Friday, October 7, 2011

ඔබේ එක වදනකින් මගේ දුක නැතිවිය....


සුනුවි ගොස් තිබු බලාපොරොත්තු 
විකසිත වී 
යලි පුදින්නට අවසර පැතුවේ 
ඔබේ යලි පැමිණීමෙනි 
මාස කිහිපයක් 
ඇදක් මත හදේ ගැස්ම 
පමණක් තිබු ඔබේ 
දෙස බලා 
මා දෑසින් ගැලු කදුළු නිමක් නොවේ 
ඒ කදුළු අතරින් හදිසියේම 
ඔබේ මුවින් මගේ නම අසුනේ 
සිහිනයකින් වාගේ 
සැබැවින්ම ඒ ඔබේ හඩමද
ඔව් ඒ ඔබේ හඩයි
යලිත් වසන්තය පැමිණෙයි අපේ දිවියට 
ඒ වසන්තය අපේමයි 
මුහුදු වෙරළට වී ඉරු නැගෙන හැටි බලන්නට 
හිරු බැස යන දිහා බලාගෙන කතාකරන්නට 
අපිටම වෙන් වුනු නිමේශයන්හි තනි වෙන්නට 
මල් මාවතේ ලංව ඇවිද යන්නට 
නැවත හැකිවන දිනය වැඩි ඇතක
නොවේ මගේ ආදරිය......

මම N N K...

4 comments:

  1. ලස්සනයි... මට මේක දකිත්දි කතාවක් මතක් උනා. ටෙලි නාට්‍යක් විදිහට විකාශය උන කතාවක් මට කියවන්න ලැබුනා ලඟදි. හැමෝම ලස්සනයි කියන නිසා කියවලා බැලුවා මාත්.. ඒ කතාව තමයි මතක් උනේ.

    ReplyDelete
  2. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... හංසි කිව්ව වගේ මටත් මතක් වුනා කතාවක්. මං හිතන්නෙ ඒ කතවමයි.. ලස්සනයි සහෝ... ලස්සනට ලියලා තියනවා...:)

    ReplyDelete
  3. @ හංසි බොහොම ස්තුතියි අදහසක් දුන්නට. ඇත්ත ඒවගේ කතාවක් තමයි මේක අදහස් කලේ...
    @ tharidndu122 වෙනසක් තමයි ස්තුතියි අදහසක් දුන්නට
    @හිතුවක්කාරී බෝහොම ස්තුතියි අදහසක් දුන්නට ඒ වගේ කතාවක් තමයි මම අදහසක් කලේ...

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....