Tuesday, July 31, 2012

හිතැති....


මට හිමි නැති ඔබව හිමි අයෙක් ඇති 
ඔබට හිමි නැති වෙන කෙනෙකුට හිමි 
වේද නොදනින ආදරයක් ඇති 
ස්වකීය කැමැත්තෙන් මට නොදෙන 
හිතක් ඔබට ඇති
කැමැත්තෙන් මට නොදෙන හිතකට 
මම ආදරය නොදෙනු ඇති 
මිල මුදලට ලොල් වූ ඔබ මට
හිතක් දෙනු ඇති 
මට නොව මිල මුදලට හිත ඇති 
ඔබට මම හිත නොදෙනු ඇති 
මට හිතැති මම හිතැති මා පතන 
ආදරය කොතන ඇතිද 
එවැනි ආදරයක් හමුවෙන තුරාවට 
මගේ හිත මම කාට හෝ නොදෙනු ඇති ...

කේ. එල්. ඒ නලින් නිශාන් කුමාර 

1 comment:

  1. " මට හිතැති මම හිතැති මා පතන
    ආදරය කොතන ඇතිද
    එවැනි ආදරයක් හමුවෙන තුරාවට
    මගේ හිත මම කාට හෝ නොදෙනු ඇති ..."

    මමත්

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....