Tuesday, July 31, 2012

හිතැති....


මට හිමි නැති ඔබව හිමි අයෙක් ඇති 
ඔබට හිමි නැති වෙන කෙනෙකුට හිමි 
වේද නොදනින ආදරයක් ඇති 
ස්වකීය කැමැත්තෙන් මට නොදෙන 
හිතක් ඔබට ඇති
කැමැත්තෙන් මට නොදෙන හිතකට 
මම ආදරය නොදෙනු ඇති 
මිල මුදලට ලොල් වූ ඔබ මට
හිතක් දෙනු ඇති 
මට නොව මිල මුදලට හිත ඇති 
ඔබට මම හිත නොදෙනු ඇති 
මට හිතැති මම හිතැති මා පතන 
ආදරය කොතන ඇතිද 
එවැනි ආදරයක් හමුවෙන තුරාවට 
මගේ හිත මම කාට හෝ නොදෙනු ඇති ...

කේ. එල්. ඒ නලින් නිශාන් කුමාර 

Friday, July 20, 2012

සිතැත්තී


සිතන්නවත් බැරි දුරක සිටි ඔබ.....
දැන් මගේ නේතු අද්දරට ඇවිත් 
මේක හීනයක්ද
නේතු පිසදාල බලන්නත් හිතුන 
නැ ඒ ඔබමයි....
සිහිනයක් විතරක් වෙලා හිටපු ඔබ 
මට හිතුනෙම ඔබ වෙන හදවතක 
පිපිලා ඇති කියල 
ජිවිතේ මෙතරම් සුන්දරද ..
ඔබ මගේ හදවතේ පිපෙන්න 
අවසර ඉල්ලනවා 
මම මොනවා කරන්නද 
මගේ එකම පැතුමත් එකමයි ......

මම 
කේ. එල්. ඒ නලින් නිශාන් කුමාර...  

Wednesday, June 20, 2012

රිදී තාරකා..........




ඉගිල්ලෙන කුරුල්ලන්ගේන්වත් පාර අහගෙන
ඔබ ගාවට එන්න ඇත්නම් 
රැට අහසේ පායන තරුවලින්වත් පාර හොයාගෙන 
ඔයා ගාවට එන්න පුලුවන්නම්
හැමදාම පාරකියපු සද එලියවත් 
පාර කියනවනම් 
මට ඔයාව හොයා ගෙන එන්න තිබුනා
එත් 
හැමදාම මගේ ලග ඉන්න හිටපු ඔයා 
හැමදාම මාව සතුටින් තියපු ඔයා 
මගේ ඇස්වලට කදුලක් තියල 
සදහටම යන්න ගිහින් .....
දෙවියන්වත් පාර කියයිද මට ඔයා ගාවට එන්න.....

මම 
කේ .එල් .ඒ නලින් නිශාන් කුමාර 

Tuesday, May 8, 2012

සදවතියක්......


පායා එන්නට අවසර ඉල්ලන 
සදවතියක් ඇත මගේ ලොවේ 
එනමුදු ඈ හට අවසර දෙන්නට 
නොසිතෙයි මාහට ......

ජිවිතයට අවැසි උනත් එළියක් 
නොසිතෙයි ලැබෙයි කියා 
පතනා එළියක් ඇගෙන්  
නොහැක මට තව වරක් 
කඩාගන්නට මගේ හදවත 

තව බොහෝදුර ඇත ගෙවන්නට 
ජිවිත ගමන .....
අවැසි උනොත් එළියක් එගමනට 
සොයාගනිමි මතු යම් දිනක එය 
එහෙත් අද සිටිනා තැන සිට 
අවැසි නොවේ එළියක් මා හට....

මම
කේ.එල්.ඒ නලින් නිශාන් කුමාර...

Tuesday, April 24, 2012

මවක් දුටිමි ........


සැබැවින්ම ඇය මවකි 
ඇය දයාබර බිරිදකි 
එහෙත් දැන් ඇය සැමියා අහිමි බිරිදකි 
ඔහු මෙලොව හැරගිය දිනේ මගේ නෙතටද 
කදුළු ඉනුවේය ඔහු එතරම් දයාබර පියෙකි 
ඇගේ නෙත තවමත් හැඩුම් බරය 
එහෙත් දරුවන් නිසාවෙන් දිරිගෙන සිටින බව පෙනේ 
තවමත් ඔවුනට හය හතර නොතේරෙන බව සැබෑය
එහෙයින් ඔවුනට ගානක් නැත 
දරුවනි අද ඔබේ මව සිනා සෙන්නේ ඔබ නිසාවෙනි 
මතුයම් දිනක වැරදීමෙන් හෝ ඔබේ මවගේ නෙතට 
සතුටු කදුලක් මිස දුක් කදුලක් නොදෙන මෙන් ඔබෙන් මම 
ඉල්ලා සිටිමි ......
මවුනි ඔබ සැබැවින්ම දිරිය මවකි.... 

මම N N K.....

Sunday, April 22, 2012

අපි අපේ වෙලා .......


මේ වැස්සට මම ආදරේ...
මොකද මේ වගේ වැස්සක 
දවසක තමයි ඔයාව මට හමුවුනේ 
එදා ඒ වැස්සෙන් බේරෙන්න 
හිසට සෙවනක් වෙච්ච ඒ කුඩේ අයිතිකාරිය 
මගේ හිතට මගේ ජීවිතේට සෙවනක් වෙයිකියල 
ඒ මොහොතේ මට හිතුනෙම නැ
කාලය ගතවෙලා හිත් එකතුවෙලා 
සම්බන්දකම් ඇතිවෙලා අපි අපේ වෙලා 
හරියට අද ඊයෙ වගේ හිතාගන්නත් බැ


මම 
කේ. එල් .ඒ නලින් නිශාන් කුමාර.....

Tuesday, April 17, 2012

පුංචි කෙල්ල......


ගං ඉවුරට වෙලා මම බලන් හිටිය ඔබ එනකන් 
එත් ඔබ තාම  නැ  
දවසක් මට මතකයි අද වගේම 
වෙනස එදා ඔබ මගේ ගාව හිටිය
එදත් මේ වගේම හද පායල තිබුන 
ඈතින් පේන දාගැබට හද එලිය වැටිලා 
කිරිකලයක් උතුරනවා වගේ පෙනුනා 
හද එලිය වැව් දියට එබිකම් කරලා 
කිරි සයුර වගේ පෙනුනා 
පරිසරයේම තිබුනේ අමුතුම ලස්සනක් 
අපි දෙන්නම හිටියේ ඒ ලස්සනට වශී වෙලා
පරිසරයේ තිබිච්ච ඒ ලස්සනට නොදෙවැනි වෙච්ච 
ලස්සනක් ඔය පුංචි කෙල්ලගේ මම දැක්ක   
මමත් දන්නෙම නැතිව ඔයා මගේ හිත අරන් ගිහින්
 කොහොම හරි ඔය මායාකාරියට මම අහු උනා 
අද අවුරුදු කීපයක් ගිහින් වුනත් අපි වෙනස් වෙලා නැ 
හැතැම්ම සිය දහස් ගානක් ගෙවාගෙන වෙසක් සද බලන්න 
ඔයා එනවා කියල පොරොන්දු උනා 
මම දන්නවා ඔයා ඒවි කොයි මොහොතේ  හරි 
එතකන් මම බලන් ඉන්නවා.....
මම ...
N N K.....