Thursday, November 24, 2011

ඇත්තටම ඔබ කොහොමද එහෙම කලේ .......


ආකාසේ සොදුරු රටා මවමින් 
වලාවන් එහා මෙහා යන අන්දම 
මහා සාගරේ රැලි නංවමින් 
අලංකාරවත් කරවත් කරන අන්දම 
හවසට වැව් තාවුල්ලට කුරුළු රංචු පිටින් 
ඇවිත් අමුතුම මෝස්‌තර මවන අන්දම 
සැහැල්ලුවෙන් ගෙවුණු මගේ ජීවිතේට 
හදිසියේම කොහේදෝ ඉදන් ඔබ ඇවිදින් 
කිති කවනා අන්දම 
මගේ හිතට ඇතුල් වෙලා 
මගේ නින්ද නැති කරපු 
අන්දම 
මට තාමත් හිතා ගන්න බෑ
ඇත්තටම ඔබ කොහොමද එහෙම කලේ .......

මම N N K.....

Friday, November 18, 2011

ඇයි අපි ඉන්නේ දෙතැනක දුරස් වෙලා .......


හදක්වෙලා මගේ ලෝකේ 
එලිය කරන්න ඔබට පුළුවන් නම් 
සුවද දෙන මලක් වගේ 
හැමදාම මගේ ජීවිතේට 
සුවද මුහු කරන්න පුළුවන් නම් 
මවක් වගේ හොද නරක 
ආදරෙන් කියල දෙන්න පුළුවන් නම්
හොද යෙහෙලියක් වගේ හැම දේම 
අහන ඉන්න පුළුවන් නම්
 බිරිදක් වෙලා හැම වැඩකටම 
උදව්වක් වෙන්න පුළුවන් නම් 
ආදර වන්තියක්වෙලා ජීවිතේට 
සතුට ලගා කරන්න පුළුවන් නම් 
ඇයි අපි ඉන්නේ දෙතැනක දුරස් වෙලා .......

N N K.....

Saturday, November 12, 2011

මල් වතුවල මල් ....


මල් වතුවල තිබුනත් 
කෙතරම් ලස්සන මල් 
පිපි හිනැහී 
නැත අවසර නෙලන්නට මට 
එලෙසින් 
ඇතත් කෙතරම් ලස්සන 
ලදුන් මගතොට 
නොදනී මම නෙලන්නට 
හැකිමලක් සිටීද ඒ අතර කියා 
හැකිඋනත් නෙලාගන්නට 
රුවැති ලදක් 
කෙසේ දැනගන්නද 
ගුණාගුණ දුටුපමනින් 


මම N N K...

Wednesday, November 9, 2011

දුර ආදරය.....


අද ලස්සනට හද පායලා 
ඒ හද දිහා බලාගෙන
මම ඔයත් එක්ක කතා කරනවා 
ඔයත් ඒ හද දිහා බලාගෙන මත් එක්ක 
කතා කරනවා 
අපි දෙන්නටම හදට තියෙන්නේ එක දුර 
උනාට 
අපි දෙන්න ඉන්නේ ගවු ගානක් දුරකනේ 
ඒ දුර ගෙවල නිම කරන්න පුළුවන් උනත් 
අපි දෙන්නට එකතු වෙන්න පුළුවන් වෙයිද 
මොකක්දෝ හේතුවකට ඔයාට මම 
ඔයා මට ආදරේ කළා 
එත් ඒ ආදරේ තේරුම් ගන්න පුළුවන් 
මිනිස්සු ඉන්න ලෝකෙකට තව කොච්චර නම් දුරද ???


මම N N K....

Monday, October 31, 2011

මම දිනුම්....

මම වාසනාවන්තයි කියල මට හිතෙන්නේ ඇයි කියල මටම තේරෙන්නේ නැ වෙලාවකට එත් වෙලාවකට පුදුමයි. ජිවිතේ මගේම ක්‍රමයකට හුරු වෙලා හිටපු මට එකතැනකදී වැරදුනා ඒ නිසා මම ජිවිතේ ගොඩක් දේවල් ඉගනගත්ත. හැබැයි මට ගොඩකාලයක් ගිය මොනවද වෙලාතියෙන්නේ කියල තේරුම් ගන්න. පස්සේ මගේ පාර වෙනස් කරන්න හිතනකොට මම වැරදි පාරේ ගොඩක්දුර ගෙවල. මට ජිවිතේ ගොඩක් දේවල් මගහැරිලා මට ආදරේ කරපු මම ආදරේ කරපු ගොඩක්දෙනෙක් මගහැරිලා ගිහින් ඇත්තටම එදා මට හිතුනේ මම කාන්තාරෙක තනිවෙලා කියල මොන අතට ගියත් පාරක්තොටක් හෙවනට වාඩිවෙලා ඉන්න ගහක් කොලක් පිපාසෙට බොන්න වතුරපොදක් පෙන තෙක් මානෙක තිබුනේ නැ. තිබුනේ මාර්ග දෙකයි කිසිම ගියපු පාරේ යන එකයි නැත්නම් කිසිම දෙයක් පෙන තෙක්මනෙක නැති අනෙක් පාරට හැරෙන එකයි. ගියපු පාරේ ගියානම් ඉදල හිටලවත් වතුර පොදක් හෙවනක් හම්බ වෙන්න තිබුන එත් මම හැරුන පාරේ කවද කොතන ඒවා හම්බ වෙයිද කියල මම දැනගෙන හිටියේ නැ. එත් මොකද්දෝ හේතුවකට අමාරුවෙන් හරි මම ඒ පාරට හැරුන. මුල් දවස් වල ඒ පාරේ ගමන් කරන්නේ කොහොමද කියල මටම හිතාගන්න බැරි උනා එත් මම ගියා අමාරුවෙන් අමාරුවෙන් පියවර තිබ්බ. සමහර තැන් වල පාර හදාගෙන යන්න සිද්ද උනා එත් මම ගියා වෙලාවකට පරණ ගියපු පාරේ යන්න මට ආපහු ඇරයුම් ලැබුනා එත් මම පාර වෙනස්කරන්න හිතුවේ නැ. දිගටම ගියා. අදවෙනකොට මම ගොඩක් දුර ගෙවල ඉවරයි එකත් බොහොම ඉක්මනට මේ මාවතට හැරිලා අදවෙනකොට අවුරුද්දක් හෝ ඊට මාසයක් විතර කාලයක් වෙන්න ඇති මම මෙපාරට හැරෙනකොට
මගේ ජිවිතේ අවුරුදු හතරක් ගෙවිල තිබුනා ඒ අවුරුදු හතර පටන් ගත්ත තැනට ඒ කියන්නේ නිදහස් මනසක් සැහැල්ලු ජිවිතයක් තිබුණු තැනට මම අද ඇවිල්ල ඒ දවස් වල දැනුනු නිදහස දැන් මට දැනෙනවා කවදවත් මම හිතුවේ නැ මෙතනට මෙච්චර ඉක්මනට එන්න ලැබෙයි කියල එත් මම අද එතන මට ගොඩක් සතුටුයි ඒ ගැන සමහර දේවල ඒ දවස්වල තිබුණු අරමුණු සිතුම් පැතුම් මගහැරිලා තිබුනත් අද මට තියනවා අලුත් අරමුණු අලුත් බලාපොරොත්තු ජිවිතේ අලුත් වෙලා වගකීම් එහෙමත් වැඩිවෙලා. අද වහිනවා හැමදාම මම ආසයි වැසේ තෙමෙන්න අද වැස්සේ තෙමෙන කොට මට පරණ සුවද මිහිර විදින්න පුළුවන් උනා. ඇත්තටම මම වාසනාවන්තයි නේද. මෙතනට එන්න මට ගොඩක් අය උදව් කළා මගේ යාලුවෝ මගේ ගෙදර අය ඇයි මේ බ්ලොග් එක කියවන ඔයාල අත්ටටම ගොඩක් උදව් කළා ඔයාල හැමෝටම බොහොම ස්තුතියි. මට හරියි කියල හිතෙනකම් මම එක පාරක ගියා වරදියිකියල හිතුනම ඒ පාර මම වෙනස් කළා එක මම ඉගන ගත්තේ බුද්ධ චරිතයෙන් ඒ මාවත තමයි හරි. ජිවිතේ කවුරු නැති උනත් තමන්ට කවදාවත් ඉගන ගත්ත ධර්මයවත් ආරක්ෂාකරගතත ධර්මයවත් නැතිවෙන්නේ නකියල කියනවා නේ ධර්මය හැමවිටම අපිව රකිනවා කරදරවලින් මුදවා ගානවා. මම හිතන්නේ එහෙමයි... 

මම අද කියන්නේ නැ N N K ... කියල 
මම නිශාන්..........  

Sunday, October 30, 2011

මායාකාරිය


දෑස අගින් දුටු ඔබේ රුව
නැවත හරි බැලීමට තරම් 
දෑස ආශා කල ඔබේ රුව 
සිතේ අදි රේකාව කුමක් ද 
දුටු මොහොතේ පටන් සිතේ 
සක්මන් කරනා ඔබේ රුවේ ඇති 
මායාව කුමක් ද 
මායාකරියක්ද ඔබ
ඔබේ සමීපයට මා ඇදී යාමට 
තරම් ඔබේ වූ මායාව කුමක්ද 
ඔබ මායාකාරියකි 
සැබවින්ම මායාකාරියකි 
කියන්න ආදරේ ද මට ....

මම N N K.....

Saturday, October 22, 2011

ඔබ එන තුරු...


මුවැත්තියක්  මෙන් ඔය ඇස්දෙක 
කතා කරනවා බලන් ඉන්නට 
ඔය මුහුණට එක එක රුප මවාගෙන 
මට ඔච්චම් කරනවා බලන්නට 
ඔබේ මුවින් ආදරේ කියනවා 
ලගින් අහන්නට 
වෙරළට වී හිරු සිතිජයේ ගිලෙනවා 
බලන් ඉන්නට 
හිතේ ඇති ආදරේ නොසගවා කියන්නට 
තව ටික දවසක් බලා හිදීමට 
සිදුවෙයි ඔබ එනතුරු.......

මම N N K.....