Thursday, August 16, 2012

මතකය....


ගැලපීමක් අතර 
නොගැලපීමක් 
ඉල්ලීමක් එක්ක 
එපා වීමක් .....
තනිවිමක් අතර 
හුදකලාවිමක්
දුකක් අතර 
වේදනාවක් ......
අමතක වීමක් එක්ක 
මතක් වීමක් 
හිතක් එක්ක දිනන්න  බැරි 
එත් පැරදුමක් නැති සටනක් .....
මමත්වය නිසා කියාගන්න බැරි 
දුකක් ...........
ආගන්තුක නොවන 
හීනයක්................

කේ. එල්. ඒ නලින් නිශාන් කුමාර.......

Wednesday, August 8, 2012

හුදකලාව


සයනයක් මත වැතිර සිටින්නට විය 
කිහිප දිනකම එක දිගට 
තිබිණි බොහෝ වෙලාවක් තනිවන්නට 
රිසිසේ සිත සමග 
දුක සැප විමසීමට පැමිණි අය අතර 
නොදත් අයත් සිටියාය 
නොපැමිණි අය අතර දැන වුන් අයද විය 
මා පන මෙන් ආදරය කල අයද විය 
සිතට දුකක් නොදැනුන මුත් 
කණගාටුවක් ඇති විය 
මේ හුදකලාව වේදනාව අමතක වන තුරු 
ලගින් සිටින්නට කවුරුන් හෝ 
සිටියානම් යැයි සිතුනු වාර අනන්තයි 
එය මගේ දුර්වල කමද නොදනී 
නමුත් මට පාලුවක්නම් දැනින
බොහෝවිට එවැනි අවස්ථාවල ලග සිටියේ 
රූප පෙට්ටියත් පරිගණකයත් පමණි ...........

කේ.එල්.ඒ නලින් නිශාන් කුමාර   

Tuesday, July 31, 2012

හිතැති....


මට හිමි නැති ඔබව හිමි අයෙක් ඇති 
ඔබට හිමි නැති වෙන කෙනෙකුට හිමි 
වේද නොදනින ආදරයක් ඇති 
ස්වකීය කැමැත්තෙන් මට නොදෙන 
හිතක් ඔබට ඇති
කැමැත්තෙන් මට නොදෙන හිතකට 
මම ආදරය නොදෙනු ඇති 
මිල මුදලට ලොල් වූ ඔබ මට
හිතක් දෙනු ඇති 
මට නොව මිල මුදලට හිත ඇති 
ඔබට මම හිත නොදෙනු ඇති 
මට හිතැති මම හිතැති මා පතන 
ආදරය කොතන ඇතිද 
එවැනි ආදරයක් හමුවෙන තුරාවට 
මගේ හිත මම කාට හෝ නොදෙනු ඇති ...

කේ. එල්. ඒ නලින් නිශාන් කුමාර 

Friday, July 20, 2012

සිතැත්තී


සිතන්නවත් බැරි දුරක සිටි ඔබ.....
දැන් මගේ නේතු අද්දරට ඇවිත් 
මේක හීනයක්ද
නේතු පිසදාල බලන්නත් හිතුන 
නැ ඒ ඔබමයි....
සිහිනයක් විතරක් වෙලා හිටපු ඔබ 
මට හිතුනෙම ඔබ වෙන හදවතක 
පිපිලා ඇති කියල 
ජිවිතේ මෙතරම් සුන්දරද ..
ඔබ මගේ හදවතේ පිපෙන්න 
අවසර ඉල්ලනවා 
මම මොනවා කරන්නද 
මගේ එකම පැතුමත් එකමයි ......

මම 
කේ. එල්. ඒ නලින් නිශාන් කුමාර...  

Wednesday, June 20, 2012

රිදී තාරකා..........




ඉගිල්ලෙන කුරුල්ලන්ගේන්වත් පාර අහගෙන
ඔබ ගාවට එන්න ඇත්නම් 
රැට අහසේ පායන තරුවලින්වත් පාර හොයාගෙන 
ඔයා ගාවට එන්න පුලුවන්නම්
හැමදාම පාරකියපු සද එලියවත් 
පාර කියනවනම් 
මට ඔයාව හොයා ගෙන එන්න තිබුනා
එත් 
හැමදාම මගේ ලග ඉන්න හිටපු ඔයා 
හැමදාම මාව සතුටින් තියපු ඔයා 
මගේ ඇස්වලට කදුලක් තියල 
සදහටම යන්න ගිහින් .....
දෙවියන්වත් පාර කියයිද මට ඔයා ගාවට එන්න.....

මම 
කේ .එල් .ඒ නලින් නිශාන් කුමාර 

Tuesday, May 8, 2012

සදවතියක්......


පායා එන්නට අවසර ඉල්ලන 
සදවතියක් ඇත මගේ ලොවේ 
එනමුදු ඈ හට අවසර දෙන්නට 
නොසිතෙයි මාහට ......

ජිවිතයට අවැසි උනත් එළියක් 
නොසිතෙයි ලැබෙයි කියා 
පතනා එළියක් ඇගෙන්  
නොහැක මට තව වරක් 
කඩාගන්නට මගේ හදවත 

තව බොහෝදුර ඇත ගෙවන්නට 
ජිවිත ගමන .....
අවැසි උනොත් එළියක් එගමනට 
සොයාගනිමි මතු යම් දිනක එය 
එහෙත් අද සිටිනා තැන සිට 
අවැසි නොවේ එළියක් මා හට....

මම
කේ.එල්.ඒ නලින් නිශාන් කුමාර...

Tuesday, April 24, 2012

මවක් දුටිමි ........


සැබැවින්ම ඇය මවකි 
ඇය දයාබර බිරිදකි 
එහෙත් දැන් ඇය සැමියා අහිමි බිරිදකි 
ඔහු මෙලොව හැරගිය දිනේ මගේ නෙතටද 
කදුළු ඉනුවේය ඔහු එතරම් දයාබර පියෙකි 
ඇගේ නෙත තවමත් හැඩුම් බරය 
එහෙත් දරුවන් නිසාවෙන් දිරිගෙන සිටින බව පෙනේ 
තවමත් ඔවුනට හය හතර නොතේරෙන බව සැබෑය
එහෙයින් ඔවුනට ගානක් නැත 
දරුවනි අද ඔබේ මව සිනා සෙන්නේ ඔබ නිසාවෙනි 
මතුයම් දිනක වැරදීමෙන් හෝ ඔබේ මවගේ නෙතට 
සතුටු කදුලක් මිස දුක් කදුලක් නොදෙන මෙන් ඔබෙන් මම 
ඉල්ලා සිටිමි ......
මවුනි ඔබ සැබැවින්ම දිරිය මවකි.... 

මම N N K.....