Sunday, October 30, 2011

මායාකාරිය


දෑස අගින් දුටු ඔබේ රුව
නැවත හරි බැලීමට තරම් 
දෑස ආශා කල ඔබේ රුව 
සිතේ අදි රේකාව කුමක් ද 
දුටු මොහොතේ පටන් සිතේ 
සක්මන් කරනා ඔබේ රුවේ ඇති 
මායාව කුමක් ද 
මායාකරියක්ද ඔබ
ඔබේ සමීපයට මා ඇදී යාමට 
තරම් ඔබේ වූ මායාව කුමක්ද 
ඔබ මායාකාරියකි 
සැබවින්ම මායාකාරියකි 
කියන්න ආදරේ ද මට ....

මම N N K.....

7 comments:

  1. මං බැලුවා මම ගැන ලියලාද කියලා...;) ලස්සනයි...

    ReplyDelete
  2. හප්පට සිරි NNK කුරුල්ලටත් ඇඹරුවද ගුලියක් ඒ මායාකාරි...
    ඔය කොයි මායාකාරියත් එකයි බං..64 තමා දාන්නේ...
    අපූරු පද ටික...
    @ මන්තර්-හ්ම්ම් ඔන්න ඒ කොල්ලත් ඉවරය් වගේ

    ReplyDelete
  3. ආ තවැකක් බොහෝම සිත් ගන්නා සුලු බැක්ග්‍රවුන්ඩ් එකක්

    ReplyDelete
  4. මන්තරකාරිත් මාර වැඩනේ කරන්නේ..

    ලස්සන කවි පෙල යාළුවා..

    ReplyDelete
  5. @ මන්තරකාරී ඔයා ගැන නම් නෙවෙයි මම ලිව්වේ මායකාරියක් ගැන බොහොම ස්තුතියි අදහසක් දුන්නට
    @ ගලය එකනම් එහෙම තමයි කාගවත් තියෙන්නේ ඒ 64 තමයි එත් කරුමෙට අපිත් කගේ හරි එකකට සදාකාලිකව අහුවෙනවනේ බං. බොහොම ස්තුතියි අදහසක් දුන්නට
    @dinesh මන්තරකාරී නෙවෙයි යාළුවා මායකාරියක් ස්තිතියි අදහසක් දුන්නට

    ReplyDelete
  6. ලස්සනම ලස්සන වචන ටිකක් ලස්සනට ගලපලා.. මේ ගැන මුකුත් අහන්නෙ නැතුව කේක් ඉල්ලන එක තමයි හොඳම. ඔන්න එහෙනම් මටත් කේක් කෑල්ලක් වෙන් කරන්න. :D

    ReplyDelete
  7. @ හංසි බොහොම ස්තුතියි අදහසක් දුන්නට

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....