Tuesday, October 22, 2013

වෙරල තිරය ....

අද මා තනිව ඇවිද යන මේ වෙරල තිරය ....
බොහෝ කලකට පසු පා සිපගන්නා වෙරල තිරය 
මතකයේ මිහිරි සටහන් අමිහිරිව මතක් කරනා 
වෙරල තිරය 
දෑසත්  නොදනිම දෑස හඩන බව සිතට දනී 
දෑස බිමට නැවිනි ..
මටත් නොදනිම කදුළු බිදු වැලිතලය මත වැටි  
බොදව ගියාය .....
මතකද එදා දවස 
ඔබට මතක නැති 
මට අමතක කල නොහැකි 
එදා දවස මතකද ඔබට ...................
K.L.A Nalin Nishan Kumara........

Thursday, July 4, 2013

කාලයක්

කාලයක් ජිවිතේ අරමුණක් නැතිව ගෙවිල ගියා ...
ලග හිටිය  අය ඈත් වෙද්දී හිතට දැනුනේ වේදනාවක් 
විතරක්ම නෙවෙයි ...
තිබුණු බලාපොරොත්තු වැස්සට දියවෙලා යද්දී 
එකම එක බලාපොරොත්තුවක් වත් මට ඉතුරු උනේ නැ 
තවත් බලාපොරොත්තු ජීවිතේට එකතුකරගන්න මට ඕන උනේ නැ 
ඒ ඇයි කියල අදටත් මම දන්නේ නැ ....
කවදත් නොලැබෙන දේවලට ආස නොකරපු මට 
නොලැබෙන එකම එකදෙයක් වෙනුවෙන් හිතේ ඉඩතින්නේ 
ඇයි කියල මම දන්නේ නැ ......
කේ .එල් .ඒ නලින් නිශාන් කුමාර 

Friday, October 12, 2012

නොනිමි සිත්තම....




චණ්ඩ සුළග නිසා 
වදියි කවුළු පියන් එකිනෙකට 
ඒ අමිහිරි සද්දය පරදා නගයි 
අහස ගිගුම් ....
විටක එය ඔහුගේ හදේ ශෝකය ලෙස 
මට හැගේ...
ලන්තැරුම එලිය සිහින් ආලෝකයක් 
කුඩා කාමරයට ලබා දෙයි..
ඒ එලිය පරදා වෙලාවකට අකුණු එලිය 
කාමරය ආලෝකමත් කරයි 
ඒ ආලෝකයට ඇයගේ ආලේක්‍ය
සිතුවම ජීවමානව පෙනේ ....
ඔහුගේ නෙතු අගිස්සේ රූටා වැටෙන්නට 
පොපියන කදුළු ලන්තැරුම් එලිය 
යහුණු ගුලියක්සේ පෙනේ....
ලන්තැරුම් එලියට මුවාවී ඔහු 
පොතක පිටුඅතර ඇයගේ රුව සොයයි 
ඔහු කීපවාරයක්ම ඒ පිටු පෙරලා අවසානයේ 
මෙසේ සටහන් කලා
දවසක් හදිස්සියෙන මගේ ජිවිතයට ඇවිත් 
ජීවිතේම වෙනස් කරලා 
ආයිමත් නොසිතු වෙලාවක මග හැරුණු 
ඒ අහිංසකාවිය දැන් කොහේ ඇත්තද ??
එයා දන්නේ නැ එයා මගේ ජිවිතේ වෙනස් කලා 
කියල....
මට එයාට කවදාවත්ම කියාගන්න බැරි උනා මම 
එයාට ආදරේ කරන බව ....
සමහර විට කවදාවත්ම කියාගන්න බැරි වෙයි 
එත් අදටත් එයාට මම ආදරෙයි ....

කේ.එල්.ඒ නලින් නිශාන් කුමාර

Wednesday, October 3, 2012

විල්තෙර....


ජිවිතයේ  විල් තේර
පෝෂණය කරමින් ගලා බසින 
දෛවයේ ගංගාව මතින් 
ඇදෙයි ඔරුවක් මාවෙතට
කාලයකට පසුව
සිතෙයි මට එය පදවන්නට හැකි බව 
ජිවන නදියේ ඉදිරියට 
ගොඩවිම නොවීම මා සතුය........
 දෛවයේ ගංගාව ගලනවානම් ඉදිරියට 
මේ විල්තෙරට වී තවත් මම කුමක් කරන්නද 
ඊලග තොටුපල කුමක් වේද නොදනියි මම 
නමුත් නික්ම යාමට කාලය එලබ ඇතැයි
සිතෙයි මට ..................

සංකල්පනාව 
කේ.එල්.ඒ නලින් නිශාන් කුමාර 

Sunday, September 30, 2012

බලාහිදීම....


ඇත සිතිජයේ තිබුණු පුංචියට පෙනුන  නැව 
දැන් ලගට ඇවිල්ල....
මහා යොදයෙක්  වගේ ඇයට පෙනුනා 
දැන් දැන් ඇගේ හිතේ තිබුන දුක 
කදුළු ගංගාවක් වෙලා වැටෙන්න 
දෑස මායිමේ තෙරපෙනවා ....
ඔහු අදත් ආවෙ නැ..
මම දන්නවා, 
ඔහු කවදාවත් නොයෙන ගමන් ගිහින් 
එත් මම එක ඇයට කියන්නේ කොහොමද
ඔහු එයි කියන බලාපොරොත්තුව 
ඇයව ජිවත් කරවී....... 
ඇය කවදාක හෝ තේරුම් ගනීවි ඔහු නොඑන බව...
එදා වෙනකම් ඇයව ආරක්ෂා කරනවා මම 
හොද යාලුවෙක් විදියට ........
ඔහු වෙනුවෙන් මට කරන්න පුළුවන්
ඒ දේ විතරමයි............. 

මම 
කේ.එල්.ඒ නලින් නිශාන් කුමාර..

Saturday, September 29, 2012

හීන....


දුකක් සමග පැමිණි සතුටක් 
නව බලාපොරොත්තුවක් 
නව මාවතක් 
දෙනෙත් අදහාගත නොහැකි දෙයක් 
දෙනෙත් සතුටු කදුලින් තෙත්කල මොහොතක් 
ආත්මීය බැදීමක් යැයි සිතුනු මොහොතක් 
මගේ සිත මට අහිමිකළ අහිංසකාවියක්
දිවියට අලුත් හීනයක්........

කේ.එල්.ඒ නලින් නිශාන් කුමාර