Monday, September 26, 2011

සද කුමරිය කොහිද....


අහසේ තරු පිරිලා ලස්සනයි 
එත් අමාවක නිසා හද පේන්නවත් නෑ 
හද නැති නිසා තරු වැඩි  පුර පෙන්නවා
එත් හද නැති අඩුව පුරවන්න ඒ එක තරුවකටවත් බෑ

මල් ගහක මල් පිපුනේ නැති උනාම 
ඒ ගහෙන් වැඩක් නෑ 
කෙතක පලදාව නැතිව 
වල් පැල උනාම ඒ කෙතෙන් වැඩක් නෑ 

මහා මුහුද ලස්සන උනාට 
රැලි නැතිනම් ඒ ලස්සන නෑ 
දිය ඇල්ලක් ලස්සන උනාට 
යහමින් වතුර නැත්නම ඒ ලස්සන නෑ 

ජීවිතේට මොන දේ තිබුනත් 
ආදරේ නැත්නම් වැඩක් නෑ 
මම හොයන සද කුමරිය 
මේ සද කුමරුට තාම හමු වෙලා නෑ 


මම  N N K....

Sunday, September 25, 2011

සිහින කුමරිය.......


සොදුරු ඔය සිතට 
පෙම් බදින්නට 
සදක් වැනි ඔය මුහුණ දිහා 
බලාගෙන පද බදින්නට 
නිමක් නැතිව කතා කරන්නට 
තොරක් නොමැති ඔබේ කතා 
ලගින් අසන්නට 
දැගිලි පටලා නිදහසේ 
ඇවිද යන්නට 
කවදාද ඔබ එන්නේ 
සිහිනයේ කුමරියනි 
මගේ ලෝකයට .........
මම  N N K....

Saturday, September 24, 2011

අහම්බෙන් දුටු දෑස.......


සමාවුව මැන මා හට 
මා බැලුම් හෙළුවේ ඔබ දෙස නොවේ 
ඔබට පසුපසින් ඇති මාවත දෙසයි 
ඔබේ දෑස දැක මොහොතක් නතර වුයේ 
ඔබේ දෑස මා දෙස බැලු නිසයි
ඔබ ඔබේ යෙහෙළියට යමක් මා දිහා 
බැලුම් හෙලා පැවසුවා 
ඇය මා දෙස බැලුවේ තම මිතුරියගේ 
සිත මා සොරා ගත්තා යන හැගිමෙන්ද 
ඔබ එතනින් පිට වී ගොස් යලිත් 
මා සිටි තැනට ආවේ අයි දැයි මා 
හරිහැටි නොදනී 
නමුදු ඔබට දෙන්නට හිතක් මා ලග නැතිබව 
මා දනී ....
මට සමාවනු මැන තව වරක්.....
මම N N K...

Friday, September 23, 2011

තාම මට කව්රුත් නෑ


හදවතේ තියන ආදරේ 
කියාගන්න
ජිවිතේ යන්න තියන දුර ගැන 
කතා කරන්නට 
ආදරෙයේ රස මිහිර
විදින්නට 
තනියට ලගින් ඉදන් 
තොරක් නැතුව තෙපලන්නට 
ජීවිතේට ශක්තියක් වෙන්නට 
සමහර අයට උත්තරයක් වෙන්නට 
හැමදාම ලගින් ඉන්න 
තාම මට කව්රුත් නෑ

මම  N N K....

Thursday, September 15, 2011

ඔබට ආදරේ උනත් මම ...


ඔය ඇස් දෙක
ඔය මුහුණ 
ඔය සිනහව 
දකින දකින වාරයක් පාසා 
මට හිතෙන්නේ 
ඔය ඇස් මට කතාකරනවා 
කියලයි 
එත් දෙයියනේ 
මේ සමාජේ හදාගත්ත බෙදීම් නිසා 
කියාගන්න බැරි තරම් ආදරයක් 
හිතේ තිබුනත් 
අහක බලන් ඉන්නේ 
නොලැබෙන බව හොදා කාරවම 
දන්නා නිසා වගේම 
ඔය පුංචි හිතටත් මගේ දෙගුරුන්ගේ 
හිත් වලටත් දුකක් දෙන්න මට බැරි නිසා ......

මම N N K......

Tuesday, September 13, 2011

අහිමි කුසුම ඔබ.......

වහින වැස්ස මට මතක් කළා......


මේ වගේ අනෝරා වැස්සක් එදත් වැටුනා 
ඒ අනෝරා වැස්සට දැනිච්ච සිතල මකාගන්න 
ඔබ මගේ වම් භාහුව තදින් අල්ලාගෙන 
මට තුරුළු උනා මට මතකයි 
එදා ඔබ මුමුණපු පද වැල් අද මට අමතක උනත් 
එදා ඔබ මට කලේ බොරුවක් කියල මම දැනගෙන හිටියනම් 
අද මේ වැස්ස වැටෙන කොට මට දුක හිතෙන එකක් නෑ
එදා ඔබේ හැදෙ ගැස්ම මට දැනුනා 
හැදෙ ගැස්ම  කිව්වෙත් මට ආදරේ කියල 
එත් ඔබ කිව්වේ අපි හොද යාළුවො කියල 
ඔබ හරිද මම හරිද මම දන්නේ නෑ 
එත් ඔබට මම ආදරේ කළා.............
අද ඔබ ඉන්නේ කොහෙද කියල මම දන්නේ නෑ 
නමුත් මට ඕන නම් ඔබව බලන්න පුළුවන් 
එත් මම එහෙම කරන්නේ නෑ 
මගේ හිත පැරෙයි කියන බයට නෙවෙයි 
ඔබගැන ආදරයක් ඇතිවෙයි  කියන බයටත් නෙවෙයි 
මොකද මට පැරෙන්න හිතක් දැන් නැති නිසා
ඔබට යන්න කීවෙත් මම ඒ ඔබ මට ආදරේ නැතිනිසා 
අතීතය මට මතක් වෙලා වද දෙන නිසා
එත් මේ හැම දෙයක් එක්කම ඔබේ මතකය රැදිලා 
ඔබ මට අමතක වෙන එකක් නෑ 
එත් 
ඔබ එපා කියූ කිරුල නැවත ඔබ ඉල්ලුවත් 
මම ඔබට දෙන්නේ නෑ ...

මම  N N K.......

Monday, September 12, 2011

ගන්න දෙයක් තියේවිද දන්නේ නැ හිතුන ලිව්වා කැමතිනම් කියවන්න.....

ජිවිතේ කියන්නේ මහා අමුතු දෙයක් අපිට හරියට තේරුම් ගන්න බැරිදෙයක්. ජිවිතේ දී අපිට ලැබෙන කොට ඒවා අපිට ලැබෙන්නේ අපි කරපු පින් නිසා කියල කියනවා. නොලැබෙන  කොට පවු නිසා කියල කියනවා. ඇත්ත අපි බුදුදහම පිළිගන්න අය විදියට අපි පින පව විස්වාස කරන්න ඕන. ජීවිතේදී මට ලැබිය යුතු ගොඩක් දේවල් මම මේ වෙන කොට ලබාගෙන තියනවා වැරදුනා ලැබිල තියනවා. එත් මට එක ප්‍රශ්නයක් තියනවා එක මට තියන අවශ්ෂ තාවයක්ද සමාජීය අවශ්‍ය තත්වයක්ද කියල මට කියන්න බැහැ. හැබැයි මිට කලින් මේ අවශ්‍ය තාවය මට තිබුනා. එක තමයි girl friend කෙනෙක් ඉනවද නැත්ද කියන එක. මටත් මුලින් හිටියනම් හොදයි කියල හිතුනා. මුලින් කෙනෙක් ගැන හිතුවා පස්සේ එයා මගේ මුනවත් බලන්නේ නැතුව ගියා. එයට වෙන කෙනෙක් හිටියා. ඉතින් මම හිත හදාගත්තා. පස්සේ තව කෙනෙක් එයාගෙන් මම ගොඩක් දේවල් ඉගන ගත්තා. ආදරෙකරන හැටි වැරදුනා බොරුවට ආදරේ කරන හැටි. ආදරේ වගේ පෙන්නන හැටි 
දත පන්නන හැටි බොරු කියන හැටි ගොඩක් දේවල් ලේසියෙන් කාටවත් ඉගන ගන්න බැරිදෙවල්. එයත් දැන් ගිහින් වැරදුනා මම යැව්වා. දැන් කවුරුත් නැ. ඇත්තටම පලවෙනි කෙනාගේන්නම් මට කිසිම කරදරයක් උනේ නැ මට තියන එකම ප්‍රශ්නේ ඇයි එයා මත එක්ක තරහ උනේ කියන එක විතරයි. දෙවෙනි එක්කෙනාගෙන් මම ගොඩක් දේවල් ඉගන ගත්තා. එනිසා මම එයා එක්කවත් තරහ නැ නමුත් යාළුත් නැ. දැන් තියන ප්‍රශ්නේ මට කවුරුත් ඕන නැ නමුත් මගෙන් කවුරු හම්බ උනත් අහන්නේ ඔයාට girl friend කෙනෙක් ඉන්නවද කියල. ඇයි ඒ අපිට ජීවිතේදී girl friend කෙනෙක් නැතුව ජිවත් වෙන්න බැරිද??? කොල්ලෙක් උනාම girl friend කෙනෙක් ඉන්නම ඕනද??? ඉතින් මම එහෙම අහපු කෙනෙක්ගෙන් ඇහුවහම ඇයි මොකටද කියල girl friend කෙනෙක් කියල එයා මට දිපුපිලිතුරට මට එයගැන කලකිරීමක් එක්කම දුකක් අතිඋනා. මිනිස්සු කතාකරන්නේ කොච්චර නොදැනුවත් කමින්ද කියල මටම තේරුනා. ඇත්තටම මම  එයාට උත්තර දෙකක් දුන්න එකක් තමයි ඒ දේවල් වල දැඩි අවශ්ෂ තාවයක් මට තම නෑකියල. අනික ඔයාට ඉන්නෙත් දුවෙක් නේද කියල මම ඇහුව. සමහර විට ඔහුගේ මෝඩ මොලයට මම අහපු දෙක දුර නොපෙනෙන්න ඇති. නමුත් එයයි සත්‍ය. මෙවන් මන්ද මනසිකයින් සිටිනා වූ සමාජයක ජිවත් වීම මට මහත් කල කිරීමකි. සැම මිනිසෙකුම මෙවෙනි වේයැයි මම නොසිතයි නමුදු මෙවෙනි මිනිසුන් නිසා ඇතිවූ කෙදවාචක පසුගිය දිනයන් හි අපට අසන්නට ලැබිණි. මිනිසුන්ගේ චින්තනය වෙනස් කිරීමට අපට නොහැකිය නමුදු එවන් අය නිසා විනාස වන අයාලේ යන ජිවිත අපට වලකාලීමට හැකි උත්සහයක් ගැනීමට අප සතු යුතුකමකි මෙවෙනි මිනිසුන් පමණක් නොව ගැහැණුන්ද කොතෙකුත් ඇතිබව මතක තබා ගතයුතු කරුණකි. 
ආදරය විවාහය ලෝකයේ පැවැත්මට අත්‍යවශ්ෂ දෙයකි. බුදුරදුන් පාවා ඒය දේශනා කොට ඇත. බුදුරදුන් ආදරය කිරීම විවාහ වීම ගිහියෙකුට තහනම් කොට නැත. නමුත් කාමයේ වරදවා හැසිරීම තහනම් කොට ඇත. 
කෙසේ නමුදු මේ විෂම සමාජයේ සබැ ආදරය හදුනා ගැනිමනම් අපහසුය... 
මම N N K.....

Thursday, September 8, 2011

ඇයව හිමිඋනා මට සදහටම ......



අපි ආදරය කළා 
අපි විවාහ වෙන්න පොරොන්දු  උනා 
එත් මට අපේ ආදරේ දැනුනේ නැ
ඒ පොරොන්දුව මුද්දකට සිමා උනා 
අපිට ඇත්වෙන්න සිද්ද උනා 
ඔබ එක රටක මම තව රටක 
ඔබට මට කතාකරන්නවත් වෙලාවක් තිබුනේ නැ 
අපි තව දුරස් උනා 
මට හමුඋනා මං වැනිම තනිවුනු යුවතියක් 
අපි විනෝද උනා 
අපි අතර ආදරයක් ඇති උනා 
කාලය ගත උනා දැනුනේ නැ 
ඇගේ ඉරණම් දවස ලං උනා 
ඇයට ඔහුට පිටු පාන්න බැරි උනා
අපි වෙන් උනා 
ජීවිතය මට උදව්කලා තව පාරක් 
ඇගේ විවාහයට මට යන්න වෙලා 
මගේ පොරොන්දු විවාහය සමගින් 
අපිට කතාකරන්න හමුඋනා මොහොතක් 
දැනුනේ නැ සිටින බව අවට කිසිවෙක් 
අමතක කරන ලෙස පැවසුවා ඇය සදහටම
මගෙත් ඇගේත්  විවාහ වීමට සිටින  අයට ඇසුනා මෙය නොදැනුවත්වම 
ඔවුන් තේරුම් ගත්තා හොදින් මෙය 
එම නිසාවෙන් හිමිවුවා ඇයව සදහටම මට .....


මෙය සත්‍ය සිදුවීමක් නොවේ මනං කල්පිත රචනයකි...
මම    N N K.....

Tuesday, September 6, 2011

ජිවිතේ මම දකින විදිය.....


මෙහෙම පටන්ගනිමුකෝ ඉපදුනු දවසේ ඉදල තරගයක් දුවනවා හෝ හෝ වැරදුනා ඉපදුනු දවසේ ඉදල අවුරුදු 14 ක් 15 ක් වෙනකම් තරගෙක දුවවනවා. මම එහෙම කිව්වේ ඉපදුනු දවසේ ඉදල අපේ අම්මල තාත්තල අපි තව අය එක්ක සංසන්දනය කරනවා අම්මල තාත්තල විතරක් නෙවෙයි අපේ වටේ ඉන්න අයත් ඒ මෙහෙමයි බර ,මහත,උස , ලස්සන ,වර්දනය , ඉගෙනීම ,දක්ෂතාවය මෙහැම එකක් එක්කම අපි අවුරුදු 14 ක් 15 ක්  දුවවනවා ඊට පස්සේ අපි විසින්න්ම අපි දුවවනවා මේකේ නැවතීමක් නැ. ගොඩක් අයගේ ජිවිතේ මේ වගේ කියන මගේ ජීවිතෙත් වෙලාවකට මේවගේ මේක තමන් ගේ ආසාවක් නොවුනත් ජිවත් වෙන සමාජයේ අවශ්ශතාවයක් වෙලා. කොහොම හරි මේ විදිය ගැමි සමාජය තුල බොහොම අඩුයි. එකට හේතුව විදියට ගැමිසමාජය නොදියුණු වීම අපිට ගන්න පුළුවන් උනත් වෙලාවකට මෙසේ දියුනුවිමකට වඩා එසේ සිටීම හොදයි සිතෙනවා. අපි දියුණු වෙලා කියන සමාජය තුල ශය වීම් කොච්චර තියනවද. ආදරය මනුස්සකම තමන්ගේකම හිතවත් බව මේ මුකුත් අද අපි මේ දියුණුයි කියන සමාජය තුල නැ. එකයි මම කිව්වේ නොදියුණු ගැමි සමාජය මිට වඩා හොදයි කියල. මේ සමාජය තුල තියෙන්නේ ඉරිසියාව කොර්දය අනෙකාපසුකර යාමේ ආශාව විතරයි. මෙදෙවල්වලට දැනුවත්ව හෝ නොදැනුවත්ව මමත් ඔබත් සම්බන්ඳ වෙලාතියනව.  එත් අන්තිමට දුවල නැවතුනු දවසකට අපි උපයල තියෙන්නේ මුදල් විතරයි. මුදල් වලින් ගන්න පුළුවන් ගොඩක් දේවල් තියනවා නමුත් අපිට ඕනෑම දේවල් ගන්න අපිට හැකියාවක් නැ. හිතන්න මේ දේවල් අපිට සල්ලි වලට ගන්න පුලුවන්න්ද කියල ආදරය සෙනෙහස තමන්ගේ අය (සහෝදර සහෝදරියන් හා හිතවතුන් ) නිරෝගිකම. යමෙක් කියන්න පුළුවන් සල්ලි තියනවනම් ඕව මොකටද කියල එත් තමන්ගේ ජිවිතේ අවසන් ගමන යන්න සල්ලි උඩින් බැ අඩුම ගානේ හිතවතුන් 6 දෙනෙක් වත් ඉන්න ඕන. මම මෙහෙම කියන්න හේතුව මිට අවුරුදු ගානකට කලින් එකියන්නේ මම පාසල්  යන කාලේ අපේ පාසැල ගාව තිබුන ගෙදරක් එක වටේටම තාප්ප ගහල මිදුලේ තිබුන අබ ගහක් පාරට අතු එහෙමත් තිබුන එවයි ගෙඩි එහෙමත් තිබුනා හැබැයි පාරට තිබුණු අතු වල  උනත් කාටවත් ඒ කියන්නේ පාසල් ගිහින් එන ළමයකුට උනත් අබ කැඩීම තහනම් කැඩුවොත් බනිනවා කඩපුව  දෙන්නෙත් නැ. ඔහොම යත්දී මේ ගෙදර මළගෙයක් උනා. මම පාසල් යන්නේත් එන්නෙත් එතැනින් නිසා යන වෙලාවට බැලුවම කවුරුත් නැ උදේ නිසා කියමුකෝ එත්දිත් නැ. අන්තිමට දවස් දෙකකට පස්සේ මම පාසල් ඇරිලා එත්දී දැක්ක ඒ ගෙදර ගේට්ටුව ගාව කෙනෙක් ඉදගෙන පාරේ යන ලොකු අයියලාට කතාකරනවා බොඩි එක උස්සන්න. මේක ඇත්ත කතාවක්. සමහරුන්ට මතක ඇති ඒ දවස් වල එතැනින් ගිය. මෙන්න මේකයි ඇත්ත කතාව. එදයි මම හිතාගත්තේ ජිවිතේ මොනදේ හම්බ කරත් මනුස්සකම හම්බ නොකර වැඩක් නැ කියල. කවද කගේ උදව් නැතුව හිටියත් අවසානේ 4 දෙනෙකුගේ හෝ 6 දෙනෙකුගේ උදව් පැතිය යුතුවේ. 
ජිවිතේ කාටවත් කරදරයක් නැතුව තමන්ගේ ජිවිතේ හොදට ගෙවන ගමන් තව කෙනෙකුට උදව්වක්   කරලා ඒ දෙයින් සතුටුවෙන ගමන් සමාජයට වැඩදායි පුද්ගලයෙක් වෙන්න පුළුවන් නම් එක තමයි මෙජිවිතේදී අපි ලබන ලොකුම සතුට කියලයි  මම හිතන්නේ   ඔබ ....
මම     N N K .......

Friday, September 2, 2011

ඔබ දන්නවනම්...............


මගේ හිත ලස්සනයි 
කියන්නේ ඔබමයි 
මම කව්ද වගේ කියල 
ඔබ බනින්නේ මාත් එක්කමයි 
තක්ශනේ දියුණුවත් එක්ක 
ඔබ ඉදිරියේ ඉදල ඔබට  නොපෙනෙන්න 
මම ඔබත් එක්ක කතාකරනවා 
ඔබ මගේ රූපෙට ඔරවා ඔරවා 
මාත් එක්ක කතාකරනවා 
ඔබ දන්නවනම් ඔය ඔබ කියන 
ලස්සන හදවත තියෙන්නේ 
ඔබම කියන විදියට කැත කළු
මේ සරීර කුඩුව ඇතුලේ කියල
ඔබ එක පාරක් හරි දකින්න ඕන කියන මම 
ඔබම බනින  කැත කළු කොල්ල කියල 
ඔබ දන්නවනම් 
එදාට ඔබ මට මොනවා කරයිද 
ඔබ එදාට මොනවා කරත් මම තරහ නෑ
මොකද මම දන්නවා 
ඔබ මගේ රූපෙට නැති උනත් 
මගේ හදවතට ආදරෙයි කියල 
කොහොම උනත් මම ඔබට හැමදාම 
ආදරෙයි.........

මම N N K......