Monday, September 12, 2011

ගන්න දෙයක් තියේවිද දන්නේ නැ හිතුන ලිව්වා කැමතිනම් කියවන්න.....

ජිවිතේ කියන්නේ මහා අමුතු දෙයක් අපිට හරියට තේරුම් ගන්න බැරිදෙයක්. ජිවිතේ දී අපිට ලැබෙන කොට ඒවා අපිට ලැබෙන්නේ අපි කරපු පින් නිසා කියල කියනවා. නොලැබෙන  කොට පවු නිසා කියල කියනවා. ඇත්ත අපි බුදුදහම පිළිගන්න අය විදියට අපි පින පව විස්වාස කරන්න ඕන. ජීවිතේදී මට ලැබිය යුතු ගොඩක් දේවල් මම මේ වෙන කොට ලබාගෙන තියනවා වැරදුනා ලැබිල තියනවා. එත් මට එක ප්‍රශ්නයක් තියනවා එක මට තියන අවශ්ෂ තාවයක්ද සමාජීය අවශ්‍ය තත්වයක්ද කියල මට කියන්න බැහැ. හැබැයි මිට කලින් මේ අවශ්‍ය තාවය මට තිබුනා. එක තමයි girl friend කෙනෙක් ඉනවද නැත්ද කියන එක. මටත් මුලින් හිටියනම් හොදයි කියල හිතුනා. මුලින් කෙනෙක් ගැන හිතුවා පස්සේ එයා මගේ මුනවත් බලන්නේ නැතුව ගියා. එයට වෙන කෙනෙක් හිටියා. ඉතින් මම හිත හදාගත්තා. පස්සේ තව කෙනෙක් එයාගෙන් මම ගොඩක් දේවල් ඉගන ගත්තා. ආදරෙකරන හැටි වැරදුනා බොරුවට ආදරේ කරන හැටි. ආදරේ වගේ පෙන්නන හැටි 
දත පන්නන හැටි බොරු කියන හැටි ගොඩක් දේවල් ලේසියෙන් කාටවත් ඉගන ගන්න බැරිදෙවල්. එයත් දැන් ගිහින් වැරදුනා මම යැව්වා. දැන් කවුරුත් නැ. ඇත්තටම පලවෙනි කෙනාගේන්නම් මට කිසිම කරදරයක් උනේ නැ මට තියන එකම ප්‍රශ්නේ ඇයි එයා මත එක්ක තරහ උනේ කියන එක විතරයි. දෙවෙනි එක්කෙනාගෙන් මම ගොඩක් දේවල් ඉගන ගත්තා. එනිසා මම එයා එක්කවත් තරහ නැ නමුත් යාළුත් නැ. දැන් තියන ප්‍රශ්නේ මට කවුරුත් ඕන නැ නමුත් මගෙන් කවුරු හම්බ උනත් අහන්නේ ඔයාට girl friend කෙනෙක් ඉන්නවද කියල. ඇයි ඒ අපිට ජීවිතේදී girl friend කෙනෙක් නැතුව ජිවත් වෙන්න බැරිද??? කොල්ලෙක් උනාම girl friend කෙනෙක් ඉන්නම ඕනද??? ඉතින් මම එහෙම අහපු කෙනෙක්ගෙන් ඇහුවහම ඇයි මොකටද කියල girl friend කෙනෙක් කියල එයා මට දිපුපිලිතුරට මට එයගැන කලකිරීමක් එක්කම දුකක් අතිඋනා. මිනිස්සු කතාකරන්නේ කොච්චර නොදැනුවත් කමින්ද කියල මටම තේරුනා. ඇත්තටම මම  එයාට උත්තර දෙකක් දුන්න එකක් තමයි ඒ දේවල් වල දැඩි අවශ්ෂ තාවයක් මට තම නෑකියල. අනික ඔයාට ඉන්නෙත් දුවෙක් නේද කියල මම ඇහුව. සමහර විට ඔහුගේ මෝඩ මොලයට මම අහපු දෙක දුර නොපෙනෙන්න ඇති. නමුත් එයයි සත්‍ය. මෙවන් මන්ද මනසිකයින් සිටිනා වූ සමාජයක ජිවත් වීම මට මහත් කල කිරීමකි. සැම මිනිසෙකුම මෙවෙනි වේයැයි මම නොසිතයි නමුදු මෙවෙනි මිනිසුන් නිසා ඇතිවූ කෙදවාචක පසුගිය දිනයන් හි අපට අසන්නට ලැබිණි. මිනිසුන්ගේ චින්තනය වෙනස් කිරීමට අපට නොහැකිය නමුදු එවන් අය නිසා විනාස වන අයාලේ යන ජිවිත අපට වලකාලීමට හැකි උත්සහයක් ගැනීමට අප සතු යුතුකමකි මෙවෙනි මිනිසුන් පමණක් නොව ගැහැණුන්ද කොතෙකුත් ඇතිබව මතක තබා ගතයුතු කරුණකි. 
ආදරය විවාහය ලෝකයේ පැවැත්මට අත්‍යවශ්ෂ දෙයකි. බුදුරදුන් පාවා ඒය දේශනා කොට ඇත. බුදුරදුන් ආදරය කිරීම විවාහ වීම ගිහියෙකුට තහනම් කොට නැත. නමුත් කාමයේ වරදවා හැසිරීම තහනම් කොට ඇත. 
කෙසේ නමුදු මේ විෂම සමාජයේ සබැ ආදරය හදුනා ගැනිමනම් අපහසුය... 
මම N N K.....

3 comments:

  1. කෙනෙක්ට ,කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට හරි, girl fiend/ boy friend කෙනෙක් ඉන්නම ඕනෙ නෑ.. එහෙම දෙයක් නෑ...මම හිතන්නෙ එහෙමයි.. කෙනෙක් සාර්ථකව තමන්ගෙ දේවල් කරගෙන ඉදිරියට යන්වනම්, ජීවිතේ දුකක් කරදරයක් නැත්තම් එක්චරයි..

    මේ ලෝකෙ හැමෝම වෙනස් කරනන් අපිට බෑ.. අනිත් අයගෙ සිතුම් පැතුම් අදහස අපිට වෙනස් කරන්න අමාරුයි.. ඉතින් අපි අපිට හොද විදියට සමාජෙට ගැලපෙන්න ජීවත් ව්උනාම හරි..

    දිගටම ලියන්න. ජය වේවා සහෝ..!!!

    ReplyDelete
  2. @හිතුවක්කාරී එකනම් ඇත්ත නමුත් හැම ජිවිතේක දුක සතුට කියන එක අනිවාර්යෙන්ම තියෙන්න ඕන නැත්නම් එක ජිවිතයක් නෙවෙයිනේ. ජිවිතේ සතුටම විතරක් තියන හරි ජිවිතේ දුක විතරක් හරි තියන කවුරුත් නැ මම හිතන විදියට මේ ලෝකේ. අපිට කවුරුත් වෙනස් කරන්න බැරි එක ඇත්ත නමුත් පොඩි හරි වෙනසක් කරන්න පුළුවන් වෙයි කියල මම හිතනවා. වතුර බින්දුව බින්දුව එකතුවෙලානේ ගගක් හැදෙන්නේ. බොහොම ස්තුතියි යාලු අදහසක් දුන්නට....:):):)

    ReplyDelete
  3. ලොකු කරදර ගොඩක් මැද්දෙ ආයිත් හදිසියෙම කොළඹ ඇවිත් යන්න ආවා. ඒ ගමන් ඔයාටත් මොනවා හරි ලියලා යන්නෙ.
    ජීවිතේ දුක සතුට බෙදාගන්න, කරදරයකදි ලඟින් ඉන්න පුලුවන් අපි වෙනුවෙන් එක මොහොතක් හරි කැප වෙන්න පුලුවන් කෙනෙක් ඉන්න එක වටිනවා. ඒකනේ අපි විවාහ වෙන කෙනා සහකාරිය/ සහකාරයා කියලා කියන්නෙ. ඒත් තව කෙනෙක් ඉන්න එක අනිවාර්ය නෑ. අපේ ආත්ම ශක්තිය, අපිට දෙයක් දරා ගන්න පුලුවන් ප්‍රමාණය මත සමහර විට සදහටම උනත් තනිවම ජීවත් වෙන්න පුලුවන්. හැබැයි හිතන්නකො කවුරුත්ම නැති දූපතක අපිට තනියම ජීවත් වෙන්න වෙනවා කියලා එතකොට දැනෙන දේ කවදාවත් මිනිස්සු ඉන්න තැනක තනියම ජීවත් වෙත්දි දැනෙන්නෙ නෑ.

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....