Tuesday, August 2, 2011

මට මං ගැනම දුක සිතුනි..............

  නුදුරු අතීතයේ දිනක මා සුන්දර පරිසර පද්දතියක අසිරිය විදීමට සිතා නුවරඑළියේ ගියෙමි නමුත් මාගේ දැනුමේ ඇති තරම මට ඊයේ වැටහුණි. මන්දයත් මා හට ඊයේ හදිසියේම යාමට සිදුවූ ගමනක් නිසාය. ගමන් මාර්ගය මෙසේය 
හක්මන දෙනගම වැව ඉස්මත්තෙන් පටන් ගන්නා මුලටියන මාර්ගයේ සැතපුම් 2 ක් පමණ ගමන් කල පසු මම කියන්නා වූ මේ පරිසර පද්දතිය ඔබට හමුවේ. තවත් මුලටියනේ සිට කොටපොළ මාර්ගයේ ගමන් කරන විට විශිෂ්ට පරිසරපද්දතිය ඔබට හමුවේ. තවද එම මාර්ගය තුල රක්ෂිත වනයක්ද ඇත. තවද වනය මැදින් ගලන්න වූ සුන්දර දිය කඩිත්ත කුඩා දිය ඇලි තනමින් පහලට ගලා බසී..  මෙපිලිබදව මතක සටහන් ගෙන ඒමට මට නොහැකිවිය ඒ මම ඒ සදහා සුදානම් වී නොගිය නිසාය. නමුත් හැකි ඉක්මනින් යලිත් යාමට බලා පොරොත්තු වෙමි. .......

Monday, August 1, 2011

අහිමි ආදරය.........................................( 2 වන කොටස )

සුන්දර අහිංසක යෞවනයකුගේ සිත කදුලින් තෙත් කල "අහිමි ආදරය" ..............................
ඔහුට ඇය දෙවොලක් විය නමුදු ඇයට ඔහු ඉනිමගක් පමණක් විය.......



                                        
                                                                     තව දින කිහිපයක් ගතවිය. තවත් දවසක හවස් යාමයක හදිසියේම අරුණගේ දුරකථනය නාදවි නවතින . ඔහු දුරකථන තිරය දෙස බැලුවිට දුටුවේ ගිහන්සා යනුවෙන් එහි සටහන්ව ඇති අන්දමයි.  පසුව ඔහුත් ඇගේ දුරකථනය වරක් නාද කොට ප්‍රතිචාර දැක්විය. පසුව ඇගෙන් කෙටි පණිවිඩයක් ලැබිණි. එහි මෙසේ සදහන් විය.
"ඇයි මේ මිස් කෝල්ස් ගහන්නේ " යනුවෙන් එහි සදහන් විය. ඔහුත් පෙරලා කෙටි පණිවිඩයක් යැවුවේය. එහි මෙසේ සදහන් විය "ඔයානේ පටන් ගත්තේ "
ඇගෙන් තවත් පණිවිඩයක් ලැබිණ " අනේ නැ මම කොලබ ඉදල එනගමන් " යැයි එහිසදහන් විය..
                            පසුදින උදැසන යලිත් ඇය ඔහු ඇමතුවාය ඒ බුක් මාර්ක් වල මුදල් ලබාගැනීමට හැකිදැයි විමසීමටයි. ඒඅනුව එසදහා තැනක් වෙලාවක් ඔවුන් විසින් තීරණය කොට සංවාදය අවසන් විය. ඒඅනුව අරුණ විසින් ඇය කියූ තැනට මුදල් ගෙන ගියාය. ඇය පැමිණ සිටියේ මව සමගිනි. මින්පෙර පාසල් ඇදුමින් සරසිසිටිම පමණක් දැක සිටි අරුණට ඇස් අදහා ගත නොහැකිවිය. මන්දයත් ඇගේ පෙනුම හා ඇය ඇදසිටි ඇදුම හුදෙක් තමාගේ සිහින කුමරියට ගැලපීම එයට හේතුවයි. මදවේලාවක් ඇය දෙස බලා සිටි අරුණට යලිත් ඇගේ හඩින් පියවි ලෝකයට පැමිණියාය. ආඅ මම මිට කලින් ඔයාව මෙහෙම දැකල නැනේ. අපහසු තාවය මකා ගැනීමට ඔහු එසේ පැවසිය. ඇගේ මවත් අරුණ සමග කුළුපගව කතාකලාය. අනතුරුව ඇයට ගමන් කිරීමට අවශ්ෂ බස් රථය පැමිණීම නිසා ඔවුන් වෙන්ව ගියහ.
නමුත් අරුණගේ හිතේ යම්කිසි චකිතයක් කුතුහලයක් සහ කුමක්දෝ පෙරලියක් වෙමින් පැවතුනි..
      *******************************************
 මෙසේ දින කිහිපයක් ගත වෙත්ම අරුණ හා ගිහන්සා අතර මිත්‍රත්වයක් ගොඩනැගිනි. දිනකට දෙදෙනාම කිහිප වතාවක් ම  කතාකලාය. ඇගේ සමහරක් ප්‍රශ්න ඇය ඔහුට පැවසිය. දිනක් හදිසියේම ඇය කියූ කරනා දෙකක් නිසා ඔහුගේ සිත කුතුහලයෙන් හා සංවේගයෙන් පරිනි. ඒවා නම් ඇය කැමති ප්රිමි ලමයකුගේ හැඩරුව හා නමුත් ඇයට කිසිම දිනක විවාහ වීමට නොහැකි බවයි. අරුණ විසින් එම අවස්ථාවේ ඒ ඇයි කියා විමසා සිටියත් ලොකු හේතුවක් තියනවා කියමින් පිළිතුරු දීම  මග හැර ගියාය.  පසුදින සවස අරුණ උපකාරක පන්තියට ගියත් එය නොපැවැත්වූ නිසා ඔහුගේ හොදම යාලුවා වන සමීර සමගින් වෙරළට ගියාය . ඔවුන් විශේෂ වැඩක් නැති විවේකි සෑම අවස්ථාවකම මෙහි පැමිණීම පුරුද්දක් කරගෙන තිබිණ. පපින ඔවුනට අති ප්‍රශ්න විවේකිව කතා බහ කලාය. මෙසේ කතා කරන අතර තුර ඇය පැවසු දෙය අරුණ විසින් සමීර හට පැවසුවාය. සමීර පැවසු අන්දමට ඒ හැඩරුව අරුණට සමාන විය. නමුත් අනෙක් කරණය සදහා පිළිතුරක් දීමට ඔහු මැලිවුවාය. නමුත් අරුණ පැවසුවේ ඇයට මොන ගැටලුව තිබුනත් ජීවිතය වැරදි තිබුනත් ඇය තමාට කැමතිනම් තමා ඇය විවාහ කරගන්න බවයි. ඒඅනුව ඇය පිළිබද සිතක් ඇතිබව අරුණට පිළිගැනීමට සිදුවිය. මෙපිබද දැන සිටියේ සමීර පමණි.
ඒ අනුව ඇගේ උපන් දිනය ගැන අරුණට දැන ගැනීමට අරුණට අවශ්ෂ්‍ය විය ඒ සදහා අරුණ තමාගේ යෙහෙළියකගේ සහය පැතුවය. ඇය අරුණට අවශ්‍ය දේ කර දුනි......
                                                                   **********************************************************************
දිනක් අරුණ රාත්‍රී නින්දට ගොස් සිටි මොහොතක දුරකථනය නාදවිය. ඒ ඇමතුම ඇගෙන් විය. වෙලාව මද්යම රාත්‍රියට ආසන්නව තිබිණ. ඇගේ හඩ සෙමෙන් හැඩුම් බරව තිබිණි. ඇය දිගට ම කතාකරගෙන ගියාය ඇය පැවසුවේ ඇයට ඇති ප්‍රශ්නයි ඇයි ඇයට විවාහ වීමට නොහැකි යන්නත් ඇය පැවසුවාය. ඒ ඇයට පරම්පරා ගත රෝගයක් වැළදීමට ඉඩ ඇති බවත් දැනට එම රෝගයෙන් ඇගේ මිත්තනිය විදවන බවත් ඇය පැවසුවාය. අරුණට මෙය අලුත් අත්දැකීමක් විය. ජිවිතයේ පළමු වතාවට යුවතියක් මද්යම රාත්‍රියත් ඉක්මවා ගොස්  ඇති මොහොතක තමා සමග කතා කරනවා. ඇත්තෙන්ම අරුණ  බිය වී සිටියාය ඒ  ගෙදර උදවිය    
නින්දෙන් අවදි වී ප්‍රශ්නයක් ඇතිවෙයි. ඔහුට දුරකථනය විසන්දි කිරීමට අවශ්‍ය වුවත් ඇගෙන් ඊට ඉඩක් නොවිය.. කෙසේවෙතත් අලුයම 4 පමණ ඇයට නින්ද යනතෙක් සංවාදය පැවතින. අන්තිමට අරුණ ඇයට "ඕනෑම දෙකට මම ඔයාට ඉන්නවා යැයි" පැවසිය.
         සමාජයේ මද්යම පන්තික පවුලක ලාබාලම දරුවෙකු සහ සහෝදර සහෝදරියන් 4 ර දෙනුකුගේ සුරතලය මත හැදුනු ඔහු හට පවුල් වල ප්‍රශ්න ගැන හෝ සමාජයේ ප්‍රශ්න ගැන එතරම් අවබෝදයක් නොවිය. නමුදු ඔහු තමන්ගේ මනස හා තර්ක කොට යමක් දිහා වෙන අයෙකුට වඩා දුරට සිතනු ලබයි. ඔහු සෑම දෙයක් දිහාම වෙනස් ම කෝණයකින් බලන්නෙකු විය. එනිසාම මේදේවල් ඔහුට අලුත් ඇත දැකීම් විය ...
          ඔහුට තවත් වදදෙන ගැටළුවක් විය ඒ නම් ගිහන්සා කතාකරන හැම මොහොතකම එක් පැනයක් නැගුවාය එනම් " ඇයි අරුණ අපි මෙහෙම කතාකරන්නේ " අරුණට දීමට පිලිතිරක් නොවිය ඇය විමසන්නේ ආදරය ගැනද ඔහුට ප්‍රශ්නයක් විය ටක වෙලාවකින් ඔහු අපි හොද යාලුවෝ නිසා වෙන්න ඇති යැයි පවසමින් කතාව මග හරියි නමුදු ඔහුගේ සිතේ පැනය ඉතුරුව පවතී.. ඇත්තටම ඇයි ඔවුන් කතා කරන්නේ එලෙසින් ..
             *****************************************************************
මතු සම්බන්දයි............. 

අහිමි ආදරය.........


ඔහුට ඇය දෙවොලක් විය නමුදු ඇයට ඔහු ඉනිමගක් පමණක් විය.......
සුන්දර අහිංසක යෞවනයකුගේ සිත කදුලින් තෙත් කල "අහිමි ආදරය"අදසිට පාඨක ඔබට ........................

අහිමි ආදරය.........
                අරුණ .. අරුණ ... පාසල් පිට්ටනියේ ඈතකොනක සිට තමාගේ නම කියමින් තමා වෙත එන හසිත දැක ගැනීමට හැකිවිය. ඔහු අත අරුණට අයත් ජංගම දුරකතන දෙකක් විය. අනේ බන් මේක පැය ගානක් තිස්සේ වදිනවා ඉවරයක් නැ හසිත මවාගත් තරහකින් කිවේය. අරුණ හා හසිත යහළුවන්ය. ඔවුන් දෙදෙනා ලංකාවේ ප්‍රසිද්ද පාසලක ශිෂ්‍යයෝ වුහ. අරුණ සිනාසෙමින් දුරකතනයට පිළිතුරු දීමට සැරසී දුරකථන තිරය දෙස බැලුවේය. එය හුරු පුරුදු අංකයක් නොවූ නිසාවෙන් ඔහු ගරුසරු ඇතිව හෙලෝ ගුට්මොනින් අරුණ හියර් ..... ලෙස ඇමතිය.
අනෙක් කෙලවරින් හෙලෝ මම ගිහංසා කතාකරන්නේ යයි පිළිතුරු විය.
අරුණ යනු ඒ වන විට එම පාසලේ ජනප්‍රිය චරිතයක් විය. මන්දයත් ඔහු කැපිපෙනෙන චරිතයක් හා පාසැල නියෝජනය කිරීම පිණිස විදේශ ගතව පැමිණි අයෙක් නිසාවෙනි. ගිහන්සා යයි අරුණ ඇමතු යුවතිය තවත් ලංකාවේ ප්‍රසිද්ද බාලිකාවක සමවයසේ පසුවන ශිෂ්‍යාවක් වුවාය.( පසුව දැන ගත් පරිදි)
ගිහන්සා විසින් අරුණ අමතා ඇත්තේ ඔහු හා ඔහුගේ යහළුවන් විසින් සංවිධානය කර තිබු උත්සවයක් ගැන තොරතුරු දැන ගැනීමටයි. අරුණ නිරන්තරයෙන් කටකාර තරුණයකු  නිසා ඇයට පිළිතුරු දෙනවා වෙනුවට ඇගෙන් හරස් ප්‍රශ්න නැගුවාය.  කෙසේවෙතත් අවසානයේ උත්සවය පිළිබද තොරතුරු ලබාදීමට එකගත්වය පලකෙරෙමින් එම දුරකථන සංවාදය අවසන් විය.
                                                   ***********************************************
අරුණ හා ඔහුගේ යහළුවන් විසින් සංවිධානය කරනුලැබූ උත්සවයේ පළමු දිනය උදාවිය. උත්සවය සිතුවාටත් වඩා හොදින් කිරීමට ඕනට හැකිවිය. එනිසාවෙන් දෙවෙනි දිනය පිළිබද සැකයක් ඔවුනට නැතිවිය. දෙවෙනි දිනය අරුණ සහ ඔහුගේ මිතුරන් සැරසී සිටියේ නිලඇදුමකිනි. ඔවුනට එය මනාවට ගැල පිනි. වැඩ අදික දිනයක් වූ නිසාවෙන් අරුණට විවේකයක් නොවිය. හදිසියේම හැරුන සොයා ආ මිතුරෙකු පැවසුවේ ගිහන්සා නමැති ශිෂ්‍යාවක් පැමිණ අරුණ ව සොයන බවයි. ඒ අනුව ඔහු අයව සොයා ගෙන ඉදිරියට ගියාය. ඒ අරුණ සහ ගිහන්සා තරුණියගේ ප්‍රථම හමුවීමයි. ඇයට අවශ්‍ය තොර තුරුලබදිමෙන් අනතුරුව ඇය විසින් අරුණගෙන් උදවුවක් ඉල්ලිය එනම් ඇය සතුව ඇති බුක් මාර්ක් විකුණා දෙන ලෙසය අරුණ තමාගේ සුපුරුදු ආඩම්බරකම පෙන්වමින් තමාට නොහැකියි කිවත් ඇගේ බලවත් ඉල්ලීම පිට ඒවා බාර ගන්නා ලදී.. පසුව උත්සවයේ වැඩකටයුතු සාර්ථකව අවසන් විය.
                                                *************************************************
  පසු දින පාසලට පැමිණි අරුණ හට යහළුවන් ගෙන් නිමක් නැතිවිය. ඔවුහු ගිහන්සා ගැන එක එක කතා කියන්නට විය. ඔහු හා ඇය අතර සම්බන්දයක් ඇත දැයි වීමසිය. තවත් ඇගේ චරිතය පිළිබද ප්‍රශ්න ඇතැයි ද පැවසිය. සැම දෙයක් පිළිබද තර්කානුකුලව සිතන අයෙක් වූ ඔහු මේ කිසිවක් පිළිනොගත්තේය. අවසානයේ ඇගෙන්ම මෙපිලිබද විමසීමට සිතා ගත්තේය. 
                             එදින අවසානයේ ඔහුගේ දුරකථනය නාද විය එහි දිස්වූ අඔකය ඔහුට හුරුපුරුදු එකක් නොවිය ඔහු ඇමතුමට සම්බන්ද විය.
හෙලෝ...
හෙලෝ මම ගිහන්සා 
ආ ගිහන්සා කාගේද මේ නම්බර් එක 
එක මගේ ගෙදර එක 
ඇත්තද 
මම කතා කලේ බුක් මාර්ක් ටික ගැන අහන්න 
හරි ඒ ටිකේ සල්ලි මම ඉරිදට දෙන්නම්.. තව මම අහන්න හිටියේ මට ඔයාගැන කට්ටිය එක එක කතකියනවා ඒවා මොනවද 
මොනවද කතා
ඔයා හොද නැතිලු ඒවගේ කතා 
අනේ අරුණ  මම ඕවට මුකුත් කියන්නේ නැ පල ඇති රුකටනේ ගල් ගහන්නේ එච්චරයි 
තරහ වෙන්න එපා මම එකයි කෙලින්ම ඔයාගෙන් ඇහුවේ 
එක හරි කමක් නැ ..
ගුට් නයිට් 
ගුට් නයිට් 
ඇගේ එම පිලිතුරෙන් අරුණගේ සිතේ තිබු චකිතය අවසන් විය. අරුණට සැබවින්ම ඇය පිළිබද පුදුයක් ඇතිවිය.. ඒ ඇගේ ගති ගුණ සම්බන්දයෙනි.
                                            ******************************************************************
මතු සම්බන්දයි...... 

Sunday, July 31, 2011

කේන්දරේ ..........


ඔය ගොල්ලෝ කවුරුහරි කේන්දරේ විස්වාස කරනවද? එහෙනම් පොඩ්ඩක් මේ ගැන හිතන්න,
ඔයගොල්ලොදන්නව ඇතිනේ  කේන්දරේ හදන්නේ උපන් වෙලාවට අනුව කියල. ඉතින් ලංකාවට සම්මත වෙලාවක් ලැබුනේ කවදද කියල ඔයාල දන්නවා නේ 
ඉතින් තර්කයක් නැ මේක ලියන මගෙත් බලන් ඔබගේත් හරි වෙලාවක් නැ කියල ඔබට තේරෙනවා ඇති. දැන් ඔබ මගෙන් අහවි අපිට තියන කේන්දරේ මොකද්ද කියල ඇත්තටම එකත් කේන්දරයක් තමයි හැබැයි එක හැදුනේ දොස්තර මහත්තය හරි වින්නබුඅම්මා හරි අපි මවු කුසින් බිහිඋන ගමන් කකුල් දෙකෙන් උස්සල පිටට තට්ටු කරද්දී දරුවා පළමු පාරට අඩද්දී එතන ඉන්න හෙදියගේ හරි උපස්තයකයාගේ හරි අතේ තියන ඔරලෝසුවේ වෙලාව තමයි එතකොට අපේ උපන් වෙලාව වෙන්නේ. ඉතින් ඔයාල දන්නවනේ අපි කග කාගේ කාගේ අතේ තියන වෙලාව හරියටම හරි නැ  කියල. ඉතින් පස්සේ අපේ තාත්ත හරි පවුලේ වැඩිහිටියෙක් හරි නැකත් බලන කෙනෙක් ගාවට ගිහින් ඒ වෙලාව දීල තමයි අපේ වෙලාව නැත්තම් කෙන්දෙරේ හැදෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවද  එක විනාඩියක් එහාට මෙහාට උනොත් කේන්දරේ තියන හැමදේම වෙනස් වෙනවා කියල. ඉතින් කියන්නේ කොහොමද අපිට තියෙන්නේ හරියටම අපේ වෙලාව කියල . අපි අපේ නොවන කෙන්දරෙකට තවත් රැවටිය යුතුද ... හැබැයි අතීතයේ දරු ප්‍රසුතියක් සිදුවෙන අවස්ථාවල නැකත් කරුවා නිවසට පැමිණ හරියටම කේන්දරේ හදල තියනවලු . කොහොම උනත් නැකත් සත්තරේ කියන්නේ හරිම දියුණු  ගණිත ක්‍රමයක් කොහොම උනත් කල්යනකොට ඕනෑම දෙයක් වෙනස්වීම් වලට භාජනය  වෙනවනේ....... කොහොම උනත් කේන්දර  විස්වාසකරන අය විස්වාස කරන්න නොකරන අයත් එහෙම ඉන්න දැනගැනීමටයි කියන්න හිතුවේ ..
මම  N N K...........

නිශාන්තයේ සිතුවිල්ල nishanthaye sithuwilla: ජිවිතේ ගැන මම දකින විදිය .........

නිශාන්තයේ සිතුවිල්ල nishanthaye sithuwilla: ජිවිතේ ගැන මම දකින විදිය .........

ජිවිතේ ගැන මම දකින විදිය .........


ජිවිතේ කියන්නේ මේලෝකේ අපි ලියන විභාග  වලින් අමාරුම  විභාගයක් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකේ කොතනකදී හරි වැරදුනොත් අඩුවෙන්නේ ලකුණු නෙවෙයි ජීවිතයයි. මම එහෙම කියන්නේ අපිට යම්කිසිතැනක වැරදුනොත් අපිට ජිවිතේ විදින්න තියන අවස්තාවක් අඩුවෙලා විදවන්න තියන අවස්ථාවක් වැඩිවෙන නිසා. අපි කවුරුත් කැමතියි ජිවිතේ ලස්සනට ඉන්න එකියන්නේ ප්‍රශ්න අඩුවෙන් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න . නමුත් මොකද්දෝ හේතුවකට අපි කටත් මොකක් හරි ප්‍රශ්නයක් තියනවා සමහර වෙලාවට ප්‍රශ්න නැති ජිවිතේ හැදිනෝග  හදන හොද්ද වගේ වෙන නිසා ද දන්නේ නැ.  කොහොම උනත් ප්‍රශ්න අඩු ජිවිතේ හොදයි නමුත් ජිවිතෙකට ප්‍රශ්න වැඩිනම් ඒ ජීවිතේට අත්දැකීම් වැඩියි කියල මට හිතෙනවා.. අනික අපිට කාලෙන් කාලෙට එන ප්‍රශ්න ඒ ඒ කලෙත් එක්ක වෙනස්වෙනවා. මම කියන්න අදහස් කලේ අපිට අවුරුදු 15-16 කාලේදී අපු ප්‍රශ්න එකලේදී ලොකු ප්‍රශ්න උනාට ඒවා දැන් ඒවා පොඩි සාමාන්‍ය ප්‍රශ්න දැන් අපිට තියන ප්‍රශ්න තව ඉස්සරහට සාමාන්‍ය පොඩි ප්‍රශ්නයක් වෙනවා.  සමහර වෙලාවට ඔයාලට හිතෙයි මේක විහිළුවක් කියල නමුත් මේකයි ඇත්ත එත් මෙහෙමයි කියල අපි ප්‍රශ්නවලට උත්තර හොයන්නේ නැතුව හිටියොත් හරියන්නෙත් නැ .අපිට පුලුවන්නම් උදේට ඉර පායනකොට වැටෙන අරුණැල්ල වගේ හැම දාම උදේට නැවුම්ව පටන්ගන්න මුලුදවසම සුබ වේවි එහෙම දවස දවස එකතුවෙලා මුළු ජීවිතයක්ම සුබ වෙයි කියලත් මම හිතනවා . කොහොම උනත් අපි ජිවිතේ විදින්න ඕන කවදාවත්ම විදවන්න හිතන්න හොද නැ ...
මම   N N K.........

Saturday, July 30, 2011

වහින වැස්ස ...........

පුංචි කලේ වැස්ස වහිනකොට
එලියට පැනල වැස්සේ තෙමිතෙමි අපි නටන කොට 
අම්ම ඇවිල්ල අපිව ගේ ඇතුලට ඇදල ගන්නවා 
ඒ අපි ලෙඩ  වෙයි කියල තියන බයට 
එත්..........
අපි දැනුම් තේරුම් තියන වයසට ආවම 
අපි සාමාජයට ගියාම 
ජීවිතය කියන වැස්සට තෙමෙනකොට 
එකෙන් බේරගන්න කාටවත් බෑ
අපිට ඇතිවන ලෙඩ වලට තනිවම බෙහෙත් හොයා ගන්න වෙනවා  
අපිට තනිවම බේරෙන්න වෙනවා 
ජිවිතේ කියන්නේ එකයි..... ......
මම  N N K..............