Tuesday, September 13, 2011

වහින වැස්ස මට මතක් කළා......


මේ වගේ අනෝරා වැස්සක් එදත් වැටුනා 
ඒ අනෝරා වැස්සට දැනිච්ච සිතල මකාගන්න 
ඔබ මගේ වම් භාහුව තදින් අල්ලාගෙන 
මට තුරුළු උනා මට මතකයි 
එදා ඔබ මුමුණපු පද වැල් අද මට අමතක උනත් 
එදා ඔබ මට කලේ බොරුවක් කියල මම දැනගෙන හිටියනම් 
අද මේ වැස්ස වැටෙන කොට මට දුක හිතෙන එකක් නෑ
එදා ඔබේ හැදෙ ගැස්ම මට දැනුනා 
හැදෙ ගැස්ම  කිව්වෙත් මට ආදරේ කියල 
එත් ඔබ කිව්වේ අපි හොද යාළුවො කියල 
ඔබ හරිද මම හරිද මම දන්නේ නෑ 
එත් ඔබට මම ආදරේ කළා.............
අද ඔබ ඉන්නේ කොහෙද කියල මම දන්නේ නෑ 
නමුත් මට ඕන නම් ඔබව බලන්න පුළුවන් 
එත් මම එහෙම කරන්නේ නෑ 
මගේ හිත පැරෙයි කියන බයට නෙවෙයි 
ඔබගැන ආදරයක් ඇතිවෙයි  කියන බයටත් නෙවෙයි 
මොකද මට පැරෙන්න හිතක් දැන් නැති නිසා
ඔබට යන්න කීවෙත් මම ඒ ඔබ මට ආදරේ නැතිනිසා 
අතීතය මට මතක් වෙලා වද දෙන නිසා
එත් මේ හැම දෙයක් එක්කම ඔබේ මතකය රැදිලා 
ඔබ මට අමතක වෙන එකක් නෑ 
එත් 
ඔබ එපා කියූ කිරුල නැවත ඔබ ඉල්ලුවත් 
මම ඔබට දෙන්නේ නෑ ...

මම  N N K.......

7 comments:

  1. ඔයා මොකද මම ලියන ඒවා වගේම එකක් ලිව්වෙ?? මම ඊයෙ ලියපු පෝස්ට් එකට මේකෙ දෙවනියට තියන ෆොටෝ එක දාන්නත් හදලා දැන් තියන එක දැම්මෙ.. මට කතා කියන කෙනාමද ඔයාටත් මේ කතා කියන්නෙ?
    ඉරිසියාවට කරන වැඩ නේ. >:(
    කොහොම උනත් මේ කතාව ගොඩක් හිතට දැනෙනවා. ලස්සනයි..

    ReplyDelete
  2. අපොයි දැන් ඉල්ලුවත් දෙන්නෙ නැත්ද මල්ලි..අනේ මේ බැක්ග්‍රවුන්ඩ් එක හින්දා පේනවා හොරයි නේ...

    ReplyDelete
  3. දෙන්න එපා දෙන්න එපා...
    එකපාරක් එපා නම් ආයි මොකටෙයි ......

    ලස්සන පද ටික...

    ReplyDelete
  4. @හංසි අනේ නැ හංසි මම ඔයාගේ පොස්ට් එක දැක්කේ දැන්. අනේ මගේ ඉරිසියාවක් නැ. සමහර විට අපි දෙන්නටම ආදරේ දෙවිදියකට වැරදුනු හින්ඳ වෙන්න ඇති. කවුරු කොතන ආදරය කලත් ඒ හැම එකකම දැනීම එක වගේ කියනවනේ. මේක ලියන්න හේතු උනේ එය හදිසියේම මම අද දැක්ක එකයි. මට උවමනාව තිබුනත් නොදැක ඉන්න අමාරුයි නේ. පොද්ද වැරදිලා බටන් එකක් ප්‍රෙස් උනොත් පේනවනේ අද වැරදීමක් උනා..... ස්තුතියි අදහසක් දුන්නට .
    @ නිසුපා නැ අක්කේ කවදාවත්ම අපහු දෙන්නේ නැ. තව පාරක් දාල ගියොත් තවත් ඒ නිසා දුක් විදින්න බෑ. ගොඩක් අය කිව්වා ලස්සනයි කියල එකයි තියෙන්න දුන්නේ බලමු වෙනස් කරන්න... ස්තුතියි අදහසක් දුන්නට

    ReplyDelete
  5. @පිසාචයා අනිවාර්යන්න්ම අපහු දෙන්නේ නැ...ස්තුතියි අදහසක් දුන්නට

    ReplyDelete
  6. ගිය කෙනෙක් වෙනුවෙන් තවත් බලන් ඉන්න එපා යාලුවා.. ලස්සනයි කවි පෙල...

    ReplyDelete
  7. @dinesh මම කවදාවත් බලන් ඉන්නේ නැ ගිය කෙනෙක් වෙනුවෙන් යාලුවා ස්තුතියි අදහසක් දුන්නට

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....