Thursday, September 15, 2011

ඔබට ආදරේ උනත් මම ...


ඔය ඇස් දෙක
ඔය මුහුණ 
ඔය සිනහව 
දකින දකින වාරයක් පාසා 
මට හිතෙන්නේ 
ඔය ඇස් මට කතාකරනවා 
කියලයි 
එත් දෙයියනේ 
මේ සමාජේ හදාගත්ත බෙදීම් නිසා 
කියාගන්න බැරි තරම් ආදරයක් 
හිතේ තිබුනත් 
අහක බලන් ඉන්නේ 
නොලැබෙන බව හොදා කාරවම 
දන්නා නිසා වගේම 
ඔය පුංචි හිතටත් මගේ දෙගුරුන්ගේ 
හිත් වලටත් දුකක් දෙන්න මට බැරි නිසා ......

මම N N K......

6 comments:

  1. මුලින් රස්සාවක් හොයාගනින්,,,පස්සේ පරස්තාව ගැන හිතපන් ....ලොl

    ReplyDelete
  2. අහිමි යැයි සිත සිතම
    හිත තව සොයයි නුඹේ දැසම..

    ReplyDelete
  3. "කියාගන්න බැරි තරම් ආදරයක්
    හිතේ තිබුනත්
    අහක බලන් ඉන්නේ
    නොලැබෙන බව හොදා කාරවම
    දන්නා නිසා වගේම
    ඔය පුංචි හිතටත් මගේ දෙගුරුන්ගේ
    හිත් වලටත් දුකක් දෙන්න මට බැරි නිසා ......"

    ම්ම්ම්ම්ම්ම්... දුක හිතුනා මට. ආදරේ දරාගෙන හිතින් විදවන්න වෙන එක තරම් දුකක් තවත් නෑනෙ..:(

    ReplyDelete
  4. @ thariduhw122 එහෙම තමයි අයියේ බලාපොරොත්තුව ස්තුතියි අදහසක් දුන්නට
    @dinesh හිතට වැදුණු ඇස දෙකක් ලේසියෙන් අමතක වෙන්නේ නැනේ යාලුවා ස්තුතියි අදහසක් දුන්නට
    @හිතුවක්කාරී ජීවිතේදී අපිට ඒ වගේ දේවල් කරන්න වෙනවා මොකද දාහක් බලාපොරොත්තු තියාගෙන අපිව හදපු අයට මොන හේතුවක් නිසාවත් අපිට පිටු පන්න අයිතියක් නැති නිසා..... ස්තුතියි අදහසක් දුන්නට ..

    ReplyDelete
  5. ඇයි ඔයාත් මෙහෙම දේවල්ම ලියන්නෙ? මට ගොඩක් දුකයි මේවා දකිත්දි. අමතක කරන්න හිතුවාට මේ වගේ දේවල් දකිත්දි හැමදේම ආපහු මතක් වෙනවා. අම්මලා තාත්තලා නෑදෑයො වෙනුවෙන් මම මගේ ආදරෙන් ඈත් උනා. ඒත් අද මට එයා දකිත්දි එයා වෙන කෙනෙක්ට අයිති වෙනවා දකිත්දි දරාගෙන ඉන්න බෑ. ඒ නිසාම වෙන්න ඇති මම මේ ජීවිතෙන් ඈත් වෙලා යන්න ඕන කියලා මට දැනෙන්නෙ.

    ReplyDelete
  6. @ හංසි මොකද කියනවා නම් මම ඒ අය නිසා ආදරේ මගේ ඉස්සරහ තියෙද්දිත් මම ආදරේ නොකරපු නිසා. නමුත් වෙලාවකට එහෙම මම ඉක්මන් නොවිච්ච එක හොදයි කියල මට වෙලාවකට හිතෙනවා. කොහොම හරි ආදරේ නිසා තමන්ගේ ජිවිතේ නැතිකරගන්න හිතන එක මහම මහා ලොකු මෝඩ වැඩක්. එයාගේ ජීවිතෙන් ඔය අයින් උනේ එක හේතුවක් නිසා එක එවෙලාවේ ඔයා සදරනිකරණය කලානම් තවත් ඒ ගැන හිතන්න එපා... ස්තුතියි අදහසක් දුන්නට.

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....