Friday, January 20, 2012

හඩ විකුණන යුවතියකට පෙම් කලෙමි .......


දිනක් හදිසියේම ඇසුණු හඩ 
ඔබේම වේයැයි සිහිනෙකින්වත් සිතුවේ නැත 
එත් ඒ ඔබේ හඩයි
හදවතේ ඉතිරිව තිබු මතකය යලි අලුත් වන්නට විය 
ඒ වසර කිහිපයක් අසාවෙන් අසාසිටි ඔබේ හඩම විය
ඒ හඩ එකල තරම් ජීව ගුණයක් මට නොතේරුණත් 
එකල ඔබේ ඉලක්කය කරා ඔබ ගමන් කොට ඇත 
ඔබ ඔබේ හඩ සමගින් රුව යහමින් අලෙවි කරගෙන ඇත 
දැන් ඔබට වටිනාකමක් ඇත
එත් දැන් ඔබ මට එක යුවතියක් පමණක්ම විය 
ඔබේ අරමුණ කරා ගමන් කිරීම ගැන මට ඇත්තේ 
නිහත මානි සතුටකි 
මන්දයත් ඔබ එතන සිටීම ගැන වැඩිපුරම 
හීන දුටුවේ මානිසාවෙනි
එත් ඒ ගමනේදී ඔබට අහිමි වුනු දෑ කොතෙක් දැයි 
මා නොදනිමි 
එහෙත් ඔබට මා අහිමි වුනු බව නම් මා හොදාකාරවම දනී ............

නිශාන්  
 

4 comments:

  1. සෑමා අද තමා ඉස්සෙල්ලම ආවේ. බ්ලොග් එක ලෝඩ් වෙන්න වෙලා යනවා ‍වගේ. වැඩිපුර ගැජට් ඉවත් කලොත් කස්ටිය වැඩිපුර එයි. ‍

    ජය පතමි !

    ReplyDelete
  2. අපුරු අදහසක්.......

    ReplyDelete
  3. අනේ අම්මෝ මමත් කාලයක් නිවේදකයෙක්ට පෙම් බන්දා :ඩි

    ReplyDelete
  4. @සෑම් බොහොම ස්තුතියි යාළුවා මෙපැත්තට ආවට.. මම හිතන්නේ පහුවෙලා හරි ඔයාගේ අදහසට එකග උනා...
    @dinesh බොහොම ස්තුතියි යාළුවා
    @වර්ණා බොහොම ස්තුතියි මෙපැත්තේ ආවට හැමෝම එකවගේ නැ මම හිතන විදියට...

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....