතේ යන්න තියන දුර ගැන 
කතා කරන්නට 
ආදරෙයේ රස මිහිර
විදින්නට 
තනියට ලගින් ඉදන් 
තොරක් නැතුව තෙපලන්නට 
ජීවිතේට ශක්තියක් වෙන්නට 
සමහර අයට උත්තරයක් වෙන්නට 
හැමදාම ලගින් ඉන්න 
තාම මට කව්රුත් නෑ

මම  N N K....

6 comments:

  1. මාව බලාගන්න මගේ දුක අහන්න
    මගේ ලඟින් ඉන්න මාත් එක්ක එකට දුක සැප බෙදා ගන්න
    කෙනෙක් නෑ

    කෑවද බිව්වද
    නිදා ගත්තද ඔෆිස් ආවාද හොයන්න
    කෙනෙක් නෑ

    ඕක කරන්න එපා ඕක අඳින්න එපා
    තනියෙන් යන්න එපා කියන්න
    කෙනෙක් නෑ

    ලෙඩ උනාම බෙහෙත් ගන්න වෙලාවට බෙහෙත් බොන්න
    මම බඩගින්නේ ඉන්නකොට හිරවෙන්න
    කෙනෙක් නෑ
    ජීවත් වෙන්න නම් මොකක් හරි බලාපොරොත්තුවක් තියෙන්න ඕන
    නැත්තන් ජීවිතේ පාළු හිස් ගතියක් දැනෙනවා
    එතකොට මම කොන් වෙලා වගේ

    ජීවත් වෙන්නේ මොකටද , කාවෙනුවෙන්ද කියලා හිතනකොට
    මාව පිච්චෙනවා

    ReplyDelete
  2. මට හුස්ම හිර වුනා... මේක ලියල තියෙන්නෙ මං ගැන වගේමයි... හ්ම්ම්ම්ම්ම්.....
    මං වෙනුවෙන් ගැහෙන හදවතක්
    මං වෙනුවෙන් විතරක් හුස්ම වැටෙන පපුවක්
    ආදරේ මහා ගොඩාක් දෝරෙ ගලන හදවතක්....
    මටත් අයිති වුනානම්.....
    සත්තයි මටත් ඔහොම හිතෙනවා...
    ජීවිතේ හිස් තැන පුරවන්න....
    එයා එනවනම්.....

    අපූරුයි යාලූ....!!!!

    ශානු ගෙ කතවත් හුගාක් අපූරුයි...මාත් ඔය ගින්නෙන් පිච්චිලා යන්වා...ඒත්... දෛවය හොදම අය මුණ ගස්වන්නෙ පරක්කු ව්එලා.. එතකන් මං... බලන් ඉන්නවා..

    ReplyDelete
  3. හ්ම්ම්ම්... ඇත්තම තමයි... හැමදේකදිම ලඟින් ඉන්න, ඕනම දෙයක් කියන්න, වැරැද්දකදි බනින්න හරි කවුරු හරි හිටියානම්.... ඒ හැමදේම නැති උනාම දුක් නොවී සතුටු වෙන්න බෑනේ..

    ඔයාට ඉක්මනටම හොඳ කෙනෙක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.( වෙඩින් එක නිසාත් දුක වැඩි වෙන්න ඇති නේද?? )

    ReplyDelete
  4. බය වෙන්න එපා අයියෙ....
    "අවංක මා සැමදා තනියෙන් " කියල කතාවක් තියෙනවනෙ..
    ඒ නිසා ටිකක් වංක වෙලා බලන්න......

    ReplyDelete
  5. දුක් වෙන්න එපා යාළුවා ඉකමනින්ම හොද කෙනෙක් මුණගැහේවි...

    ReplyDelete
  6. @ශානු ඇත්ත වෙලාවකට ජීවිතේට එහෙම කෙනෙක් ඉන්නවනම් කියල හිතෙනවා. අපි ගැන පොඩ්ඩක් හොයන්න ඇනයක් වෙන්න එත් ජිවිතේ මහා පුදුමා කරයි ඔනවෙනකොට නෑ ඕන නැතිවෙනකොට ඕනෑවටත් වඩා. ජිවිතේ කියන්නේ මේකට වෙන්ටෑ.ස්තුතියි අදහසක් දුන්නට යාලු
    @හිතුවක්කාරී එයා එයි දවසක මම එහෙම වෙන්ට කියල ප්‍රර්ථනා කරනවා. මොකද අපිට ආදරේ ඇතිවෙන්නේ එක පාරයි එක වෙනස් උනොත් ගොඩක් දුක හිතෙනවා දරාගන්න අමාරුයි. ස්තුතියි අදහසක් දුන්නට යාලු
    @හංසි හ්ම් හ්ම් හ්ම් .... ඇත්ත වෙලාවකට එහෙම කෙනෙක් ඉන්න ඕන.. මම හිතන්නේ නෑ බලමු මම කාලයට ඉඩ දීල බලන් ඉන්නවා.. වෙඩින් එක මේකට හේතුවක් නෙවෙයි...ස්තුතියි අදහසක් දුන්නට යාලු..
    @පිසාචයා නෑ මල්ලි අවංකව ඉන්න එක හොදයි වංක වනවාට වඩා කවද හරි ඇත්ත කියන්න වෙනවනේ..ස්තුතියි අදහසක් දුන්නට යාලු..
    @dinesh මම ඒ ගැන දැන් හිතන්නේ නෑ බලමු කාලය එක විසදයි.. ස්තුතියි අදහසක් දුන්නට යාලු..

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....